Posts

Showing posts with the label Love

~වැස්සයි.. මමයි.. අම්මයි.. ~

Image
හීන් පොද එක එක බිමට වැටෙන්න පටන් ගත්තා. ඉර අව්ව තාම පායලා. ඒත් බිමට වැටෙන සිරි පොදට ඒ අව්වෙන් බාධාවක් නෑ. හෙමිට හෙමිට එක එක සිරිපොද පොළොවේ පස් මතට වැටෙනවා. ලා දුඹුරු පාට පස තැනින් තැන තද දුඹුරු පාට වෙලා. තිත් මෝස්තර වැටුණු චීත්තයක් වගේ. පස් වලින් පුංචි දුමක් නැගෙනවා. හෙමි හෙමිට පොළොවෙන් උඩට එන ඒ පුංචි දුමාරයෙන් මුළු පලාතම වැසී යනවා. මගේ නාසය අඟ පුංචි කිතිකැවිල්ලක් ඇවිත්. "පොළොවේ නැවුම් සුවඳ" තාත්තා කියනවා මං අහගෙන. 'නැවුම් සුවඳ'. හරි අපූරු වචනයක්. හරියට අලුත උපන් ළදරුවෙක් ලඟ තියෙන සුවඳක් වගේ පිරිසිදු.. නොකිලිටි සුවඳක්.. පුංචි සිරිපොද ටික ටික ලොකු වෙන්න ගත්තා. දැන් ඒවා පුංචි බොරළු ඇට වගේ. වහලේ උළු වලට වැහි බිඳු වැටෙන සද්දෙයි, ටකරන් උඩට වැටෙන සද්දෙයි වෙනස්. මං වැඩිපුරම කැමති කොයි සද්දෙට කියලා මට හිතාගන්න බෑ. උළු වලට වැටෙන සද්දෙට වෙන්න ඇති. දැන් වැහි පොද පුවක් ගෙඩි තරම් ලොකු වෙලා. කලින් තිබ්බ ඉර අව්ව ටික ටික නැතිවෙලා යනවා. හාත්පසම ලා අඳුරක්. වැස්ස දැන් හරියට අහසේ ඉඳන් පොළොවට දමා තිරයක් වගේ. එහා මෙහා පේන්නෙත් නෑ. "මොකෝ ළමයෝ වීදුරුවට මූණ තියාගෙන එ...

මා නම් සඳකි පොළවට බට..

Image
සූර්ය රාජයා සයුරු පත්ලේ සැඟවෙන්න යද්දී සඳවතී සුපුරුදු ලෙසින් නිශායාමය එකළු කරමින් ගුවන් ගැබ වෙත පිවිසියා ය. කහ පැහැති සේද සළුව විසුරුවමින් ඇය රාත්‍රිය ඒකාලෝක කළේ ය. ලා කහ පැහැති රීදී සේලය මහ පොළොවේ ගස් මත, තැනිතලා මත ඇතුරූ ඈ තම සිරුරේ රශ්මි කදම්භයෙන් සුදු පාට මල් වලට ජීවය දුන්නා ය. කුරුළු කූඩූ වල නිදා සිටි චූටි කුරුළු පැටවුන්ට සීතල නොදැනෙන සේ ඈ සුළඟ ඈතට ඈතට තල්ලු කළා ය. සියල්ලම නිහඬය.  තමාට අයත් කාර්යයන් අවසන් කළ සඳවතී වටපිට බැලී ය. හාත්පසම සිඹින ලද නිහැඬියාවෙන් ඇය වෙහෙසට පත් විය. ලොවම නිදිගන්නා වේලාවේ තමා පමණක්ම ලොව දෙස බලා සිටීම ඇයට වෙහෙසකර විය. සියල් දිනයන් ඒකාකාරීය.. ඇයට සිතුණි. "මගේ දිවිය නම් ඒකාකරි බවින් පිරුණු කිසිදු සතුටක් නැති දිවියකි." ඇය කීවා ය. තමා හැර අනෙකෙකු නැති මේ රැයේ තමාට පිළිතුරක් හමු නොවෙන බව ඈ සිතුවා ය. නොදැනීම ඈට සුසුමක් හෙළුනි. හදිසියේ ඈට කවුරුන්ද තමා අමතන හඬක් ඇසුණි. "කවුරුන්ද ඒ? මා හට අඬගසන්නේ.." ඇය එදෙසට පාවී ගියා ය. "සඳ රාජිණියනි.. ඔබේ රුව නම් මායාකාරී ය.. මන්මත් වන සුළු ය.. ඔබේ රුව විඳගන්න ඔබේ පහසේ තැවරෙන්න ඉඩ හරිනු ම...

