ඔන්න ඉතින් මාත් මාස ගාණක් පෙරුම් පුරලා ඊයේ පොත් සල්පිළ බලන්න ගියා. උදේ නවයට ඇතුලට ගිය අපි එළියට ආවේ හවස හයට.. හිහිහි.. කොහොමද පොත් බැලිල්ල.. ;) මගේ චාරිකා ගැන නෙවෙයි මේ කියන්න යන්නේ.. තව යන අයගේ පහසුවට කරුණු ටිකක් කියන්න තමා හැදුවේ. මේ සැරේ වට්ටම් වලින් වැඩිම වට්ටම් දෙන්නේ විජේසූරිය ග්රන්ථ කේන්ද්‍රයෙන්. 30% ක වට්ටමක් ලැබෙනවා. රත්න පොත් ප්‍රකාශයන්ගෙනුත් 30% වට්ටමක් දෙනවා. ඊට පස්සේ ගුණසේන එකේ විවිධාකාරයේ වට්ටම් තියෙනවා. 10% සිට 25% දක්වා වට්ටම් සටහන් කරලා තිබුනා. සරසවී, විදර්ෂන, සුරස, සදීපා, දයාවංශ මේ හැමතැන 20% ක වට්ටම් තමා ලැබෙන්නේ. වෙන සැර වල පොතක් පබ්ලිශ් කරපු ආයතනයෙන් ඒ පොතට විෂේශ වට්ටම් වගේ දේවල් තිබුනට මේ පාර එහෙම විෂේශයක් නැ. කොයි තැනත් එක වගේ. හොඳම දේ තමන් හොයන පොත මුලින් විජේසුරිය එකේ තියෙනවද කියලා බලලා අනිත් තැන් වලට යන එක. හැබැයි විජේසූරිය එකේ නිදහසේ බලන්න නම් පොඩ්ඩක් කලින් යන්න වෙයි. ඇතුලට ගියි ගමන් ම ඒකට ගියත් පාඩු නැ සෙනඟ වැඩි වෙන්න කලින්. ඒක තියෙන්නේ B ශාලාවේ. අනිත් කාරණාව තමා අඩු මිලට පොත් ගන්න පුළුවන් second hand bookshops. K ශාලාවේ සම්පූර්ණයෙන්ම තියෙන්නේ එහෙම...
නුඹ තවම මසිතේ සිටියද
ReplyDeleteඅයිති නැති අයෙකි නුඹ මට
සරදමක් දෝ ප්‍රේමය
ජීවිතය නිතර රිදවන.. ....
ආදරය නිතරම අපිව රිදවනවා, ඒ උනාට අපි තව තවත් කැමති අදරයටම විතරය් ..අනේ මන්ද ඒ මොකද කියාලා........ලස්සනෛ නංගි ගොඩක්ම,ගොඩක් හිතට වදිනවා දිගටම ලියන්න
බොහෝම ස්තූතියි ශයන්ග අයියා.. ඒක ඇත්ත..අපේ ආදරේ නිතරම අපිව රිද්දනවා..ඒත් අපි අපේ වේදනාව පෙන්නේවත් නැත්තේ එයාට තියෙන ආදරය නිසාම තමා....
ReplyDeleteආදරේ කන්ද කලින් හිතන්න ඕනේ මේ පනිනේ ගින්දරකට කියාලා..
ReplyDeleteජය..
කිසිකෙනෙක් හිතලා ආදරේ කරන්නේ නැනේ..ඒක ඉබේම ඇතිවෙන දෙයක්.. :) එහෙම නේද?
ReplyDeleteලස්සන කවි සිතුවිල්ලක්.
ReplyDeleteබොහෝම ස්තූතියි අයියා.. ඕක කවියක් ම නෙවෙයි.. ;)
ReplyDelete//සරදමක් දෝ ප්‍රේමය
ReplyDeleteජීවිතය නිතර රිදවන..//
මටත් හිතෙන්නේ ඒකමයි...
"ආදරයෙන්...මං ලැබුවේ....කඳුල පමණ ද මේ ලෝකේ?????????"
ආදරය නෙවෙයි.. මන් හිතන්නේ නොලැබිම තමා අපිව අඬවන්නේ..
ReplyDelete