Posts

Showing posts with the label මන්දාරම් වැහි

මන්දාරම් වැහි.. පස්වෙනි කොටස

Image
නිර්මාල් බැංකුවේ දොරින් ඇතුළට එනවා මම බලාන් උන්නා. එදා බයිසිකලේ ආවට පස්සේ මාස ගානක් ගියත් එයා ආයේ මාත් එක්ක කතා කලේ නැ. මාව එදා එක්කන් ආවා කියලා ලලි අක්කට කියලා තිබුනෙත් නැ. මට එයාව තේරුම් ගන්න බැ. කට වහගෙන විනාඩියක් ඉන්න බැරි කෙනෙක් කොහොමද මෙහෙම කට වහගෙන ඉන්නේ? අඩුම ගාණේ පුංචි විහිළුවක් වත් නොකර ඉන්නේ කොහොමද? මම එදා එයා එක්ක හොඳට කතා කලානේ. මගේ හිතේ තරහක් නැ කියලා එයා දන්නවනේ. ඒත් ඇයි කතා නොකර ඉන්නේ? මගේ හිත ඇතුළේ ප්‍රශ්න ගොඩාක්.. ඒත් උත්තර දන්නේ එයාම තමයි. "මොනාද බන් මේ මහ දවල් හොල්මනක් දැක්කා වගේ කල්පනා කරන්නේ?" " ම්ම්ම්... මුකුත් නැ අමාලි.. " "මුකුත්ම නැති වෙන්න බැ.. මන් දැක්කා කා දිහාද බලන් ඉන්නේ කියලා.. " මගේ ඇඟම සීතල වෙලා ගියා. දෙයියනේ දැන් මේ කෙල්ල මන් ගැන මොනවා හිතයිද දන්නේ නැ. "මැනේජර් දිහා බලාගෙන හිතුවේ අද කලින් පනින්න නේද?" කොමළ හිනාවක් දාගෙන අමාලි කිව්වා. "ආහ්... " සැනසුම් සුසුමක් නොදැනීම පිටවුණා. "නෑ අනේ මම මේ කල්පනා කලේ මල්ලිගේ උපන් දිනේ අද..එයාට මොනවද දෙන්නේ කියලා.. " කටට ආපු පළවෙනිම...

මන්දාරම් වැහි.. සිව්වන කොටස

Image
"මං ඉතින් ඔයා කියපු හින්දා ගිහින් කතා කලා නිර්මාල් එක්ක. එයාටත් මාර අප්සෙට් වැඩේට. මේකා කියාපි අයේ ලලිතක්කේ මම ඔය කෙල්ල එක්ක කතා කරනවා තියා මූණ වත් බලන්නේ නැ ඕන්. සත්තමයි කියලා.. හෙහ් හෙහ් හෙහ්.. මං ඒ සැරේ කිව්වා අන්න එයා සොරි කිව්වාය එදා ගෑස් දැම්මට කියලා." ලලි අක්කා මහ සද්දෙන් හිනා වෙවි කිව්වට මගේ හිතේ මොකක්දෝ නුරුස්සනා කමක් මෝදු වුණා. "අක්කා ඒක කිව්වද?" මට ඉබේම ඇහුණා. "ඇයි ඉතින් උඹමනේ කියන්න කිව්වේ" අක්කා ඇස් ලොකු කරගෙන හිනා වී ගෙන මගේ දිහා බැලුවා. "හ්ම්ම්... ඉතින් එයා මොකද කිව්වෙ?" පුංචි හිනාවක් අක්කගේ කට කොනට නැගුණේ එයාටත් හොරා. "කිව්වේද? කිව්වා එයා එහෙනම් පෙන්නන තරම් ආඩම්බරකාරියෙක් නෙවෙයි කියලා" "හ්ම්ම්.." මොකද උඹ බස්සියෙක් වගේ හ්ම්ම් හ්ම්ම් ගාන්නේ?" "නැ මුකුත් නැ.. " අපරාදේ මම එයාට සොරි කිව්වේ. දැන් ඉතින් එයාට දෙවෙනි වුණා වගේනේ. අනික එයාට මාව එච්චර වැදගත් නෑත් එක්කනෙ.. එයාට ඕනේ වුණේ මා ලව්වා ලලිතක්කව ආයේ යාලු කරගන්න. මාව නිකන් ම කෙල්ලෙක් ගානට දාලනේ කතා කරලා තියෙන්නේ. මාත් එක්ක ආයේ කත...

