~ඔබ~
දෙයැස් යට ලැඟුම් ගත්
සොඳුරු සිහිනය යි
හදවතේ මුමුණනා
නිහඬ ස්වරයද ඔබයි
හිස් වෙච්ච නිල් ගුවන
ඔබේ රුවෙන් සැරසිලා
නිහඬ මේ වාතලය
ඔබේ හඬින් පිබිදිලා
පාළු මගේ හිත ලඟම
පෑයු රන් තරුව ඔබ
අරුත් සුන් දිවි මගට
පැමිණි නව අරුත ඔබ
හුදකලා වූ සිතට
ඔබම කවියක් වුනි
මගේ නිහඬ පන්හිඳට
ඔබම ජිවය වුනි......

ලස්සනයි රෙඩ්... කොහොමත් ඔයාගේ පබැඳුම් ලස්සනයි නේ. බ්ලොග් එකේ පාළුව මකා දාපු එක නම් ලොකු දෙයක්..! :)
ReplyDeleteබොහෝම ස්තූතියි යාළු.. :) ජය වේවා..
Deleteකාලෙකින්.............. :D :D කොහිද අනේ ගිහින් හිටියේ...
ReplyDelete//හිස් වෙච්ච නිල් ගුවන
ඔබේ රුවෙන් සැරසිලා
නිහඬ මේ වාතලය
ඔබේ හඬින් පිබිදිලා//
මේ ටිකට තමයි මම ආසම
මන් අනේ හරි බිසී නේ මෙයා.. ;) හික්ස්.. කම්මැලි අනේ බ්ලොග් එක ලියන්න.. ඒකයි ඉඳලා හිටලා ඇවිත් යන්නේ.. තැන්කූ වේවා..
Deleteඅප්පේ,,,මොකෝ ආච්චි බලන්න ගිහින් හිටියද? :D
ReplyDeleteලස්සනයි ලස්සනයි,,,දැන් ආදරණිය වෙලා වගේ...
හිහිහි... මන් ගියා බාබයිගා ආච්චිව බලන්න.. ;) ආදරණීය රෙඩ් තමා දැන් ඉන්නේ..
Deleteජය වේවා නාඩියා..
හ්ම්ම්ම්ම්ම්.....හිතේ තියන ඒවා කවියක් විදියට ලස්සනට ලියලා.....හිතලා ලියන කවිවලට වැඩිය ඉබේ ලියවෙන කවි වල රසය වැඩියි...
ReplyDeleteහ්ම්ම්ම්..ඒකත් ඇත්ත තමා.. හිත හිත කවි ලියන්න බැ නේ.. :)
Deleteඅරුත් සුන් දිවි මගට
ReplyDeleteපැමිණි නව අරුත ඔබ මම කැමතිම කොටස.නිර්මාණාත්මක කවියක්.
මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)
බොහෝම ස්තූතියි යාළු.. :)
Delete
ReplyDeleteරෙඩ්, මම මේ කවිය ඇනලයිස් කරන්න ගිහින් නොමග ගිය හන්දා වැඩේ අතෑරලා දැම්මා. මේ කවුරු ගැනද කියන්නෙ කියන එක නෙවෙයිනෙ වැදගත්, නැද්ද? මම හිතන්නෙ ඇයි මෙහෙම කියන්න හිතුනෙ කියන එකයි වැදගත්.
මම ඔයාගේ කමෙන්ට් ඔක්ස් එක යටින් තියෙන ටැග් ටික මෙන්න මේ මුරණ්ඩු හුටු හුටුව පෝස්ට් එකේ මේක අදාල වෙන කමෙන්ට් එකක් හැටියට දැම්මා. කමක් නෑනෙ? අන්න රෙඩ් ගිහිල්ල බලන්න වටින තව පෝස්ට් එකක්.
මේ කවිය කියන්නේ කවුරු හරි පන්හිඳට අරුථක් දෙන කෙනෙක් ගැන.. :D
Deleteගොඩක් ලස්සනයි යාලු. හිතට දැනුන.
ReplyDeleteමමත් ආවෙ කාලෙකින්. ජය වේවා.....!
බොහෝම ස්තූතියි මධූ.. ජය වේවා.. :D
Deleteඅන්තිමට බලපුවහම "මුලු ලොවම ඔබ වෙලා.." එහෙම නේද..
ReplyDeleteලස්සනයි රෙඩ්..
ඔව් ඔව්.. මුළු ලොවම ඔබ වෙලා.. :D
Deleteරෙඩ් ටත් හිතෙන දේවල්....
ReplyDeleteඅනේද කියන්නේ අයියේ... ;)
Deleteඅනන්තයි ඔබ අනන්තයි
ReplyDeleteකියලා වැඩක් නැ.. ;)
Deleteමේ කවි ටික අනූට කියන්න හොදයි...
ReplyDeleteහිහිහි... දැන් අනූට සිංහලත් පුලුවන්ද??? ;)
Deleteදෙඇස් යට හිතක් මත
ReplyDeleteලියා ඇති කවක් ලෙස
එකම නම අකුරු පෙළ
නුඹ පමණි මා සොදුර
සිහිනයක් විලස එන
මා දෙනෙත් පෙති යටට
නුඹේ මුදු දෙනෙත්වල
පිපෙන්නද මලක් ලෙස
කලුවරට අහස මත
වලා ඇහිරෙන කලට
තාරුකා නෙත්වලින්
බලයි නුඹ මා දෙසම
හුදෙකලා සිතට මම
කවක් වූ බව කියන
නුඹට නුඹෙ මුදු හිතට
පෙම් නොකර පුළුවන් ද..?
රිප්ලයි එකක් ලියන්න හිතුණා.කවිය ලස්සනයි අක්කේ.හුග කාලෙකින් ඔයාගෙ බ්ලොග් එකට ආවේ-අවුරුද්දකින් විතර!
මමත් මගේ බ්ලොග් එකට එන්නේ ඒ වගේ කාලකින් තමා ඉතින්.. හිහිහි... පිළිතුරු කවිය ලස්සනයි.. ජය වේවා..
Delete//හුදකලා වූ සිතට
ReplyDeleteඔබම කවියක් වුනි
මගේ නිහඬ පන්හිඳට
ඔබම ජිවය වුනි......
//
ලස්සනයි රෙඩ්!!!
බොහොම ස්තූතියි යාළු.. ජය වේවා
Deleteලස්සනයි රෙඩ් :)
ReplyDeleteස්තූතියි අක්කා.. :)
Deleteහුදකලා වූ සිතට
ReplyDeleteඔබම කවියක් වුනි
මගේ නිහඬ පන්හිඳට
ඔබම ජිවය වුනි......
මේ ටික නම් හිතට ගොඩක් සමීපව දැනුනා..
ලස්සන පද වැල රෙඩ්..
බොහොම ස්තූතියි යාළු.. ජය වේවා
Deleteකොහොමද ඔච්චර ලස්සනට ලියන්නෙ.මට හරි ආසයි ඔයාගෙ කවියට. මම බ්ලු ලෝටස්. මේ මගෙ අලුත් බ්ලොග් එක.
ReplyDeleteබොහොම ස්තූතියි ආවට යාළු.. බ්ලූ ලෝටස් කිව්වාම මන් හිතුවා මන් ඉංග්‍රීසී බ්ලොග් එක ලියන බ්ලූ ලෝටස් කියලා.. ඔයා අලුත් බ්ලූ ලෝටස් කෙනෙක්..හෙහෙ.. ජය වේවා.. දිගටම එන්න යාළු..
Delete