~වැස්සයි.. මමයි.. අම්මයි.. ~




හීන් පොද එක එක බිමට වැටෙන්න පටන් ගත්තා. ඉර අව්ව තාම පායලා. ඒත් බිමට වැටෙන සිරි පොදට ඒ අව්වෙන් බාධාවක් නෑ. හෙමිට හෙමිට එක එක සිරිපොද පොළොවේ පස් මතට වැටෙනවා. ලා දුඹුරු පාට පස තැනින් තැන තද දුඹුරු පාට වෙලා. තිත් මෝස්තර වැටුණු චීත්තයක් වගේ. පස් වලින් පුංචි දුමක් නැගෙනවා. හෙමි හෙමිට පොළොවෙන් උඩට එන ඒ පුංචි දුමාරයෙන් මුළු පලාතම වැසී යනවා. මගේ නාසය අඟ පුංචි කිතිකැවිල්ලක් ඇවිත්. "පොළොවේ නැවුම් සුවඳ" තාත්තා කියනවා මං අහගෙන. 'නැවුම් සුවඳ'. හරි අපූරු වචනයක්. හරියට අලුත උපන් ළදරුවෙක් ලඟ තියෙන සුවඳක් වගේ පිරිසිදු.. නොකිලිටි සුවඳක්..

පුංචි සිරිපොද ටික ටික ලොකු වෙන්න ගත්තා. දැන් ඒවා පුංචි බොරළු ඇට වගේ. වහලේ උළු වලට වැහි බිඳු වැටෙන සද්දෙයි, ටකරන් උඩට වැටෙන සද්දෙයි වෙනස්. මං වැඩිපුරම කැමති කොයි සද්දෙට කියලා මට හිතාගන්න බෑ. උළු වලට වැටෙන සද්දෙට වෙන්න ඇති.

දැන් වැහි පොද පුවක් ගෙඩි තරම් ලොකු වෙලා. කලින් තිබ්බ ඉර අව්ව ටික ටික නැතිවෙලා යනවා. හාත්පසම ලා අඳුරක්. වැස්ස දැන් හරියට අහසේ ඉඳන් පොළොවට දමා තිරයක් වගේ. එහා මෙහා පේන්නෙත් නෑ.

"මොකෝ ළමයෝ වීදුරුවට මූණ තියාගෙන එළිය බලගෙන ඉන්නේ?" අම්මා අහනවා. මං ඇහුන්නෑ වගේ ඉන්නවා.

වැස්ස ගස්කොළ ඔක්කෝම සීරුවට සිපගෙන බිමට වැතෙනවා. අන්තිමට පොළොව බදාගෙන ඇතුලට කිඳා බහිනවා. 

එක ගහක් සිපගත්තා කියලා අනික් ගහ ඉරිසියා වෙන්නෙ නෑ. ලොකු ගහක් වට හැංගිච්ච පොඩි පැලයක් තමන් ව සිපගත්තේ නැ කියලා ඔරොප්පු වෙන්නෙත් නෑ. අන්තිමට පොළොව ළඟට ගියාම, වටේම ගස් සිපගෙන අන්තිමට මගෙ ළඟට ආවා කියලා දෙස් දෙවොල් තියන්නෙත් නැ. හරිම සෙල්ලක්කාරයෙක් වගේ පෙනුනට එහෙමත් නැ.. 

"සුදු නෝනා, අසනීපයක්වත්ද ළමයෝ? ජනේලේ ගාව හිටියාම ලෙඩ වැඩිවෙයි.." අම්මගේ කටහඬ.

මං හෙමිට අත පොඩ්ඩක් එළියට දැම්මා. වැහි බිඳු මගේ අතත් සිපගත්තා. "පොළොව තරහා වෙයි ද?" මං වැස්සෙන් ඇහුවා. "නෑ. පොළොව තරහා වෙන්නේ නෑ." වැස්ස කිව්වා. "ගහකොළ තරහා වෙයි ද".. "නෑ.." ගහකොළ තරහා වෙන්නෙ නෑ.." වැස්ස කිව්වා.. "අර පුංචි කුරුල්ලා තරහා වෙයි ද?" මං ආයෙත් ඇහුව්වා. "නෑ.. ඒ කුරුල්ලා තරහා වෙන්නේත් නෑ.." වැස්ස කිව්වා. 

"මං එළියට එන්න ද??" "එන්න.. එන්න.." වැස්ස කිව්වා. "ඔයත් එන්න.." පොළොවත් කිව්වා. "එළියට එන්න.. " ගහකොළ කිව්වා. "ඉක්මනට එන්න.." පුංචි කුරුල්ලා කිව්වා. 

මං හෙමිට දොර ඇරියා. මුලින් ම එක අතක් එළියට දැම්මා. ඊට පස්සේ දෙවෙනි අත. ඊටත් පස්සේ මං හෙමිට මූණ වැස්සට ඇල්ලුවා. 

