Posts

Showing posts with the label පාවෙන සිතුවිලි

අඟුලු ලා.. හිඳපන්..

Image
Pic - Google ඉකිබිඳින හදවතක් සිර කලා මම කාලෙකට පෙරදී දවසක්... මුරණ්ඩුයි සිත තැත්කරයි එය මිදී යන්නට රහසින්... මදක් හිනැහුණු ඉරක් පෑයූ දුටුව විටදී අහසක්.. සිතෙත් නම් වුව දවස හොඳයැයි හැකිය වහිනට වැස්සක්... ඉඳින්, සිත් මල නොතෙමි ඉන්නට අඟුලු ලාගෙන හිඳපන්...

~වැස්සයි.. මමයි.. අම්මයි.. ~

Image
හීන් පොද එක එක බිමට වැටෙන්න පටන් ගත්තා. ඉර අව්ව තාම පායලා. ඒත් බිමට වැටෙන සිරි පොදට ඒ අව්වෙන් බාධාවක් නෑ. හෙමිට හෙමිට එක එක සිරිපොද පොළොවේ පස් මතට වැටෙනවා. ලා දුඹුරු පාට පස තැනින් තැන තද දුඹුරු පාට වෙලා. තිත් මෝස්තර වැටුණු චීත්තයක් වගේ. පස් වලින් පුංචි දුමක් නැගෙනවා. හෙමි හෙමිට පොළොවෙන් උඩට එන ඒ පුංචි දුමාරයෙන් මුළු පලාතම වැසී යනවා. මගේ නාසය අඟ පුංචි කිතිකැවිල්ලක් ඇවිත්. "පොළොවේ නැවුම් සුවඳ" තාත්තා කියනවා මං අහගෙන. 'නැවුම් සුවඳ'. හරි අපූරු වචනයක්. හරියට අලුත උපන් ළදරුවෙක් ලඟ තියෙන සුවඳක් වගේ පිරිසිදු.. නොකිලිටි සුවඳක්.. පුංචි සිරිපොද ටික ටික ලොකු වෙන්න ගත්තා. දැන් ඒවා පුංචි බොරළු ඇට වගේ. වහලේ උළු වලට වැහි බිඳු වැටෙන සද්දෙයි, ටකරන් උඩට වැටෙන සද්දෙයි වෙනස්. මං වැඩිපුරම කැමති කොයි සද්දෙට කියලා මට හිතාගන්න බෑ. උළු වලට වැටෙන සද්දෙට වෙන්න ඇති. දැන් වැහි පොද පුවක් ගෙඩි තරම් ලොකු වෙලා. කලින් තිබ්බ ඉර අව්ව ටික ටික නැතිවෙලා යනවා. හාත්පසම ලා අඳුරක්. වැස්ස දැන් හරියට අහසේ ඉඳන් පොළොවට දමා තිරයක් වගේ. එහා මෙහා පේන්නෙත් නෑ. "මොකෝ ළමයෝ වීදුරුවට මූණ තියාගෙන එ...

~මෙතනම~

Image
හදක් හඬවා රහසේ නික්ම යන ඔබ හට ලැබේවා සොයන දේ කල් නොයාම සොයාගත් පසු එය එනවාද යලිත් ඔබ අයේ යන්නට නොව හැමදාම රැදෙන්නට මා නොයයි කිසිතැන මෙතනම හිඳින්නම් මම නොදුටුවොත් යලි ආ දින බලන් අසලම සොහොන් කොත ලඟ...

~විකල්~

Image
බැටළු සම් පොරව ගත් වෘකයන් රෑන අතින් හිසින් රඟ දෙදී නටන සැටි බලන්... රා මතින් බඹන  හිස් වූ හිස් ඇතිව විකාරයෙන් රඟන අමනයන් දුටුවාද සබඳ... විකල් වූ සිතින් රඟදෙන වුන් කියයි ඔබ හට විකල් යැයි මිතුර... තනි වුවත් විකල් ලොව තනිව හිඳිනා කල්හි වැටහේවී නුඹට උමතු ඔවුනට බව...

