Posts

Showing posts from 2012

ගඟක් මලක් සහ බඹරෙක්...

Image
ගඟට පෙම් බැඳි මලකට ආදරය කරන බඹරෙක්...

බඹරා මලට ආදරෙයි.. මල ගඟට ආදරෙයි.. ගඟ මලට ආදරේ නැ.. මල බඹරාට ආදරේ නැ.. මල ගඟ පතනවා.. බඹරා මල පතනවා.. මලට බඹරාගේ ආදරේ දැනෙන්නේ නැ.. ගඟට මලේ ආලය දැනෙන්නේ නැ..
මල අසරණයි.. ගඟ අසරණයි.. බඹරිඳු අසරණයි..

මල් ගොඩාක් වැටෙන ගං දියට..මේ මලත් තවත් එක් මලක් විතරමයි... 
බඹරු දහක් කැරකෙන මේ මලට... මේ බඹරත් තව එක් බඹරෙක් විතරමයි..
මල අයිති බඹරුන්ට.. මල බඹරාට ආදරේ කරන්න.. හැමෝම එහෙම කිව්වට.. ආදරේ කියන්නේ තීරණයක්ද.. ?? මල ආදරේ ගඟට.. ඇයි එහෙනම් ගඟට බැරි මලට ආදරේ කරන්න..?? 

මල බඹරාට ආදරේ නැ වගේම ගඟ මලට ආදරේ නැ..


මල බලා ඉන්නවා.. මලට තේරෙනවා.. මල නිහඬව බලා ඉන්නවා..

ආදරය තීරණයක් නෙවී.. ආදරය හිමි කරගැනීමම නෙවී.. ආදරය හැඟීමක්.. මල ගඟට බනින්නේ නැ.. බඹරා මලට බනිනවද.. මල දන්නේ නැ.. ගඟ නිසොල්මනේ ගලා යනවා.. මලෙන් ඈතට ඈතට ගලා යනවා.. නිහඬව ම.. මලට ප්‍රශ්න රැසයි.. ගඟ නිහඬයි.. ගඟ නපුරුයි.. නැ.. නිහඬතාවය නපුරු විදිහට මල වට කරගෙන.. ගඟ නිසොල්මනේ දුර යනවා.. 


ඔබත් දුර යන්න.. මල බඹරාට කියනවා.. බඹරා අහයිද?? මල දන්නේ නැ.. මල නිහඬයි... 

මල බලා ඉන්නවා.. ඇයි?? මොකටද?? මල දන්නේ නැ.. මල නිහඬව නිසොල්මනේ ම…

~ආල සැඳෑව~

Image
සීත සැන්දෑවක 
සිත මගේ ගී
ගයන වෙලාවක..
අඳුර මැදින්
සඳ කුමරුන්
වඩින වෙලාවක..
මටත් හොරෙන්
මගේ හිතට
පිවිසි වෙලාවක...
දුටුවා නේද 
මගේ හිත නුඹ
ආල සැඳෑවක..

පාද බැඳුනු
මිණි කිංකිණි
සැලුනු වෙලාවේ..
අතේ රැඳුනු
වළළු ජෝඩු
කැලඹි වෙලාවේ..
දෙනෙත් අඟින්
නුරා බැලුම් 
හෙලුනු වෙලාවේ..
ගියා නේද
හිත අරගෙන
ආල සැඳෑවේ..

සිතාරයෙන්
වැයෙන තනුව
හිත් අමුණනවා..
සිහින් සරින්
ගැයෙන ගීය
හැඟුම් මවනවා..
නාද හඬට
නැටෙන පාද
එකට ගැටෙනවා..
හැමට හොරෙන්
කුමරුන් මගේ
ලොවට වඩිනවා..

තාල සොයන
නාද රටා
ඔහේ තියෙද්දෙන්...
ස්වර අල්ලන
මිහිරි තනුව
ඔහේ ගැයෙද්දෙන්..
නාද හඬට
තැබෙන පාද
ඔහේ නැටෙද්දෙන්..
ආල සැඳෑවම
අප දෙස
බලා හිඳෙද්දෙන්...

ප.ලි : හිතට ආපු වචන පෙළක් කවියක් කලා.. කොහොම දැනෙයිද දන්නේ නැ.. ඔන්න විරහා කවි එපා අයට නිකන් ඔහේ කවියක් ලිව්වා... බලාපොරොත්තුවේ කවක්.. :)
හෙට මම මගේ යාලුවෙක්ගේ ගෙදර යනවා ලඟ එන විභාගයට පාඩම් කරන්න. අදින් නිවාඩුව ඉවරයි. ලබන 25 විභගේ පටන ගන්නවා. ඒ වෙනකන් ඔයාලගේ පොස්ට් කියවන්න පුලුවන් වුනත් කමෙන්ට් කරන එක නම් අඩු වෙයි. ඒ වගේ අලුත් පොස්ට් දාන එකත් අඩු වෙයි. සති තුනක් විතර යනකන් විභාගය හෙවත් අභාගයට මම මුහුණ දෙනවා. ඒ නිසා ගැත්තීට අනුකම්පා කරන සේක්වා.. හිහි.. ජය වේ…

මේ හදවත කුමක් කරන්නද?

