~මගේ රස්තියාදු ගමන්~



මං මගේ රස්තියාදු ගමන් වලට හරි ප්‍රසිද්ධයි. මගේ යාළු මිත්‍රාදීන් පවා යන පාරක්, හොඳ පොත් කඩයක්, හොඳ පොතක්, ලාබෙට කන්න තැනක්, වියදම් කරලා කන්න තැනක්, එකී මෙකී නොකී ගොඩක් දේවල් මගෙන් අහන්නේ මගේ රස්තියාදු ගමන් ගැන දන්න නිසාමයි. හැබයි ගොඩක් වෙලාවට මං රස්තියාදුවේ යන්නේ පොත් හොයාගෙන තමයි. අදත් ඔන්න කැම්පස් එකට ගිය ගමන් කරගත්ත වැඩේ කරගෙන වෙලාව ඉතුරු වුන නිසා පොඩි රස්තියාදුවක් දැම්මා.

අද රස්තියාදුව දැම්මේ ගාමිණි හෝල් එක ලඟ තියෙන Bargain කඩ ටික පැත්තේ. .. එකෙන් සල්ලි එහෙම අරගෙන ඒ පැත්තට ගෑටුවා. අපෙ අම්මා දන්නවා නම් මාව උල තියනවා. මෙන්න මෙහෙමයි පටන් ගන්නේ.. "ඇයි ළමයෝ අර Book Fair ගිහිල්ලා ගෙනාපු පොත් ටික මදිද මං අහන්නේ? ඔය ළමයට දැන් විභාගයක් තියනවා නේද? පාඩම් කරන්න එහෙම කල්පනාවක් නැද්ද?... තව තව ජාති ගොඩාක්.. 

හරි අපේ අම්මා මට බනින විදිහ කිව්වා ඇති. මගේ රස්තියාදුව ගැන කියන්නම්කෝ. 

මුලින්ම ගියෙ වර්ණකුලසූරිය බුක් ශොප් එකට. එකේ හිටිය මහත්මයා බොහෝම උණුසුම් විදිහට මාව පිළිගත්තා. "එන්න මිස්, එන්න.. මොනවගේ පොත්ද බැලුවේ? සිංහල, ඉංග්‍රිසී අලුත් පොත් ගොඩාක් තියෙනවා..". ඒ පිළිගැනීමත් එක්ක මට සිහිවුනේ ලොකු ලොකු කඩවල ඉන්න Sales assistantsලා ගැන.. එයාලා නම් හරියට එයාලගේ සල්ලි වලින් පොත් ගන්න ආවා වගේනේ ඔරෝලා බලන්නේ.. ඒ අතින් පොඩි පොඩි කඩ කරන මේ මිනිස්සු කොයිතරම් හොඳද කියලා හිතෙනවා. 

ඇතුලට ගියාම මට නිකන් පිස්සු වගේ. හැමතැනම පොත්.. ලොකු පොත්, පොඩි පොත්, පර...ණ පොත්, අලුත්ම අලුත් පොත්, මහ ගොඩක්. "මිස් බලන්නේ සිංහල පොත්ද ඉංග්‍රිසි පොත්ද?" 
"මෝඩ නැති ඕනේ පොතක් බලනවා." මං පොත් ගොඩ දිහා බලාගෙනම මෝඩ තාලෙට කියවනවා. 
"මේ බලන්න මිස්, මේ පොත් අලුතින් අපි ගෙනාපුවා.. " ඔහු මට අලුත්ම ඉංග්‍රිසි පොත් ගොඩක් මට දික් කලා. හපොයි දෙයියනේ, කුඩු ගහන එකාට හෙරොයින් පැකට් එකක් දික් කලා වගේ.. පැනපු ගමන් පොත් ගොඩම තුරුළු කරගත්තා. එහෙම කලාට බෑනේ අතේ තියෙන ගානට එපැයි පොත් ගන්න. මං ඉතින් හෙමිට එක එක බලන්න ගත්තා. 
"මිස් බුක් ෆෙර් ආවද? අපේ ස්ටෝල් එකක් තිබුනා." 
"අනේ මං ආවට මේ ශොප් එක හම්බු වුනේ නෑනේ."
"අපිට මේ සැරේ හොඳටම පාඩුයි මිස්.. දවස් ගාන අඩු කරානේ. රුපියල් 60,000ක් ගෙවනවා ස්ටොල් එකට. මේ බුක් ෆේර් එකටම කියලා අලුතින්ම පොත් ගෙන්නුවත් එක්ක. ලක්ශ 6ක පොත් ගෙන්නුවා. බාගෙට බගයක් ඉතුරුයි." 