කිරිල්ලියකගේ විලාපය

Image
සිඳී බිඳී ගිය කැදැල්ලේ  පෙලී පෙලී මියැදෙනා අසරණ කිරිල්ලියකගේ විලාපය අසනු මැන.. බිඳෙන් බිඳ තැනූ හිතෙන් හිත බැඳී කැදැල්ලම සුළඟට ගසා ගෙන ගිහින්.. තටු කැඩී ඔත්පලව හිත බිඳී අනාථව වැතිරෙනා කිරිල්ලිගේ විලාපය අසනු මැන.. පොඳි බැන්ඳ හීන ගොඩ හොර රහසේ ඉගිලිලා ආදරෙන් පාට ගෑ සායමත් වියැකිලා තනිකමේ සුළි සුළඟ කඳුළු වැහි ගෙන එන්න අඳුරේ මියැදෙනා ඒ  කිරිල්ලිය ගෙන යන්න රැගෙන යනු මැන ඇයව තුරුළු කොට ආදරෙන් අවසාන විලාපය සුළඟේ පා කරවමින්....

~ආලය~

Image
ආලය පුදුමාකාරය..අපි ආලය නිසා කරන දේවල් ඊට වඩා පුදුමාකාරය. සමහර විටෙක කිසිදාක නොකරයි සිතූ දෑ අපි කරන්නේ අපි ආදරය කරන අය වෙනුවෙනි. ආදරය නිසා අපි හිමි කරගන්න දේවලද බෝහෝය.. නැති කරගන්නා දේවල් ද බෝහෝය.. ආලය ඇබ්බැහි වෙන සුළුය.. ආදරයෙන් බැඳුනු පසු එයින් මිදීම අපහසුය. එය එතරම් ඇබ්බැහි වෙන සුළුය. ආදරය නම් හිමිවීම ම නොවේ. එක මොහොතකට හෝ ලඟ හිඳී නම් ආදරය කරන්නාට එයම ප්‍රමාණවත් ය. ආදරයට නිර්වචන නැත.. නීති රෙගුලාසි නැත. ඇත්තේ ආදරයම පමණි.. ආලය අපි ලඟ තියෙන තාක් අපි සතුටින් ය. ආලය වෙන්ව ගිය පසු දුක උරුමය. නමුත් ආලය වෙන්ව යන්නේ නැත. යන්නේ අපි ආදරය කරන මිනිසුන් පමණි. අපි ආදරය කරත් නොකරත් මිනිසුන් අපව දමා යාම සදාකාලිකය. එය නතර කළ නොහැක. නමුත් ආදරය අපව දමා නොයයි. එය මියෙන තුරු අප අසල රැඳේ.. ආලය නම් හිත වශී කරවන මායාවකි.. මායාව විසින් රවටන ලඳුව අප විසින් හිතින් වන බැඳීමකි.. බැඳීමෙන් මිඳෙනු නොහැකිව හිතින් විඳවන අපූරු හැඟිමකි.. ආලය නම් විටෙක වින්දනයකි.. තවත් විටෙක විඳවීමකි.. නමුත් එය නම් පුදුමාකාරය..

රැගෙන යන්න මා....

Image
සිව් මානයේ කොනක කිසිවෙකුත් නැ හඬන සයුර මිස සුදු පාට පෙණ විසුරුවන නිල් පාට දිය රැළි දිව එනා වෙරළට..... වෙරලේ කොනක සිට බලා සිටිමි මෙමා පෙර දිනයේ සැමරුම්හි ශේෂ වූ මතකයන් තැන තැන විසිරී හඬා වැටෙනා අයුරු..... දෑත් විහිදුවා දෙපසට වැතිරෙමි වෙරල මත සුදු පෙණ කැට විත් මා වත වසා ගනිද්දී මුළු ලොවම නිහඬය..... මා පමණක්ම වන මේ විශ්වයේ කොනක රැගෙන යන්න මාද ඉතින් සෙනෙහසින් තුරුළු කොට නිල් දියඹ පතුලටම ආලයක් සොයාගෙන...

~අඳුරු පාළු කුටියක~

Image
හිත පතුලේ පාමුල ම අඳුරු පාළු කුටියක සිර කලා මං මගේ අඳුරු මතකයන් පොදිය කුඩා සිදුරක් පවා ඉතිරි නොවෙනා ලෙසට සිහින් සරයක් පවා පිටට නොඇසෙනා ලෙස දොර පොළුද ඉබි යතුරු දැමුවෙමි ඒ දොරට සීල් තැබුවෙමි මම පතුලේ ඒ අඳුරු කුටිය දිනෙන් දින ගෙවීයත්ම අමතක වුණා මට ම මං සීල් කරපු ඒ පාළු හුදකලා කුටිය පාළු හැන්දෑවක දිනක් මතකයන් දෝරේ ගියා කුටිය පුපුරවාගෙන මතකයන් පැන ගියා නෑ සවියක් ඉතින් යලිත් බැඳ දමන්නට නොදැමුණු අසුන් මෙන් දිව යනා මතකයන්..

