~ආල සැඳෑව~
සීත සැන්දෑවක
සිත මගේ ගී
ගයන වෙලාවක..
අඳුර මැදින්
සඳ කුමරුන්
වඩින වෙලාවක..
මටත් හොරෙන්
මගේ හිතට
පිවිසි වෙලාවක...
දුටුවා නේද
මගේ හිත නුඹ
ආල සැඳෑවක..
පාද බැඳුනු
මිණි කිංකිණි
සැලුනු වෙලාවේ..
අතේ රැඳුනු
වළළු ජෝඩු
කැලඹි වෙලාවේ..
දෙනෙත් අඟින්
නුරා බැලුම්
හෙලුනු වෙලාවේ..
ගියා නේද
හිත අරගෙන
ආල සැඳෑවේ..
සිතාරයෙන්
වැයෙන තනුව
හිත් අමුණනවා..
සිහින් සරින්
ගැයෙන ගීය
හැඟුම් මවනවා..
නාද හඬට
නැටෙන පාද
එකට ගැටෙනවා..
හැමට හොරෙන්
කුමරුන් මගේ
ලොවට වඩිනවා..
තාල සොයන
නාද රටා
ඔහේ තියෙද්දෙන්...
ස්වර අල්ලන
මිහිරි තනුව
ඔහේ ගැයෙද්දෙන්..
නාද හඬට
තැබෙන පාද
ඔහේ නැටෙද්දෙන්..
ආල සැඳෑවම
අප දෙස
බලා හිඳෙද්දෙන්...
ප.ලි : හිතට ආපු වචන පෙළක් කවියක් කලා.. කොහොම දැනෙයිද දන්නේ නැ.. ඔන්න විරහා කවි එපා අයට නිකන් ඔහේ කවියක් ලිව්වා... බලාපොරොත්තුවේ කවක්.. :)
හෙට මම මගේ යාලුවෙක්ගේ ගෙදර යනවා ලඟ එන විභාගයට පාඩම් කරන්න. අදින් නිවාඩුව ඉවරයි. ලබන 25 විභගේ පටන ගන්නවා. ඒ වෙනකන් ඔයාලගේ පොස්ට් කියවන්න පුලුවන් වුනත් කමෙන්ට් කරන එක නම් අඩු වෙයි. ඒ වගේ අලුත් පොස්ට් දාන එකත් අඩු වෙයි. සති තුනක් විතර යනකන් විභාගය හෙවත් අභාගයට මම මුහුණ දෙනවා. ඒ නිසා ගැත්තීට අනුකම්පා කරන සේක්වා.. හිහි.. ජය වේවා..
සිතුවිල්ල ලස්සනයි රෙඩෝ..... විභාගෙට හොදින් මුණදෙන්න ලැබෙන්න ඔනි!!!. දැන් ඉතින් අපිටත් විභාගේ තියයි අෆ්ෆා :(((
ReplyDeleteබොහෝම ස්තූතියි මදාරෝ.. :) ඔව් ඔව්..ඔයාලත් තියෙයි..
Deleteජය..
හා හා..ලස්සනයි ලස්සනයි කවි ටික...අභාග්‍යසම්පන්න විබාගේ මේ භාග්‍යවන්තියට පහසුවක්ම වේවා කියල පතනවා...
ReplyDeleteඅන්න.. පින් ලැබේනවා ඒ පැතුමට නම්.. ජය වේවා..
Deleteසියලු දේ සාර්ථක කරගන්න..ජය!
ReplyDeleteබොහෝම ස්තූතියි හිරුවෝ..
Deleteජය වේවා...
ඒ රෙඩා මේක නිකං ලියැවිච්ච එකක්නං වෙන්න බැරියෝ...
ReplyDeleteතරියා මේ ප්‍රකාශය කලේ කවියේ යටි අරුත වටහාගෙනද නැතුවද.. O_o
Deleteහිහි..