මන්දාරම් වැහි.. තෙවෙනි කොටස

Image
" පැතුම්කා වෙත, (පැන්චි ) පැන්චි කිව්වට තරහ වෙලාද දන්නේ නැ දැනටමත්..  මම නිර්මාල්. නිර්මාල් කිව්වට කවුද කියලා දන්නෙ නැතුව ඇති නේද? එදා ඉතින් ඔයා මට නම වත් කියන්න දුන්නේ නැනේ. මම අර එදා ලලිතක්ක එක්ක හිටපු කෙනා. ආහ් දැන් මතක වුණානේ. අර බැංකුවේදි හම්බු වුණේ. දැන් නම් ඔයාගේ මූණ දික් වෙලා ඇති නේද? අර එදා මූණ දික් කරගෙන හිටියා වගේ?  හරි හරි..විහිළු ඉවරයි. එදා මම ඔයාව බය කලානම් මට සමාවෙන්න. එදා ඔයාව බස් හෝල්ට් එකට ඇරලවලා ආවට පස්සේ ලලිතක්කා මට හොඳටම බැන්නා. එයා කවදාවත් මට සැරට කතා කරලවත් නැ. ඒත් එදා ඔයාගෙ හිත නරක් වෙලා කියලා මම තමා ඒක කලේ කියලා හොඳට ම බැන්නා. එදා ම ඔයාට කතා කරලා සමාව ගන්න මට ඕනේ වුණා. ඒත් ඉතින් අක්කා මට ඔයාගේ ෆෝන් නම්බර් එක දුන්නේ නැ. එයා දැන් මාත් එක්ක කතා කරන්නෙත් නැ. ඒ නිසා තමා මම මේ ලියුම ඔයාට ලියන්න හිතුවේ. තරහ ගන්න එපා ගෙදර ලිපිනය ගත්තේ ඔයාගේ පර්සනල් ප්‍රොෆයිල් එකෙන්.  මම එදා කන්න වගේ ඔයා දිහා බලන් හිටියා කියලා ඔයා කිව්වලු. මම වල්කමකට බලන් හිටියෙ නැ. ඒත් ඉතින් ලස්සන ගැනු ළමයෙක් දැක්කාම නොබලා ඉන්න තාම  මගේ ඇස් දෙකට පුරුදු නැනේ. මම එදාත්...

මන්දාරම් වැහි.. දෙවෙනි කොටස

Image
" පැතුම්කා ගුණසේකර ?" " ඔව් සර් " " ඔයා ඒලෙවෙල් කලේ   කොම ( ර් ) ස් වලින්ද ?" " නැ සර් .. මම ආර්ට්ස් කලේ . ඒත් එකවුන්ට්ස් කලා ." "හ්ම්ම්... කොම්පියුටර් වැඩ දන්නවනේ.." ඔහු පුංචි හිනාවකුත් එක්ක ෆයිල් එක මගේ අතට දෙනගමන් ඇහුව්වා. ප්‍රශ්නයක් විදිහට නොවුනත් "ඔව් සර්" කියලා මම කිව්වා. දැන් නම් වැඩේ හරි වගේ මගේ හිත කැගහනවා. "අපි ඔයාට දැනුම් දෙන්නම්." "තැන්කු සර්. හැව් අ ගුඩ් ඩේ"  "යු ටු". මැනේජර්ගේ කැබින් එකෙන් එළියට ඇවිත් මම ලලි අක්කාව හෙව්වා. "ලලිතක්කා වැඩකට ගියා. මට ඔයාට කියන්න කිව්වා." නාදුනන කටහඬක් මගේ පිටිපස්සෙන්. හැරුනු ඇස් මුලින්ම දැක්කේ මගෙ දිහා උඩ ඉඳන් යටට ම බලන ඇස් දෙකක්. ඇස් වල අයිතිකාරයා අවුරුදු 21 ක් 22 විතර කියන්න පුළුවන් කොල්ලෙක්. දිගන්චියෙක් වගේ උසම උසයි. හීන්දෑරියි. සුදු මූණ දිගටියි. කවුද මේ කෝටුකිතයියා? කළු පාටයි සුදු පාටයි ඉරි වැටුණු අත් දිග කමිසේ අත් දෙක වැළමිට ගාවට වෙනකම් නවලා. ක්‍රේල් කොන්ඩේ හුළගට අහුවෙච්ච පිදුරු ගොඩ වගේ. අපෝ පැණි කුරු...

