Posts

Showing posts with the label Poems

අඟුලු ලා.. හිඳපන්..

Image
Pic - Google ඉකිබිඳින හදවතක් සිර කලා මම කාලෙකට පෙරදී දවසක්... මුරණ්ඩුයි සිත තැත්කරයි එය මිදී යන්නට රහසින්... මදක් හිනැහුණු ඉරක් පෑයූ දුටුව විටදී අහසක්.. සිතෙත් නම් වුව දවස හොඳයැයි හැකිය වහිනට වැස්සක්... ඉඳින්, සිත් මල නොතෙමි ඉන්නට අඟුලු ලාගෙන හිඳපන්...

~අඳුරු පාළු කුටියක~

Image
හිත පතුලේ පාමුල ම අඳුරු පාළු කුටියක සිර කලා මං මගේ අඳුරු මතකයන් පොදිය කුඩා සිදුරක් පවා ඉතිරි නොවෙනා ලෙසට සිහින් සරයක් පවා පිටට නොඇසෙනා ලෙස දොර පොළුද ඉබි යතුරු දැමුවෙමි ඒ දොරට සීල් තැබුවෙමි මම පතුලේ ඒ අඳුරු කුටිය දිනෙන් දින ගෙවීයත්ම අමතක වුණා මට ම මං සීල් කරපු ඒ පාළු හුදකලා කුටිය පාළු හැන්දෑවක දිනක් මතකයන් දෝරේ ගියා කුටිය පුපුරවාගෙන මතකයන් පැන ගියා නෑ සවියක් ඉතින් යලිත් බැඳ දමන්නට නොදැමුණු අසුන් මෙන් දිව යනා මතකයන්..

~ඔබ~

Image
දෙයැස් යට ලැඟුම් ගත් සොඳුරු සිහිනය යි හදවතේ මුමුණනා නිහඬ ස්වරයද ඔබයි හිස් වෙච්ච නිල් ගුවන ඔබේ රුවෙන් සැරසිලා නිහඬ මේ වාතලය ඔබේ හඬින් පිබිදිලා පාළු මගේ හිත ලඟම පෑයු රන් තරුව ඔබ අරුත් සුන් දිවි මගට පැමිණි නව අරුත ඔබ හුදකලා වූ සිතට ඔබම කවියක් වුනි මගේ නිහඬ පන්හිඳට ඔබම ජිවය වුනි......

සාපයකි බිහිසුනු...

Image
වරක් සිදුවූ යමක් දස දහස් වරක් යලි යලිත් සිදුවෙනා බිහිසුනු මිටියාවතකි... දුක් සෝ සුසුම් මැද හඬා වැලපුනු හැටි මැවි මැවී දිස් වෙනා පුළුල් තිරයකි එය.. එදා සිනහා වූ හැටි සතුටු බස් දෙඩූ හැටි හෙමිහිට කොඳුරමින් හඬවනා නපුරෙකි.. දින ගණන් පැය ගණන් ගෙවී ගොස් ඇත්තත් තව මා හඬවනා ඒ  මතකය සාපයකි...

~ආල සැඳෑව~

Image
සීත සැන්දෑවක  සිත මගේ ගී ගයන වෙලාවක.. අඳුර මැදින් සඳ කුමරුන් වඩින වෙලාවක.. මටත් හොරෙන් මගේ හිතට පිවිසි වෙලාවක... දුටුවා නේද  මගේ හිත නුඹ ආල සැඳෑවක.. පාද බැඳුනු මිණි කිංකිණි සැලුනු වෙලාවේ.. අතේ රැඳුනු වළළු ජෝඩු කැලඹි වෙලාවේ.. දෙනෙත් අඟින් නුරා බැලුම්  හෙලුනු වෙලාවේ.. ගියා නේද හිත අරගෙන ආල සැඳෑවේ.. සිතාරයෙන් වැයෙන තනුව හිත් අමුණනවා.. සිහින් සරින් ගැයෙන ගීය හැඟුම් මවනවා.. නාද හඬට නැටෙන පාද එකට ගැටෙනවා.. හැමට හොරෙන් කුමරුන් මගේ ලොවට වඩිනවා.. තාල සොයන නාද රටා ඔහේ තියෙද්දෙන්... ස්වර අල්ලන මිහිරි තනුව ඔහේ ගැයෙද්දෙන්.. නාද හඬට තැබෙන පාද ඔහේ නැටෙද්දෙන්.. ආල සැඳෑවම අප දෙස බලා හිඳෙද්දෙන්... ප.ලි : හිතට ආපු වචන පෙළක් කවියක් කලා.. කොහොම දැනෙයිද දන්නේ නැ.. ඔන්න විරහා කවි එපා අයට නිකන් ඔහේ කවියක් ලිව්වා... බලාපොරොත්තුවේ කවක්.. :) හෙට මම මගේ යාලුවෙක්ගේ ගෙදර යනවා ලඟ එන විභාගයට පාඩම් කරන්න. අදින් නිවාඩුව ඉවරයි. ලබන 25 විභගේ පටන ගන්නවා. ඒ වෙනකන් ඔයාලගේ පොස්ට් කියවන්න පුලුවන් වුනත් කමෙන්ට් කරන එක නම් අඩු වෙයි. ඒ වගේ අලුත් පොස්ට් දා...