Image
මායාවක් සිදුවෙන බව දැනේ..
එය මා උමතු කරවයි..
කිසිවක් මතකයට නැඟේ..
කිසිවක් අමතක වේ...
කුමක් කරන්නද, කුමක් නොකරන්නද..
මේ හදවත කුමක් කරන්නද..


හදවත හරිම මුරණ්ඩුයි. ඇස් දෙකට පෙනෙන මොළයට දැනෙන යතාර්ථය පිළිගන්න හරිම අකැමැතියි. සිහිනයක් පසුපස, නැ..සිහිනයක් නොවේ.. මිරිඟුවක් පසුපස හඹා යනවා.. මොකද හීන සමහර වෙලාවට ඉටු වෙන්න පුළුවන්.. නමුත් මිරිඟුවක් කවදාවත් සැබෑ වෙන්නේ නැ.. අන්න ඒ වගේ සැබෑ නොවෙන මිරිඟුවක් තමා ආදරය කියලා කියනනේ.. 

හැමෝටම අදාල දෙයක් නොවේ.. නමුත් සමහර ජීවිත වලට අදාල දෙයක්.. 

ජිවිතේ එකම එක පාරක් විතරයි හදවතේ විශාල ආදරයක් ඇති වෙන්නේ.. මේකට සමහරු එකඟ නොවෙන්න පුළුවන්..ඒත් තමන්ගේ හිතින් අහලා බලන්න මෙතෙක් කල් තමන් ආදරේ කරපු චරිත අතුරින් ආයේ ජීවිතේට එනවා නම් කියලා හිතෙන චරිතය කවුද කියලා.. සමහර විට ඒ චරිතය ඔබේ පළමුවෙනි ආදරය වෙන්න පුළුවන්..එහෙම නැත්නම් දැනට ඔබේ ජීවිතේට ලැබුනු ආදරේ වෙන්න පුළුවන්.. බය වෙන්න එපා.. දැනට ආදරයක් ලැබෙද්දි ඔබේ මතකයට ආපු චරිතය එයා නොවුනා කියලා.එකේ අදහස ඔබ දැන් ආදරයට ආදරේ නැ කියන එක නෙවෙයි.. නමුත් අර මං කිව්ව ජීවිතේට එක පාරක්ම ඇති වෙන ඒ කිසිදාක අමතක කළ නොහැකි ආදරය තමා ඒ චරිතය…

මගේ පැතුම ඔබ වෙනුවෙන්..

Image
ඔබේ අසලින්ම හිඳ
කනට කර මුමුණන්න
සිහිනයක් තිබුනා මට
කිසිදා සෑබැ නොවෙන..

පුංචි පුංචි රැවුල් කොට
වැවුනු ඔබේ කම්මුල්
දෝතින්ම අල්ලා සිනිඳුවට
සිපගන්න නළලත...

නිදිකිරා වැටෙන විට
දඟකාර කෙස් වටා
ඇඟිලි පටලවා ඉන්න
සෙමින් හිස පිරිමදින්න..

හීන කන්දක් හිත පුරෝගෙන
හවස ඔබ එන සැටි දකින්න
සිහිනයක් තිබුනා මට
හදවතේ හැංගී කොනක

සිහිනයන් සිහිනමයි
මතකයන් පමණකි ඉතිරි
සුභ පැතුම් හෙට දිනට
සදා සතුටින් ඉන්න..


"කිසිදාක වේදනා
ඔබේ හදට නොදැනෙන්න
කඳුළු බිඳු කිසිදාක
නුඹේ නෙතට නොනැඟෙන්න
තබන හැම පියවරක
ජය හඬම පැතිරෙන්න
සදා සතුටින් ඉන්න
පතමි මම හැමදාක.."

"There is no punishment or disgrace when you love someone unconditionally."



~දොරකඩ ලඟ~

Image
මන්දාරාම් වැහි වැටෙනා
සීත සැන්දෑවක තනියම
දොරකඩ ලඟ මං උන්නා
පාර හොයන් ඒවී සිතා..

කීරී ගැහෙන හිත අද්දර
හඬා වැටෙන පැතුම් පොඳිය
ගුලි කරගෙන බලා උන්නා
ඔබ ආයෙත් ඒවී සිතා..


අමාවකේ අහස් කුසේ
සඳේ එළිය කවුද සෙව්වේ
පාලු වෙච්ච සොහොන් පිටියේ
සිහින මැඳුරු කවුද තැනුවේ..



