Saturday, July 28, 2012

ස්තුතියි මල්ලියෝ..

ගොඩ දවසකින් බ්ලොග් පිටුවට ගොඩ වුනේ මට ජීවිතේ මුණ ගැහුනු චරිතය තුලින් මම ඉගෙන ගත්ත දෙයක් ගැන කියන්න හිතාගෙන.. 

අපි හැමෝම අවධානය බලාපොරොත්තු වෙනවා.. ඒ අවධානය නොලැබුනාම අපිට හිතෙන්නේ මොනවද?.. ජීවිතේ සමහර වෙලාවට සමහරුන්ගේ අවධානය නොලැබෙන කොට මුලු ජීවිතේම හිස්තැනක් කියලත් දැනෙනවා.. අපේ අවධානය බලාපොරොත්තු වෙන අයව ඇයි අපි අඬවන්නේ?? නිකමට හිතලා බලන්න එයාලා අපිට දෙන අවධානය නොතිබුනොත් අපිට මොකද වෙන්නේ කියලා..  . 

සමහර වෙලාවට අපි සමහරුන්ගෙන් අවධානය බලාපොරොත්තු වෙනවා.ඒත් අපිට අවශ්‍ය  කරන අවධානය ඒ අය තුලින් ලැබෙන්නේ නැ. ඒ වෙනුවට අපිට දාහකුත් නිදහසට කාරණා ලැබෙනවා.. හරියටම මම මේ කියන්න යන කතාවේ වගේ..

මගේ ජීවිතෙන් අයින් වෙලා ගිය චරිතයක් ගැන කියන්න වුනත් ඒ චරිතය ගැන නොකියා මේ කෙනා ගැන කියන්න බැ.. මට ගොඩාක් සමීප යාලුවෙක් කිව හැකි චරිතයක් මගේ ජීවිතේ හිටියා.. මේ චරිතය තුළින් මමත් අපේ තියෙන ගැහැණුකමට බලාපොරොත්තු වන අවධානය, ආරක්ෂාව, ආදරය බලාපොරොත්තු වුනා.. ඒ බලාපොරොත්තු වීම මගේ වැරැද්දක් විදිහට මම අද දක්වාම හිතුවා.. සරළව ම කිව්වොත් මට ලෙඩක් වුනාම සැප දුක බලයි.. බෙහෙත් බොන්නේ නැති වුනාම බෙහෙත් ටිකක් ගන්න කියලා පොඩ්ඩක් සැර කරයි.. අලුත් ඇඳුමක් ඇන්දොත් ලස්සනයි කියයි.. මගෙන් එයාට ලැබෙන සහයෝගය අගේ කරයි කියලා.. ඒක හැම කෙනෙක්ම තමන්ගේ යාලුවන්ගෙන් පවා බලාපොරොත්තු වෙන දෙයක්.. ඒත් මේ දේවල් මට බලාපොරොත්තු වුනු විදිහට ලැබෙන්නෙ නැති වුනත් මම මට පුළුවන් විදිහට එයාට ඒ අවධානය ලබා දුන්නා.. එයාගෙන් නොලැබෙන අවධානය මම හිතුවේ එයට වෙලාවක් නැතිකම, එහෙම නැත්නම් මගේ හොඳම යාලුවා කීවා නොඅහන මම එයා කිව්වාම අහයිද වගේ දේවල්...එයා දීපු නිදහට කාරණාත් ඒවාමයි.. පස්සේ පස්සේ මම ම ඒ නිදහට කාරණා මගේ හිතට කියාගන්න පුරුදු වුනා.. ඒ විදිහට මම ටික ටික බලාපොරොත්තු වෙන එක අතාරින්න පුරුදු වුනා.. ඒත් ඒක ඇත්ත නෙවෙයි කියලා මම දන්නව..

මට මුණ ගැහුනු මේ අලුත් චරිතය මගේ සමීප හිතවතෙක් නෙවෙයි.. ඒත් මේ වෙනකොට මගේම මල්ලියෙක් තරම් ඒ චරිතය හිතට සමීප වෙලා.. සත්තකින්ම මම ලෙඩ වුනා කිව්වාම මේ කෙනාට කිසිම වැදගත්කමක් නැ..ඒත් මම බෙහෙත් ගන්නවද.. රෙස්ට් කරන්වද කියලා හොයලා බලන්න තරම් ඒ චරිතය කාරුණිකයි.. හිතවත්කමක් හිතේ තියෙනවා..


