මන්දාරම් වැහි.. පස්වෙනි කොටස
නිර්මාල් බැංකුවේ දොරින් ඇතුළට එනවා මම බලාන් උන්නා. එදා බයිසිකලේ ආවට පස්සේ මාස ගානක් ගියත් එයා ආයේ මාත් එක්ක කතා කලේ නැ. මාව එදා එක්කන් ආවා කියලා ලලි අක්කට කියලා තිබුනෙත් නැ. මට එයාව තේරුම් ගන්න බැ. කට වහගෙන විනාඩියක් ඉන්න බැරි කෙනෙක් කොහොමද මෙහෙම කට වහගෙන ඉන්නේ? අඩුම ගාණේ පුංචි විහිළුවක් වත් නොකර ඉන්නේ කොහොමද? මම එදා එයා එක්ක හොඳට කතා කලානේ. මගේ හිතේ තරහක් නැ කියලා එයා දන්නවනේ. ඒත් ඇයි කතා නොකර ඉන්නේ? මගේ හිත ඇතුළේ ප්‍රශ්න ගොඩාක්.. ඒත් උත්තර දන්නේ එයාම තමයි. "මොනාද බන් මේ මහ දවල් හොල්මනක් දැක්කා වගේ කල්පනා කරන්නේ?" " ම්ම්ම්... මුකුත් නැ අමාලි.. " "මුකුත්ම නැති වෙන්න බැ.. මන් දැක්කා කා දිහාද බලන් ඉන්නේ කියලා.. " මගේ ඇඟම සීතල වෙලා ගියා. දෙයියනේ දැන් මේ කෙල්ල මන් ගැන මොනවා හිතයිද දන්නේ නැ. "මැනේජර් දිහා බලාගෙන හිතුවේ අද කලින් පනින්න නේද?" කොමළ හිනාවක් දාගෙන අමාලි කිව්වා. "ආහ්... " සැනසුම් සුසුමක් නොදැනීම පිටවුණා. "නෑ අනේ මම මේ කල්පනා කලේ මල්ලිගේ උපන් දිනේ අද..එයාට මොනවද දෙන්නේ කියලා.. " කටට ආපු පළවෙනිම...