ඉතින් පලයන් පුතේ..

Image
එකම එක දවසක් රහසේම වුනු දේට උඹ පලි නැ පුතේ ඒත් නැ විසඳුමක්.. නොදන්වා රහසේ ම සරණක් හොයාගෙන ආවත් මයේ ළඟට සොයමි සරණක් මමත් තවම උඹට කන්නට දෙන්නේ කෝමෙයි මයෙ පුතේ මටත් කන්නට දෙන්නෙ මයේ අම්මා වෙච්චි කොට රහසේම ආ විලස අප්ප උඹේ රහසින් ම පිටවෙල ගිහින් මට නොකියාම නොදන්වා රට්ටු මට පද හදයි බෑ ඒවා ඉවසන්න මං තවම ඉස්කොලේ දොලැහේ පන්තියේ පුතේ ආවොතින් මයේ ළඟට අපහාසමයි උඹට ඉතින් පලයන් පුතේ වෙන කුසක් හොයාගෙන... 

~ඔබ~

Image
දෙයැස් යට ලැඟුම් ගත් සොඳුරු සිහිනය යි හදවතේ මුමුණනා නිහඬ ස්වරයද ඔබයි හිස් වෙච්ච නිල් ගුවන ඔබේ රුවෙන් සැරසිලා නිහඬ මේ වාතලය ඔබේ හඬින් පිබිදිලා පාළු මගේ හිත ලඟම පෑයු රන් තරුව ඔබ අරුත් සුන් දිවි මගට පැමිණි නව අරුත ඔබ හුදකලා වූ සිතට ඔබම කවියක් වුනි මගේ නිහඬ පන්හිඳට ඔබම ජිවය වුනි......

ගඟක් මලක් සහ බඹරෙක්...

Image
ගඟට පෙම් බැඳි මලකට ආදරය කරන බඹරෙක්... බඹරා මලට ආදරෙයි.. මල ගඟට ආදරෙයි..  ගඟ මලට ආදරේ නැ.. මල බඹරාට ආදරේ නැ..  මල ගඟ පතනවා.. බඹරා මල පතනවා..  මලට බඹරාගේ ආදරේ දැනෙන්නේ නැ.. ගඟට මලේ ආලය දැනෙන්නේ නැ.. මල අසරණයි.. ගඟ අසරණයි.. බඹරිඳු අසරණයි.. මල් ගොඩාක් වැටෙන ගං දියට..මේ මලත් තවත් එක් මලක් විතරමයි...  බඹරු දහක් කැරකෙන මේ මලට... මේ බඹරත් තව එක් බඹරෙක් විතරමයි.. මල අයිති බඹරුන්ට.. මල බඹරාට ආදරේ කරන්න.. හැමෝම එහෙම කිව්වට.. ආදරේ කියන්නේ තීරණයක්ද.. ?? මල ආදරේ ගඟට.. ඇයි එහෙනම් ගඟට බැරි මලට ආදරේ කරන්න..??  මල බඹරාට ආදරේ නැ වගේම ගඟ මලට ආදරේ නැ.. මල බලා ඉන්නවා.. මලට තේරෙනවා.. මල නිහඬව බලා ඉන්නවා.. ආදරය තීරණයක් නෙවී.. ආදරය හිමි කරගැනීමම නෙවී.. ආදරය හැඟීමක්.. මල ගඟට බනින්නේ නැ.. බඹරා මලට බනිනවද.. මල දන්නේ නැ.. ගඟ නිසොල්මනේ ගලා යනවා.. මලෙන් ඈතට ඈතට ගලා යනවා.. නිහඬව ම.. මලට ප්‍රශ්න රැසයි.. ගඟ නිහඬයි.. ගඟ නපුරුයි.. නැ.. නිහඬතාවය නපුරු විදිහට මල වට කරගෙන.. ගඟ නිසොල්මනේ දුර යනවා..  ඔබත් දුර යන්න.. මල බඹරාට කියනවා.. බඹරා අහයිද?? මල දන්නේ නැ.. මල නිහඬයි......