~නොනිදන රැය~

Image
"Lovely Kiss by Leonid Afremov" මල් පෙති ගිලිහෙනා විට එකිනෙක තඹර නින්දට වැටෙන විට මත් වූ කැල බඹර දියත ම වසාගෙන පැතිරෙන විට අඳුර නුඹ ඒ මවෙත දුල කරමින් සිත් අඹර තුරුවැල් නැලවේවී වැද නුඹගේ සුසුම දිවි තොර වේද දැක නුඹ රූ කොඳ කුසුම හැම මල් සුවඳ පරදයි නුඹගේ පුසුඹ සතුටකි සැනසුමකි මට නුඹ හා විසුම නුඹගේ දෙපා මුල සත් මහ දෙව් සැපත නුඹගේ සිසිලසින් මා හද ගිම් නිවෙත නුඹ රූ දෙනයනට අමයුරු පැන් ගෙනෙත රැජිණිය නුඹ ම වේ දැහැනේ සිල් බිඳෙත අඳුරු සළුව විසිරේ නුබ සයන පුරා මුතු පොට කැඩී නුඹ වට කර සිටින නුරා දෙනයන කැල්ම විහිදේ නුඹේ සුවඳ උරා මත් බිඟු මම වෙමි නොනිදන මෙරැය පුරා මේ මම 2008දී ලියපු එකක්. උසස් පෙළ කේවල් ව්‍යාපෘතිය විදිහට මම කළේ කවි සංග්‍රහයක්. පොත් රාක්කේ අස් කරනකොට ඒ පොත ආයේ හම්බු වුනා.

ඔයාගේ පැත්ත..

Image
ඔබව අමතක වෙන්න ගියා මං වෙරළට "රළ ඇවිත් හැපෙනකොට හරිම ලස්සනයි නේද" ඔයාගේ කටහඬ ආයේ ඇහෙනවා මට..... ඔබව අමතක වෙන්න ගියා ෆිල්ම් එකක් බලන්න වටපිට බැලුවා මම හැමතැනම ජෝඩු ජොඩු කළුවරේ ඔබ ඉන්නවද බැලෙනවා මට තාම..... ඔක්කෝම අතැරලා නිදියන්න ගියා මම අතපත ගාන කොට අහුවුනා වැඩිපුර කොට්ටයක් ඇඳේ ඔයාගේ පැත්ත තාමටත් හිස් වෙලා....... බ්ලොග් එකේ පෙනුම වෙනස් කලා.. වෙනස ගැනත් පොඩි අදහසක් දීලාම යන්න හොඳේ..:) තරියාගේ කෙරුවාව ලියන තරියා ටත්  ගොඩාක් ස්තූතියි මේක වෙනස් කරන්න උදව් කලාට.. ජය වේවා. .

Away....

Image
No more tears to cry no more strength to wait maybe it's time to walk away my tender heart can't bear the pain it aches too much i better collect all the pieces of it it's time to walk away holding my tender heart bleeding and suffocating no more strength to wait no more courage to ask stepping out side the door it's time to walk away......

ඇවිත් යන්න මා බලන්න...