වැහි පොද මගෙ නලලෙන් පටන් අරන් නාසය දිගේ පහලට රූටා විත් දෙතොල් වලට හාද්දක් දිලා නිකටින් පහළට ඇදුණා. මං එළියට ගිහින් හිටගත්තා. වැස්ස මුළු සිරුරම වෙලා ගත්තා. මට උණුසුම් හාදු දෙමින් වැස්ස ඇදහැලුනා. මං දෙඅත් දෙපසට කරගෙන දෑස් පියාගෙන නිසොල්මනේ හිටියා. වැස්ස දිගටම මා වසාගෙන පැතිරුණා.

"මොකද ළමයෝ ඔය වැස්සේ තෙමෙන්නේ?" අම්මා කෑගහනවා.

අම්මා දන්නේ නෑ. මං තෙමෙනවා නෙවෙයි. වැස්ස වැළඳගන්නවා. 

"අර දරුවට නුහුගුණයක් ද මන්දා.." අම්මා තාත්තාට කියනවා.

මං නොදැනුවත්වම කට කොනට සිනහවක් නැගිලා.

"අම්මේ, මං වැස්සට ආදරෙයි.." මං හිතින් කිව්වා.

"හීන් හීන් පොද වැටෙනා
සිලි සිලියේ හඬ මවනා
තිත් රටාව පසේ අඳිනා
වැස්සට මං ආදරෙයි..

හාදු දීදී ලඟ රැඳෙනා
කිති කවමින් පලා යනා
හදවත උණුසුම් කරනා
වැස්සට මං ආදරෙයි..

හොරෙන් සවනට කොඳුරන
සෙමින් දෙතොල් අඟ සිපගෙන
පලා යනා පෙම්බරයෙකි
වැස්සට මං ආදරෙයි.."

Comments

  1. තෙමෙන්න එපා, හිරිපොද වැස්සේ මුතු කුඩෙන් යන්න නංගෝ... :D

    ඇත්තටම වැස්සෙ තෙමෙන්න පොඩි අය ආසයි නේද, මාත් එහෙම තෙමිල තියනව. දැන් ආසයි වැස්ස දිහා බලා ඉන්න.

    ReplyDelete
    Replies
    1. වැස්සේ තෙමෙන්න කවුද ආස නැත්තේ නේද.. ඒත් ඉතින් වැස්සේ තෙමිලා ලෙඩ වුනොත් බැනුම් අහනකොට තමා අවුල.. :D

      Delete
  2. වැස්සට අහුවුන මහ පොළොවෙන් නගින සුවඳේ තියෙන නැවුම් බවට සමාන වෙනවද අලුත උපන් බිළිඳකුගේ සුවඳ? මම හිතන්නේ නෑ. රෙඩ් අහලා තියෙනවද නැවුම් මැටි කලේකින් වතුර බොනකොට නැවුම් රසක් තියෙනවා කියලා? ඒ රසයි අර සුවඳයි අතර නම් මම සම්බන්ධයක් දකිනවා.

    ටකරම් වහලෙට වහින එක නම් එච්චර හොඳ සද්දයක් නෙවෙයි.

    රෙඩ් ළමයා දන්නවද, අව්වට කෙසේ වෙතත් වැස්සට අපි වගේ බය ජාතියක් තවත් නම් ලෝකෙ නැතුව ඇති. අපිව පොඩි කාලේ ඉඳලම හදලා තියෙන්නේ වැස්සට තෙමුනොත් අසනීප වෙයි කියලා බය කරලා.

    ReplyDelete
    Replies
    1. නෑ.. මං කිව්වේ ඒ සුවඳවල් දෙක එක සමානයි කියලා නෙවෙයි.. ඒ අලුත උපන් දරුවෙක් ලඟ එන නැවුම් සුවඳ නැවුම්.. පිරිසිදුයි.. ඒ දරුවගේ හිත කිසිම දේකින් කිලිටි වෙලා නැ.. අන්න ඒ වගේ නැවුම් සුවඳක් ගැන කියන්නේ.. සුවඳ සමාන නැ.. ඒත් පිරිසිදුයි.. :D

      Delete
  3. අලුත් වැස්සට තෙමෙන්නේ බලාගෙන

    ReplyDelete
    Replies
    1. හිහි.. අපිට කාටද බය.. අපිට කවුද බය.. ;)

      Delete
  4. වැස්සට තෙමුන් නැති එකෙකුගේ ජීවිතෙන් වැඩක් නැහැ

    ReplyDelete
    Replies
    1. අනිවා.. වැස්සකට තෙමිලා අව්වේ වේලිලා තියෙන්න ඕනේ මනුස්සයෙක් වුනාම.. ජය වේවා...!!

      Delete
  5. How to register on the UK's best casino sites - JamBase
    The 청주 출장안마 UK's #1 sports 김제 출장샵 betting site. BetVictor - one of the most trusted bookmakers in the 밀양 출장샵 online 제주 출장마사지 gambling 수원 출장샵 industry. The BetVictor

    ReplyDelete

Post a Comment

Comment Hint

ඔබට comment සදහා Image, color text සහ marquee text ඇතුලත් කල හැක



Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

Popular posts from this blog

~සුභ උපන්දිනක් තාත්තා~ Happy Birthday dad~

~සොෆීගේ ලෝකය~ "Sophie's World"

මා නම් සඳකි පොළවට බට..