~ආල සැඳෑව~

Image
සීත සැන්දෑවක  සිත මගේ ගී ගයන වෙලාවක.. අඳුර මැදින් සඳ කුමරුන් වඩින වෙලාවක.. මටත් හොරෙන් මගේ හිතට පිවිසි වෙලාවක... දුටුවා නේද  මගේ හිත නුඹ ආල සැඳෑවක.. පාද බැඳුනු මිණි කිංකිණි සැලුනු වෙලාවේ.. අතේ රැඳුනු වළළු ජෝඩු කැලඹි වෙලාවේ.. දෙනෙත් අඟින් නුරා බැලුම්  හෙලුනු වෙලාවේ.. ගියා නේද හිත අරගෙන ආල සැඳෑවේ.. සිතාරයෙන් වැයෙන තනුව හිත් අමුණනවා.. සිහින් සරින් ගැයෙන ගීය හැඟුම් මවනවා.. නාද හඬට නැටෙන පාද එකට ගැටෙනවා.. හැමට හොරෙන් කුමරුන් මගේ ලොවට වඩිනවා.. තාල සොයන නාද රටා ඔහේ තියෙද්දෙන්... ස්වර අල්ලන මිහිරි තනුව ඔහේ ගැයෙද්දෙන්.. නාද හඬට තැබෙන පාද ඔහේ නැටෙද්දෙන්.. ආල සැඳෑවම අප දෙස බලා හිඳෙද්දෙන්... ප.ලි : හිතට ආපු වචන පෙළක් කවියක් කලා.. කොහොම දැනෙයිද දන්නේ නැ.. ඔන්න විරහා කවි එපා අයට නිකන් ඔහේ කවියක් ලිව්වා... බලාපොරොත්තුවේ කවක්.. :) හෙට මම මගේ යාලුවෙක්ගේ ගෙදර යනවා ලඟ එන විභාගයට පාඩම් කරන්න. අදින් නිවාඩුව ඉවරයි. ලබන 25 විභගේ පටන ගන්නවා. ඒ වෙනකන් ඔයාලගේ පොස්ට් කියවන්න පුලුවන් වුනත් කමෙන්ට් කරන එක නම් අඩු වෙයි. ඒ වගේ අලුත් පොස්ට් දා...

මගේ පැතුම ඔබ වෙනුවෙන්..

Image
ඔබේ අසලින්ම හිඳ කනට කර මුමුණන්න සිහිනයක් තිබුනා මට කිසිදා සෑබැ නොවෙන.. පුංචි පුංචි රැවුල් කොට වැවුනු ඔබේ කම්මුල් දෝතින්ම අල්ලා සිනිඳුවට සිපගන්න නළලත... නිදිකිරා වැටෙන විට දඟකාර කෙස් වටා ඇඟිලි පටලවා ඉන්න සෙමින් හිස පිරිමදින්න.. හීන කන්දක් හිත පුරෝගෙන හවස ඔබ එන සැටි දකින්න සිහිනයක් තිබුනා මට හදවතේ හැංගී කොනක සිහිනයන් සිහිනමයි මතකයන් පමණකි ඉතිරි සුභ පැතුම් හෙට දිනට සදා සතුටින් ඉන්න.. "කිසිදාක වේදනා ඔබේ හදට නොදැනෙන්න කඳුළු බිඳු කිසිදාක නුඹේ නෙතට නොනැඟෙන්න තබන හැම පියවරක ජය හඬම පැතිරෙන්න සදා සතුටින් ඉන්න පතමි මම හැමදාක.." "There is no punishment or disgrace when you love someone unconditionally."

~දොරකඩ ලඟ~

Image
මන්දාරාම් වැහි වැටෙනා සීත සැන්දෑවක තනියම දොරකඩ ලඟ මං උන්නා පාර හොයන් ඒවී සිතා.. කීරී ගැහෙන හිත අද්දර හඬා වැටෙන පැතුම් පොඳිය ගුලි කරගෙන බලා උන්නා ඔබ ආයෙත් ඒවී සිතා.. අමාවකේ අහස් කුසේ සඳේ එළිය කවුද සෙව්වේ පාලු වෙච්ච සොහොන් පිටියේ සිහින මැඳුරු කවුද තැනුවේ.. අමාවකේ අහස වගේ ඔබ බැස ගිය මගේ දිවිය සොහොන් පිටියේ සිහින වගේ හිතේ රැඳුනු හීන පොඳිය.. හිත අරගෙන ඔබ ගිහිල්ලා දැන් බෝ කල් ගෙවී ගොසින් මකුළු දැලින් සැඟවී ගිය දොරකඩ ලඟ මං තාමත්.. "වින්දනීය ආදරය වේදනාවක් නොවන්නට.."