මෙහෙම ගියොත් නම් වෙන්නේ book fair එකේ Bargain shop ටික අයින් වෙලා යන එක තමා..එහෙම වුනොත් පාඩුව අපිටමයි.." මං කතාවට පෝර දැම්මා. 

"මිස් මේ පොත බලන්න.. මේක ලස්සන කතාවක්.." ඒ කතාව අස්සේ ඔහු මට පොත් තෝරන්න උදව් වෙනවා.. 
කොහොම කොහොම හරි එතනින් හිතට අල්ලපු පොත් කිහිපයක් අරගෙන එලියට බැස්සා. ඒත තව මදි වගේ.. අනිත් කඩේටත් ගිහින් බලනවා. 

ඒ ප්‍රේමසිරි බුක් ශොප් එක. එකේ හිටිය මහත්මයාත් බොහෝම ඉහළින් මාව පිළිගත්තා. "මිස් කියවන ලේඛකයෝ කවුද? නම් කිව්වොත් හොයලා දෙන්න පුළුවන්.." 
"ම්ම්ම්... ඩෑන් බ්‍රවුන්, සිඩ්නි ෂෙල්ඩන්, එයලාගේ පොත් තියෙනවද? ශ්‍යාම් සෙල්ලවදොරේගේ පොත් එහෙම?" 
"තියෙනව.." එහෙම කියලා ඔන්න ඔහුත් මට පොත් තොගයක් පෙන්නුවා. ලොකු ලොකු පොත් කඩ වල වැඩ කරන අයගෙන් ලේඛකයෙක්ගේ නමක් ඇහුව්වාමත් "නෑ එයාලගේ පොත් අපි ලඟ නෑ" කියන කාලේ මේ මිනුස්සු පොත් ගැන කොච්චර දන්නවද කියලා හිතුනේ ඔහු මට පොත් නිර්දේශ කරන කොට. "මිස් මේ තියෙන්නේ ටෘ ස්ටෝරීස්.. මේ පොතේ තියෙන්නේ ටෙරරිස්ට් කෙනෙක්ගේ ජීවිත කතාව.., තකොට මේ පොත ඉන්ඩියන් ලේඛකයෙක් .. ලස්සන පොතක්.." මෙහෙම කිය කියා ඔහු මට පොත් මහා ගොඩාක් පෙන්නුවා.. "Stephen Kingගේ පොත් කියවනවද?" "මං කියවලා නම් නෑ.. අහලා තියෙනවා.." "එයාගේ තියෙන්නේ horror කතා.. මේ පොත කියවලා බලන්න.."

කොහොම කොහොම හරි පොත් 6ක් තෝරගත්තා අමාරුවෙන්.."ගාණ කීයද?" "ම්ම්ම්... දෙදාස්..." කියනකොටම මගේ ඇස් වෙනස් වුණා වගේ දැනෙන්න ඇති.. "එක් දාස් නවසීයක් දෙන්න මිස්..ඒ ඇති.." කොහොම හරි මං පොත් නවයක් අරගෙන එලියට බැස්සා.. ඒ ලඟ කඩේටත් යන්න හිතෙනවා. ඒත් අතේ ගෙනාපු සල්ලි ඉවරයි.. සල්ලි ඉවරයි අන්කල්.. මට කාඩ් එකක් දෙන්නකෝ.. මං ආයේ එන්නම්.." සරත් කඩේ හිටිය අන්කල්ට එහෙම කියාගෙන මං පොත් ටිකත් අරන් බස් එකට නැග්ගා.. 

ආ කියන්න අමතක වුනා.. ඒ අතරේ කඩේට ආව තව මහත්මයෙක් එක්ක පොඩි චැටක් දැම්මා. දමිල මහත්මයෙක්.. වයසයි.. පොත් ගැන.. රට ගැන.. වල්පලුත් කියවලා පොත් ටිකත් අරන් මං ගෙදර ආවා.

