මන්දාරම් වැහි.. පස්වෙනි කොටස
නිර්මාල් බැංකුවේ දොරින් ඇතුළට එනවා මම බලාන් උන්නා. එදා බයිසිකලේ ආවට පස්සේ මාස ගානක් ගියත් එයා ආයේ මාත් එක්ක කතා කලේ නැ. මාව එදා එක්කන් ආවා කියලා ලලි අක්කට කියලා තිබුනෙත් නැ. මට එයාව තේරුම් ගන්න බැ. කට වහගෙන විනාඩියක් ඉන්න බැරි කෙනෙක් කොහොමද මෙහෙම කට වහගෙන ඉන්නේ? අඩුම ගාණේ පුංචි විහිළුවක් වත් නොකර ඉන්නේ කොහොමද? මම එදා එයා එක්ක හොඳට කතා කලානේ. මගේ හිතේ තරහක් නැ කියලා එයා දන්නවනේ. ඒත් ඇයි කතා නොකර ඉන්නේ? මගේ හිත ඇතුළේ ප්‍රශ්න ගොඩාක්.. ඒත් උත්තර දන්නේ එයාම තමයි.
"මොනාද බන් මේ මහ දවල් හොල්මනක් දැක්කා වගේ කල්පනා කරන්නේ?"
" ම්ම්ම්... මුකුත් නැ අමාලි.. "
"මුකුත්ම නැති වෙන්න බැ.. මන් දැක්කා කා දිහාද බලන් ඉන්නේ කියලා.. "
මගේ ඇඟම සීතල වෙලා ගියා. දෙයියනේ දැන් මේ කෙල්ල මන් ගැන මොනවා හිතයිද දන්නේ නැ.
"මැනේජර් දිහා බලාගෙන හිතුවේ අද කලින් පනින්න නේද?" කොමළ හිනාවක් දාගෙන අමාලි කිව්වා.
"ආහ්... " සැනසුම් සුසුමක් නොදැනීම පිටවුණා.
"නෑ අනේ මම මේ කල්පනා කලේ මල්ලිගේ උපන් දිනේ අද..එයාට මොනවද දෙන්නේ කියලා.. " කටට ආපු පළවෙනිම දේ මම කිව්වා. ඒක බොරුවකුත් නෙමෙයිනේ. මම ඒක ගැනත් හිත හිත හිටියේ.
"ම්ම්ම්.... මල්ලිට වයස කීයද?"
"අවුරුදු දාහතයි.. "
"එහෙනම් ඉතින් කොම්පුටර් ගේම් සීඩී එකක් ගිහින් දෙන්න.. ඒවටනේ ඔය වයසේ ළමයි කැමති."
"ම්ම්ම්... මම හිතුවේ පොතක් දෙන්න.. අඩුම ගානේ පිටුවක් වත් කියවන්න හිතයිනේ.." මම ආයෙත් මම ටයිප් කර කර හිටිය ලියුම දිහාවට ඇස් යොමු කරන ගමන් කිව්වා.
"ඒකත් ඇත්ත.. හොඳ පොතක් දෙන්න.. සමහර විට කියවයි.. " අමාලි ෆයිල් ගොන්නක් අතට අරන් නැගිට්ටා.
"ඔයා කොහෙ යන්නද?"
"මේ අලුතින් ලොන්ජ් කරන්න හදන සේවින්ස් ප්‍රොජෙක්ට් එකේ වැඩක්.. සුනෙත් අයියට දීලා තිබුනේ මම ඉල්ල ගත්ත.. " අමාලි තරමක් රහසින් වගේ කිව්වා.
"ඒ මොකටද? තියෙන වැඩ මදි වෙලාද?"
"අනේ නැ.. ඒත් මේකෙ ඉන්න අනිත් කෙනා වෙනුවෙන් ඕනෙතරම් වැඩ කරන්න මට පුලුවන්.." එක ඇහැක් වහල අමුතු හිනාවකුත් එක්ක කියාගෙන එයා ගියා.
"ඉතින් ඒ කවුද කියල යන්නකෝ... කෙල්ලටත් හරි ගියාම අපිව මතක වත් නැ නේද?"