සමහර වෙලාවට ඔය වගේ පොඩි පොඩි දේවල් වලින් අපිට තව කෙනෙක්ගේ හිතක් සුවපත් කරන්න පුළුවන්.. ඒකට අපි අතරේ බැඳීමක් තියෙන්නේම ඕනේ නැ..


මම ගොඩාක් වෙලාවට හිතුවේ මම එහෙම බලාපොරොත්තු වුන එක වැරදියි කියලා.. ඒත් අද මේ මල්ලි මට කියලා දුන්නා අපිට කෙනෙක්ගේ ලෙඩක් දුකක් ගැන බලන්න.. දුකට සැපට ඉන්න.. මහා ලොකු බැඳීම් තියෙන්න ඕනේ නෑ කියලා. ඒකට කියන්නේ මනුස්සකම කියලා.. සමහරවිට ඒ අසරණ වෙලා ඉන්න කෙනා.. ඔයාගෙන් අවධානය, ආරක්ෂාව , ආදරය බලාපොරොත්තු වෙන කෙනා ඔයාගේ සමීපතම හිතවතෙක් වෙන්න පුළුවන්..නොවෙන්නත් පුළුවන්.. ඒත් ඒ කවුරු වුනත් එයා බලාපොරොත්තු වෙන දේ දුන්න කියලා ඔයාට නැති වෙන දෙයක් නැ..ඒකට යන්නේ විනාඩියක්..තප්පර ගනාක් වෙන්න පුළුවන්..ඒත් ඒ ඔයා කැප කරන විනාඩිය නිසා හදවතක් සැනසෙනවා වෙන්න පුළුවන්..ඒ සැනසීම ලබාදෙන්න ඔච්චර ලෝබ වෙන්න එපා.. 


එක තප්පරේකට කෙනෙක්ගෙන් "ඔයාට කොහොමද අද" කියලා ඇහුව්වා කියලා ඒ කෙනා ඔයාගේ දේපළ ලියාගන්න හදන්නේ නැ..ඒකෙන් ඒ දවදට සුවත් වෙනවා.. කවදා හරි දවසක් ඔයාට දැනුනොත් කොහේ හරි හදක් ඔයගෙන් අවධානය බලාපොරොත්තු වෙනවා කියලා.. ඒ කෙනා තමන්ගේ අම්මා තාත්තා, සහොදරයෙක්, යාලුවෙක්, එහෙම නැත්නම් පෙම්වතිය පෙම්වතා වෙන්නත් පුළුවන්.. ඒ අය බලාපොරොත්තු වෙන අවධානය එයාලට දෙන්න.. ඒකට වැය වෙන්නේ ඔයාලගේ කාලයෙන් එක විනාඩියක් විතරයි.. ඒත් ඒ අවධානය ලබා නොදී එයාලා ජීවිතෙන් ඈත් වුනු දවසට සමහර විට ඔයාලට ඕනේ වෙන වධානය දෙන්න කිසිම කෙනෙක් ලඟ නැති වෙන්න පුළුවන්.. 

කොහොම වුනත් මේ ලිපියට මුල් වුන මල්ලිගේ නම නම් කියන්න බැ.. එයා ඒකට කැමති වෙයිද දන්නේ නැනේ..ඒත් ඒ මල්ලි මේක බැලුවොත් මට කියන්න තියෙන්නේ එකම එක දෙයක් විතරයි..
 

"ඔයාට ගොඩාක් ස්තූතියි මල්ලියෝ."

Saturday, July 7, 2012

Away....


No more tears to cry
no more strength to wait
maybe it's time
to walk away
my tender heart
can't bear the pain
it aches too much
i better collect
all the pieces of it
it's time to walk away
holding my tender heart
bleeding and suffocating
no more strength to wait
no more courage to ask
stepping out side the door
it's time to walk away......