අමාවකේ අහස වගේ
ඔබ බැස ගිය මගේ දිවිය
සොහොන් පිටියේ සිහින වගේ
හිතේ රැඳුනු හීන පොඳිය..


හිත අරගෙන ඔබ ගිහිල්ලා
දැන් බෝ කල් ගෙවී ගොසින්
මකුළු දැලින් සැඟවී ගිය
දොරකඩ ලඟ මං තාමත්..

"වින්දනීය ආදරය වේදනාවක් නොවන්නට.."

පොත් සවාරි යනවදෝ..

Image
ඔන්න ඉතින් මාත් මාස ගාණක් පෙරුම් පුරලා ඊයේ පොත් සල්පිළ බලන්න ගියා. උදේ නවයට ඇතුලට ගිය අපි එළියට ආවේ හවස හයට.. හිහිහි.. කොහොමද පොත් බැලිල්ල.. ;)
මගේ චාරිකා ගැන නෙවෙයි මේ කියන්න යන්නේ.. තව යන අයගේ පහසුවට කරුණු ටිකක් කියන්න තමා හැදුවේ.

මේ සැරේ වට්ටම් වලින් වැඩිම වට්ටම් දෙන්නේ විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රයෙන්. 30% ක වට්ටමක් ලැබෙනවා. රත්න පොත් ප්‍රකාශයන්ගෙනුත් 30% වට්ටමක් දෙනවා. ඊට පස්සේ ගුණසේන එකේ විවිධාකාරයේ වට්ටම් තියෙනවා. 10% සිට 25% දක්වා වට්ටම් සටහන් කරලා තිබුනා. සරසවී, විදර්ෂන, සුරස, සදීපා, දයාවංශ මේ හැමතැන 20% ක වට්ටම් තමා ලැබෙන්නේ. වෙන සැර වල පොතක් පබ්ලිශ් කරපු ආයතනයෙන් ඒ පොතට විෂේශ වට්ටම් වගේ දේවල් තිබුනට මේ පාර එහෙම විෂේශයක් නැ. කොයි තැනත් එක වගේ. හොඳම දේ තමන් හොයන පොත මුලින් විජේසුරිය එකේ තියෙනවද කියලා බලලා අනිත් තැන් වලට යන එක. හැබැයි විජේසූරිය එකේ නිදහසේ බලන්න නම් පොඩ්ඩක් කලින් යන්න වෙයි. ඇතුලට ගියි ගමන් ම ඒකට ගියත් පාඩු නැ සෙනඟ වැඩි වෙන්න කලින්. ඒක තියෙන්නේ B ශාලාවේ.

අනිත් කාරණාව තමා අඩු මිලට පොත් ගන්න පුළුවන් second hand bookshops. K ශාලාවේ සම්පූර්ණයෙන්ම තියෙන්නේ එහෙම පොත් සැල්.…

~හදිසි අනතුර~

Image
"තමුසේ ඕකී එක්ක ගියොත් මම මැරෙනවා.. "

"ඉතින් මැරෙන්න බැරි ඕනේ එකක් කරගනින්.. මන් පුළුවන් ඉක්මනට ඩිවෝස් වෙනවා.."

හැමදාමත් වගේ එදත් සේනක ගෙදරින් එළියට බැස්සේ තරහින්. සේනකගේ කාර් එක දිහා තවත් ටිකක් වෙලා බලාගෙන හිටිය නිලූ පුළුවන් තරම් වෙර දමා දොර වැසුවේ හිතේ පුපුරන කේන්තියට දොර පළි වගේ. මහ හයියෙන් වැසුණු දොරේ ශබ්දයෙන් සේනකත් ගැස්සුණේ ය.

තරහින් පුපුරමින් නිදන කාමරයට ගිය නිලූ ඇඳ උඩ ඉඳ ගත්තේ ඇස් දෙකේ කඳුළු පුරෝගෙන. හැමදාමත් නිලූ කරන දේ තමා තනියම අඬන එක. ඇස් දෙකෙන් බේරිලා කම්මුල් දිගේ රූටගෙන වැටෙන කඳුළු පිහිදාන්නවත් ඇයට සිත් නොවුණි.. ආදරයෙන් හදා ගත්ත කූඩුව කැඩිලා විසිරිලා යන්න හදනකොට කාටද බලාගෙන ඉන්න පුළුවන්. මේ සේරම අමාලි නිසා. ඇයට හිතුණි. අමාලි සේනකගේ කලින් පෙම්වතිය. 

"සේනක අමාලිට ගොඩාක් ආදරේ කරපු බව ඇත්ත. ඒත් දැන් එයා තේරුම් ගන්න ඕනේ තමන් බැඳපු මිනිහෙක් බව. එක්කෝ මට අකමැති නම් මාව නොබැඳ ඉන්න තිබුණා." 

