Posts

ඇවිත් යන්න මා බලන්න...

Image
නොනැවතීම ගැහෙනා මේ හදවත නවතියි දවසක එදාට මෙහි ඇවිත් යන්න නිසල මලක සුවඳ අරන්.... ඔබේ නමින් ගැහුනු හදේ හඬ සදහට නිවී ගියත් නිහඬ බවම සිහිකරාවි ඔබ රැඳි බව සදා හදේ.... ඇහින් ගලන එක කඳුළක් මගේ දෙකොපුල් මත තියන්න හීන් සැරෙන් සවන් පතට සමුගැනීමේ ගී ගයන්න... සොහොන් පිටියේ මිහිදන් කර ඉටිපහනක් තියා යන්න වරක් දෙකක් මෙහි ඇවිදින් තනිවුනු මා බලා යන්න...

පන්හිඳ නිසලයි...

Image
ඔබ නමින් පබඳින්න කවි ගීත ගොන්නක් අතට ගත් පන්හිඳ නොදැනීම ගිලිහුණා... බොළඳ මුත් හුරුබුහුටි කෑලි විසිරුණු හදේ පිබිදි සිතිවිලි ගොන්න කොහේදෝ පියඹලා... බලපොරොත්තු පොඳි බැඳන් ගෙතු කවි සිය ගණන් නොපෙනනා ඉසව්වක සැඟවෙලා තනිවෙලා .. අකාලේ පරවෙච්ච හීන මල් දෙස බලා ගොළු වෙච්ච පන්හිඳත් මියැදෙන්න ළං වෙලා...

ජීවිත එක්ක සෙල්ලම් හොඳ නැ යාළු..

Image
මම කාලෙකින් ලිපියක් ලිව්වේ නැ. කැම්පස් වැඩ නිසා ඒ හැමදේම මඟ ඇරුනා. ඒත් අද කාලෙකට පස්සේ ලිපියක් ලියන්න හිතුනා. එක වාගේම කතා කිහිපයක් තැන් කිහිපයක සිද්ද වෙනවා දැකලා. චරිත වෙනස්. සිද්ධීන් එක වගේ. සරළවම කියනවා නම් තමන්ගේ ජීවිතේ දුක නිවාගන්න නැත්නම් පාළුව නිවාගන්න තමන්ට ආදරේ කරන කෙනෙක් ගාවට වෙලා දුක කියනවා. ඒත් ඒ කෙනාට ආදරේ කරන්න ලෑස්ති නැ. මේකට පාදක වෙච්ච කතා කිහිපයක්ම තියෙනවා. ඒත් මම කතා දෙකක් විතරක් තෝරගත්තා. ඒ එකක් මගෙ යෙහෙළියකගේ බ්ලොගයේ ලියවුනු කතාවක්. ඒ මගේ හොඳම යෙහෙළියකගේ සැබෑ අත්දැකීමක්. එයාගේ පරණ පෙම්වතා ආයෙත් ජීවිතේට ඇවිත්. ඒත් ආයෙත් සම්බන්ධයක් පටන් ගන්න බැ, මොකද එයාට දැනටමත් වෙන ගැනු ලමයෙක් ඉන්නවා. ඒත් ඒ ගැනු ලමයට මෙයාව තේරුම් ගන්න බැ. එ නිසා දුක් විඳ විඳ තමා ඉන්නේ. එයාගේ පරණ පෙම්වතා කියන විදිහට එයාව තේරුම් ගන්න පුළුවන් එකම කෙනා මගේ යෙහෙළිය විතරයි. ඒත් එයාට එයාගේ දැන් තියෙන සම්බන්ධය නවත්තන්න බැ. මොකද ඒක ගෙවල් වලිනුත් කතා කරලා ඔක්කෝම ලැස්ති කරලා තියෙන්නෙ. ඒත් එයා කියන විදිහට කවදාවත් ඒ දෙන්න සතුටින් ඉන්න එකක් නැලු. අපි මේ සෙල්ලම් කරන්නේ ජීවිත එක්ක නේද? එයා ආයේ මගේ යෙහෙ...

දිනුම් මා අද...

Image

මම ඈතට වෙලාම ඉන්නවා.

Image
සිත හදාගෙන නික්ම යමි මම යළිත් ඔබ වෙත නො එමි සිතා ඇවැසි නම් ඔබට එන්න මා වෙත හිඳින්නේමි මඟ බල බලා.. කවදාක හෝ දැනුනොතින් තනිකමක් නොසිටින්න තනිවී හඬා එන්න මා වෙත වැළද ගන්නෙමි සෙනෙහසින් සුපුරුදු ලෙස මෙමා.. \

හඬන සිතුවිලි

Image
සත් සමුදුරු ගොඩ ගලන්න අඬන්න හැකි මට නුඹ එනවා නම්... නීල අහස ගුගුරුවන්න සුසුම්ලමි මන් නුඹ එනවා නම්.... පොළෝ තලේ හැපී වැළපෙමි සත් කුළු පව් මත වැළැපෙමි.. නුඹ එනවා නම් යලිත් වරක් නුඹ එනවා නම්...

හුදකලා කවි 1

Image
කොයිතරම් කිව්වත් යන්නම් කියලා යන්න බැ මට ඔබෙන් මිඳි ඔබ යන්න කිව්වට යන්නේ කොහොමද මම මගේ මුළු ජීවිතයම ඔබම පමණක් වෙනකොට .. යනවා නම් යන්න වෙන්නෙ ජීවිතෙන් මිඳි මට ඒත් තාමත් මම ආදරෙයි දිවියට යන්න බැ ඔබගෙන් සමුගෙන ...