"අනේ තාම හරි ගියෙ නැ.. හරි ගිය ගමන් කියන්නම්.. හැබැයි ඉතින් ඔයා නම් වෙඩින් එකට වත් එන එකක් නැද්ද දන්නැ.. ඔයා ඉතින් ඒ මනුස්සයගේ මූණවත් බලන්නැනේ..හෙහ් හෙහ් හෙහ් හෙහ්.. "
ආහ්.. මෙයා කවුරු ගැනද කියන්නේ? නැ.. නිර්මාල් වෙන්න බැනේ.. නිර්මාල් ගැනද? ම්ම්ම්..එහෙනම් ඒක තමයි නිර්මාල් දැන් කතාවක් නැත්තේ.. එක කෙල්ලෙක් ඉන්න කොට අනිත් අයත් එක්ක කතා කරන්නෙ මොකටද.. " මම මගේ හිතින් හිතා ගත්තා. ඒත් එයා කලිනුත් කතා කලේ නැනේ.. කවදා ඉදන්ද දන්නැ. අඩුම ගානේ ලලි අක්කවත් මට කිව්වෙ නැනෙ. එදා බයිසිකලෙ ආපු දවසේ නම් එහෙම එකක් තිබුනා වෙන්න ඹ..ඊට පස්සෙ වෙන්නැති. හිත හිත මම යතුරු පුවරුවේ බොත්තමක් තද කලා. All files deleted. O_o.
අපොයි.. මදැයි කොලා.. මේ කොහෙවත් යන කෙනෙක් ගැන හිත හිත මෙච්චර වෙලා ටයිප් කරපු මුලු ලියුමම ඩිලීට් කලා. අනේ මන්දා මටත් දැන් මොනවා වේගෙන යනවද කියලා. ආයේ නම් ඔය මිනිහා ගැන හිතන්නේ නැ. මම ආයෙත් මුල ඉඳන් ලියුම ටයිප් කරන්න ගත්තා.
____________________________________________________
ඈත අහස රත්තරන් පාටින් පාට කරලා වගේ. මුහුදු වතුරට වැටිච්ච ඉර එළිය දිළිසෙනවා. මුහුද අද්දර ගෙදර විකුනලා ටවුන් එකට යන්න කොච්චර නම් අම්මට ඕනේ වුනත් මමයි මල්ලියි දෙන්නාම කැමති මුහුද ගාව ඉන්න. හවසට වෙරළට ආවම හිතට දැනෙන සැහැල්ලුව වෙන මොන දේකින් වත් ගන්න බැ.වෙරලේ සුදු වැල්ලේ වාඩි වෙලා අත් දෙක පිටිපස්සට කරලා ඒ උඩ බර දීලා ඈත අහසයි මුහුදයි එකතු වෙන සිතිජය දිහා බලාගෙන ඉන්න මම ගොඩක් ආසයි. ඒ වෙලාවට වටපිටාවම මට අමතක වෙනවා. සමහර වෙලාවට මල්ලි හොයගෙන එනකම් ම මම ඔහේ වාඩි වෙලා බලාගෙන ඉන්නවා.
ඒත් අද ඒ සැහැල්ලුව මට දැනෙන්නේ නැ. හිත හරිම බරයි. ටොන් ගාණක් පටවපු කරත්තයක් වගේ. අනේ මන්දා.. මම ටොන් ගාණක් පටවපු කරත්ත උස්සලා නම් නැති වුනාට එහෙම තමා දැනෙන්නේ.. මේ හැමදේම නිර්මාල් නිසාද? නිර්මාල් ඇත්තටම අමාලි එක්ක සම්බන්ධයක් පටන් අරන්ද? මම කාගෙන්ද දැන ගන්නේ? ලලි අක්කාගෙන් ඇහුවොත් නම් නොන්ඩියක් කන්නත් වෙනවා. උඹට මොකටැ උගේ විස්තර කියයි.. කෙලින්ම අමාලිගෙන් අහන්නත් බැ එයා ගිහින් නිර්මාල්ට කිව්වොත්.. මම එයා ගැන හොයනවා කියල.. එතකොට නිකම්ම පණුවෙක් උඩ යවන වැඩක් තමා වෙන්නේ.. මගේ ඔලුවත් විකාරයි වගේ දැන් නම්.. ම්ම්ම්..ඕනේ එකක්.. මම අහනවා ලලි අක්කාගෙන්.. එයා මට ඕනේතරම් නොන්ඩි දාපුවාවේ.. මේක නොඅහා මගේ ඔලුව යකාගේ කම්මල වගේ..
අයියෝ සංසාරේ කිවුවලු... කෙල්ලට පවු වැඩක්නේ වෙන්න යන්නේ....
ReplyDelete@Marlon-අනේ මන්දා.. අපි බලමුකෝ කෙල්ලට මොනා වෙයිද කියලා..