~තුන්කොන් ප්‍රේමය~

Image
ඉර බහින කොට අහසේ තියෙන්නේ හරිම දුක හිතෙන පාටක්. මට එහෙම හිතුනා. ලා රතුපාට වෙලා. හරියට අඬලා අඬලා ඇස් රතු කරගත්ත කෙල්ලෙක් වගේ. අහසට දුක ඇති..මුළු දවසම එයා එක්ක ඉන්න ඉර හැන්දෑවට මුහුද අස්සේ හැංගෙන හැටි දැක්කාම. කොයි තරම් වෙලා දවල් වරුවට එකට හිටියත් රෑ වෙනකොට යන්න යනවානේ. ඒ හින්දාම අඬලා ඇස් රතු කරගෙන..පව් අහිංසක එකී. ඒත් ඉතින් අඬන්න දෙයක් නැනේ. හවසට ගියත් ආයේ හෙට උදේම ඔයාව බලන්න එයි.. නාඬා ඉඳින්.. වෙරළට වෙලා ඉඳගෙන ඈත මුහුදේ හැංගෙන්න යන ඉර දැක්කාම මට තරහත් හිතෙනවා. ඒත් තරහා ගියා කියලා මක් කරන්නද..ඇත්තටම ඉර අයිති කාටද? අහසටද? මුහුදටඩ? ම්ම්ම්ම්ම්... මටත් හරියටම හිතාගන්න බැ.. ඉර එනකන් බලාගෙන ඉන්න අහස වැරදිද? එයා පව්කාරියෙක්ද? වනචර කෙල්ලෙක්ද? අනේ මන්දා.. හිත එක එක ඒවා කියනවා.. මුහුද මොනවා හිතනවද දන්නේ නැ ඉර ගැන.. මුහුදට තරහා ඇති අහස එක්ක. ඇත්තටම ඉර අහසේ ඉන්න කැමති නේද? මට නම් හිතෙන්නේ එහෙම.. ඉර කැමති නිදහසේ අහසට වෙලා ඉන්න. ඒත් එහෙමයි කියලා හැමදාම අහසේ ඉන්න ඉරට බැනේ. කවදා හරි දවසක ඉරට අහස එපා කියලා හිතුනොත්? ආයේ එන්න වෙන්නේ නැ කියලා ඉර සදහටම බැහැලා යන්න ගියොත්.. අහස හැමදාම ඉර එනකන් බලාගෙ...

ඇවිත් යන්න මා බලන්න...

Image
නොනැවතීම ගැහෙනා මේ හදවත නවතියි දවසක එදාට මෙහි ඇවිත් යන්න නිසල මලක සුවඳ අරන්.... ඔබේ නමින් ගැහුනු හදේ හඬ සදහට නිවී ගියත් නිහඬ බවම සිහිකරාවි ඔබ රැඳි බව සදා හදේ.... ඇහින් ගලන එක කඳුළක් මගේ දෙකොපුල් මත තියන්න හීන් සැරෙන් සවන් පතට සමුගැනීමේ ගී ගයන්න... සොහොන් පිටියේ මිහිදන් කර ඉටිපහනක් තියා යන්න වරක් දෙකක් මෙහි ඇවිදින් තනිවුනු මා බලා යන්න...

පන්හිඳ නිසලයි...

Image
ඔබ නමින් පබඳින්න කවි ගීත ගොන්නක් අතට ගත් පන්හිඳ නොදැනීම ගිලිහුණා... බොළඳ මුත් හුරුබුහුටි කෑලි විසිරුණු හදේ පිබිදි සිතිවිලි ගොන්න කොහේදෝ පියඹලා... බලපොරොත්තු පොඳි බැඳන් ගෙතු කවි සිය ගණන් නොපෙනනා ඉසව්වක සැඟවෙලා තනිවෙලා .. අකාලේ පරවෙච්ච හීන මල් දෙස බලා ගොළු වෙච්ච පන්හිඳත් මියැදෙන්න ළං වෙලා...

නුඹේ සිනා ලඟ පැරදුනු තව දිනක්..

