~නොනිදන රැය~
"Lovely Kiss by Leonid Afremov" |
මල් පෙති ගිලිහෙනා විට එකිනෙක තඹර
නින්දට වැටෙන විට මත් වූ කැල බඹර
දියත ම වසාගෙන පැතිරෙන විට අඳුර
නුඹ ඒ මවෙත දුල කරමින් සිත් අඹර
තුරුවැල් නැලවේවී වැද නුඹගේ සුසුම
දිවි තොර වේද දැක නුඹ රූ කොඳ කුසුම
හැම මල් සුවඳ පරදයි නුඹගේ පුසුඹ
සතුටකි සැනසුමකි මට නුඹ හා විසුම
නුඹගේ දෙපා මුල සත් මහ දෙව් සැපත
නුඹගේ සිසිලසින් මා හද ගිම් නිවෙත
නුඹ රූ දෙනයනට අමයුරු පැන් ගෙනෙත
රැජිණිය නුඹ ම වේ දැහැනේ සිල් බිඳෙත
අඳුරු සළුව විසිරේ නුබ සයන පුරා
මුතු පොට කැඩී නුඹ වට කර සිටින නුරා
දෙනයන කැල්ම විහිදේ නුඹේ සුවඳ උරා
මත් බිඟු මම වෙමි නොනිදන මෙරැය පුරා
මේ මම 2008දී ලියපු එකක්. උසස් පෙළ කේවල් ව්‍යාපෘතිය විදිහට මම කළේ කවි සංග්‍රහයක්. පොත් රාක්කේ අස් කරනකොට ඒ පොත ආයේ හම්බු වුනා.
මදුසමය වෙලාවේ කියපු එකක්ද මන්දා.. ආදරේ අස්සෙ නුරාව හංගල
ReplyDeleteලස්සනයි
බොහොම ස්තූතියි සහෝ.. ආදරයයි නුරාවයි එකතු වුනාමත් ගොඩාක් ලස්සනයි නේ.. ජය වේවා..
Deleteniyamay akke...
ReplyDeleteThank you malliyo... :)
Deleteහ්ම්ම්ම් මාරම ලස්සනයි......... ජිවිතයෙ එක අවස්තාවක් සිතිවිල්ලකින් පාට තවරලා අපුරුයි...........
ReplyDeleteබොහෝම ස්තූතියි සහෝ..
Deleteලස්සනයි..:)
ReplyDeleteබොහෝම ස්තූතියි සහෝ.. :)
Deleteලස්සනයි Red!
ReplyDeleteබොහෝම ස්තූතියි සහෝ..:)
Deleteරසවත්!! :)
ReplyDeleteබොහෝම ස්තූතියි සහෝ.. :)
Deleteරසාස්වාදයට නියම කවියක්!! හරිම ලස්සනයි රෙඩ්
ReplyDeleteඑහෙම හිතුනා නම් ඒක මට ගෞරවයක්...බොහෝම ස්තූතියි සහෝ.. :)
Deleteඕ.. ආදරය හා නුරාව..නියමයි
ReplyDeleteස්තූතියි සහෝ.. ජය වේවා!!
Deleteඅක්කිගෙ කවි නියමයි නේ..
ReplyDelete:)
තැන්කූ නංගෝ...ජය වේවා..!! :)
Deleteආ හා....
ReplyDeleteඑල එල....
මරු කවි ටික..
තැන්කූ වේවා ඈ... :D
Deleteමේක නම් නියම කවියක්.නුරාව දොරේ ගලනවා.මීයා කියන්නවගේ පැණි බේරෙන මල් කවියක් .මම වගේම තව උසස් පෙලට කවි සංග්‍රහ කරපු අය ඉන්නවනේ.වාසනාවන්.
ReplyDeleteහීන විල් දියම නලියයි සුසුම් සරින්
දෑල කොපුල් පොපියයි හාදුවක බරින්
පීන නුරාවට ඉඩදී අඳුර තුලින්
සර සන්දේ උඹ යනවද පෑල දොරින්
මම කොහොමත් උසස් පෙළට කලේ ආර්ට්ස්..ඒ හින්දා කවි පොතක් හැදුවේ.. ඔයාගේ කවිය ලස්සනයි අයියේ.. ජය වේවා..:)
Deletelassanayi nangi.... (Y)
ReplyDeleteතැන්කූ අයියේ.. :)
Deleteසංදේශ කවිවල ලක්ෂන තියෙනවා. කාව්‍යමය භාෂාව අපූරුවට ගැලපිම තුළ ඔබ තුළ ඇති කාව්‍යකරණයේ හැකියාව ගැන වචන දෙකක් නෑ විශිෂ්ඨයි.
