පන්හිඳ නිසලයි...

ඔබ නමින් පබඳින්න කවි ගීත ගොන්නක් අතට ගත් පන්හිඳ නොදැනීම ගිලිහුණා... බොළඳ මුත් හුරුබුහුටි කෑලි විසිරුණු හදේ පිබිදි සිතිවිලි ගොන්න කොහේදෝ පියඹලා... බලපොරොත්තු පොඳි බැඳන් ගෙතු කවි සිය ගණන් නොපෙනනා ඉසව්වක සැඟවෙලා තනිවෙලා .. අකාලේ පරවෙච්ච හීන මල් දෙස බලා ගොළු වෙච්ච පන්හිඳත් මියැදෙන්න ළං වෙලා...