Posts

Showing posts with the label නුඹ අනන්තයි

සාපයකි බිහිසුනු...

Image
වරක් සිදුවූ යමක් දස දහස් වරක් යලි යලිත් සිදුවෙනා බිහිසුනු මිටියාවතකි... දුක් සෝ සුසුම් මැද හඬා වැලපුනු හැටි මැවි මැවී දිස් වෙනා පුළුල් තිරයකි එය.. එදා සිනහා වූ හැටි සතුටු බස් දෙඩූ හැටි හෙමිහිට කොඳුරමින් හඬවනා නපුරෙකි.. දින ගණන් පැය ගණන් ගෙවී ගොස් ඇත්තත් තව මා හඬවනා ඒ  මතකය සාපයකි...

ගඟක් මලක් සහ බඹරෙක්...

Image
ගඟට පෙම් බැඳි මලකට ආදරය කරන බඹරෙක්... බඹරා මලට ආදරෙයි.. මල ගඟට ආදරෙයි..  ගඟ මලට ආදරේ නැ.. මල බඹරාට ආදරේ නැ..  මල ගඟ පතනවා.. බඹරා මල පතනවා..  මලට බඹරාගේ ආදරේ දැනෙන්නේ නැ.. ගඟට මලේ ආලය දැනෙන්නේ නැ.. මල අසරණයි.. ගඟ අසරණයි.. බඹරිඳු අසරණයි.. මල් ගොඩාක් වැටෙන ගං දියට..මේ මලත් තවත් එක් මලක් විතරමයි...  බඹරු දහක් කැරකෙන මේ මලට... මේ බඹරත් තව එක් බඹරෙක් විතරමයි.. මල අයිති බඹරුන්ට.. මල බඹරාට ආදරේ කරන්න.. හැමෝම එහෙම කිව්වට.. ආදරේ කියන්නේ තීරණයක්ද.. ?? මල ආදරේ ගඟට.. ඇයි එහෙනම් ගඟට බැරි මලට ආදරේ කරන්න..??  මල බඹරාට ආදරේ නැ වගේම ගඟ මලට ආදරේ නැ.. මල බලා ඉන්නවා.. මලට තේරෙනවා.. මල නිහඬව බලා ඉන්නවා.. ආදරය තීරණයක් නෙවී.. ආදරය හිමි කරගැනීමම නෙවී.. ආදරය හැඟීමක්.. මල ගඟට බනින්නේ නැ.. බඹරා මලට බනිනවද.. මල දන්නේ නැ.. ගඟ නිසොල්මනේ ගලා යනවා.. මලෙන් ඈතට ඈතට ගලා යනවා.. නිහඬව ම.. මලට ප්‍රශ්න රැසයි.. ගඟ නිහඬයි.. ගඟ නපුරුයි.. නැ.. නිහඬතාවය නපුරු විදිහට මල වට කරගෙන.. ගඟ නිසොල්මනේ දුර යනවා..  ඔබත් දුර යන්න.. මල බඹරාට කියනවා.. බඹරා අහයිද?? මල දන්නේ නැ.. මල නිහඬයි......

මගේ පැතුම ඔබ වෙනුවෙන්..

Image
ඔබේ අසලින්ම හිඳ කනට කර මුමුණන්න සිහිනයක් තිබුනා මට කිසිදා සෑබැ නොවෙන.. පුංචි පුංචි රැවුල් කොට වැවුනු ඔබේ කම්මුල් දෝතින්ම අල්ලා සිනිඳුවට සිපගන්න නළලත... නිදිකිරා වැටෙන විට දඟකාර කෙස් වටා ඇඟිලි පටලවා ඉන්න සෙමින් හිස පිරිමදින්න.. හීන කන්දක් හිත පුරෝගෙන හවස ඔබ එන සැටි දකින්න සිහිනයක් තිබුනා මට හදවතේ හැංගී කොනක සිහිනයන් සිහිනමයි මතකයන් පමණකි ඉතිරි සුභ පැතුම් හෙට දිනට සදා සතුටින් ඉන්න.. "කිසිදාක වේදනා ඔබේ හදට නොදැනෙන්න කඳුළු බිඳු කිසිදාක නුඹේ නෙතට නොනැඟෙන්න තබන හැම පියවරක ජය හඬම පැතිරෙන්න සදා සතුටින් ඉන්න පතමි මම හැමදාක.." "There is no punishment or disgrace when you love someone unconditionally."

