Posts

Showing posts from November, 2011

හඬන සිතුවිලි

Image
සත් සමුදුරු ගොඩ ගලන්න අඬන්න හැකි මට නුඹ එනවා නම්... නීල අහස ගුගුරුවන්න සුසුම්ලමි මන් නුඹ එනවා නම්.... පොළෝ තලේ හැපී වැළපෙමි සත් කුළු පව් මත වැළැපෙමි.. නුඹ එනවා නම් යලිත් වරක් නුඹ එනවා නම්...

හුදකලා කවි 1

Image
කොයිතරම් කිව්වත් යන්නම් කියලා යන්න බැ මට ඔබෙන් මිඳි ඔබ යන්න කිව්වට යන්නේ කොහොමද මම මගේ මුළු ජීවිතයම ඔබම පමණක් වෙනකොට .. යනවා නම් යන්න වෙන්නෙ ජීවිතෙන් මිඳි මට ඒත් තාමත් මම ආදරෙයි දිවියට යන්න බැ ඔබගෙන් සමුගෙන ...

කැම්පස් එකෙන් ඇහුණු කතා 1

Image
අද නම් මම කියන්න යන කතාව ලෙක්චස් යන්නේ නැතුව කැන්ටිමට වෙලා අල වෙලා හිටපු වෙලාවක ඇහුණු එකක්. මට වුණු ඒවා එහෙම නෙවෙයි ඕන් ඇහ්.. ඔන්න ඉතින් අපේ කොල්ලෙක් කැම්පස් ආපු අලුතම වගේ තව යාළුවෙකුත් එක්ක [යාළුවා කෙල්ලෙක් මයේ හිතේ] පීසා කන්න කියලා හිතාගෙන පීසා හට් එකක් පැත්තේ ගියාලු. මෙයා ඉතින් කොළඹ ලඟ පාතකවත් නෙවෙයි. අපි කියනවා වගේ ඩොටේ ඩොට් ඩොට් පැත්තකින් ආපු කෙනෙක්. කවදාවත් කාලා නැති නිසා ආසා හිතුනලු පීසා කන්න. ඉතින් දැන් දෙන්නා එක්ක පීසා හට් එකකට ගිහින් ඇඹරි ඇඹරි ඉන්නවලු. මෙහෙම ඉන්නකොට ඕකේ වැඩ කරන බුවෙක් දැකලා එයාට තේරුනාලු මේ මුලින්ම හා හපුරා කියල පීසා හට් එකකට පය ගහපු දෙන්නෙක් තමයි කියල. ඒ නිසා මිනිහා කිට්ටු වෙලා ඇහුව්වලු " මොනාද මල්ලි වෙන්න ඕනේ" කියලා.. ටිකක් වෙලා එහෙ මෙහෙ බල බල හිටපු අපේ පොර කිව්වලු.. "අයියා අපිට පීසා හට් එකක් කන්න පුලුවන්ද?" "මල්ලි පීසා එකක් නම් දෙන්නම්.. හට් එක නම් බැ.. මේක රෙන්ට් එකට අරන් තියෙන්නෙ" කියල තමයිලු පීසා හට් එකේ බුවා උත්තර දීලා තියෙන්නෙ ඕන්..

~සුභ උපන්දිනක් තාත්තා~ Happy Birthday dad~

Image
සඳ ගිලුනු අමාවකේ පාර පෙන්වූ තරු එළිය ඔබයි මට තාත්තේ සදාකල් දිදුලනා දිය නොමැති මරු කතරේ වැටුණු එකම දිය බිඳුව ඔබයි මට තාත්තේ සදා ජීවය දෙනා වියැළෙනා ගිම්හානේ වැටුණු එකම දිය බිඳුව ඔබය මට තාත්තේ සදා සිසිලස දෙනා ඔබම ජීවය දුනි ඔබම වීරිය දුනි සදාකල් මගේ දිවියේ වීරය ඔබ වුනි.... අද මගේ තාත්තාගේ උපන්දිනය. මේ ලොකේ ඉන්න හොඳ ම මනුස්සයා තාත්තා නොවෙන්න පුළුවන්. ඒත් මට නම් මේ ලොකේ ඉන්න හොඳ ම තාත්තා මගේ තාත්තා. තාත්තා අපිට සැර කරනවා. බනිනවා. ඒත් ඒ හැමදෙයක්ම පිටිපස්සේ තියෙන්නේ අපිට කරදරයක් නොවි බලාගැනිමේ බලාපොරොත්තුව. අපිට වැටෙන්න දෙන්න තාත්තා කැමති නැ. අපි දුක් වෙනවා බලන්න තාත්තා කැමති නැ. අපි ජීවිතේ හැමදාම සතුටින් ඉන්නවා බලන්න තමා තාත්තට ඕනේ. මම අද නීති පීඨය ඇතුලේ ඉන්නේත් මගේ තාත්තා නිසා. තාත්තාගේ ආසවයි මඟ පෙන්වීමයි නැති වුනා නම් මම නීතිය ඉගෙන ගන්නේ නැ. ඒ හැමදේකටම ස්තූතියි තාත්තා. ආදරේයි තාත්තට හැමදාම.   Today is my father's birthday. He may not the best person in the world but for me he is the best father in whole world. I'm here because of him. Because of his guidance

~සඟවන්න බැ මට~

Image
සිත සඟවන්න තැත් කලා මම හැකි උපරිමෙන් වෙර දරා... නුඹේ සිනහව දකින හැමවිට සතුට ඉපිලෙයි හද පුරා.. කෙලස සඟවමි ඒ සතුට මම නෙත් වලින් යයි උතුරලා...