ReplyDeleteයාළුවනේ මේ කතාව දික් වෙනවටද ඔයලා කැමති නැත්නම් ඉක්මනට ඉවර වෙනවටද? කතාවක් දික් වුනාම කියවන්න ඔයාලට එපා වෙයිද? කොටස් දහයකින් විතර ඉවර වෙන කතාවක්ද හොඳ නැත්නම් තව ටිකක් දිගට යන කතාවක්ද හොඳ?
ReplyDeleteකතාව මේ යන විදිහ ලස්සනයි නංගී.. හදිස්සියේ ඉවර කරන්න එපා...එතකොට ලස්සන නැති වේවි.. මේ යන විදිහටම කතාවට යන්න දෙන්න...
ReplyDeletehmmm meya apiwath pissu wattana hadanne..kathawa ehen pitinma kanapita harunanne.... dan mokada kranne...kuthuhalaya vitharai ithuru wenne......naraka neee...oya hoda katha liyannama thama shash... keep it up.. :)
ReplyDelete@Dinesh- එහෙනම් මෙහෙම ලියාගෙන යන්නම් අයියා. ඒත් මම හිතුවේ කතාව දික් වෙනකොට කට්ටියට එපා වෙයිද දන්නැ කියලා.. ඒත් හදිස්සියේ ඉවර කලොත් නම රසය නැති වෙයි..
ReplyDelete@Shayanga- කුතුහලය තියෙනවා නම් කතාව සාර්ථකයි.. දිගටම කියවන්න එන්න ඕන්..
මාර වැඩක්නේ වෙන්ඩ යන්නේ. අම්මෝ !!!!
ReplyDeleteඒක නෙමේ රතු නංගිත් දඟයාගේ බැච් එකේ නේද ?
අහ්.. අයියා කොහොමෙයි ඒක දැන ගත්තේ? :) ඔව්..ඔව්.
ReplyDeleteමායි දඟයි ගජ යාළුවෝ.. එකම බැච් එකේ.... :D
හරිම ලස්සනයි නංගෝ කථාව. ලස්සනට ගලාගෙන යනව, දිගද කොටද කියන එක වැදගත් නෑ නංගෝ,. ඔයාට හිතෙන විදියට කථාවට ගලාගෙන යන්න දෙන්න. අපි හැමදාමත් බලනවා,.
ReplyDelete@Prarthana- එහෙනම් ඕන් අපේ අක්කාගේ ආශිර්වාදයත් ඇතුව මම කතාව දිගටම ලියාගෙන යන්න ඇ.. තැන්කූ මගේ අක්කියෝ කොමෙන්ටුවට...
ReplyDeleteමම් බුකියේ ෆොටෝ එකක ඔය දෙන්නව දැක්කා. ඔය කට්ටිය බස් එකේ ට්‍රිප් එකක් ගිය ෆොටෝ එකක් මට මතක හැටියට. :)
ReplyDelete@Madhuranga- අහා... ඔව්..ඔව්.. අපි ඒ ට්‍රිප් එකක් නෙවේයි. අපේ සර් කෙනෙක්ගේ අම්මාගේ මළ ගෙදර ගිය වෙලාවක ගත්ත ෆොටෝ එකක්... :)
ReplyDeleteනියමයි red දිගට ම ලියන්න.....
ReplyDeleteකතාව හදිසියේ ඉවර කරන්නත්, නිකරුණේ දික් ගස්සන්නත් එපා. කතාවේ ගලා යෑම ට ඉඩ දීලා, කතාව ගොඩනඟන්න. කතාවේ අවසානය කළ යුතු විදිහ නිරායාසයෙන්ම ඔයාට දැනෙයි.....
ඊළඟ කොටසත් ඉක්මණ ට ලියන්න.... :D
Mahi- තැන්කු මහි.. ඒක තමා මමත් හිතුවේ.. ලියාගෙන යන විදිහට ලියනවා.. ඉක්මන් වෙන්න ගිහින් කතාවේ රසය නැති වුනොත් අපරාධයක් මේ මගේ පළවෙනි කතාව නිසා..
ReplyDeleteඊලග කොටස දාන්නේ නැද්ද?
ReplyDeleteme dawas wala campas eke assignments dala.. e nisa welawa adui.. ikmanatama dannam..
ReplyDeletemekath lassanai. digatama liyanna. 10 n iwara karanna epa. :)
ReplyDeleteThank you chathura aiya.. :D
ReplyDelete