මං මගේ රස්තියාදු ගමන් වලට හරි ප්‍රසිද්ධයි. මගේ යාළු මිත්‍රාදීන් පවා යන පාරක්, හොඳ පොත් කඩයක්, හොඳ පොතක්, ලාබෙට කන්න තැනක්, වියදම් කරලා කන්න තැනක්, එකී මෙකී නොකී ගොඩක් දේවල් මගෙන් අහන්නේ මගේ රස්තියාදු ගමන් ගැන දන්න නිසාමයි. හැබයි ගොඩක් වෙලාවට මං රස්තියාදුවේ යන්නේ පොත් හොයාගෙන තමයි. අදත් ඔන්න කැම්පස් එකට ගිය ගමන් කරගත්ත වැඩේ කරගෙන වෙලාව ඉතුරු වුන නිසා පොඩි රස්තියාදුවක් දැම්මා. අද රස්තියාදුව දැම්මේ ගාමිණි හෝල් එක ලඟ තියෙන Bargain කඩ ටික පැත්තේ. .. එකෙන් සල්ලි එහෙම අරගෙන ඒ පැත්තට ගෑටුවා. අපෙ අම්මා දන්නවා නම් මාව උල තියනවා. මෙන්න මෙහෙමයි පටන් ගන්නේ.. "ඇයි ළමයෝ අර Book Fair ගිහිල්ලා ගෙනාපු පොත් ටික මදිද මං අහන්නේ? ඔය ළමයට දැන් විභාගයක් තියනවා නේද? පාඩම් කරන්න එහෙම කල්පනාවක් නැද්ද?... තව තව ජාති ගොඩාක්.. හරි අපේ අම්මා මට බනින විදිහ කිව්වා ඇති. මගේ රස්තියාදුව ගැන කියන්නම්කෝ. මුලින්ම ගියෙ වර්ණකුලසූරිය බුක් ශොප් එකට. එකේ හිටිය මහත්මයා බොහෝම උණුසුම් විදිහට මාව පිළිගත්තා. "එන්න මිස්, එන්න.. මොනවගේ පොත්ද බැලුවේ? සිංහල, ඉංග්‍රිසී අලුත් පොත් ගොඩාක් තියෙනවා..". ඒ පිළිගැ