ReplyDeleteසංදේශ කාව්‍ය වල ආභාශය ආපු එක පුදුමයක් නෙවෙයි. මම උසස් පෙළට හැදෑරුවේ සිංහල.. සැළලිහිණි සංදේශය මගේ ප්‍රියතම කව්‍ය ග්‍රන්ථයක්.. මේක ලිව්වේ උසස් පෙළ කරන කාලේදී නේ.. ඔබේ අදහසට ගොඩාක් ස්තූතියි දයා අයියේ..
Deleteලස්සන නිර්මාණයක්
ReplyDeleteස්තූතියි කොරලේ මහත්තයා..
Deleteමෙච්චර වැඩ්ඩො කලර්ස් පෙන්නනවා මදි. මේක සුප්‍රසිද්ධ කවියෙක් හැදුව නම් ශ්‍රේෂ්ඨ නිර්මාණයක් වේවි.
ReplyDeleteමේ Red Riding Hood අත්සන ට වඩා මම කැමති Silent Thoughts පෝස්ට් එක යට ගහලා තියෙන එකටයි. ඒක දිගටම පාචිච්චි කරන්න.
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)
හිහිහි... අනේ මොන වැඩ්ඩෝද අයියේ.. තාම කවි ලියන්න ඉගෙන ගන්නවා.. කොහොම වුනත් ස්තූතියි අදහසට..
Deleteමම අත්සන වෙනස් කලා ඕන්.. මේක හොඳයි වගේ තමා.. ජය වේවා.. :)
මේක දැක්කම මතක් උනේ...
ReplyDeleteසිත රෑක මදු සමේ මා ඔබේ වෙලා
ප්‍රේමනීය කල්පනා මා ලයේ මවා
අන්න ඒ වගේමයි... සෝක්...........
මාත් ඒ සින්දුවට ගොඩාක් ආසයි.. ස්තූතියි කොමෙන්ටුවට සහෝ..
Deleteජය වේවා..
කවි පොත හම්බ උනාද ??
ReplyDeleteඅප්පච්චියෝ.... දැන් දිගටම කවි අහන්ඩ වෙන්නේ... :)
විහිලු ඈ... :)
කවි ටික නම් ගින්දර !!!!
හිහි.. විහිලු වුනත් කියපු කතාව හරි.. බ්ලොග් පොස්ට් දෙක තුනක් කවර් කරගන්න පුළුවන් දැන්.. තැන්කූ ඈ.. :D
Deleteමේ කවි ඇහෙනා සාහිත්‍යය මාසයයි....
Deleteඑහෙනම් දිගටම කවි ලියන්ඩ !
ජය වේවා :)
හරි හරි.. දිගටම කවි දාන්නේ නැ..වෙන මොනා හරි දාන්නම්කෝ.. :)
Deleteලස්සන කවි ටික. ව්‍යංගය යොදාගෙන තියෙන විදිහ අපූරුයි....
ReplyDeleteජය!!!
තැන්කූ දඟ මල්ල.. :D
Deleteගොඩක් ලස්සනයි යාලු. මං හොඳටම රසවිඳ. ජය වේවා....!
ReplyDeleteබොහොම ස්තූතියි මධූ.. :)
Deleteලස්සන නිර්මානයක්. ජය
ReplyDeleteස්තූතියි සහෝ.. :)
Delete(Y)
ReplyDeleteහිතට වදින වචන ටිකක් ඈ! එල!!!
ReplyDeleteතැන්කූ ඈ..ජය!!
Deleteමේක ගෙනිහින් මඩවතිට පෙන්නන්න ඕනේ ;)
ReplyDeleteහිහි.. හොඳයි හොඳයි..ජය වේවා.. :)
Deleteලස්සන කවි පෙල රෙඩ්...
ReplyDeleteතැන්කූ දිනේශ අයියේ...:)
Deleteලස්සනයි යාලු :)
ReplyDeleteතැන්කූ හිරු..
Delete