Thursday, August 30, 2012

මා නම් සඳකි පොළවට බට..




සූර්ය රාජයා සයුරු පත්ලේ සැඟවෙන්න යද්දී සඳවතී සුපුරුදු ලෙසින් නිශායාමය එකළු කරමින් ගුවන් ගැබ වෙත පිවිසියා ය. කහ පැහැති සේද සළුව විසුරුවමින් ඇය රාත්‍රිය ඒකාලෝක කළේ ය. ලා කහ පැහැති රීදී සේලය මහ පොළොවේ ගස් මත, තැනිතලා මත ඇතුරූ ඈ තම සිරුරේ රශ්මි කදම්භයෙන් සුදු පාට මල් වලට ජීවය දුන්නා ය. කුරුළු කූඩූ වල නිදා සිටි චූටි කුරුළු පැටවුන්ට සීතල නොදැනෙන සේ ඈ සුළඟ ඈතට ඈතට තල්ලු කළා ය. සියල්ලම නිහඬය. 

තමාට අයත් කාර්යයන් අවසන් කළ සඳවතී වටපිට බැලී ය. හාත්පසම සිඹින ලද නිහැඬියාවෙන් ඇය වෙහෙසට පත් විය. ලොවම නිදිගන්නා වේලාවේ තමා පමණක්ම ලොව දෙස බලා සිටීම ඇයට වෙහෙසකර විය. සියල් දිනයන් ඒකාකාරීය.. ඇයට සිතුණි. "මගේ දිවිය නම් ඒකාකරි බවින් පිරුණු කිසිදු සතුටක් නැති දිවියකි." ඇය කීවා ය. තමා හැර අනෙකෙකු නැති මේ රැයේ තමාට පිළිතුරක් හමු නොවෙන බව ඈ සිතුවා ය. නොදැනීම ඈට සුසුමක් හෙළුනි. හදිසියේ ඈට කවුරුන්ද තමා අමතන හඬක් ඇසුණි.
"කවුරුන්ද ඒ? මා හට අඬගසන්නේ.." ඇය එදෙසට පාවී ගියා ය.


"සඳ රාජිණියනි..
ඔබේ රුව නම් මායාකාරී ය..
මන්මත් වන සුළු ය..
ඔබේ රුව විඳගන්න
ඔබේ පහසේ තැවරෙන්න
ඉඩ හරිනු මැන මා හට
මා ඔබේ සේවකයා ය..
ඔබ මාගේ රැජිණියයි..
සඳ රාජිණියනි,
ඔබේ සියුමැලි අත්ල
සිපගන්න ඉඩ දෙන්න මට
මල් විසුල තැනිතලාවේ
ඔබ එක්ක ඇවිදින්න
ඉඩ දෙන්න මට...
මා ඔබෙ සේවකයා ය..
ඔබ මාගේ රැජිණියයි.."


තරුණ කඩවසම් රුවක්.. තමාට ආයාචනා කරන අයුරු සඳවතී බලා සිටියා ය. ඇය විමතියට පත්විය. තමාට මෙතරම් ආලය කරන අයෙක් පොළවේ සිටිය හැකිද?? තමා දෙවඟනකි..ඔහු මනුෂ්‍යයෙකි.. තමාට ඔහුගේ ආලය පිළිගත හැකිද..තමාට ආලය කරන..තමාව වර්ණනා කරන ඔහු දුටු ඇගේ සිත සතුටින් ඉපිලුණි. සිහින් ආඩම්බරයක් සිතට මෝදූ විය. ගැහැණුකම ඇඟට දැනුණි. ඇය සැණින් විල දෙසට දිව ගියා ය. විලේ පෙනෙනා තමාගේ ප්‍රතිබිම්භය දෙස බලා සිටියා ය. තමා සැබවින්ම රූමත්ද? ඇගේ කම්මුල් ලැජ්ජාවෙන රෝස පැහැ විය. ඇයට මේසා ආදරය නුහුරු විය. ඔහු සැබැවින්ම තමාට හිතැති බව ඇයට සිතුණි. ඔහු හමුවීමට ඈ තීරණය කළා ය.

සඳවතී පොළවට ඒමට තීරණය කළා ය. 

