Posts

Showing posts with the label ලියුම් කරදහි

බාබායිගා ආච්චි වෙත ආදරයෙන් ලියමි

Image
බාබයිගා ආච්චි, ලස්සන වසීලිස්සා බාරේ, කුකුල් කකුල උඩ ගෙදර, අඳුරු කැලෑව, රැසියාව. සෙත් වේවා..!!! ආදරණීය බාබායිගා ආච්චියේ, කොහොමද ඉතින් සැප දුක්? ආච්චි දැන් හොඳටම ලෙඩ වෙලාලු නේද.. මට වසීලිස්සා කිව්වා දැන් ආච්චිට කන්න කියලා දෙයක් වත් කැලෑවේ නැ කියලා..අච්චිට රුසියන්කාරයෝම කාලා එපා වෙලා ඇති නේද? මට වසීලිස්සා ඔය ගැන කියද්දී ආච්චි ගැන දුක හිතිලා කඳුළු සට සට ගාලා වැටෙන්න ගත්තා. සත්තයි.. ඒ නිසාම තමා ආච්චිට මේ ලියුම ලියන්න හිතුවේ.  ආච්චියේ මෙහෙ ඉන්නවා හොඳ මස් පර්වත දෙකක්. ඒ දෙන්නා කෑවොත් නම් ආච්චිට ටක්කෙට සනීප වෙනවා. වෙන මුකුත් හින්ද නෙවෙයි උන් කාලා තියෙන ජාති හින්දා.  ඉතින් මේ දෙන්නා ව ආච්චි කෑවොත් එයලා කලා තියෙන ඒවාත් ආච්චිගේ බඩටනේ. හරියට ඒක සර්පයා ගෙම්බව කනවා, උකුස්සා සර්පයාව කනවා වගේ. එතකොට ගෙම්බත් උකුස්සගෙ බඩේ.  නිකන් හිතන්න ආච්චිට දැන ඉගෙන ගන්න වයසත් පැනලා තියෙන එකේ අධ්‍යාපන ලබා ගන්න විදිහක් නැනේ. ඒ නිසා මෙහෙ අධ්‍යාපනයි, උසස් අධ්‍යාපනයයි කියලා ජාති දෙක කාපු මේ දෙන්නව ආච්චි කන්න. ඔය කියපු ජාති දෙක මහා ගොඩාක් වටිනවලු නොවැ. ආච්චි ආච්චිගේ වංගෙඩිය උඩ නැඟලා මොල් ...