Posts

Showing posts from March, 2014

කිරිල්ලියකගේ විලාපය

Image
සිඳී බිඳී ගිය කැදැල්ලේ  පෙලී පෙලී මියැදෙනා අසරණ කිරිල්ලියකගේ විලාපය අසනු මැන.. බිඳෙන් බිඳ තැනූ හිතෙන් හිත බැඳී කැදැල්ලම සුළඟට ගසා ගෙන ගිහින්.. තටු කැඩී ඔත්පලව හිත බිඳී අනාථව වැතිරෙනා කිරිල්ලිගේ විලාපය අසනු මැන.. පොඳි බැන්ඳ හීන ගොඩ හොර රහසේ ඉගිලිලා ආදරෙන් පාට ගෑ සායමත් වියැකිලා තනිකමේ සුළි සුළඟ කඳුළු වැහි ගෙන එන්න අඳුරේ මියැදෙනා ඒ  කිරිල්ලිය ගෙන යන්න රැගෙන යනු මැන ඇයව තුරුළු කොට ආදරෙන් අවසාන විලාපය සුළඟේ පා කරවමින්....