Posts

Showing posts with the label සරසවි ජීවිතේ

ජීවිත එක්ක සෙල්ලම් හොඳ නැ යාළු..

Image
මම කාලෙකින් ලිපියක් ලිව්වේ නැ. කැම්පස් වැඩ නිසා ඒ හැමදේම මඟ ඇරුනා. ඒත් අද කාලෙකට පස්සේ ලිපියක් ලියන්න හිතුනා. එක වාගේම කතා කිහිපයක් තැන් කිහිපයක සිද්ද වෙනවා දැකලා. චරිත වෙනස්. සිද්ධීන් එක වගේ. සරළවම කියනවා නම් තමන්ගේ ජීවිතේ දුක නිවාගන්න නැත්නම් පාළුව නිවාගන්න තමන්ට ආදරේ කරන කෙනෙක් ගාවට වෙලා දුක කියනවා. ඒත් ඒ කෙනාට ආදරේ කරන්න ලෑස්ති නැ. මේකට පාදක වෙච්ච කතා කිහිපයක්ම තියෙනවා. ඒත් මම කතා දෙකක් විතරක් තෝරගත්තා. ඒ එකක් මගෙ යෙහෙළියකගේ බ්ලොගයේ ලියවුනු කතාවක්. ඒ මගේ හොඳම යෙහෙළියකගේ සැබෑ අත්දැකීමක්. එයාගේ පරණ පෙම්වතා ආයෙත් ජීවිතේට ඇවිත්. ඒත් ආයෙත් සම්බන්ධයක් පටන් ගන්න බැ, මොකද එයාට දැනටමත් වෙන ගැනු ලමයෙක් ඉන්නවා. ඒත් ඒ ගැනු ලමයට මෙයාව තේරුම් ගන්න බැ. එ නිසා දුක් විඳ විඳ තමා ඉන්නේ. එයාගේ පරණ පෙම්වතා කියන විදිහට එයාව තේරුම් ගන්න පුළුවන් එකම කෙනා මගේ යෙහෙළිය විතරයි. ඒත් එයාට එයාගේ දැන් තියෙන සම්බන්ධය නවත්තන්න බැ. මොකද ඒක ගෙවල් වලිනුත් කතා කරලා ඔක්කෝම ලැස්ති කරලා තියෙන්නෙ. ඒත් එයා කියන විදිහට කවදාවත් ඒ දෙන්න සතුටින් ඉන්න එකක් නැලු. අපි මේ සෙල්ලම් කරන්නේ ජීවිත එක්ක නේද? එයා ආයේ මගේ යෙහෙ...

කැම්පස් එකෙන් ඇහුණු කතා 1

Image
අද නම් මම කියන්න යන කතාව ලෙක්චස් යන්නේ නැතුව කැන්ටිමට වෙලා අල වෙලා හිටපු වෙලාවක ඇහුණු එකක්. මට වුණු ඒවා එහෙම නෙවෙයි ඕන් ඇහ්.. ඔන්න ඉතින් අපේ කොල්ලෙක් කැම්පස් ආපු අලුතම වගේ තව යාළුවෙකුත් එක්ක [යාළුවා කෙල්ලෙක් මයේ හිතේ] පීසා කන්න කියලා හිතාගෙන පීසා හට් එකක් පැත්තේ ගියාලු. මෙයා ඉතින් කොළඹ ලඟ පාතකවත් නෙවෙයි. අපි කියනවා වගේ ඩොටේ ඩොට් ඩොට් පැත්තකින් ආපු කෙනෙක්. කවදාවත් කාලා නැති නිසා ආසා හිතුනලු පීසා කන්න. ඉතින් දැන් දෙන්නා එක්ක පීසා හට් එකකට ගිහින් ඇඹරි ඇඹරි ඉන්නවලු. මෙහෙම ඉන්නකොට ඕකේ වැඩ කරන බුවෙක් දැකලා එයාට තේරුනාලු මේ මුලින්ම හා හපුරා කියල පීසා හට් එකකට පය ගහපු දෙන්නෙක් තමයි කියල. ඒ නිසා මිනිහා කිට්ටු වෙලා ඇහුව්වලු " මොනාද මල්ලි වෙන්න ඕනේ" කියලා.. ටිකක් වෙලා එහෙ මෙහෙ බල බල හිටපු අපේ පොර කිව්වලු.. "අයියා අපිට පීසා හට් එකක් කන්න පුලුවන්ද?" "මල්ලි පීසා එකක් නම් දෙන්නම්.. හට් එක නම් බැ.. මේක රෙන්ට් එකට අරන් තියෙන්නෙ" කියල තමයිලු පීසා හට් එකේ බුවා උත්තර දීලා තියෙන්නෙ ඕන්..

