ඔබත් අනවශ්‍ය ලෙස දරුවන්ගේ ජීවිත වලට බලපෑම් කරන අයෙක්ද??
මේ මාතෘකාවට අදාළව ලිපියක් පළ කරන්නට බොහෝ කලක සිට සිතාගෙන සිටියද ඊට නිසි අදහසක් මා තුළ නොතිබුණි. ඊට හේතුව මා තවමත් දෙමව්පියන් යන භූමිකාව රඟ පා නැති වීමත් දෙමාපිය දූදරු සම්බන්ධය දෙමාපිය කෝණයෙන් කෙසේද යන්න මා නොදැන සීටිමත් ය. නමුත් අවුරුදු 22 ක ජීවිත කාලය තුළ [මහ ලොකු කාලයක් නෙවෙයි] අහලා දැකලා අත්විඳලා තියෙන දේවල් දිහා බැලුවාම මටත් පොඩි පොඩි දේවල් ටිකක් කියන්න පුළුවන් වෙයි දෙමාපිය දූදරු සම්බන්ධය ගැන. ඔබත් ඔබේ දරුවාගේ ජීවිතයට අනවශ්‍ය ලෙස බලපෑම් කරනවාද?? එහෙනම් මේ ලිපිය ඔබට සිතන්නට යමක් ඉතුරු කරාවි යන්න මගේ විශ්වාසයයි. මෙය ඔබ තරුණ ගැහැණු ළමයෙක්ගේ නන්දෙඩවීමක් ලෙස දකින්නට ඉඩ ඇත. දරුවකු හැදීම ගැන කිසිත් නොදන්නා අත්දැකීම් රහිත ප්‍රකාශයන් සහිත ලිපියක් ලෙස දැකීමට ඉඩ ඇත. ඔව්. මා එකඟයි. මා දරුවකු බිහි කර නැත. කවා පොවා හදා වඩා නැත. නමුත් මා මගේ නිවස තුළින් උගත් දේ නම් දෙමව්පියන් දරුවා බිහි කළද ඔහු තමාගේම කියා ජීවිතයක් තිබෙන තවත් එක මනුෂ්‍ය ප්‍රාණියෙකි. දරුවාට අසීමාන්තික නිදහසක් ලබා දීමක් ගැන මා කතා කරන්නේ නැත. නමුත් මේ ඔබ ඔහුගේ/ඇයගේ ජීවිතටට අනවශ්‍ය ලෙස බලපෑම් කලහොත් ඇති විය හැකි ප්‍රතිඵලය ගැන...