Posts

Showing posts from September, 2013

~අඳුරු පාළු කුටියක~

Image
හිත පතුලේ පාමුල ම අඳුරු පාළු කුටියක සිර කලා මං මගේ අඳුරු මතකයන් පොදිය කුඩා සිදුරක් පවා ඉතිරි නොවෙනා ලෙසට සිහින් සරයක් පවා පිටට නොඇසෙනා ලෙස දොර පොළුද ඉබි යතුරු දැමුවෙමි ඒ දොරට සීල් තැබුවෙමි මම පතුලේ ඒ අඳුරු කුටිය දිනෙන් දින ගෙවීයත්ම අමතක වුණා මට ම මං සීල් කරපු ඒ පාළු හුදකලා කුටිය පාළු හැන්දෑවක දිනක් මතකයන් දෝරේ ගියා කුටිය පුපුරවාගෙන මතකයන් පැන ගියා නෑ සවියක් ඉතින් යලිත් බැඳ දමන්නට නොදැමුණු අසුන් මෙන් දිව යනා මතකයන්..