නිකමට වගේ ලියපු එකක් අනේ... :D
බුකියේ දැමූ ගෙරවිල්ලක් මත පණ කඩාගෙන දුවගෙන ආවෙමි.
ReplyDeleteකෝ බලමූ..............
ආ...මැක්සිමම් ඈ :)
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
අන්න එහෙම තමා රජවරු වුනත්.. මහ ජනයාට කන්දිය යුතුයි.. හිහි..
Deleteජය වේවා...
විභාගය ජයගන්න සුබ පැතුම් නිර්මානයත් අපූරුයි
ReplyDeleteබොහෝම ස්තූතියි සහෝ.. :)
Deleteහොඳට විභාගේ ලියන්න කෙල්ලේ
ReplyDeleteතැන්කූ වේවා කෙල්ල...
Deleteජය වේවා.. :)
ලස්සන, අහිංසක බලාපොරොත්තුවක්..
ReplyDeleteවිභාගෙට හොඳට ලියන්න
බොහොම ස්තූතියි සහෝ.. :)
DeleteWish you all the best for your exams !
ReplyDeleteThank you very much Weni aiya.. :)
Deleteමේකට මම හෙන..................... ආසයි... ම්ම්ම්..මම මියුසික් එකක් දා ගත්තා.. ලස්සනයි..
ReplyDeleteජය!!!
හිහි..මේක ලියනකොට මගේ හිතෙත් තාලයක් තිබුනා.. :)
Deleteස්තූතියි යාළු..
තාල සොයන
ReplyDeleteනාද රටා
ඔහේ තියෙද්දෙන්...
ස්වර අල්ලන
මිහිරි තනුව
ඔහේ ගැයෙද්දෙන්..
නාද හඬට
තැබෙන පාද
ඔහේ නැටෙද්දෙන්..
ආල සැඳෑවම
අප දෙස
බලා හිඳෙද්දෙන්...
හරිම ලස්සනයි... මේ අන්තිම පද ටික ලියවිලා තියෙන විදියට මම හරිම ආසයි නංගියෝ...
බොහොම ස්තූතියි අක්කියෝ.. :)
Deleteජය වේවා..
විභාග මානසිකත්වයෙන් ඉන්නා විට මෙවැනි කවි බිහි වන බව අත්දැකීමෙන්නම දනිමි.....අම්මපා මෙව්වා ලියන්න කරන්න හිතෙන්නෙම ඔය කාලෙටනේ...මොකද මන්දා....
ReplyDeleteඒකනේ වැඩේ කියන්නේ තරූවෝ.. විභාග කාලෙට තමා මම වැඩිපුරම බ්ලොග් ලියන්නේ.. කොහොමත් මේ සැරේ ඒදේ වෙන එකක් නැ වගේ.. ගෙදරින් පිට තමා ඉන්න යන්නේ..ජය වේවා..
Deleteහරියට නිකං ගී පදරචනාවක්දෝ කියල හිතෙනව.
ReplyDeleteම්ම්..මේක ලියනකොට නම් පොඩි ටියුන් එකක් හිතේ තිබුනා.. :)
Deleteස්තූතියි...
ලියැවිල්ල ඇතුලෙ ලස්සන රිද්මයක් තියෙනවා... මට කියවද්දි ඒ බැව් හොදටම දැනුනා....ජය !
ReplyDeleteබොහොම ස්තූතියි සහෝ.. පුලුවන් කෙනෙක් ඉන්නවා නම් ටියුන් එකක් දාලා දෙන්න කියලා කියන්න ඕනේ.. :)
Deleteවෙනද වගේම අදත් එල කිරිම තමයි ...ඒ වගේම විභාගයටත් සුබ පැතුම්...කමෙන්ට් කරන එක අඩු උනාට , අලුත් පොස්ට් දාන එක අඩුඋනාට කමක් නෑ එක්සෑම් එක කරගන්නකො
ReplyDeleteතැන්කු වේවා අයියා.. :)
Deleteජය වේවා...