නිලූට එහෙම හිතුණ වාර අනන්තයි. අමාලි ආයේ සේනකගේ ජීවිතේට ආවේ සේනකවත් නිලූ වත් බලාපොරොත්තු නොවුන විදිහට. සේනකගේ කාර්යාලයේ ම වැඩ කරන්න ගත්තට පස්සේ එයලාගේ ආදරය ආයෙත් දළුලන…

බාබායිගා ආච්චි වෙත ආදරයෙන් ලියමි

Image
බාබයිගා ආච්චි,
ලස්සන වසීලිස්සා බාරේ,
කුකුල් කකුල උඩ ගෙදර,
අඳුරු කැලෑව,
රැසියාව.
සෙත් වේවා..!!!

ආදරණීය බාබායිගා ආච්චියේ,

කොහොමද ඉතින් සැප දුක්? ආච්චි දැන් හොඳටම ලෙඩ වෙලාලු නේද.. මට වසීලිස්සා කිව්වා දැන් ආච්චිට කන්න කියලා දෙයක් වත් කැලෑවේ නැ කියලා..අච්චිට රුසියන්කාරයෝම කාලා එපා වෙලා ඇති නේද? මට වසීලිස්සා ඔය ගැන කියද්දී ආච්චි ගැන දුක හිතිලා කඳුළු සට සට ගාලා වැටෙන්න ගත්තා. සත්තයි.. ඒ නිසාම තමා ආච්චිට මේ ලියුම ලියන්න හිතුවේ. 

ආච්චියේ මෙහෙ ඉන්නවා හොඳ මස් පර්වත දෙකක්. ඒ දෙන්නා කෑවොත් නම් ආච්චිට ටක්කෙට සනීප වෙනවා. වෙන මුකුත් හින්ද නෙවෙයි උන් කාලා තියෙන ජාති හින්දා.  ඉතින් මේ දෙන්නා ව ආච්චි කෑවොත් එයලා කලා තියෙන ඒවාත් ආච්චිගේ බඩටනේ. හරියට ඒක සර්පයා ගෙම්බව කනවා, උකුස්සා සර්පයාව කනවා වගේ. එතකොට ගෙම්බත් උකුස්සගෙ බඩේ. 

නිකන් හිතන්න ආච්චිට දැන ඉගෙන ගන්න වයසත් පැනලා තියෙන එකේ අධ්‍යාපන ලබා ගන්න විදිහක් නැනේ. ඒ නිසා මෙහෙ අධ්‍යාපනයි, උසස් අධ්‍යාපනයයි කියලා ජාති දෙක කාපු මේ දෙන්නව ආච්චි කන්න. ඔය කියපු ජාති දෙක මහා ගොඩාක් වටිනවලු නොවැ. ආච්චි ආච්චිගේ වංගෙඩිය උඩ නැඟලා මොල් ගහෙන් කොට කොට අහසින් ඇවිල්ලා මේ දෙන්නව එක …

~නොනිදන රැය~

Image
මල් පෙති ගිලිහෙනා විට එකිනෙක තඹර
නින්දට වැටෙන විට මත් වූ කැල බඹර
දියත ම වසාගෙන පැතිරෙන විට අඳුර
නුඹ ඒ මවෙත දුල කරමින් සිත් අඹර

තුරුවැල් නැලවේවී වැද නුඹගේ සුසුම
දිවි තොර වේද දැක නුඹ රූ කොඳ කුසුම
හැම මල් සුවඳ පරදයි නුඹගේ පුසුඹ
සතුටකි සැනසුමකි මට නුඹ හා විසුම

නුඹගේ දෙපා මුල සත් මහ දෙව් සැපත
නුඹගේ සිසිලසින් මා හද ගිම් නිවෙත
නුඹ රූ දෙනයනට අමයුරු පැන් ගෙනෙත
රැජිණිය නුඹ ම වේ දැහැනේ සිල් බිඳෙත

අඳුරු සළුව විසිරේ නුබ සයන පුරා
මුතු පොට කැඩී නුඹ වට කර සිටින නුරා
දෙනයන කැල්ම විහිදේ නුඹේ සුවඳ උරා
මත් බිඟු මම වෙමි නොනිදන මෙරැය පුරා


මේ මම 2008දී ලියපු එකක්. උසස් පෙළ කේවල් ව්‍යාපෘතිය විදිහට මම කළේ කවි සංග්‍රහයක්. පොත් රාක්කේ අස් කරනකොට ඒ පොත ආයේ හම්බු වුනා.

ඔබත් අනවශ්‍ය ලෙස දරුවන්ගේ ජීවිත වලට බලපෑම් කරන අයෙක්ද??

