Posts

Showing posts with the label Family

~වැස්සයි.. මමයි.. අම්මයි.. ~

Image
හීන් පොද එක එක බිමට වැටෙන්න පටන් ගත්තා. ඉර අව්ව තාම පායලා. ඒත් බිමට වැටෙන සිරි පොදට ඒ අව්වෙන් බාධාවක් නෑ. හෙමිට හෙමිට එක එක සිරිපොද පොළොවේ පස් මතට වැටෙනවා. ලා දුඹුරු පාට පස තැනින් තැන තද දුඹුරු පාට වෙලා. තිත් මෝස්තර වැටුණු චීත්තයක් වගේ. පස් වලින් පුංචි දුමක් නැගෙනවා. හෙමි හෙමිට පොළොවෙන් උඩට එන ඒ පුංචි දුමාරයෙන් මුළු පලාතම වැසී යනවා. මගේ නාසය අඟ පුංචි කිතිකැවිල්ලක් ඇවිත්. "පොළොවේ නැවුම් සුවඳ" තාත්තා කියනවා මං අහගෙන. 'නැවුම් සුවඳ'. හරි අපූරු වචනයක්. හරියට අලුත උපන් ළදරුවෙක් ලඟ තියෙන සුවඳක් වගේ පිරිසිදු.. නොකිලිටි සුවඳක්.. පුංචි සිරිපොද ටික ටික ලොකු වෙන්න ගත්තා. දැන් ඒවා පුංචි බොරළු ඇට වගේ. වහලේ උළු වලට වැහි බිඳු වැටෙන සද්දෙයි, ටකරන් උඩට වැටෙන සද්දෙයි වෙනස්. මං වැඩිපුරම කැමති කොයි සද්දෙට කියලා මට හිතාගන්න බෑ. උළු වලට වැටෙන සද්දෙට වෙන්න ඇති. දැන් වැහි පොද පුවක් ගෙඩි තරම් ලොකු වෙලා. කලින් තිබ්බ ඉර අව්ව ටික ටික නැතිවෙලා යනවා. හාත්පසම ලා අඳුරක්. වැස්ස දැන් හරියට අහසේ ඉඳන් පොළොවට දමා තිරයක් වගේ. එහා මෙහා පේන්නෙත් නෑ. "මොකෝ ළමයෝ වීදුරුවට මූණ තියාගෙන එ...

ඔබත් අනවශ්‍ය ලෙස දරුවන්ගේ ජීවිත වලට බලපෑම් කරන අයෙක්ද??

Image
මේ මාතෘකාවට අදාළව ලිපියක් පළ කරන්නට බොහෝ කලක සිට සිතාගෙන සිටියද ඊට නිසි අදහසක් මා තුළ නොතිබුණි. ඊට හේතුව මා තවමත් දෙමව්පියන් යන භූමිකාව රඟ පා නැති වීමත් දෙමාපිය දූදරු සම්බන්ධය දෙමාපිය කෝණයෙන් කෙසේද යන්න මා නොදැන සීටිමත් ය. නමුත් අවුරුදු 22 ක ජීවිත කාලය තුළ [මහ ලොකු කාලයක් නෙවෙයි] අහලා දැකලා අත්විඳලා තියෙන දේවල් දිහා බැලුවාම මටත් පොඩි පොඩි දේවල් ටිකක් කියන්න පුළුවන් වෙයි දෙමාපිය දූදරු සම්බන්ධය ගැන. ඔබත් ඔබේ දරුවාගේ ජීවිතයට අනවශ්‍ය ලෙස බලපෑම් කරනවාද?? එහෙනම් මේ ලිපිය ඔබට සිතන්නට යමක් ඉතුරු කරාවි යන්න මගේ විශ්වාසයයි. මෙය ඔබ තරුණ ගැහැණු ළමයෙක්ගේ නන්දෙඩවීමක් ලෙස දකින්නට ඉඩ ඇත. දරුවකු හැදීම ගැන කිසිත් නොදන්නා අත්දැකීම් රහිත ප්‍රකාශයන් සහිත ලිපියක් ලෙස දැකීමට ඉඩ ඇත. ඔව්. මා එකඟයි. මා දරුවකු බිහි කර නැත. කවා පොවා හදා වඩා නැත. නමුත් මා මගේ නිවස තුළින් උගත් දේ නම් දෙමව්පියන් දරුවා බිහි කළද ඔහු තමාගේම කියා ජීවිතයක් තිබෙන තවත් එක මනුෂ්‍ය ප්‍රාණියෙකි. දරුවාට අසීමාන්තික නිදහසක් ලබා දීමක් ගැන මා කතා කරන්නේ නැත. නමුත් මේ ඔබ ඔහුගේ/ඇයගේ ජීවිතටට අනවශ්‍ය ලෙස බලපෑම් කලහොත් ඇති විය හැකි ප්‍රතිඵලය ගැන...