මන්දාරම් වැහි.. පළවෙනි කොටස

Image
වටේම අඳුරුයි. කළු පාටයි. එක එක සද්ද ඇහෙනවා. මම මේ කොහෙද ඉන්නේ? ඇස්පිය එකට ඇලිලා වගේ. අමාරුවෙන් ඇස් දෙක ඇරියා. "ආහ්" ඉර ඇස් ඉස්සරහ පායලා වගේ. තද එළියක්. කවුද මේ ලයිට් ගහන්නේ ඇස් දෙකට. මට කේන්තියි. ආයේ ටිකක් වෙලා ඉඳලා ඇස් අරිනවා. ආහ් ඒ පාර එළිය එච්චරම සැර නැ. තුනසැරයක් හතරසැරයක් ඇස් පිය ගැහුව්වා. සුදු පාට ඇඳගෙන මූණුත් වහගෙන කවුද මේ.. මගේ දිහා බලගෙන.. මගේ ඇඟම රිදෙනවා.. මට කියන්න ඕනේ. "ඩොක්ටර් එයාට සිහිය ඇවිත්" කෙනෙක් කියනවා.මම ඔළුව හරවන්න බැලුවා. ඒත් බැ. ඔළුව හරිම බරයි."එයා දඟලනවා.ඉක්මනට ඉන්ජෙක්ෂන් එකක් දෙන්න. නැතනම් මැහුම් ගැලවෙයි." මම මේ කොහෙද.. මම එහෙ මෙහෙ බැලුවා. මගේ දිහා වීදුරුවකින් බලගෙන ඉන්න ඇස් දෙකක්. ඇස් දෙක විතරයි මට පේන්නේ. ඒත් ඒ ඇස් මම දන්නවා. "නිර්මාල්" මම කතා කළා. ඔව් ඒ නිර්මාල් තමා. මට කළුවරේ වුණත් අඳුරගන්න පුළුවන් ඒ ඇස් දෙක. හ්ම්ම්ම්... නිර්මාල් ඉන්නවා නම් බය වෙන්න දෙයක් නැ. ආව්.. මගේ අත කූඹියෙක් කෑවා වගේ පුංචි රිදිල්ලක්.මම නිදිමතයි. ම්ම්ම්... නිර්මාල් යන්න එපා. මම නිදාගෙන නැගිටින කම් ඉන්න. මම කිව්වා එයාට ඇහුණද දන්නේ නැ.ඇස් දෙක...

මන්දාරම් වැහි

Image
ගොඩක් කල් ඉඳලා හිතේ තිබුණු කතාවක් අකුරු කරන්න හිතුණා. මේක් මගේ පළවෙනි උත්සහය. කොහොම වෙයිද කියන්න දන්නේ නැ. කියවලා බලලා ගුණ දොස් කියන්න. පළවෙනි උත්සහය හින්දා අසාර්ථක වෙන්නත් ඉඩ තියෙනවා. ඒත් ඉතින් පළවෙනි පියවර තියන්නේ නැතුව ගමනක් යන්න බැනේ. මේ ගමනට සහයෝගයක් වෙන්න පුළුවන්න නම් ඒක මට ලොකු සතුටක්. එහෙනම් "මන්දාරම් වැහි" වැටෙන්න පටන් අරන්. තෙමෙන්න ඔයාලත් එන්න... මන්දාරම් වැස්සේ වැහි බිඳු කියන කතාවක්.....