ලස්සනයි නංගි..සරලයි..නියමයි :D
ReplyDeleteආ..විභාගයට ජයවේවා කිව්වා එහෙනම් .:D
බොහොම ස්තූතියි අයියා.. :)
Deleteජය!!
ලස්සනයි.. ඈ :)
ReplyDeleteවිභාගයට සුබ පතනවා.!!
බොහොම ස්තූතියි සහෝ.. :)
Deleteවිභාගෙට සුභ පැතුම්..කවිය ලස්සනයි..
ReplyDeleteස්තූතියි මාල්.. ජය වේවා...
Deleteවිබාගේ හොදින් පාස් වෙන්න කියලා සුබ පතනවා
ReplyDeleteබොහොම ස්තූතියි සහෝ.. :)
Deleteලස්සනම ලස්සන කවි ටික...:)
ReplyDeleteහෆ්ෆෝ විභාග... ඔය කරදරෙන් යාන්තම් මිදුනා විතරයි... කොහොම වුනත් රෙඩ්, හොදින් විභාග කටයුතු කරගන්න.. සුභ පැතුම්!!!!
ස්තූතියි හිතූ...මන් දැක්කා බුකියේ දාලා තියෙනවා විභාගේ ඉවරයි කියලා.. හිහි.. ජය වේවා..
Deleteරෙඩ්ගෙ විබාගෙ උපරිමෙන්ම කරගන්න ලැබේවා කියලා මම ප්‍රර්ථනා කරනවා.
ReplyDeleteජයම වේවා!
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
බොහොම ස්තූතියි සහෝ.. ජය වේවා..!!
Deleteලස්සන කවි ටික. විභාගෙට සුභ පැතුම් !!!
ReplyDeleteබොහොම ස්තූතියි සහෝ.. :)
Deleteලස්සනයි..
ReplyDeleteවිභාගෙ හොදට ගොඩදාගන්න මගෙනුත් සුභ පැතුම්...!
කවිය ලස්සනයි රෙඩී... විභාගේ අභාගේ වෙන්න එපා කියලා ප්‍රර්ථනා කරනවා. හොඳට ලියන්ඩෝ
ReplyDeleteබොහොම ස්තූතියි පැතුම්... :)
Deleteඅර්ථය කොහොම වෙතත් පද ගැලපීමනම් මරු.
ReplyDeleteබොහොම ස්තූතියි සහෝ.. :)
Deleteහැකියාට මගේ සුභ පැතුම්.
ReplyDeletehttp://manasindiviyata.blogspot.com/
බොහෝම ස්තූතියි යාළු.. ඔයාගේ බ්ලොග් එක පැත්තෙත් එන්නම්කෝ මන්..
Deleteජය වේවා..
Wish u all the best for your exam.How come your poems so beautiful?
ReplyDeletehehe.. Thank you very much madam.. :)
Deleteඔන්න කාලෙකින් ආවෝ!!
ReplyDeleteඇත්තටම හිතට නිකන් ආපු සිතුවිල්ලක්ද මේක!!!
නැ නෑ වෙන් බෑ
හිහිහි... හිතට ඔහේ ගලාගෙන ආපු සිතුවිල්ලක් තමා අනේ..
Deleteතැන්කූ වේවා.. ;)
හරි ලස්සනට ලියලා තියෙනවා ..කිව්වත් වැගෙ නිකම්ම ලිව්වා වෙන්න බෑත් වගෙ,
ReplyDeleteඑහෙනම් විභාගය ගොඩ දාගන්න සුබ පැතුම් හොදෙ..
(ආපු නැති ටිකට ගොඩක් තියනවා කියවන්න..වෙලාවක් හම්බුනාම කියවන්නම්)
ජය!!!
බොහෝම ස්තූතියි යාළු.. :) ආයේ වෙලාවක එන්නකෝ..
Delete