පියැවුනු නෙත් අසල

Image
විවර වූ නෙත් පියාපත් වසා ගන්නෙමි තදින් නොවේ දකිනට නොරිසි නුඹේ ඔය මුව මඬල... ඇරුණු නෙත් වලට මගේ දුරයි නුඹ බෝ දුරයි වසා ගත් නෙත් අසල රැඳේ නුඹ මා ලඟයි...

නුඹේ සිනා ලඟ පැරදුනු තව දිනක්..

Image
ආයාසයෙන් හදා ගත් සිත එක් සැණින් සසල කරනට හැකි වුයේ කෙලෙසක නුඹේ ඔය රුවට...... සිනා නොවුනත් ඔබ නොබැලුවත් මා දෙස යළි යළිත් මගේ සිත නුඹ ලඟ ම නැවතිලා... සති ගණන් වැර දරා නුඹෙන් මුදවනා සිත කාන්දමකට හසු වූ යකඩයකි නුඹ අසල..... වරින් වරන් මගේ සිත පැහරගෙන යන්නේ කිම එපා නම් නුඹට සිත දෙන්න එය යළි මටම... තරහා නැ මම තවම ආදරෙයි එක සිතින් රිදවන්න ඇති තරම් භාර ගමි සෙනෙහසින්.... නුඹ නොදෙන හින්දා සිනා කැන් මා මුවට කඳුළු වුව කම් නැත නුඹ නමින් සල්ලනෙමි.... දහක් දුක් සඟවා හදේ නොපෙනෙන තැනක සිනා වෙමි ලොවට මම නුඹට දොස් වේ සිතා.. සිත හඬයි රෑ දිවා නමුදු පළයක් නැති දනිමි මම මෝඩියෙකි නුඹට සිත දන් දුනි...  නුඹේ සිනා ලඟ පැරදුනු තව දිනක් සනිටුහන් කරමි මම නොනවතින කඳුළින්..

මන්දාරම් වැහි.. පස්වෙනි කොටස

Image
නිර්මාල් බැංකුවේ දොරින් ඇතුළට එනවා මම බලාන් උන්නා. එදා බයිසිකලේ ආවට පස්සේ මාස ගානක් ගියත් එයා ආයේ මාත් එක්ක කතා කලේ නැ. මාව එදා එක්කන් ආවා කියලා ලලි අක්කට කියලා තිබුනෙත් නැ. මට එයාව තේරුම් ගන්න බැ. කට වහගෙන විනාඩියක් ඉන්න බැරි කෙනෙක් කොහොමද මෙහෙම කට වහගෙන ඉන්නේ? අඩුම ගාණේ පුංචි විහිළුවක් වත් නොකර ඉන්නේ කොහොමද? මම එදා එයා එක්ක හොඳට කතා කලානේ. මගේ හිතේ තරහක් නැ කියලා එයා දන්නවනේ. ඒත් ඇයි කතා නොකර ඉන්නේ? මගේ හිත ඇතුළේ ප්‍රශ්න ගොඩාක්.. ඒත් උත්තර දන්නේ එයාම තමයි. "මොනාද බන් මේ මහ දවල් හොල්මනක් දැක්කා වගේ කල්පනා කරන්නේ?" " ම්ම්ම්... මුකුත් නැ අමාලි.. " "මුකුත්ම නැති වෙන්න බැ.. මන් දැක්කා කා දිහාද බලන් ඉන්නේ කියලා.. " මගේ ඇඟම සීතල වෙලා ගියා. දෙයියනේ දැන් මේ කෙල්ල මන් ගැන මොනවා හිතයිද දන්නේ නැ. "මැනේජර් දිහා බලාගෙන හිතුවේ අද කලින් පනින්න නේද?" කොමළ හිනාවක් දාගෙන අමාලි කිව්වා. "ආහ්... " සැනසුම් සුසුමක් නොදැනීම පිටවුණා. "නෑ අනේ මම මේ කල්පනා කලේ මල්ලිගේ උපන් දිනේ අද..එයාට මොනවද දෙන්නේ කියලා.. " කටට ආපු පළවෙනිම

නොමියන සිහිනය

Image
දෙන්නට හැකිනම් ඔබට එකම එක දවසකට හඬා වැටෙනා මගේ නෙත් දකීවී නුඹ කොතරම් වටිනවාදැයි නුඹව මට පිවිසෙන්න හැකිනම් ඔබට එකම එක සැරයක් ගල් වෙච්ච මගේ හිතට දකීවී නුඹ පිරී තිබෙනා මගේ හද නුඹ නමින් ම වෙන්නට හැකිනම් ඔබට එකම එක වාරයක් හුදකලා මගේ සිතුවිල්ලක් පෙනේවී නුඹට සිතුවිලි අරක් කරගත් නුඹේ මතක වෙන්නට හැකිනම් ඔබට එකම එක මොහොතකට මගේම විතරක් ලෝකයෙන්ම දැනේවි නුඹට සිත පුරා ගලා හැලෙනා සොඳුරු පෙම දකින්නට හැකිනම් ඔබට එකම එක වරක් ලොවම මාගේ නෙත් තුලින් නුඹටම පෙනේවී නුඹව සදා නොමියන සිහිනය ලෙසින්..