Image
මේ මාතෘකාවට අදාළව ලිපියක් පළ කරන්නට බොහෝ කලක සිට සිතාගෙන සිටියද ඊට නිසි අදහසක් මා තුළ නොතිබුණි. ඊට හේතුව මා තවමත් දෙමව්පියන් යන භූමිකාව රඟ පා නැති වීමත් දෙමාපිය දූදරු සම්බන්ධය දෙමාපිය කෝණයෙන් කෙසේද යන්න මා නොදැන සීටිමත් ය. නමුත් අවුරුදු 22 ක ජීවිත කාලය තුළ [මහ ලොකු කාලයක් නෙවෙයි] අහලා දැකලා අත්විඳලා තියෙන දේවල් දිහා බැලුවාම මටත් පොඩි පොඩි දේවල් ටිකක් කියන්න පුළුවන් වෙයි දෙමාපිය දූදරු සම්බන්ධය ගැන. ඔබත් ඔබේ දරුවාගේ ජීවිතයට අනවශ්‍ය ලෙස බලපෑම් කරනවාද?? එහෙනම් මේ ලිපිය ඔබට සිතන්නට යමක් ඉතුරු කරාවි යන්න මගේ විශ්වාසයයි. මෙය ඔබ තරුණ ගැහැණු ළමයෙක්ගේ නන්දෙඩවීමක් ලෙස දකින්නට ඉඩ ඇත. දරුවකු හැදීම ගැන කිසිත් නොදන්නා අත්දැකීම් රහිත ප්‍රකාශයන් සහිත ලිපියක් ලෙස දැකීමට ඉඩ ඇත. ඔව්. මා එකඟයි. මා දරුවකු බිහි කර නැත. කවා පොවා හදා වඩා නැත. නමුත් මා මගේ නිවස තුළින් උගත් දේ නම් දෙමව්පියන් දරුවා බිහි කළද ඔහු තමාගේම කියා ජීවිතයක් තිබෙන තවත් එක මනුෂ්‍ය ප්‍රාණියෙකි. දරුවාට අසීමාන්තික නිදහසක් ලබා දීමක් ගැන මා කතා කරන්නේ නැත. නමුත් මේ ඔබ ඔහුගේ/ඇයගේ ජීවිතටට අනවශ්‍ය ලෙස බලපෑම් කලහොත් ඇති විය හැකි ප්‍රතිඵලය ගැන ලීවීම…

මා නම් සඳකි පොළවට බට..

Image
සූර්ය රාජයා සයුරු පත්ලේ සැඟවෙන්න යද්දී සඳවතී සුපුරුදු ලෙසින් නිශායාමය එකළු කරමින් ගුවන් ගැබ වෙත පිවිසියා ය. කහ පැහැති සේද සළුව විසුරුවමින් ඇය රාත්‍රිය ඒකාලෝක කළේ ය. ලා කහ පැහැති රීදී සේලය මහ පොළොවේ ගස් මත, තැනිතලා මත ඇතුරූ ඈ තම සිරුරේ රශ්මි කදම්භයෙන් සුදු පාට මල් වලට ජීවය දුන්නා ය. කුරුළු කූඩූ වල නිදා සිටි චූටි කුරුළු පැටවුන්ට සීතල නොදැනෙන සේ ඈ සුළඟ ඈතට ඈතට තල්ලු කළා ය. සියල්ලම නිහඬය. 

තමාට අයත් කාර්යයන් අවසන් කළ සඳවතී වටපිට බැලී ය. හාත්පසම සිඹින ලද නිහැඬියාවෙන් ඇය වෙහෙසට පත් විය. ලොවම නිදිගන්නා වේලාවේ තමා පමණක්ම ලොව දෙස බලා සිටීම ඇයට වෙහෙසකර විය. සියල් දිනයන් ඒකාකාරීය.. ඇයට සිතුණි. "මගේ දිවිය නම් ඒකාකරි බවින් පිරුණු කිසිදු සතුටක් නැති දිවියකි." ඇය කීවා ය. තමා හැර අනෙකෙකු නැති මේ රැයේ තමාට පිළිතුරක් හමු නොවෙන බව ඈ සිතුවා ය. නොදැනීම ඈට සුසුමක් හෙළුනි. හදිසියේ ඈට කවුරුන්ද තමා අමතන හඬක් ඇසුණි.
"කවුරුන්ද ඒ? මා හට අඬගසන්නේ.." ඇය එදෙසට පාවී ගියා ය.


"සඳ රාජිණියනි..
ඔබේ රුව නම් මායාකාරී ය..
මන්මත් වන සුළු ය..
ඔබේ රුව විඳගන්න
ඔබේ පහසේ තැවරෙන්න
ඉඩ හරිනු මැන මා හට
මා ඔබේ සේවකයා ය…

දිනපොතින් පිටුවක්..