~සුභ උපන්දිනක් තාත්තා~ Happy Birthday dad~

Image
සඳ ගිලුනු අමාවකේ පාර පෙන්වූ තරු එළිය ඔබයි මට තාත්තේ සදාකල් දිදුලනා දිය නොමැති මරු කතරේ වැටුණු එකම දිය බිඳුව ඔබයි මට තාත්තේ සදා ජීවය දෙනා වියැළෙනා ගිම්හානේ වැටුණු එකම දිය බිඳුව ඔබය මට තාත්තේ සදා සිසිලස දෙනා ඔබම ජීවය දුනි ඔබම වීරිය දුනි සදාකල් මගේ දිවියේ වීරය ඔබ වුනි.... අද මගේ තාත්තාගේ උපන්දිනය. මේ ලොකේ ඉන්න හොඳ ම මනුස්සයා තාත්තා නොවෙන්න පුළුවන්. ඒත් මට නම් මේ ලොකේ ඉන්න හොඳ ම තාත්තා මගේ තාත්තා. තාත්තා අපිට සැර කරනවා. බනිනවා. ඒත් ඒ හැමදෙයක්ම පිටිපස්සේ තියෙන්නේ අපිට කරදරයක් නොවි බලාගැනිමේ බලාපොරොත්තුව. අපිට වැටෙන්න දෙන්න තාත්තා කැමති නැ. අපි දුක් වෙනවා බලන්න තාත්තා කැමති නැ. අපි ජීවිතේ හැමදාම සතුටින් ඉන්නවා බලන්න තමා තාත්තට ඕනේ. මම අද නීති පීඨය ඇතුලේ ඉන්නේත් මගේ තාත්තා නිසා. තාත්තාගේ ආසවයි මඟ පෙන්වීමයි නැති වුනා නම් මම නීතිය ඉගෙන ගන්නේ නැ. ඒ හැමදේකටම ස්තූතියි තාත්තා. ආදරේයි තාත්තට හැමදාම.   Today is my father's birthday. He may not the best person in the world but for me he is the best father in whole world. I'm here because of him. Because of his gu...

සදාකල් එකම පැතුම...

Image
වෙරලේ වැදෙන රළ වල හඬ මට ඇසිණි සුළඟේ ලෙලෙන පොල් අතු සවනත වැකිණි මගෙ පැල්පතේ වහලය දෙදරනු දැනිණි ඔබ නැති දුකට හද සසලය හිමි සදුනි සයුරෙන් නැගෙන හඬ පරදා ගෙන සවන යොමු කර උනිමි ඔබෙ හඬ අසනා රිසින පැලෙන් එපිට ගෙන යයි වැලි කැට පවන කිම හඬ නොඇසුනේ හබලත රළ ගැටෙන ලිහිණින් කෑගසා පියඹා යනු පෙනුණා ගල් වල හැපි හැපි රළ වැළපෙනු ඇසුණා දියඹේ ඈත රුවලක් ලෙල දෙනු පෙනුණා හිමියන් සයුර මැද සටනක බව දැනුණා තනිවම පැලේ මා මේ රැය ගෙවන කල මැවෙනවා ඔබේ රුව මගෙ නෙත් කෙවෙනි තුළ එසඳ ගලනවා නොදැනිම කඳුළු වැල ගිලනොගනින් මගේ හිමි සඳ රුදුරු රළ

සුදු නෙළුම.....

Image
සුදු නෙළුමක් රැගත් ඇත් පැටවෙකු සිහිනේ නොදැක්කෙමි පුතේ සැතපෙන කල සයනේ ඇරයුම් නොලැබ ආවත් පතමින් සරණේ ලැබදෙන්නම් ඔබට නැතිමුත් මට සරණේ අඳින්නට දෙන්න වැරහිලි මිසක් මට දිව සළු නොමැත ඔබෙ ගත සරසවන්නට බොන්නට දෙන්න අමයුරු පැන් නැතුවාට මගෙ ලේ කිරි සෑහේ පුත නුඹ රැකගන්ට නොඅසන් කොහි සිටිදැයි නුඹගේ නෑසියන් නොදනිමි පුතේ මමවත් කොහිදැයි නෑසියන් නොඅසන් මොනවාද නුඹ සතු උරුමයන් දුන්නේ නුඹ ම පමණයි නුඹගේ පියාණන් කිරි දත් පෙන්වමින් සිනහා නඟන විට සඟවා ගනිමි නැඟුනත් මම කඳුළු කැට සිනහා වෙනවා නම් ඔබ, දිනයේත් හෙට නොසලන්නෙමි පුතේ යළි කඳුළක් බිමට

You are my hero....

Image
I wanted a topic for a new post. So I told that to a friend and he at once told me 'write about father'. Something I never thought of. But when he said it I felt he pointed out something really important. We spent lot of time talking about love, friendship and everything else. But we spent very little time for our fathers. Even fathers are rarely appreciated because it is always mothers who will get the front seat. A father. When we were small he was our whole world. The biggest hero. The most strongest man. Even the most intelligent man. We loved to walk with dad. Holding his hand. We wanted him to come to school with us. Loved to walk with him to his working place. It doesn't matter whether he was a carpenter. We saw how amazing he was to cut those woods and make nice chairs and tables with those. It doesn't matter whether he was a mechanic. He was a great inventor with all that grease stains all over the clothes. "My father makes chairs"or "My fath...