Posts

Showing posts with the label කෙටි කතා

තාම දන්නේ නෑ මං..

Image
" තමාරා.. මේ බලන්නකෝ ඊළඟ  සින්දුව කියන කෙනාගේ නම .. " ගැහෙන ඇඟිලි වලින් අල්ලාගෙන හිටිය වැඩ සටහන් පෙළගැස්ම මම තමාරට පෙන්නුවේ මෙතනින් නැඟිටලා යනවද නැද්ද කියලා හිත ඇතුලින් මහා යුද්ධයක් කරන ගමන්.. කලින් සින්දුවේ නිසා හිතට දැනුන කම්මැලිකම හින්දාම වැඩ සටහන් පෙළගැස්ම බැලුවේ ඊළඟ සින්දුව වත් හොඳ එකක් වෙයි ද කියලා බලන්න.. ඒත් මෙහෙම දෙයක් මම කවදාවත් බලාපොරොත්තු වුනේ නැ.. " ඇයි කවුද කියන්නේ ??" තමාරා ඕනෑවට එපාවට වගේ කොලේ දිහා බැලුවා.. “ ධනුශ්ක මිල්ලගහවත්ත..ඉතින් ??" “ ඇයි මේ ඇස් දෙකේ කඳුලු කෙල්ලේ ? අපොයි දෙයියනේ මේ ඔයාගේ ධනුශ්කද ?? නැ.. වෙන්න බෑනේ.. එයා කොහෙද මෙල්බර්න් වල ??" තමාරා කියපු කතාව ඇත්ත.. තව ධනුශ්ක  මිල්ලගහවත්ත ලා කොච්චර ඇද්ද.. මම බොරුවට කලබල වෙලා.. ඔව්.. සින්දු කියන ධනුශ්කලා තව කොච්චර ඇද්ද.. හ්ම්ම්ම්ම්.... නික්ම ගිය සුසුමත් එක්ක අවුරුදු හතක් තිස්සේ වල දාලා තිබුනු මගේ ආදර කතාව මට ආයේ මතක් වුනා.. ************************************************************** " ඔයා  මට කැමතිද ??" ඉස්කෝලේ ඉවර වෙලා බස් එක අල්ලගන්න හදිස්සියේ දුවගෙන ආ...

~හදිසි අනතුර~

Image
"තමුසේ ඕකී එක්ක ගියොත් මම මැරෙනවා.. " "ඉතින් මැරෙන්න බැරි ඕනේ එකක් කරගනින්.. මන් පුළුවන් ඉක්මනට ඩිවෝස් වෙනවා.." හැමදාමත් වගේ එදත් සේනක ගෙදරින් එළියට බැස්සේ තරහින්. සේනකගේ කාර් එක දිහා තවත් ටිකක් වෙලා බලාගෙන හිටිය නිලූ පුළුවන් තරම් වෙර දමා දොර වැසුවේ හිතේ පුපුරන කේන්තියට දොර පළි වගේ. මහ හයියෙන් වැසුණු දොරේ ශබ්දයෙන් සේනකත් ගැස්සුණේ ය. තරහින් පුපුරමින් නිදන කාමරයට ගිය නිලූ ඇඳ උඩ ඉඳ ගත්තේ ඇස් දෙකේ කඳුළු පුරෝගෙන. හැමදාමත් නිලූ කරන දේ තමා තනියම අඬන එක. ඇස් දෙකෙන් බේරිලා කම්මුල් දිගේ රූටගෙන වැටෙන කඳුළු පිහිදාන්නවත් ඇයට සිත් නොවුණි.. ආදරයෙන් හදා ගත්ත කූඩුව කැඩිලා විසිරිලා යන්න හදනකොට කාටද බලාගෙන ඉන්න පුළුවන්. මේ සේරම අමාලි නිසා. ඇයට හිතුණි. අමාලි සේනකගේ කලින් පෙම්වතිය.  "සේනක අමාලිට ගොඩාක් ආදරේ කරපු බව ඇත්ත. ඒත් දැන් එයා තේරුම් ගන්න ඕනේ තමන් බැඳපු මිනිහෙක් බව. එක්කෝ මට අකමැති නම් මාව නොබැඳ ඉන්න තිබුණා."  නිලූට එහෙම හිතුණ වාර අනන්තයි. අමාලි ආයේ සේනකගේ ජීවිතේට ආවේ සේනකවත් නිලූ වත් බලාපොරොත්තු නොවුන විදිහට. සේනකගේ කාර්යාලයේ ම වැඩ කරන්න ගත්තට පස්සේ එයල...