~දොරකඩ ලඟ~

Image
මන්දාරාම් වැහි වැටෙනා සීත සැන්දෑවක තනියම දොරකඩ ලඟ මං උන්නා පාර හොයන් ඒවී සිතා.. කීරී ගැහෙන හිත අද්දර හඬා වැටෙන පැතුම් පොඳිය ගුලි කරගෙන බලා උන්නා ඔබ ආයෙත් ඒවී සිතා.. අමාවකේ අහස් කුසේ සඳේ එළිය කවුද සෙව්වේ පාලු වෙච්ච සොහොන් පිටියේ සිහින මැඳුරු කවුද තැනුවේ.. අමාවකේ අහස වගේ ඔබ බැස ගිය මගේ දිවිය සොහොන් පිටියේ සිහින වගේ හිතේ රැඳුනු හීන පොඳිය.. හිත අරගෙන ඔබ ගිහිල්ලා දැන් බෝ කල් ගෙවී ගොසින් මකුළු දැලින් සැඟවී ගිය දොරකඩ ලඟ මං තාමත්.. "වින්දනීය ආදරය වේදනාවක් නොවන්නට.."

ඇවිත් යන්න මා බලන්න...

Image
නොනැවතීම ගැහෙනා මේ හදවත නවතියි දවසක එදාට මෙහි ඇවිත් යන්න නිසල මලක සුවඳ අරන්.... ඔබේ නමින් ගැහුනු හදේ හඬ සදහට නිවී ගියත් නිහඬ බවම සිහිකරාවි ඔබ රැඳි බව සදා හදේ.... ඇහින් ගලන එක කඳුළක් මගේ දෙකොපුල් මත තියන්න හීන් සැරෙන් සවන් පතට සමුගැනීමේ ගී ගයන්න... සොහොන් පිටියේ මිහිදන් කර ඉටිපහනක් තියා යන්න වරක් දෙකක් මෙහි ඇවිදින් තනිවුනු මා බලා යන්න...

පන්හිඳ නිසලයි...

Image
ඔබ නමින් පබඳින්න කවි ගීත ගොන්නක් අතට ගත් පන්හිඳ නොදැනීම ගිලිහුණා... බොළඳ මුත් හුරුබුහුටි කෑලි විසිරුණු හදේ පිබිදි සිතිවිලි ගොන්න කොහේදෝ පියඹලා... බලපොරොත්තු පොඳි බැඳන් ගෙතු කවි සිය ගණන් නොපෙනනා ඉසව්වක සැඟවෙලා තනිවෙලා .. අකාලේ පරවෙච්ච හීන මල් දෙස බලා ගොළු වෙච්ච පන්හිඳත් මියැදෙන්න ළං වෙලා...

දිනුම් මා අද...

Image

මම ඈතට වෙලාම ඉන්නවා.

Image
සිත හදාගෙන නික්ම යමි මම යළිත් ඔබ වෙත නො එමි සිතා ඇවැසි නම් ඔබට එන්න මා වෙත හිඳින්නේමි මඟ බල බලා.. කවදාක හෝ දැනුනොතින් තනිකමක් නොසිටින්න තනිවී හඬා එන්න මා වෙත වැළද ගන්නෙමි සෙනෙහසින් සුපුරුදු ලෙස මෙමා.. \

හඬන සිතුවිලි

Image
සත් සමුදුරු ගොඩ ගලන්න අඬන්න හැකි මට නුඹ එනවා නම්... නීල අහස ගුගුරුවන්න සුසුම්ලමි මන් නුඹ එනවා නම්.... පොළෝ තලේ හැපී වැළපෙමි සත් කුළු පව් මත වැළැපෙමි.. නුඹ එනවා නම් යලිත් වරක් නුඹ එනවා නම්...

~සඟවන්න බැ මට~

Image
සිත සඟවන්න තැත් කලා මම හැකි උපරිමෙන් වෙර දරා... නුඹේ සිනහව දකින හැමවිට සතුට ඉපිලෙයි හද පුරා.. කෙලස සඟවමි ඒ සතුට මම නෙත් වලින් යයි උතුරලා...

පියැවුනු නෙත් අසල

Image
විවර වූ නෙත් පියාපත් වසා ගන්නෙමි තදින් නොවේ දකිනට නොරිසි නුඹේ ඔය මුව මඬල... ඇරුණු නෙත් වලට මගේ දුරයි නුඹ බෝ දුරයි වසා ගත් නෙත් අසල රැඳේ නුඹ මා ලඟයි...

නුඹේ සිනා ලඟ පැරදුනු තව දිනක්..