Image
නොනැවතීම ගැහෙනා මේ හදවත නවතියි දවසක එදාට මෙහි ඇවිත් යන්න නිසල මලක සුවඳ අරන්.... ඔබේ නමින් ගැහුනු හදේ හඬ සදහට නිවී ගියත් නිහඬ බවම සිහිකරාවි ඔබ රැඳි බව සදා හදේ.... ඇහින් ගලන එක කඳුළක් මගේ දෙකොපුල් මත තියන්න හීන් සැරෙන් සවන් පතට සමුගැනීමේ ගී ගයන්න... සොහොන් පිටියේ මිහිදන් කර ඉටිපහනක් තියා යන්න වරක් දෙකක් මෙහි ඇවිදින් තනිවුනු මා බලා යන්න...

පන්හිඳ නිසලයි...

Image
ඔබ නමින් පබඳින්න කවි ගීත ගොන්නක් අතට ගත් පන්හිඳ නොදැනීම ගිලිහුණා... බොළඳ මුත් හුරුබුහුටි කෑලි විසිරුණු හදේ පිබිදි සිතිවිලි ගොන්න කොහේදෝ පියඹලා... බලපොරොත්තු පොඳි බැඳන් ගෙතු කවි සිය ගණන් නොපෙනනා ඉසව්වක සැඟවෙලා තනිවෙලා .. අකාලේ පරවෙච්ච හීන මල් දෙස බලා ගොළු වෙච්ච පන්හිඳත් මියැදෙන්න ළං වෙලා...

අරුමය...

Image
ඔබ ආදරේලු... නමුත් මට නොව වෙන කාටද.. මගේ ආදරය ඔබට නොවටින්න ඇයේ ආදරයේ තිබෙන අරුමය කියාදෙනවද මටත් ඔබ..

නතරවෙලා..මං..

Image
සිත එක්තැන් කරන්න අපහසුයි කිව්වාට මට පුළුවනි කරන්න දුවන සිත නවතන්න කොච්චර දුර දිව්වත් මගේ හිත නැවතෙනවා හැමවේලේ එකම තැන නතරවූ සිත එතන එහෙම්මම ගල් වෙනවා සිත එකතැන් වෙලා නමුත් මට දැනෙන්නේ මමත් එකතැන් වෙලා මගේ සිත හැමවේලේ නුඹ ලඟම නැවතිලා..

සරදමක් දෝ ප්‍රේමය....

Image
මා එපා කිවු ඔබ යලි ඇවිත් මා ලඟ හඬා වැළපෙන කොට කෙසේ ඉවතක බලමි මම... දහක් දුක් සඟවා හිනාවෙමි නුඹට මම නුඹේ දුක අහගෙන හුනිමි නොහඬාම මම... නෙත් අඟින් ගිලිහෙන නුඹේ උණු කඳුළැලි මගේ නමට නොවෙන බව දැන දැන ම සනසවමි මම... නුඹ හඬයි මා ලඟ අතැර ගිය ආලය පතා පිසදමමි නුඹේ කඳුළු මම මා දවන හින්දා උණු කඳුළ.. නුඹ තවම මසිතේ සිටියද අයිති නැති අයෙකි නුඹ මට සරදමක් දෝ ප්‍රේමය ජීවිතය නිතර රිදවන..

They confessed.. Silently

Image
[She] We met on a sunny day in the park suddenly he smiled so did I we both sat on the bench in a corner of  all our own.. waited so long hoping and praying so hard till he say a word.. he didn't say anything.. I wished him to hear the voice in my heart sadly I knew he never heard all he did was watching my eyes it's time to leave which never is mine silently I stood up holding love in heart hiding it in a deep place I walked away.. [He] It all began one day we met in a park suddenly our eyes met each other but we didn't speak a word though we didn't say it our love was chatting all the time I heard the sound of her heart through the silent between us I loved to watch her eyes speaking sparkling eyes her eyes says her love which is deep and silent I love to watch her love so silent and gentle.. It all ended when she decided to walk away.. I don't know why but she walked away silently.. just like her love she walked away..

නවාතැන..

Image
දස දහස් ගව් දුර පියෑඹු මගේ සිත නුඹේ නෙතු අද්දරම නවාතැන් ගත්තේ කිම නොදනිමි මම තාම..

