සාපයකි බිහිසුනු...
වරක් සිදුවූ යමක්
දස දහස් වරක්
යලි යලිත් සිදුවෙනා
බිහිසුනු මිටියාවතකි...
දුක් සෝ සුසුම් මැද
හඬා වැලපුනු හැටි
මැවි මැවී දිස් වෙනා
පුළුල් තිරයකි එය..
එදා සිනහා වූ හැටි
සතුටු බස් දෙඩූ හැටි
හෙමිහිට කොඳුරමින්
හඬවනා නපුරෙකි..
දින ගණන් පැය ගණන්
ගෙවී ගොස් ඇත්තත් තව
මා හඬවනා ඒ
මතකය සාපයකි...
සුපිරි ඈ.. (^_^)
ReplyDeleteතැන්කූ ඈ... ;)
Deleteමා හඬවනා ඒ
ReplyDeleteමතකය සාපයකි......
සාපයයි ඒ මිදෙනු බැරි
මිදෙනු යතු ඒ පහසු නැති..... (Y)....
කවදාක හෝ මගේ
Deleteමතකයෙන් ඔබ ගිලිහේ නම්
ඒ මගේ හුස්ම පොද
ගිලිහෙනා දිනය වේ..
තැන්කූ ශයන්ග අයියා..
පහර ආ
ReplyDeleteතැන්කූ වේවා.. :D
Deleteවේදනාවක්..දුකක්..යළි යළි පැමින රිදවන..
ReplyDeleteසත්තයි..පාපයක්..ඒ දුකට ඒ මතකෙට ඉඩ හදා දුන් අප කල..!
හ්ම්ම්..ඉඩ දෙනවා නෙවෙයි.. මතකයන් අමතක වෙන්නේ නැනේ කොහොමත්.. ඒවා හැමදාම රැඳිලා තියෙනවා..ස්තූතියි කවිකාරි.. :)
Delete//එදා සිනහා වූ හැටි
ReplyDeleteසතුටු බස් දෙඩූ හැටි
හෙමිහිට කොඳුරමින්
හඬවනා නපුරෙකි..
මාත් ඒ වගේ එකෙක්ලු...
මතක් කරවන එකෙක් ද?? නැත්නම් මෙහෙම අඳුරු මතකයක් හිමි එකෙක්ද?? ;)
Deleteහ්ම්ම්..... බිහිසුණුය ඇත්තටම් මෙය!!
ReplyDeleteහ්ම්ම්..ඔව් අප්පා.. :)
Deleteහඩවනා සාපය අමතක කර නව ලොවකට පියමනින්න වෙර දරන එකයි හපන්කම
ReplyDeleteම්ම්ම්... නව ලොවකට යනවා..ඒත් වරින් වර අතීතය එබිකම් කරනවා.
Deleteඅප්පොච්චියේ .................. හෙන බිහිසුනුයිනේ
ReplyDeleteකියලා වැඩක් නැ අනේ.. අති බිහිසුණුය.. ;)
Deletehitha puraa
ReplyDeletekiiri gasana
nethu agata
kadulu genena
mathakayan apamanya...
hakulanna mathakayan
diriganna sith madale
jayaganna diwi madala
piyanagam wera ragena..
Jayama wewa !!!
ස්තූතියි මේ පැත්තට ආවට යාළු.. ජය වේවා.. රිප්ලයි කවිය ලස්සනයි. :)
Deleteමොකක් ගැනද අප්පේ මේ කියවන්නේ?
ReplyDeleteඔන්න ඕකයි කවි වල මට තියෙන අප්සෙට් එක. මම බැලුවා LCD TV ස්ක්‍රීන් එකක් ගැන වත්ද මේ කියන්නෙ කියලා. ඒකටත් ගැලපෙන්නෙ නැත්ද? එහෙම නැතිනම් පේරාදෙණිය ගැනද මේ?
හිහිහි.. නැ අනේ..මේ කියන්නේ මතකය ගැන.. මතකය.. අතීතයේ සිදුවුනු දේවල් අමතක කරන්න නොදෙන මතකය.. :)
Deleteමා හඩවනා මතකය අමතක කරන්නත් එක්ක ජනවාරි 27 ගම්පහ ගෙට්ටුවට එන්න...විස්තර කාමරෙන්...
ReplyDeleteගෙට්ටුවට එන්න වෙන එකක් නැ වගේ.. :/ ඒත් අවුලක් නැ.. ඔයාලා විනෝද වෙලා එන්නකෝ.. ජය වේවා..
Deleteරෙඩ් කාලෙකට පස්සේ.. හ්ම්..මතකය වෙලාවකට නම් නපුරෙක් තමයි.
ReplyDeleteඔව් කාලෙකින් තමා බ්ලොග් එක ලියන්න හිතුනේ. දැන් ඉස්සර වගේ ලියන්න හිතෙන්නේ නැ.. වැඩත් වැඩි.. ආසවකුත් නැ.. :) ස්තූතියි කොමෙන්ටුවට.
Deleteමතකය සාපයක් නේන්නම්....
ReplyDeleteලස්සනයි කවි ටික රෙඩ්!!
ස්තූතියි හිතූ.. ජය වේවා..!!
Deleteසිනා නොඇසෙන දුර ඈතක
ReplyDeleteකඳුළු පුදන මතකයක
අහම්බෙන් ඇහෙන ඒ හඬ
නපුරුතම සාපයක් වෙලා..
ලස්සන අදහසක් රෙඩ්..
තැන්කූ වේවා.. දිනේශ් ඇන්ඩ් මදාරා.. :) කවුරු කොමෙන්ටුවට දැම්මද මන්ද.. හිහිහි..
Deleteකවියක තිබිය යුතු හැම ගුනයක්ම තියෙනවා. මේ කවිය කියෙව්වාම මතකය දිවගායේ රුසියානු සාහිතයයට.
ReplyDeleteබොහෝම ස්තූතියි අයියේ.. :)
Deleteහඩවනව නම් ඉතින් ඒ මතකය සාපයක්ම තමයි..
ReplyDeleteහරිම අගෙයි ..
After a long time, I was able to visit your blog. Life is living with memories, but moving forward.You will never be able to forget your past, but the time will heal the pain. Get used to it. You are not the only person suffer from past experiences. Don't wallow in self pity.
ReplyDeleteමතකයන් සාපයකි ..
ReplyDeleteහ්ම්ම්ම් ...
ඔන්න ඔය වෙලාවට තමයි කෑගහල කියන්න හිතෙන්නෙ "ලේනෝ ලේනෝ මේ හිත අරගෙන අලුත් හිතක් දියෝ කියලා" !!