Image
ආයාසයෙන් හදා ගත් සිත එක් සැණින් සසල කරනට හැකි වුයේ කෙලෙසක නුඹේ ඔය රුවට...... සිනා නොවුනත් ඔබ නොබැලුවත් මා දෙස යළි යළිත් මගේ සිත නුඹ ලඟ ම නැවතිලා... සති ගණන් වැර දරා නුඹෙන් මුදවනා සිත කාන්දමකට හසු වූ යකඩයකි නුඹ අසල..... වරින් වරන් මගේ සිත පැහරගෙන යන්නේ කිම එපා නම් නුඹට සිත දෙන්න එය යළි මටම... තරහා නැ මම තවම ආදරෙයි එක සිතින් රිදවන්න ඇති තරම් භාර ගමි සෙනෙහසින්.... නුඹ නොදෙන හින්දා සිනා කැන් මා මුවට කඳුළු වුව කම් නැත නුඹ නමින් සල්ලනෙමි.... දහක් දුක් සඟවා හදේ නොපෙනෙන තැනක සිනා වෙමි ලොවට මම නුඹට දොස් වේ සිතා.. සිත හඬයි රෑ දිවා නමුදු පළයක් නැති දනිමි මම මෝඩියෙකි නුඹට සිත දන් දුනි...  නුඹේ සිනා ලඟ පැරදුනු තව දිනක් සනිටුහන් කරමි මම නොනවතින කඳුළින්..

නොමියන සිහිනය

Image
දෙන්නට හැකිනම් ඔබට එකම එක දවසකට හඬා වැටෙනා මගේ නෙත් දකීවී නුඹ කොතරම් වටිනවාදැයි නුඹව මට පිවිසෙන්න හැකිනම් ඔබට එකම එක සැරයක් ගල් වෙච්ච මගේ හිතට දකීවී නුඹ පිරී තිබෙනා මගේ හද නුඹ නමින් ම වෙන්නට හැකිනම් ඔබට එකම එක වාරයක් හුදකලා මගේ සිතුවිල්ලක් පෙනේවී නුඹට සිතුවිලි අරක් කරගත් නුඹේ මතක වෙන්නට හැකිනම් ඔබට එකම එක මොහොතකට මගේම විතරක් ලෝකයෙන්ම දැනේවි නුඹට සිත පුරා ගලා හැලෙනා සොඳුරු පෙම දකින්නට හැකිනම් ඔබට එකම එක වරක් ලොවම මාගේ නෙත් තුලින් නුඹටම පෙනේවී නුඹව සදා නොමියන සිහිනය ලෙසින්..

අරුමය...

Image
ඔබ ආදරේලු... නමුත් මට නොව වෙන කාටද.. මගේ ආදරය ඔබට නොවටින්න ඇයේ ආදරයේ තිබෙන අරුමය කියාදෙනවද මටත් ඔබ..

නතරවෙලා..මං..

Image
සිත එක්තැන් කරන්න අපහසුයි කිව්වාට මට පුළුවනි කරන්න දුවන සිත නවතන්න කොච්චර දුර දිව්වත් මගේ හිත නැවතෙනවා හැමවේලේ එකම තැන නතරවූ සිත එතන එහෙම්මම ගල් වෙනවා සිත එකතැන් වෙලා නමුත් මට දැනෙන්නේ මමත් එකතැන් වෙලා මගේ සිත හැමවේලේ නුඹ ලඟම නැවතිලා..

නවාතැන..

Image
දස දහස් ගව් දුර පියෑඹු මගේ සිත නුඹේ නෙතු අද්දරම නවාතැන් ගත්තේ කිම නොදනිමි මම තාම..

Me, My heart and My Mind.. Our little conversation...

Image
In the evening I was thinking about you. As usual I asked the same question for the thousandth time from me.. " Why don't you love me?" And I replied with a sigh to that as usual. Then suddenly I saw one of my favourite author Paulo Coelho's book, The Alchemist. It is a story about following the dream. Then my heart and mind both start to talk together. For surprise this time both are in the same side. I thought our conversation would be interesting to share. Heart:- Red, don't you have wonderful dreams like Santiago? Me:- mmmm....I haaavee... but they are really not possible..  Mind:- hey why are u saying that? you are one who always tell us that everything is possible? then how come your dreams are not possible? Heart:- yeah.. talk about it mind.. yes Red you are always tell me that don't worry.. don't cry.. everything is possible.. you and me can do it.. no offence mind when she is talking to me she don't mention about you much.. you know those...