මා නම් සඳකි පොළවට බට..

Image
සූර්ය රාජයා සයුරු පත්ලේ සැඟවෙන්න යද්දී සඳවතී සුපුරුදු ලෙසින් නිශායාමය එකළු කරමින් ගුවන් ගැබ වෙත පිවිසියා ය. කහ පැහැති සේද සළුව විසුරුවමින් ඇය රාත්‍රිය ඒකාලෝක කළේ ය. ලා කහ පැහැති රීදී සේලය මහ පොළොවේ ගස් මත, තැනිතලා මත ඇතුරූ ඈ තම සිරුරේ රශ්මි කදම්භයෙන් සුදු පාට මල් වලට ජීවය දුන්නා ය. කුරුළු කූඩූ වල නිදා සිටි චූටි කුරුළු පැටවුන්ට සීතල නොදැනෙන සේ ඈ සුළඟ ඈතට ඈතට තල්ලු කළා ය. සියල්ලම නිහඬය.  තමාට අයත් කාර්යයන් අවසන් කළ සඳවතී වටපිට බැලී ය. හාත්පසම සිඹින ලද නිහැඬියාවෙන් ඇය වෙහෙසට පත් විය. ලොවම නිදිගන්නා වේලාවේ තමා පමණක්ම ලොව දෙස බලා සිටීම ඇයට වෙහෙසකර විය. සියල් දිනයන් ඒකාකාරීය.. ඇයට සිතුණි. "මගේ දිවිය නම් ඒකාකරි බවින් පිරුණු කිසිදු සතුටක් නැති දිවියකි." ඇය කීවා ය. තමා හැර අනෙකෙකු නැති මේ රැයේ තමාට පිළිතුරක් හමු නොවෙන බව ඈ සිතුවා ය. නොදැනීම ඈට සුසුමක් හෙළුනි. හදිසියේ ඈට කවුරුන්ද තමා අමතන හඬක් ඇසුණි. "කවුරුන්ද ඒ? මා හට අඬගසන්නේ.." ඇය එදෙසට පාවී ගියා ය. "සඳ රාජිණියනි.. ඔබේ රුව නම් මායාකාරී ය.. මන්මත් වන සුළු ය.. ඔබේ රුව විඳගන්න ඔබේ පහසේ තැවරෙන්න ඉඩ හරිනු ම...

දිනපොතින් පිටුවක්..

Image
වේලාව - පෙ.ව 8.30  ඇය- ක්ලාස් කට් කලා කියලා අම්මට අහුවෙයිද දන්නේ නැ..මට නම් බයෙත් බැ අයියේ. ඔහු- නැ බබා...පිස්සුද ඔයාට.. බය නැතුව ඉන්න..  ඇය- ඒත් අම්මා අද බැංකු යනවා කියලත් කිව්වා අයියේ.. [කෙල්ල ලේන්සුවෙන් දාඩිය පිහිදායි] ඔහු- හරි එහෙනම් අපි අර රෙස්ට් හවුස් එකට යන්ද?? රූම් එකක් අරන යන්? ඇය- ම්ම්ම්ම්ම්...... ඔහු- යන්ද??? ඇය- මන් ලඟ පෙති නැ..ඉවර වුනා.. ඔහු- හරි හරි..මේ ලඟ පාමසියක් තියෙනවා..යන්.. [දෙන්නා නැගිටලා ගියා.] වේලාව- මධ්‍යහන 12.00 ඔහු- ඔයා එළියට එනකොට කට්ටිය ඇහුව්වේ නැද්ද කොහෙද යන්නේ කියලා? ඇය- ඇහුව්වා. මන් කිව්වා බබාගේ ස්කෝලේට යනවා පොඩ්ඩකට කියලා. ඔහු - හ්ම්ම්ම්..... මටත් හැමදාම ලන්ච් බ්‍රේක් එකේ එළියට එන්න බැරි වෙයි. ඇය- ඇයි ඒ? ඔහු- නිමාලිට සැක හිතිලා. අපේ ඔෆිස් එකේ කවුරු හරි කියලා එයාට මන් දවල්ට එළියට යනවා කියලා. කොහෙද යන්නේ කියලා ඇහුව්වා. ඇය- ඉතින්? ඉහු- ඉතින් කියන්නේ..බොරුවක් කිව්වා. යාළුවෙක්ගේ වැඩකට එළියට ගියා කියලා..හැමදාම බොරු කියන්න බැනේ. ඇය- ඒක හරි කතාවක්නේ..ඉතින් මන් හැමදාම බොරු කියන්නේ ඔයා වෙනුවෙන්.. ඔහු- ඔයා ඉතින් බොරු කියන්නේ ෆොඉන්...