දැන් හිතන්නේ ගත්ත පොත් මොනාද කියලා නේ.. හිහි.. 
ඔන්න ගත්ත පොත් නමය..
1. සෑබෑ මිනිසෙකුගේ කතාවක්
2. දෙන්නා දෙපැත්තෙන් ආරති මැද්දෙන්
3. Sight Unseen - Robert Goddard
4. Angels & Demons - Dan Brown
5. The Sky is falling - Sidney Sheldon
6. Are you afraid of dark - Sidney Sheldon
7. Tripwire - Lee Child
8. Angel's fight - Micheal Connely
9. Pet Sematary - Stephen King



මේ පොත් ඔක්කෝටම ගියේ රුපියල් 3000ක් විතරයි. මං මේ පෝස්ට් එක දැම්මේ මගේ රස්තියාදු ගැන කියන්න විතරක්ම නෙවෙයි. ඔයලට තව දෙයක් කියන්න හිතාගෙන. මේ තැන් වලට ඕඩර් එක දුන්නාම ඕනේ පොතක් එයලා හොයලා දෙනවා. ඒ විතරක් නෙවේ, මෙතනින් පොත් අරන් ගිහින් කියවලා ගෙනත් දෙන්නත් පුළුවන්. ඉතාම හොඳ තත්ත්වයේ Mystery Novel, Romance novels, Detective stories, සිංහල පරිවර්තන, සිංහල නවකතා බෝහෝමයක් මේ කඩවලින් හොයාගන්න පුළුවන්. ලොකු ලොකු කඩ වලට යන වෙලේ මේ තැනකින් පොත් ගන්න.. එයාලට හොඳයි.. අපේ පොකට් එකටත් හොඳයි.. 


Comments

  1. දෙන්නා දෙපැත්තේ ආරති මැද්දේ සහ සැබැ මිනිසෙකුගේ කතාවක් මාත් කියවලා තියෙනවා ඔය ආරති පොත ලියපු ඉන්දියන් ලෙඛකයා ගේ එක පොතක් නේව ත්‍රීඩියට් ෆිල්ම් එකට නැගුනේ ඔහුගේ නම චේතන් නේද හැබැයි ඔහුහේ කලින් පොත්වලට වඩා මේ පොතේ වල්පල් වැඩි කියල මට හිතුනා නමුත් ඇත්තටම ඉන්දියාවේ තරුණ හදවත් වලට කතාකරන ජනප්‍රිය ලේඛකයෙක් ඔහු ඒ වගේම ඔහුගේ තව පොතකුත් මේ ලඟකදි නැවත සිනමාවට නැගුනා නම මතක නැහැ නේව..!!!

    ReplyDelete
    Replies
    1. මං එයාගෙ පොත් කිහිපයක්ම ඉංග්‍රිසියෙන් කියවලා තියෙනවා.. සිංහල ඒවා නම් ට්‍රයි කරලා නැ.. හිතට ආපු හින්දා ගත්තා. කියවලාම බලන්න ඕනේ.. සෑබෑ මිනිසෙකුගේ කතාවක් නම් මං ඉස්කෝලේ 8 වසරේ ඉද්දී මුලින්ම කියෙව්වා. ආයේ කියවන්න ආස හිතුන නිසා ගත්තා.. බොහෝම ස්තූතියි ෆිල්ම්ස් ගැන කිව්වට.. හොයාගෙන බලන්න ඕනේ. ජය වේවා..

      Delete
    2. චෙතන්ගෙ පොත් අයෙ අයෙ කියවනකොට හම පාරම ජිවිතෙ වෙන වෙන පරවල් පෙනවා,මට,

      Delete
  2. I've read that Russian book සැබෑ මිනිසෙකුගේ කතාව in Sinhala and English Both and the English translations was better. And I have read the three Sydney Sheldon books you bought. The Stephen King you bought The Pet Sematary is one of the books that left me depressed and feeling desperate for a long time. To make the matters worse I watched the movie too. It was so nicely written that I never want to read it or watch it again. So effective.

    ReplyDelete
    Replies
    1. Thank you for sharing your experience "Dude".. I've read සැබෑ මිනිසෙකුගේ කතාව when I was only 14 years old and wanted to read it again.. anyway I think I'm going to save Stephen King's book as the last, because of your comment. I want to read it freely and enjoy it to the fullest.. :D

      Delete
  3. ඔයා ගොඩාක් පරක්කුයි.මම බරීස් පලවොයිගෙ සැබෑ මිනිසෙකුගෙ කතාවක් කියෙව්වෙ දැනට අවුරුදු විසි ගනනෛකට කලින්.

    ReplyDelete
  4. This comment has been removed by a blog administrator.

    ReplyDelete

Post a Comment

Comment Hint

ඔබට comment සදහා Image, color text සහ marquee text ඇතුලත් කල හැක



Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

Popular posts from this blog

~සුභ උපන්දිනක් තාත්තා~ Happy Birthday dad~

~සොෆීගේ ලෝකය~ "Sophie's World"

මා නම් සඳකි පොළවට බට..