Posts

Showing posts with the label සිංහල නවකතා

~දිලෙන්නට සිහින දුටු ජීවිත.. දුල දුලාය~

Image
සුමිත්‍රා රහුබද්ධගේ දුල දුලාය කියවා අවසන්ය. සුමිත්‍රා රාහුබද්ධගේ පොතක් මා මුල් වරට කියවුයේ මාගේ 16 වන උපන්දිනය දාය. මා පියා දුන් තෑග්ග "බුමුතුරුණු" කෘතියයි. නමුත් මා සුමිත්‍රා රාහුබද්ධගේ පොත් කෙරෙහි ඇල්මක් දක්වන්නට පටන් ගත්තේ "අග පිපි මල්" කියවිමේන් අනතුරුවය.  දුල දුලාය කියවීම සම්බන්දව මට ඇත්තේ සතුටකි. ඒ පොත තුළ ඇති කතාව සතුට දනවන්නක් වන නිසා නොවේ, ඒ කතාව තුළ විටෙක මා මාවත්, තවත් විටෙක මුළු මහත් සමාජයමත් දකින බැවිනි.  අමිරි හා බිම්සා සමස්ත සමාජයේ කාන්තාව හා පුරුෂයා නියෝජනය කරන බව මගේ හැඟීමයි. දෙදෙනාටම තමන්ගේ නිදහස ඇවැසි නමුත් අනිකාගේ නිදහස සීමා කරන්න වෙර දරයි. දෙදෙනාම අනිකාගේ ආදරය අසම්මතයක් ලෙස දකින මුත්, තමාගේ ආදරය නිවැරදියැයි විශ්වස කරයි.  මේ කතාව තුළ මට වටහා ගැනීමට අපහසු දෙය නම්, කාන්තාවකට නිදහස අහිමියි වැනි පණිවිඩයක් ලබා දෙන්නට කතුවරිය උත්සහ කරන්නේ මන්දැයි යන්නය. නිදහස්ව ජීවත් වන්නට කැමති කාන්තාව නිරතුරුව සමාජයෙන් බැට කන්නේද යන්න මට ගැටළුවකි. එහි සත්‍යතාවයක් නැත්තේම නොවේ. නිදහස් කතකට පහර දීමට සමාජය වෙර දරන බව සැබෑය. නමුත් අමිරිට අවැසි නම් නිදහස වල්බූ...