රැවටිලි ලෝකේ තවත් දිනක්... - දෙවෙනි කොටස

Image
"ලොකු අයියා අවුරුදු දහ අට වුනු ගමන් හමුදාවට බැඳුණා. එතකොට මට අවුරුදු දහයක් විතර. අක්කා ඉස්කෝලේ දහයේ පන්තියේ හිටියේ. පොඩි අයියා අක්කාට වඩා දෙකක් බාලයි. අපේ ගෙදර වියදමට සල්ලි එව්වේ ලොකූ. ඒත් එයා හමුදාවට ගිහින් අවුරුද්දකින් විතර අනුරාධපුරේ අක්කා කෙනෙක්ව බැන්ඳා කියලා ලියුමක් එව්වා. අපි ඒ අක්කා කළුද සුදුද කියලාවත් දන්නේ නැ. එයාල කවදාවත් අපිව බලන්න ආවේ නැ. අයියා බැන්ඳට පස්සේ ටික කාලයක් එය ගෙදරට සල්ලි එව්වා. ඒත් පස්සේ පස්සේ අම්මා කොච්චර ලියුම් යැව්වත් කීයක් වත් එව්වේ නැ.. අම්මා නම් කිව්වේ ඒ බැන්ඳ ගෑනි සල්ලි එවන්න දෙන්නේ නැතුව ඇති කියලා.. ගෙදර අඩුපාඩු වෙනකොට.."  "එතකොට ඔයලගේ තාත්තා හිටියේ නැද්දා??"මට නොඅහා ඉන්න බැරි වුනා. "තාත්තා නැති වෙලා තියෙන්නේ මං ගොඩාක් පුංචි කාලේ. පොල් ගහකින් වැටිලාලු මලේ. හ්ම්ම්ම්..."  පුංචි ඇස් වල තියෙන වේදනාව මට නොදැනුනාම නොවේ. අතීතය  ගැ න අහන්නේ නැතුව කතාව නවත්තන්නත් මට හිතුණා. පව්.. මොනා වුනත් පරණ දේවල් මතක් කරන කොට දුක ඇති නේ...  "ඔයාට පරණ දේවල් මතක් කරන එක දුකයි නම් ඔයා ඔවා කියන්න ඕනේ  නැ. අනේ මන්දා සඳමාලි.. පිරිමි නිස...

රැවටිලි ලෝකේ තවත් දිනක්...

Image
"පිරිමි ජාතිය.. මහ කුහකයෝ.." මම හිතින් මුළු කපටි කෛරාටික පිරිමි ජාතියටම බැන බැන ගෝල් ෆේස් එකේ ගල් බැම්ම උඩට වෙලා වාඩි වෙලා හිටියා. අද කැම්පස් එකේදි වුනු දේවල් එක්ක බැලුවාම පිරිම ජාතියම අතු ගාලා දාන්න තියෙනවා නම් කියලා හිතෙනවා. අවුරුදු දෙකක්  තිස්සේ  නාලිනිගේ බෝයි ෆෙන්ඩ් තව කෙල්ලෙක් එක්ක යාළු වෙලා ඉඳලා. අනේ ඇත්තට පිරිමි අපිව රවට්ටනවා කියන එකේ නිමක් නැනේ. මුන් කවදත් කලේ අසරණ ගැනු අපිව රවට්ටපු එක.  "නෝනා දවස් දෙකකින් කාලා නැ. කීයක් හරි දෙන්නනකෝ.. නෝනාට පින් අයිති වෙයි.."  හිතින් මම සමස්ත පිරිමි ජාතියම පතුරු ඇර ඇර උන්නු වෙලේ ඇසුණු සිහින් කට හඬක්.වයස දාසයක්.. නැ දාසයක් වෙන්න බැ.. ඊට අඩුයි.. වයස දහතුනක් විතර කිව හැකි මට්ටමේ ගැනු ලමයෙක්. මොකක්දෝ පොදියකුත් අතේ. ආහ්..පොදියක් නෙවෙයි පොඩි ලමයෙක්. ගැනු ලමයෙක් නෙ.. නොදීත් බැ. පව් අසරණ කෙල්ල. මම පර්ස් එක ඇද්දා. රුපියල් දහයක් දීලා වැඩක් වෙයිද?  "නෝනා දවස් දෙකකින් මන් කාලා නැ.. දරුවට කිරි ටිකක් වත් අරන් දෙන්න විදිහක් නැ."  රුපියල් දහයකින් මොනවද කරන්න පුළුවන් කියලා අහනවා වෙනුවට ඇය වෙන විදිහකින් කිව්වා කියලයි ම...