~තුන්කොන් ප්‍රේමය~

Image
ඉර බහින කොට අහසේ තියෙන්නේ හරිම දුක හිතෙන පාටක්. මට එහෙම හිතුනා. ලා රතුපාට වෙලා. හරියට අඬලා අඬලා ඇස් රතු කරගත්ත කෙල්ලෙක් වගේ. අහසට දුක ඇති..මුළු දවසම එයා එක්ක ඉන්න ඉර හැන්දෑවට මුහුද අස්සේ හැංගෙන හැටි දැක්කාම. කොයි තරම් වෙලා දවල් වරුවට එකට හිටියත් රෑ වෙනකොට යන්න යනවානේ. ඒ හින්දාම අඬලා ඇස් රතු කරගෙන..පව් අහිංසක එකී. ඒත් ඉතින් අඬන්න දෙයක් නැනේ. හවසට ගියත් ආයේ හෙට උදේම ඔයාව බලන්න එයි.. නාඬා ඉඳින්.. වෙරළට වෙලා ඉඳගෙන ඈත මුහුදේ හැංගෙන්න යන ඉර දැක්කාම මට තරහත් හිතෙනවා. ඒත් තරහා ගියා කියලා මක් කරන්නද..ඇත්තටම ඉර අයිති කාටද? අහසටද? මුහුදටඩ? ම්ම්ම්ම්ම්... මටත් හරියටම හිතාගන්න බැ.. ඉර එනකන් බලාගෙන ඉන්න අහස වැරදිද? එයා පව්කාරියෙක්ද? වනචර කෙල්ලෙක්ද? අනේ මන්දා.. හිත එක එක ඒවා කියනවා.. මුහුද මොනවා හිතනවද දන්නේ නැ ඉර ගැන.. මුහුදට තරහා ඇති අහස එක්ක. ඇත්තටම ඉර අහසේ ඉන්න කැමති නේද? මට නම් හිතෙන්නේ එහෙම.. ඉර කැමති නිදහසේ අහසට වෙලා ඉන්න. ඒත් එහෙමයි කියලා හැමදාම අහසේ ඉන්න ඉරට බැනේ. කවදා හරි දවසක ඉරට අහස එපා කියලා හිතුනොත්? ආයේ එන්න වෙන්නේ නැ කියලා ඉර සදහටම බැහැලා යන්න ගියොත්.. අහස හැමදාම ඉර එනකන් බලාගෙ...

ඔයාගේ පැත්ත..

Image
ඔබව අමතක වෙන්න ගියා මං වෙරළට "රළ ඇවිත් හැපෙනකොට හරිම ලස්සනයි නේද" ඔයාගේ කටහඬ ආයේ ඇහෙනවා මට..... ඔබව අමතක වෙන්න ගියා ෆිල්ම් එකක් බලන්න වටපිට බැලුවා මම හැමතැනම ජෝඩු ජොඩු කළුවරේ ඔබ ඉන්නවද බැලෙනවා මට තාම..... ඔක්කෝම අතැරලා නිදියන්න ගියා මම අතපත ගාන කොට අහුවුනා වැඩිපුර කොට්ටයක් ඇඳේ ඔයාගේ පැත්ත තාමටත් හිස් වෙලා....... බ්ලොග් එකේ පෙනුම වෙනස් කලා.. වෙනස ගැනත් පොඩි අදහසක් දීලාම යන්න හොඳේ..:) තරියාගේ කෙරුවාව ලියන තරියා ටත්  ගොඩාක් ස්තූතියි මේක වෙනස් කරන්න උදව් කලාට.. ජය වේවා. .

හුදකලා කවි 1

Image
කොයිතරම් කිව්වත් යන්නම් කියලා යන්න බැ මට ඔබෙන් මිඳි ඔබ යන්න කිව්වට යන්නේ කොහොමද මම මගේ මුළු ජීවිතයම ඔබම පමණක් වෙනකොට .. යනවා නම් යන්න වෙන්නෙ ජීවිතෙන් මිඳි මට ඒත් තාමත් මම ආදරෙයි දිවියට යන්න බැ ඔබගෙන් සමුගෙන ...