Posts

Showing posts with the label ලෝක සාහිත්‍යය

~සොෆීගේ ලෝකය~ "Sophie's World"

Image
මෙන්න මේක තමා පොත දර්ශනය ගැන ලියැවුන නවකාතාවක් ලෙස තමා මේ පොත ලෝක සාහිත්‍යයේ හැඳින්වෙන්නේ.දර්ශනයේ ආරම්භයේ සිට මේ වනතෙක් වර්ධනය මෙහි එක සීරුවට දක්වා තිබෙනවා. සොෆී ආමන්ඩ්සන්  14 හැවිරිදි දැරියක්.ඇයට හදිසියේ දිනක් නොදන්නා කෙනෙකුගෙන් ලිපි දෙකක් ලැබෙනවා..  "ඔබ කවුද?"[who are you?]  "ලෝකය ආවේ කොහෙන්ද?"[where does the world come from?] මේ ලිපි වලින් ඇරඹෙන දර්ශනය පිළිබඳ පාඨමාලාව [ඇයට ලිපි එවන ඇල්බෙර්ටෝ නොක්ස් නම් දාර්ශනිකයා කියන්නේ ඒ විදිහට] ඇයව වසර 3000ක් අතීතයට රැගෙන යනවා. සොක්‍රටීස්,ප්ලේටෝ,ඇරිස්ටෝටල් ගෙන් ආරම්භ වෙන දර්ශනවාදය කලින් කලට ඔප මට්ටම් වෙමින් ගලා එන අන්දම ඔහු ලිපි මගින් විස්තර කරනවා. මේ මුළු විශ්වයම සුදු ලොම් පිරිච්ච හාවෙක්ට සමාන කලොත් මිනිසුන් තමා ඒ හාවා මත ජීවත් වෙන කුඩා ප්‍රාණීන්. මිනිස්සු ගොඩාක් වෙලාවට කැමති ඒ ලොම් ඇතුලට ඇතුලටම වෙලා උණුහුමට සනීපයට හරි බරි ගැහිලා ඉන්න.ඒත් මේ අතරේ ඉන්නවා සුදු හාවාගේ ඇස් දිහා කෙලින් බලන්න හිතාගෙන ලොම් දිගේ උඩට නගින කට්ටියත්..එයාලා තමයි දාර්ශනිකයෝ..එයාලා තමා ලෝකයේ සැබෑ ස්වරූපය දකින්න උත්සහ කරන අය. ඔය විදිහට තමා යුස්...

ඉරාකයේ දියණිය.. මයාඩා.. ~Daughter of Iraq "MAYADA"~

Image
බ්ලොග් පොස්ට් එකක් ලියන තරමටම මගේ හිත සසල කළ නිර්මාණයක් තමා මේ පොත.. ජීන් සැසොන් කියන ලේඛිකාව විසින් රචිත මයාඩා අල් අස්කාරි නම් ඉරාක ජනමාධ්‍ය‍වේදීනයකගේ සත්‍ය කතාව. ඉරාකයේ හිටපු ජනාධිපති සදාම් හුසේන්ගේ පාලන සමයේ සිදුවූ ඛේදනීය සිද්ධීන්ගෙන් තමා මේ පොතේ පසුබිම වෙලා තියෙන්නේ.අපි සමහර වෙලාවට අපිට නොලැබී තිබෙන දේවල ගැන වද වෙනවා.ඒත් මොහොතක්වත් අපි සතුව තිබෙන දේවල් අගය කිරීමක් නැ. මයාඩාගේ පොතින් හෙලිවන දේවල් දිහා බැලුවාම ජීවිතය කියන්නේ මොනතරම් අවිනිශ්චිත දෙයක් කියලා හිතෙනවා. ඒ තරමට ඉරාකය තුළ අහිංසක මිනිසුන් වද හිංසා වලට මූණ පානවා. සමහර විට උදේ ගෙදරින් යන  කෙනා හවසට ගෙදර එයිද කියලා කියන්න බැ. ඒ තරමට සදාම් හුසේන්ගේ බලය ජීවිත පුරා පැතිරිලා.විදුලි සැර වැද්දවීම්.. කස පහර දීම්.. මුස්ලිම් පිරිමි කෙනෙකුට කළ හැකි ඉහලතම නිග්‍රහය වන දූෂණය කිරීම්.. මේ සිරගෙදර එමටය. මනුෂ්‍යත්වයට නිගා කළ මිනිසුන් අතරේ තමන්ගේ පවුලේ අතීතය නිසාම බේරී ආ කාන්තාවකගේ කාතවක්. සදාම් හුසේන් හා ඔහුගේ පවුලේ සැබෑ තත්ත්වය හෙළි කරන කතාවක්.  මයාඩා ජනමාධ්‍යවේදීනයක්. ඇය ඔටෝමාන් රජ පෙළපතට නෑකම් කියන ප්‍රභූ කතකි. සදාම් හුසේන් 20...