Image
වේලාව - පෙ.ව 8.30 

ඇය- ක්ලාස් කට් කලා කියලා අම්මට අහුවෙයිද දන්නේ නැ..මට නම් බයෙත් බැ අයියේ.
ඔහු- නැ බබා...පිස්සුද ඔයාට.. බය නැතුව ඉන්න.. 
ඇය- ඒත් අම්මා අද බැංකු යනවා කියලත් කිව්වා අයියේ.. [කෙල්ල ලේන්සුවෙන් දාඩිය පිහිදායි]
ඔහු- හරි එහෙනම් අපි අර රෙස්ට් හවුස් එකට යන්ද?? රූම් එකක් අරන යන්?
ඇය- ම්ම්ම්ම්ම්......
ඔහු- යන්ද???
ඇය- මන් ලඟ පෙති නැ..ඉවර වුනා..
ඔහු- හරි හරි..මේ ලඟ පාමසියක් තියෙනවා..යන්..
[දෙන්නා නැගිටලා ගියා.]


වේලාව- මධ්‍යහන 12.00

ඔහු- ඔයා එළියට එනකොට කට්ටිය ඇහුව්වේ නැද්ද කොහෙද යන්නේ කියලා?
ඇය- ඇහුව්වා. මන් කිව්වා බබාගේ ස්කෝලේට යනවා පොඩ්ඩකට කියලා.
ඔහු - හ්ම්ම්ම්..... මටත් හැමදාම ලන්ච් බ්‍රේක් එකේ එළියට එන්න බැරි වෙයි.
ඇය- ඇයි ඒ?
ඔහු- නිමාලිට සැක හිතිලා. අපේ ඔෆිස් එකේ කවුරු හරි කියලා එයාට මන් දවල්ට එළියට යනවා කියලා. කොහෙද යන්නේ කියලා ඇහුව්වා.
ඇය- ඉතින්?
ඉහු- ඉතින් කියන්නේ..බොරුවක් කිව්වා. යාළුවෙක්ගේ වැඩකට එළියට ගියා කියලා..හැමදාම බොරු කියන්න බැනේ.
ඇය- ඒක හරි කතාවක්නේ..ඉතින් මන් හැමදාම බොරු කියන්නේ ඔයා වෙනුවෙන්..
ඔහු- ඔයා ඉතින් බොරු කියන්නේ ෆොඉන් එකෙනේ.. මොකෑ සම්පත්ට දිවැස් තියෙනවයැ රට ඉඳන් මෙහෙ බලන…

Seize the day my friend!!

Image
Life is a strange thing. We find the darkness in most unexpected places and sometimes we find light when we least expect it. Why it always has to be this way? okay I'm not say anything about that. Who knows.. maybe the person who ever is writing our fate likes this whole "unexpected" thing. 

But we all regret about our past. Not the whole thing. But some incidents, some mistakes that we did, or some decisions. we regret about those. Everyone has a past that they are not really proud of. If I'm talking about myself. oh gosh.. I have lot of things that I'm not proud of. And there are things I wish if I could turn back. Things I have told to people. Thing I have done. Things I should have done. and Things that I should have told ect..

but unfortunately whole time traveling thing is only a sci-fi thing yet. I really don't think it will become real either. I don't want it to become real. I know.. you are not agree with me for that. You want to go back in time an…

~තුන්කොන් ප්‍රේමය~

Image
ඉර බහින කොට අහසේ තියෙන්නේ හරිම දුක හිතෙන පාටක්. මට එහෙම හිතුනා. ලා රතුපාට වෙලා. හරියට අඬලා අඬලා ඇස් රතු කරගත්ත කෙල්ලෙක් වගේ. අහසට දුක ඇති..මුළු දවසම එයා එක්ක ඉන්න ඉර හැන්දෑවට මුහුද අස්සේ හැංගෙන හැටි දැක්කාම. කොයි තරම් වෙලා දවල් වරුවට එකට හිටියත් රෑ වෙනකොට යන්න යනවානේ. ඒ හින්දාම අඬලා ඇස් රතු කරගෙන..පව් අහිංසක එකී. ඒත් ඉතින් අඬන්න දෙයක් නැනේ. හවසට ගියත් ආයේ හෙට උදේම ඔයාව බලන්න එයි.. නාඬා ඉඳින්..වෙරළට වෙලා ඉඳගෙන ඈත මුහුදේ හැංගෙන්න යන ඉර දැක්කාම මට තරහත් හිතෙනවා. ඒත් තරහා ගියා කියලා මක් කරන්නද..ඇත්තටම ඉර අයිති කාටද? අහසටද? මුහුදටඩ? ම්ම්ම්ම්ම්... මටත් හරියටම හිතාගන්න බැ.. ඉර එනකන් බලාගෙන ඉන්න අහස වැරදිද? එයා පව්කාරියෙක්ද? වනචර කෙල්ලෙක්ද? අනේ මන්දා.. හිත එක එක ඒවා කියනවා.. මුහුද මොනවා හිතනවද දන්නේ නැ ඉර ගැන.. මුහුදට තරහා ඇති අහස එක්ක. ඇත්තටම ඉර අහසේ ඉන්න කැමති නේද? මට නම් හිතෙන්නේ එහෙම.. ඉර කැමති නිදහසේ අහසට වෙලා ඉන්න. ඒත් එහෙමයි කියලා හැමදාම අහසේ ඉන්න ඉරට බැනේ.කවදා හරි දවසක ඉරට අහස එපා කියලා හිතුනොත්? ආයේ එන්න වෙන්නේ නැ කියලා ඉර සදහටම බැහැලා යන්න ගියොත්.. අහස හැමදාම ඉර එනකන් බලාගෙන ඉඳී.. හ…

