ඔන්න ඉතින් මාත් මාස ගාණක් පෙරුම් පුරලා ඊයේ පොත් සල්පිළ බලන්න ගියා. උදේ නවයට ඇතුලට ගිය අපි එළියට ආවේ හවස හයට.. හිහිහි.. කොහොමද පොත් බැලිල්ල.. ;) මගේ චාරිකා ගැන නෙවෙයි මේ කියන්න යන්නේ.. තව යන අයගේ පහසුවට කරුණු ටිකක් කියන්න තමා හැදුවේ. මේ සැරේ වට්ටම් වලින් වැඩිම වට්ටම් දෙන්නේ විජේසූරිය ග්රන්ථ කේන්ද්‍රයෙන්. 30% ක වට්ටමක් ලැබෙනවා. රත්න පොත් ප්‍රකාශයන්ගෙනුත් 30% වට්ටමක් දෙනවා. ඊට පස්සේ ගුණසේන එකේ විවිධාකාරයේ වට්ටම් තියෙනවා. 10% සිට 25% දක්වා වට්ටම් සටහන් කරලා තිබුනා. සරසවී, විදර්ෂන, සුරස, සදීපා, දයාවංශ මේ හැමතැන 20% ක වට්ටම් තමා ලැබෙන්නේ. වෙන සැර වල පොතක් පබ්ලිශ් කරපු ආයතනයෙන් ඒ පොතට විෂේශ වට්ටම් වගේ දේවල් තිබුනට මේ පාර එහෙම විෂේශයක් නැ. කොයි තැනත් එක වගේ. හොඳම දේ තමන් හොයන පොත මුලින් විජේසුරිය එකේ තියෙනවද කියලා බලලා අනිත් තැන් වලට යන එක. හැබැයි විජේසූරිය එකේ නිදහසේ බලන්න නම් පොඩ්ඩක් කලින් යන්න වෙයි. ඇතුලට ගියි ගමන් ම ඒකට ගියත් පාඩු නැ සෙනඟ වැඩි වෙන්න කලින්. ඒක තියෙන්නේ B ශාලාවේ. අනිත් කාරණාව තමා අඩු මිලට පොත් ගන්න පුළුවන් second hand bookshops. K ශාලාවේ සම්පූර්ණයෙන්ම තියෙන්නේ එහෙම...
ලස්සනයි නංගියෝ.. ආදරේ නැති වුනාම වෙලාවකට පන්හිඳ මියැදෙනවා තමයි.. ඉඩෝරයක් ආපු සරු බිමක් වගේ එක පාරටම අදහස් නැතුව යනවා.. ඒ තරම් වේදනාවක් තවත් නෑ නේද?..
ReplyDeleteඇත්ත ප්‍රාර්ථනා අක්කා.. ගොඩක් කල් ඉදන් තිබ්බ ආදරයක් නැති වුනාම හිත හිස් වගේ වෙනවා.. :)
Deleteඅදරයක් නැති උනාම ඔහොම හිතෙන සාධාරණයි !
ReplyDeleteඑහෙම හිතෙනවා මධුරංග අයියා.. සාධාරණ නැද්ද කියලා වත් හිතෙන්නෙ නැ.. :)
Deleteනිසල උන පන්හිඳ
ReplyDeleteසසල වියන් එක මොහොතකට
පෙර වගේ නැතත්
නුඹ මියැදුනේ නැති වග දැනෙන්නට
නුඹ
Deleteතාමත්
මගේ
පන්හිඳ
අඟ
දඟකරන
හැඩයි.....
bohoma isthutiyi yalu....
කාලෙකට පස්සෙ.... ලස්සනයි යාලු...
ReplyDeleteරෙඩ් නංගියාට කාලෙකින් මේ පැත්තක මතක් වෙලා.. ලස්සනයි කවි පෙල නංගී..
ReplyDeleteලස්සන කවි සිතුවිල්ලක් එක්කම ඔබ ඇවිත්...
ReplyDelete"අකාලේ පරවෙච්ච
හීන මල් දෙස බලා
ගොළු වෙච්ච පන්හිඳත්
මියැදෙන්න ළං වෙලා" මේ කොටස කවියේතියෙන හරි අපූරු සිතුවිල්ලක්
කවි සිතුවිල්ල හරිම අගෙයි නගෝ
ReplyDeleteසිරා !
ReplyDelete