Posts

Showing posts from October, 2012

~ආල සැඳෑව~

Image
සීත සැන්දෑවක  සිත මගේ ගී ගයන වෙලාවක.. අඳුර මැදින් සඳ කුමරුන් වඩින වෙලාවක.. මටත් හොරෙන් මගේ හිතට පිවිසි වෙලාවක... දුටුවා නේද  මගේ හිත නුඹ ආල සැඳෑවක.. පාද බැඳුනු මිණි කිංකිණි සැලුනු වෙලාවේ.. අතේ රැඳුනු වළළු ජෝඩු කැලඹි වෙලාවේ.. දෙනෙත් අඟින් නුරා බැලුම්  හෙලුනු වෙලාවේ.. ගියා නේද හිත අරගෙන ආල සැඳෑවේ.. සිතාරයෙන් වැයෙන තනුව හිත් අමුණනවා.. සිහින් සරින් ගැයෙන ගීය හැඟුම් මවනවා.. නාද හඬට නැටෙන පාද එකට ගැටෙනවා.. හැමට හොරෙන් කුමරුන් මගේ ලොවට වඩිනවා.. තාල සොයන නාද රටා ඔහේ තියෙද්දෙන්... ස්වර අල්ලන මිහිරි තනුව ඔහේ ගැයෙද්දෙන්.. නාද හඬට තැබෙන පාද ඔහේ නැටෙද්දෙන්.. ආල සැඳෑවම අප දෙස බලා හිඳෙද්දෙන්... ප.ලි : හිතට ආපු වචන පෙළක් කවියක් කලා.. කොහොම දැනෙයිද දන්නේ නැ.. ඔන්න විරහා කවි එපා අයට නිකන් ඔහේ කවියක් ලිව්වා... බලාපොරොත්තුවේ කවක්.. :) හෙට මම මගේ යාලුවෙක්ගේ ගෙදර යනවා ලඟ එන විභාගයට පාඩම් කරන්න. අදින් නිවාඩුව ඉවරයි. ලබන 25 විභගේ පටන ගන්නවා. ඒ වෙනකන් ඔයාලගේ පොස්ට් කියවන්න පුලුවන් වුනත් කමෙන්ට් කරන එක නම් අඩු වෙයි. ඒ වගේ අලුත් පොස්ට් දාන එකත් අඩු වෙය

මේ හදවත කුමක් කරන්නද?

Image
මායාවක් සිදුවෙන බව දැනේ.. එය මා උමතු කරවයි.. කිසිවක් මතකයට නැඟේ.. කිසිවක් අමතක වේ... කුමක් කරන්නද, කුමක් නොකරන්නද.. මේ හදවත කුමක් කරන්නද.. හදවත හරිම මුරණ්ඩුයි. ඇස් දෙකට පෙනෙන මොළයට දැනෙන යතාර්ථය පිළිගන්න හරිම අකැමැතියි. සිහිනයක් පසුපස, නැ..සිහිනයක් නොවේ.. මිරිඟුවක් පසුපස හඹා යනවා.. මොකද හීන සමහර වෙලාවට ඉටු වෙන්න පුළුවන්.. නමුත් මිරිඟුවක් කවදාවත් සැබෑ වෙන්නේ නැ.. අන්න ඒ වගේ සැබෑ නොවෙන මිරිඟුවක් තමා ආදරය කියලා කියනනේ..  හැමෝටම අදාල දෙයක් නොවේ.. නමුත් සමහර ජීවිත වලට අදාල දෙයක්..  ජිවිතේ එකම එක පාරක් විතරයි හදවතේ විශාල ආදරයක් ඇති වෙන්නේ.. මේකට සමහරු එකඟ නොවෙන්න පුළුවන්..ඒත් තමන්ගේ හිතින් අහලා බලන්න මෙතෙක් කල් තමන් ආදරේ කරපු චරිත අතුරින් ආයේ ජීවිතේට එනවා නම් කියලා හිතෙන චරිතය කවුද කියලා.. සමහර විට ඒ චරිතය ඔබේ පළමුවෙනි ආදරය වෙන්න පුළුවන්..එහෙම නැත්නම් දැනට ඔබේ ජීවිතේට ලැබුනු ආදරේ වෙන්න පුළුවන්.. බය වෙන්න එපා.. දැනට ආදරයක් ලැබෙද්දි ඔබේ මතකයට ආපු චරිතය එයා නොවුනා කියලා.එකේ අදහස ඔබ දැන් ආදරයට ආදරේ නැ කියන එක නෙවෙයි.. නමුත් අර මං කිව්ව ජීවිතේට එක පාරක්ම ඇති වෙන ඒ කිසිදාක අමතක කළ

මගේ පැතුම ඔබ වෙනුවෙන්..

Image
ඔබේ අසලින්ම හිඳ කනට කර මුමුණන්න සිහිනයක් තිබුනා මට කිසිදා සෑබැ නොවෙන.. පුංචි පුංචි රැවුල් කොට වැවුනු ඔබේ කම්මුල් දෝතින්ම අල්ලා සිනිඳුවට සිපගන්න නළලත... නිදිකිරා වැටෙන විට දඟකාර කෙස් වටා ඇඟිලි පටලවා ඉන්න සෙමින් හිස පිරිමදින්න.. හීන කන්දක් හිත පුරෝගෙන හවස ඔබ එන සැටි දකින්න සිහිනයක් තිබුනා මට හදවතේ හැංගී කොනක සිහිනයන් සිහිනමයි මතකයන් පමණකි ඉතිරි සුභ පැතුම් හෙට දිනට සදා සතුටින් ඉන්න.. "කිසිදාක වේදනා ඔබේ හදට නොදැනෙන්න කඳුළු බිඳු කිසිදාක නුඹේ නෙතට නොනැඟෙන්න තබන හැම පියවරක ජය හඬම පැතිරෙන්න සදා සතුටින් ඉන්න පතමි මම හැමදාක.." "There is no punishment or disgrace when you love someone unconditionally."

~දොරකඩ ලඟ~

Image
මන්දාරාම් වැහි වැටෙනා සීත සැන්දෑවක තනියම දොරකඩ ලඟ මං උන්නා පාර හොයන් ඒවී සිතා.. කීරී ගැහෙන හිත අද්දර හඬා වැටෙන පැතුම් පොඳිය ගුලි කරගෙන බලා උන්නා ඔබ ආයෙත් ඒවී සිතා.. අමාවකේ අහස් කුසේ සඳේ එළිය කවුද සෙව්වේ පාලු වෙච්ච සොහොන් පිටියේ සිහින මැඳුරු කවුද තැනුවේ.. අමාවකේ අහස වගේ ඔබ බැස ගිය මගේ දිවිය සොහොන් පිටියේ සිහින වගේ හිතේ රැඳුනු හීන පොඳිය.. හිත අරගෙන ඔබ ගිහිල්ලා දැන් බෝ කල් ගෙවී ගොසින් මකුළු දැලින් සැඟවී ගිය දොරකඩ ලඟ මං තාමත්.. "වින්දනීය ආදරය වේදනාවක් නොවන්නට.."