ඔයාගේ පැත්ත..

Image
ඔබව අමතක වෙන්න
ගියා මං වෙරළට
"රළ ඇවිත් හැපෙනකොට
හරිම ලස්සනයි නේද"
ඔයාගේ කටහඬ
ආයේ ඇහෙනවා මට.....


ඔබව අමතක වෙන්න
ගියා ෆිල්ම් එකක් බලන්න
වටපිට බැලුවා මම
හැමතැනම ජෝඩු ජොඩු
කළුවරේ ඔබ ඉන්නවද
බැලෙනවා මට තාම.....



ඔක්කෝම අතැරලා
නිදියන්න ගියා මම
අතපත ගාන කොට
අහුවුනා වැඩිපුර කොට්ටයක්
ඇඳේ ඔයාගේ පැත්ත
තාමටත් හිස් වෙලා.......

බ්ලොග් එකේ පෙනුම වෙනස් කලා.. වෙනස ගැනත් පොඩි අදහසක් දීලාම යන්න හොඳේ..:) තරියාගේ කෙරුවාව ලියන තරියාටත් ගොඩාක් ස්තූතියි මේක වෙනස් කරන්න උදව් කලාට.. ජය වේවා..

~සොෆීගේ ලෝකය~ "Sophie's World"

Image
දර්ශනය ගැන ලියැවුන නවකාතාවක් ලෙස තමා මේ පොත ලෝක සාහිත්‍යයේ හැඳින්වෙන්නේ.දර්ශනයේ ආරම්භයේ සිට මේ වනතෙක් වර්ධනය මෙහි එක සීරුවට දක්වා තිබෙනවා.


සොෆී ආමන්ඩ්සන් 14 හැවිරිදි දැරියක්.ඇයට හදිසියේ දිනක් නොදන්නා කෙනෙකුගෙන් ලිපි දෙකක් ලැබෙනවා.. 
"ඔබ කවුද?"[who are you?] 
"ලෝකය ආවේ කොහෙන්ද?"[where does the world come from?]


මේ ලිපි වලින් ඇරඹෙන දර්ශනය පිළිබඳ පාඨමාලාව [ඇයට ලිපි එවන ඇල්බෙර්ටෝ නොක්ස් නම් දාර්ශනිකයා කියන්නේ ඒ විදිහට] ඇයව වසර 3000ක් අතීතයට රැගෙන යනවා. සොක්‍රටීස්,ප්ලේටෝ,ඇරිස්ටෝටල් ගෙන් ආරම්භ වෙන දර්ශනවාදය කලින් කලට ඔප මට්ටම් වෙමින් ගලා එන අන්දම ඔහු ලිපි මගින් විස්තර කරනවා.


මේ මුළු විශ්වයම සුදු ලොම් පිරිච්ච හාවෙක්ට සමාන කලොත් මිනිසුන් තමා ඒ හාවා මත ජීවත් වෙන කුඩා ප්‍රාණීන්. මිනිස්සු ගොඩාක් වෙලාවට කැමති ඒ ලොම් ඇතුලට ඇතුලටම වෙලා උණුහුමට සනීපයට හරි බරි ගැහිලා ඉන්න.ඒත් මේ අතරේ ඉන්නවා සුදු හාවාගේ ඇස් දිහා කෙලින් බලන්න හිතාගෙන ලොම් දිගේ උඩට නගින කට්ටියත්..එයාලා තමයි දාර්ශනිකයෝ..එයාලා තමා ලෝකයේ සැබෑ ස්වරූපය දකින්න උත්සහ කරන අය. ඔය විදිහට තමා යුස්ටයින් ගෝඩර් මේ පොතේ දාර්ශනියකයන්ව හඳ…

