Posts

Showing posts with the label පොත් සවාරි

~මගේ රස්තියාදු ගමන්~

Image
මං මගේ රස්තියාදු ගමන් වලට හරි ප්‍රසිද්ධයි. මගේ යාළු මිත්‍රාදීන් පවා යන පාරක්, හොඳ පොත් කඩයක්, හොඳ පොතක්, ලාබෙට කන්න තැනක්, වියදම් කරලා කන්න තැනක්, එකී මෙකී නොකී ගොඩක් දේවල් මගෙන් අහන්නේ මගේ රස්තියාදු ගමන් ගැන දන්න නිසාමයි. හැබයි ගොඩක්  වෙලාවට මං රස්තියාදුවේ යන්නේ පොත් හොයාගෙන තමයි. අදත් ඔන්න කැම්පස් එකට ගිය ගමන් කරගත්ත වැඩේ කරගෙන වෙලාව ඉතුරු වුන නිසා පොඩි රස්තියාදුවක් දැම්මා. අද රස්තියාදුව දැම්මේ ගාමිණි හෝල් එක ලඟ තියෙන Bargain කඩ ටික පැත්තේ. .. එකෙන් සල්ලි එහෙම අරගෙන ඒ පැත්තට ගෑටුවා. අපෙ අම්මා දන්නවා නම් මාව උල තියනවා. මෙන්න මෙහෙමයි පටන් ගන්නේ.. "ඇයි ළමයෝ අර Book Fair ගිහිල්ලා ගෙනාපු පොත් ටික මදිද මං අහන්නේ? ඔය ළමයට දැන් විභාගයක් තියනවා නේද? පාඩම් කරන්න එහෙම කල්පනාවක් නැද්ද?... තව තව ජාති ගොඩාක්..  හරි අපේ අම්මා මට බනින විදිහ කිව්වා ඇති. මගේ රස්තියාදුව ගැන කියන්නම්කෝ.  මුලින්ම ගියෙ වර්ණකුලසූරිය බුක් ශොප් එකට. එකේ හිටිය මහත්මයා බොහෝම උණුසුම් විදිහට මාව පිළිගත්තා. "එන්න මිස්, එන්න.. මොනවගේ පොත්ද බැලුවේ? සිංහල, ඉංග්‍රිසී අලුත් පොත් ගොඩාක් තියෙනවා..". ඒ පිළිගැ...

~දිලෙන්නට සිහින දුටු ජීවිත.. දුල දුලාය~

Image
සුමිත්‍රා රහුබද්ධගේ දුල දුලාය කියවා අවසන්ය. සුමිත්‍රා රාහුබද්ධගේ පොතක් මා මුල් වරට කියවුයේ මාගේ 16 වන උපන්දිනය දාය. මා පියා දුන් තෑග්ග "බුමුතුරුණු" කෘතියයි. නමුත් මා සුමිත්‍රා රාහුබද්ධගේ පොත් කෙරෙහි ඇල්මක් දක්වන්නට පටන් ගත්තේ "අග පිපි මල්" කියවිමේන් අනතුරුවය.  දුල දුලාය කියවීම සම්බන්දව මට ඇත්තේ සතුටකි. ඒ පොත තුළ ඇති කතාව සතුට දනවන්නක් වන නිසා නොවේ, ඒ කතාව තුළ විටෙක මා මාවත්, තවත් විටෙක මුළු මහත් සමාජයමත් දකින බැවිනි.  අමිරි හා බිම්සා සමස්ත සමාජයේ කාන්තාව හා පුරුෂයා නියෝජනය කරන බව මගේ හැඟීමයි. දෙදෙනාටම තමන්ගේ නිදහස ඇවැසි නමුත් අනිකාගේ නිදහස සීමා කරන්න වෙර දරයි. දෙදෙනාම අනිකාගේ ආදරය අසම්මතයක් ලෙස දකින මුත්, තමාගේ ආදරය නිවැරදියැයි විශ්වස කරයි.  මේ කතාව තුළ මට වටහා ගැනීමට අපහසු දෙය නම්, කාන්තාවකට නිදහස අහිමියි වැනි පණිවිඩයක් ලබා දෙන්නට කතුවරිය උත්සහ කරන්නේ මන්දැයි යන්නය. නිදහස්ව ජීවත් වන්නට කැමති කාන්තාව නිරතුරුව සමාජයෙන් බැට කන්නේද යන්න මට ගැටළුවකි. එහි සත්‍යතාවයක් නැත්තේම නොවේ. නිදහස් කතකට පහර දීමට සමාජය වෙර දරන බව සැබෑය. නමුත් අමිරිට අවැසි නම් නිදහස වල්බූ...

පොත් සවාරි යනවදෝ..

Image
ඔන්න ඉතින් මාත් මාස ගාණක් පෙරුම් පුරලා ඊයේ පොත් සල්පිළ බලන්න ගියා. උදේ නවයට ඇතුලට ගිය අපි එළියට ආවේ හවස හයට.. හිහිහි.. කොහොමද පොත් බැලිල්ල.. ;) මගේ චාරිකා ගැන නෙවෙයි මේ කියන්න යන්නේ.. තව යන අයගේ පහසුවට කරුණු ටිකක් කියන්න තමා හැදුවේ. මේ සැරේ වට්ටම් වලින් වැඩිම වට්ටම් දෙන්නේ විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රයෙන්. 30% ක වට්ටමක් ලැබෙනවා. රත්න පොත් ප්‍රකාශයන්ගෙනුත් 30% වට්ටමක් දෙනවා. ඊට පස්සේ ගුණසේන එකේ විවිධාකාරයේ වට්ටම් තියෙනවා. 10% සිට 25% දක්වා වට්ටම් සටහන් කරලා තිබුනා. සරසවී, විදර්ෂන, සුරස, සදීපා, දයාවංශ මේ හැමතැන 20% ක වට්ටම් තමා ලැබෙන්නේ. වෙන සැර වල පොතක් පබ්ලිශ් කරපු ආයතනයෙන් ඒ පොතට විෂේශ වට්ටම් වගේ දේවල් තිබුනට මේ පාර එහෙම විෂේශයක් නැ. කොයි තැනත් එක වගේ. හොඳම දේ තමන් හොයන පොත මුලින් විජේසුරිය එකේ තියෙනවද කියලා බලලා අනිත් තැන් වලට යන එක. හැබැයි විජේසූරිය එකේ නිදහසේ බලන්න නම් පොඩ්ඩක් කලින් යන්න වෙයි. ඇතුලට ගියි ගමන් ම ඒකට ගියත් පාඩු නැ සෙනඟ වැඩි වෙන්න කලින්. ඒක තියෙන්නේ B ශාලාවේ. අනිත් කාරණාව තමා අඩු මිලට පොත් ගන්න පුළුවන් second hand bookshops. K ශාලාවේ සම්පූර්ණයෙන්ම තියෙන්නේ එහෙම...