ඇවිත් යන්න මා බලන්න...
නොනැවතීම ගැහෙනා මේ
හදවත නවතියි දවසක
එදාට මෙහි ඇවිත් යන්න
නිසල මලක සුවඳ අරන්....
ඔබේ නමින් ගැහුනු හදේ
හඬ සදහට නිවී ගියත්
නිහඬ බවම සිහිකරාවි
ඔබ රැඳි බව සදා හදේ....
ඇහින් ගලන එක කඳුළක්
මගේ දෙකොපුල් මත තියන්න
හීන් සැරෙන් සවන් පතට
සමුගැනීමේ ගී ගයන්න...
සොහොන් පිටියේ මිහිදන් කර
ඉටිපහනක් තියා යන්න
වරක් දෙකක් මෙහි ඇවිදින්
තනිවුනු මා බලා යන්න...

"මා මළ දවසක සීතල ඹළ කඳ
ReplyDeleteඔබගේ තුරුලේ උණුසුම් කළ මැන
දෙතොලින් දෙතොළට උනුසුම් පණ පිඹ
මේ පොළොවෙම මා යළි බිහිකළ මැන.."
මහගම සේකර මේ අදහසම ගියකට ලියා තිබුණා. මේකවිය කියෙව්වාම ඒ අදහස හිතට ආවා.
කාලෙකට පස්සෙ බොහොම ගීතාත්මකව ලියැවුන කවි සිතුවිල්ලක්
බොහෝම ස්තූතියි.. :)
Deleteලස්සන කවි පෙලක්..
ReplyDeleteසෑහෙන කාලෙකට පස්සේ මේ පැත්ත මතක් වෙලා තියෙන්නේ...
godak kal giya nam thama.. eth ithin amathaka ne :)
Deleteනුඹ කියනා සේ ආවත්
ReplyDeleteවරක් දෙකක් නුඹෙ සොහොනට
කොහොමද මන් මකාලන්නේ
පුංචි සමනළියේ ඔයාව
:)
:)thank you..
Deleteඔබ මා හමු උන
ReplyDeleteමේ ඉර හඳ යට
කොතනක හිටියත් මා මල දවසට
මගේ ලඟ තනියට ඉනු මැනවි !!!
මට මේ කවිය කියෙව්වම මතක් උනේ මේ සිංදුව
:) මමත් කැමතිම සින්දුවක් තමා ඒ සින්දුව..
Delete:(((((((((((((
ReplyDeleteවර්ණා :(
DeleteNube hadawatha nawathuna daa
ReplyDeleteOya senehasa mata danunaa
Sihil pawan rodak welaa
Yali mage loketa wadinna
~~**Daga Malla**~~~
හදවත නැවතුන දා නම් සෙනෙහස දැනුනේ ඒ සෙනෙහස පරක්කු වැඩි නේද?? අපි ආදරය දෙන්න ඕනේ මිනිස්සු ජීවත් වෙලා ඉන්න කාලේ මිසක් මැරුණාම නෙවෙයි. :) කවිය ලස්සනයි මහි..
Delete