Posts

Showing posts from May, 2012

ඇවිත් යන්න මා බලන්න...

Image
නොනැවතීම ගැහෙනා මේ හදවත නවතියි දවසක එදාට මෙහි ඇවිත් යන්න නිසල මලක සුවඳ අරන්.... ඔබේ නමින් ගැහුනු හදේ හඬ සදහට නිවී ගියත් නිහඬ බවම සිහිකරාවි ඔබ රැඳි බව සදා හදේ.... ඇහින් ගලන එක කඳුළක් මගේ දෙකොපුල් මත තියන්න හීන් සැරෙන් සවන් පතට සමුගැනීමේ ගී ගයන්න... සොහොන් පිටියේ මිහිදන් කර ඉටිපහනක් තියා යන්න වරක් දෙකක් මෙහි ඇවිදින් තනිවුනු මා බලා යන්න...