ඉරාකයේ දියණිය.. මයාඩා.. ~Daughter of Iraq "MAYADA"~

Image
බ්ලොග් පොස්ට් එකක් ලියන තරමටම මගේ හිත සසල කළ නිර්මාණයක් තමා මේ පොත.. ජීන් සැසොන් කියන ලේඛිකාව විසින් රචිත මයාඩා අල් අස්කාරි නම් ඉරාක ජනමාධ්‍ය‍වේදීනයකගේ සත්‍ය කතාව. ඉරාකයේ හිටපු ජනාධිපති සදාම් හුසේන්ගේ පාලන සමයේ සිදුවූ ඛේදනීය සිද්ධීන්ගෙන් තමා මේ පොතේ පසුබිම වෙලා තියෙන්නේ.අපි සමහර වෙලාවට අපිට නොලැබී තිබෙන දේවල ගැන වද වෙනවා.ඒත් මොහොතක්වත් අපි සතුව තිබෙන දේවල් අගය කිරීමක් නැ. මයාඩාගේ පොතින් හෙලිවන දේවල් දිහා බැලුවාම ජීවිතය කියන්නේ මොනතරම් අවිනිශ්චිත දෙයක් කියලා හිතෙනවා. ඒ තරමට ඉරාකය තුළ අහිංසක මිනිසුන් වද හිංසා වලට මූණ පානවා. සමහර විට උදේ ගෙදරින් යන  කෙනා හවසට ගෙදර එයිද කියලා කියන්න බැ. ඒ තරමට සදාම් හුසේන්ගේ බලය ජීවිත පුරා පැතිරිලා.විදුලි සැර වැද්දවීම්.. කස පහර දීම්.. මුස්ලිම් පිරිමි කෙනෙකුට කළ හැකි ඉහලතම නිග්‍රහය වන දූෂණය කිරීම්.. මේ සිරගෙදර එමටය. මනුෂ්‍යත්වයට නිගා කළ මිනිසුන් අතරේ තමන්ගේ පවුලේ අතීතය නිසාම බේරී ආ කාන්තාවකගේ කාතවක්.
සදාම් හුසේන් හා ඔහුගේ පවුලේ සැබෑ තත්ත්වය හෙළි කරන කතාවක්. 
මයාඩා ජනමාධ්‍යවේදීනයක්. ඇය ඔටෝමාන් රජ පෙළපතට නෑකම් කියන ප්‍රභූ කතකි. සදාම් හුසේන් 2003 දී බලයෙන් පහවී…

Away....

Image
No more tears to cry
no more strength to wait
maybe it's time
to walk away
my tender heart
can't bear the pain
it aches too much
i better collect
all the pieces of it
it's time to walk away
holding my tender heart
bleeding and suffocating
no more strength to wait
no more courage to ask
stepping out side the door
it's time to walk away......

රැවටිලි ලෝකේ තවත් දිනක්... - දෙවෙනි කොටස

Image
"ලොකු අයියා අවුරුදු දහ අට වුනු ගමන් හමුදාවට බැඳුණා. එතකොට මට අවුරුදු දහයක් විතර. අක්කා ඉස්කෝලේ දහයේ පන්තියේ හිටියේ. පොඩි අයියා අක්කාට වඩා දෙකක් බාලයි. අපේ ගෙදර වියදමට සල්ලි එව්වේ ලොකූ. ඒත් එයා හමුදාවට ගිහින් අවුරුද්දකින් විතර අනුරාධපුරේ අක්කා කෙනෙක්ව බැන්ඳා කියලා ලියුමක් එව්වා. අපි ඒ අක්කා කළුද සුදුද කියලාවත් දන්නේ නැ. එයාල කවදාවත් අපිව බලන්න ආවේ නැ. අයියා බැන්ඳට පස්සේ ටික කාලයක් එය ගෙදරට සල්ලි එව්වා. ඒත් පස්සේ පස්සේ අම්මා කොච්චර ලියුම් යැව්වත් කීයක් වත් එව්වේ නැ.. අම්මා නම් කිව්වේ ඒ බැන්ඳ ගෑනි සල්ලි එවන්න දෙන්නේ නැතුව ඇති කියලා.. ගෙදර අඩුපාඩු වෙනකොට.."

 "එතකොට ඔයලගේ තාත්තා හිටියේ නැද්දා??"මට නොඅහා ඉන්න බැරි වුනා.

"තාත්තා නැති වෙලා තියෙන්නේ මං ගොඩාක් පුංචි කාලේ. පොල් ගහකින් වැටිලාලු මලේ. හ්ම්ම්ම්..."

 පුංචි ඇස් වල තියෙන වේදනාව මට නොදැනුනාම නොවේ. අතීතය ගැන අහන්නේ නැතුව කතාව නවත්තන්නත් මට හිතුණා. පව්.. මොනා වුනත් පරණ දේවල් මතක් කරන කොට දුක ඇති නේ... 

"ඔයාට පරණ දේවල් මතක් කරන එක දුකයි නම් ඔයා ඔවා කියන්න ඕනේ නැ. අනේ මන්දා සඳමාලි.. පිරිමි නිසා තමා අපි හැමදාම …