Image
ආයාසයෙන් හදා ගත් සිත එක් සැණින් සසල කරනට හැකි වුයේ කෙලෙසක නුඹේ ඔය රුවට...... සිනා නොවුනත් ඔබ නොබැලුවත් මා දෙස යළි යළිත් මගේ සිත නුඹ ලඟ ම නැවතිලා... සති ගණන් වැර දරා නුඹෙන් මුදවනා සිත කාන්දමකට හසු වූ යකඩයකි නුඹ අසල..... වරින් වරන් මගේ සිත පැහරගෙන යන්නේ කිම එපා නම් නුඹට සිත දෙන්න එය යළි මටම... තරහා නැ මම තවම ආදරෙයි එක සිතින් රිදවන්න ඇති තරම් භාර ගමි සෙනෙහසින්.... නුඹ නොදෙන හින්දා සිනා කැන් මා මුවට කඳුළු වුව කම් නැත නුඹ නමින් සල්ලනෙමි.... දහක් දුක් සඟවා හදේ නොපෙනෙන තැනක සිනා වෙමි ලොවට මම නුඹට දොස් වේ සිතා.. සිත හඬයි රෑ දිවා නමුදු පළයක් නැති දනිමි මම මෝඩියෙකි නුඹට සිත දන් දුනි...  නුඹේ සිනා ලඟ පැරදුනු තව දිනක් සනිටුහන් කරමි මම නොනවතින කඳුළින්..

නවාතැන..

Image
දස දහස් ගව් දුර පියෑඹු මගේ සිත නුඹේ නෙතු අද්දරම නවාතැන් ගත්තේ කිම නොදනිමි මම තාම..

Charming love

Image
On the silent green water moon is painting his glory soft wind is singing songs to make black forest sleep calmly the world has hugged by the queen of darkness.. the stars are shinning on the sky guide me to you secretly.. whole world is sleeping while we are awaken... silent green water is more silent black forest is not making noises soft wind is more and more calm seems they knows this is a secret.. only the moon light is still painting our souls.. until the sun hide in sea I'm waiting with a hope whether the sun gives light to world darkness is the hopes of our lives.. darkness covers us from the world stars showing the path I kept my head on your chest I can hear your heart beat under your arms I feel the loving warm when you look down and peep into my eyes.. I can see the sparkles of love shinning like diamonds.. the surround is dark, but I can read the love in your eyes the surround is cool, but I can feel the love under your arms the wind i...

සදාකල් එකම පැතුම...

Image
වෙරලේ වැදෙන රළ වල හඬ මට ඇසිණි සුළඟේ ලෙලෙන පොල් අතු සවනත වැකිණි මගෙ පැල්පතේ වහලය දෙදරනු දැනිණි ඔබ නැති දුකට හද සසලය හිමි සදුනි සයුරෙන් නැගෙන හඬ පරදා ගෙන සවන යොමු කර උනිමි ඔබෙ හඬ අසනා රිසින පැලෙන් එපිට ගෙන යයි වැලි කැට පවන කිම හඬ නොඇසුනේ හබලත රළ ගැටෙන ලිහිණින් කෑගසා පියඹා යනු පෙනුණා ගල් වල හැපි හැපි රළ වැළපෙනු ඇසුණා දියඹේ ඈත රුවලක් ලෙල දෙනු පෙනුණා හිමියන් සයුර මැද සටනක බව දැනුණා තනිවම පැලේ මා මේ රැය ගෙවන කල මැවෙනවා ඔබේ රුව මගෙ නෙත් කෙවෙනි තුළ එසඳ ගලනවා නොදැනිම කඳුළු වැල ගිලනොගනින් මගේ හිමි සඳ රුදුරු රළ

මහදේ වසන්තය..

Image
සිහින් සිරිපොද ලෙසින් වත් ඔබ මා වෙතට එනවා නම් පෙම්වත තෙමෙන්නම් සිසිරයේ සීතල නොතකලා මේ සිරිපොදේ.. ගිමන් කාලේ වියළි පත් රැඳි සුවඳ සේ ඔබ ඒ නම් සබඳ ගිම්හානය උසුලාන ඉන්නම් නුඹට මවෙතට එන්න ඉඩ හැර... සයුරු තෙර කළඹවා හමනා රුදුරු කුණාටුවක වෙස් ගෙන එනවා නම් ඔබ මා සොයාගෙන ගසාගෙන යන්නම් ඒ කුණාටුවේ.. වසන්තයේ පිපි මලක් ලෙස නොව සරත් කාලේ වියළි සුළඟක් ලෙසින් වත් එනවා නම් ඔබ, මා හදෙහි වසන්තය උදාවෙවි සබඳ...