Charming love

Image
On the silent green water moon is painting his glory soft wind is singing songs to make black forest sleep calmly the world has hugged by the queen of darkness.. the stars are shinning on the sky guide me to you secretly.. whole world is sleeping while we are awaken... silent green water is more silent black forest is not making noises soft wind is more and more calm seems they knows this is a secret.. only the moon light is still painting our souls.. until the sun hide in sea I'm waiting with a hope whether the sun gives light to world darkness is the hopes of our lives.. darkness covers us from the world stars showing the path I kept my head on your chest I can hear your heart beat under your arms I feel the loving warm when you look down and peep into my eyes.. I can see the sparkles of love shinning like diamonds.. the surround is dark, but I can read the love in your eyes the surround is cool, but I can feel the love under your arms the wind i...

සදාකල් එකම පැතුම...

Image
වෙරලේ වැදෙන රළ වල හඬ මට ඇසිණි සුළඟේ ලෙලෙන පොල් අතු සවනත වැකිණි මගෙ පැල්පතේ වහලය දෙදරනු දැනිණි ඔබ නැති දුකට හද සසලය හිමි සදුනි සයුරෙන් නැගෙන හඬ පරදා ගෙන සවන යොමු කර උනිමි ඔබෙ හඬ අසනා රිසින පැලෙන් එපිට ගෙන යයි වැලි කැට පවන කිම හඬ නොඇසුනේ හබලත රළ ගැටෙන ලිහිණින් කෑගසා පියඹා යනු පෙනුණා ගල් වල හැපි හැපි රළ වැළපෙනු ඇසුණා දියඹේ ඈත රුවලක් ලෙල දෙනු පෙනුණා හිමියන් සයුර මැද සටනක බව දැනුණා තනිවම පැලේ මා මේ රැය ගෙවන කල මැවෙනවා ඔබේ රුව මගෙ නෙත් කෙවෙනි තුළ එසඳ ගලනවා නොදැනිම කඳුළු වැල ගිලනොගනින් මගේ හිමි සඳ රුදුරු රළ

සුදු නෙළුම.....

Image
සුදු නෙළුමක් රැගත් ඇත් පැටවෙකු සිහිනේ නොදැක්කෙමි පුතේ සැතපෙන කල සයනේ ඇරයුම් නොලැබ ආවත් පතමින් සරණේ ලැබදෙන්නම් ඔබට නැතිමුත් මට සරණේ අඳින්නට දෙන්න වැරහිලි මිසක් මට දිව සළු නොමැත ඔබෙ ගත සරසවන්නට බොන්නට දෙන්න අමයුරු පැන් නැතුවාට මගෙ ලේ කිරි සෑහේ පුත නුඹ රැකගන්ට නොඅසන් කොහි සිටිදැයි නුඹගේ නෑසියන් නොදනිමි පුතේ මමවත් කොහිදැයි නෑසියන් නොඅසන් මොනවාද නුඹ සතු උරුමයන් දුන්නේ නුඹ ම පමණයි නුඹගේ පියාණන් කිරි දත් පෙන්වමින් සිනහා නඟන විට සඟවා ගනිමි නැඟුනත් මම කඳුළු කැට සිනහා වෙනවා නම් ඔබ, දිනයේත් හෙට නොසලන්නෙමි පුතේ යළි කඳුළක් බිමට

මහදේ වසන්තය..

Image
සිහින් සිරිපොද ලෙසින් වත් ඔබ මා වෙතට එනවා නම් පෙම්වත තෙමෙන්නම් සිසිරයේ සීතල නොතකලා මේ සිරිපොදේ.. ගිමන් කාලේ වියළි පත් රැඳි සුවඳ සේ ඔබ ඒ නම් සබඳ ගිම්හානය උසුලාන ඉන්නම් නුඹට මවෙතට එන්න ඉඩ හැර... සයුරු තෙර කළඹවා හමනා රුදුරු කුණාටුවක වෙස් ගෙන එනවා නම් ඔබ මා සොයාගෙන ගසාගෙන යන්නම් ඒ කුණාටුවේ.. වසන්තයේ පිපි මලක් ලෙස නොව සරත් කාලේ වියළි සුළඟක් ලෙසින් වත් එනවා නම් ඔබ, මා හදෙහි වසන්තය උදාවෙවි සබඳ...