I'm a Happy Girl..

Image
After a long time thought to put a letter in English. Actually I started this as an English blog and now it has become a blog of both languages.. hi hi hi.. no-one can predict future. But that is a good thing. I wish if I can write in Tamil then I would be able to make this blog is a place for everyone and anyone. Okay. My letter is not about my blog or the languages that I know and I write. This is about me. But it the message can be applicable to anyone. Yesterday was the first day in my second year in university. It was a another normal day. But there was something strange in it. When I look back at my first year it feels like a century. Things have changed a lot after a year. Some people who were with us at the beginning are not with us now. Some who weren't with us are with us now. They who we blame has proved themselves...and they who we praised also had proved themselves that they don't deserve it. I learnt a lot about people in last year. Lot of things that I neve...

විභාගේ අස්සේ වෙච්ච හදියක්.

Image
මේ කතාව  වුණේ  මට වෙන කාටවත් එහෙම නෙවියි. මටම තමා. අපේ පළවෙනි වසර අවසන් විභගය අස්සේ වුණු වැඩක්. ඔන්න ඉතින් අපේ විභාගේ අන්තිම දවස එදා. අපිත් ඉතින් පුදුම සන්තොසෙන් තමා විභගෙට ගියෙත්. කොහොම හරි මම ඉතින් හිටු කියලා ලියනවා. හරිද වැරදිද දන්නෙත් නැ. ඔහේ ලියනවා. [දැන් ප්‍රතිඵල එහෙම අහන්න එපා ඔන්]. ටික ටික දැන් පැය තුනත් ඉවර වෙන්න ළඟයි. අපි ඉතින් මීටර් 100 දුවන runnersලා වගේ කොහොමත් අන්තිම පැය බාගෙනේ දන්න ඔක්කෝම වැඩ දාන්න හදන්නේ. මමත් ඉතින් අන්තිම පැය බාගේ පණ එපා කියලා දුවන runner කෙනෙක් වගේ හති දාගෙන දුවනවා. විභාග ශාලාවල ඉතින් අර මුර කරන්න කස්ටියකුත් ඉන්නවනෙ. ඔහොම අය අපේ එකෙත් හිටියා. මෙන්න එකපාරටම මගේ ළඟට ළං වෙච්ච විභාග පරීක්ශකවරියක් [මුර කාරියක් කියන එක හොඳ නැනේ නේද.. හිහ් හිහ්..] මගේ අංකය දිහා හොඳට බලලා කියාපි "විභගේ ඉවර වුණාම ඔයා ඇවිත් චීෆ්ව මීට් වෙලා යන්න" කියලා. ඕක ඇහුවා විතරයි මට ඉන්නෙ කොහෙද කරන්නෙ මොනාද කියලා අමතක වුණා. ඇයි ඉතින් අපි දන්න විදිහට චීෆ්ව මීට් වෙන්න වෙන්නේ නම් ඉතින් හොඳකට නෙවෙයිනේ. පැය ගාණක් ඉඳගෙන ඉදලා රත් වෙලා තිබුණ පුටුවත් නිකන් අයිස් කුට...