සිනිදු කහ පැහැති රීදී සේලය පසෙකින් තැබූ ඈ අඳුරු ලෝගුවක් පොරවා ගත්තා ය. චන්ද්‍ර මාණික්‍යයෙන් සැදූ හිස පළඳනාව, මාලය හා තරු වළළු පෙළ ගලවා දැමී ය. තමා පොළවට යන්නේ නම් තමා දෙවඟනක ලෙස ගොස් බැරිය.. මිනිස් දුවක් විය යුතු ය. ඔහු හා දිවි ගෙවන්නේ නම් තමා ඔහු හා සමාන විය යුතු ය. ඈට සිතුණි. හෙමිහෙමින් හොර රහසේ ඈ දේදුනු පඩිපෙළ දිගේ පොළවට බැස්සා ය. හාත්පස අඳුරු විය. තමා ගලවා දමා ආ සේලය හා තරු වළළු කැළින් පමණක් ලොව එළිය නොවන බව ඈට වැටහුණි. නමුදු ආපසු හැරෙන්නට නොහැක. තමාට ආලය කරන ඒ සොඳුරු මිනිසා සොයා යා යුතු ය. 


ඔහු තම පැල්පතේ එළිපත්ත මත වාඩි වී පත් ඉරුවක කුමක්දෝ කුරුටු ගාමින් සිටුනු ඈට පෙනුණි. ඈ සෙමින් එදෙසට ගියා ය. ඔහු ඉහළ බලමින් කවක් මුමුණනු දුටු ඈ කව හොඳින් අසා ගැනීමට තවත් ළං විය..

"අහෝ සඳ නම් කුරිරු සිතැත්තී
නුඹට මට පිටුපා යා නම්
මට කවර සරණක්ද..
සැඟවී පලා යන්නී
මා හට මේසා දුක් නොදෙනු මැන
ඔබට පෙම් කිරීමම
වරදක් දෝ..මට නොවැටහේ.."


තමා පොළවට බටින් හිස් වූ ගුවන් ගැබ දෙස බලා ඔහු ශෝක වන බව ඈට වැටහුණි. ඈ ඔහු ඇමතීය..

"පෙම්බර කවිය.. මම නම් සඳවතීය වෙමි.. ඔබේ සොඳුරු ආලය දැක ඔබ සොයා ආවෙමි.. පෙම්බරයාණෙනි මින්මතුවට මම ඔබේම වෙමි.." තම රීදී සීනූ හඬින් ඈ කීවා ය. ඔහු බිය ගත්තෙකු සේ ඈ දෙස බැලුවේ ය. තමාට ගෙතුලට ආරාධනා කරන තෙක් සඳවතී බලා සිටියා ය. නමුත් ඔහු ගෙතුලට ගොස් පැලේ දොර වැසීය. ඈ තම විසල් දෙනෙතින් වැසුණු දොර දෙස බලා සිටියා ය.

"මම නම් මනුෂ්‍යයෙක් වෙමි. දෙවඟනක හා නොපෑහෙමි. ඔබ ආපසු ඔබේ ලොවටම යනු මැන. ඔබ හට දීමට ආලයක් මා සතුව නැත. දුප්පත් මා හට තව දුක් නොදෙනු මැනවි. අනික ඔබ අහසේදී තරම් රූමත් නැත. පළඳනාවන් නැත..සිනිදු රිදී සේලය නැත. " ඔහු ගෙතුල තුල සිට මොර ගෑ ය.




"නමුත් ඔබ මා හට අඬගැසීය. මා පැමිණීයේ ඔබ හට සුවය ලබා දීමටය." ඈ වේදනාවෙන් බර වූ හදවතේ හැඬුම් යටපත් කොට ඔහු ඇමතුවා ය. "ඔබගේ පැමිණීම මා බලාපොරොත්තු නොවීය. කවක් ලීවා පමණි." 

ඈට තමා රැවටුනු බව වැටහුණි. හදවතේ රිදුම වැඩි විය. හෙමි හෙමින් තමා ආ ලොවට යාමට ඈ පියවර නැගුවා ය. තමාව එළියට දමා දොර වැසූ ඔහුගේ හද ගලක් දෝ ඈට සිතුණි. මෙතරම් අපූරු බස් දොඬනා ඔහුට මෙතරම් රළු හදක් හිමි වූයේ කේසේද යන්න ඈට වටහා ගත නොහැකි විය. ඈ විලට ගියා ය. විලෙන් තම රුව දෙස බැලූ ඈ තමා රූමත් නැතිද යන්න තමාගෙන් ම විමසීය. නීල දෙනෙත් වලින් නොනැවතීම කඳුළු වැටෙන්නට විය..ඒ කඳුළු ඇගේ දෙකම්මුල් දිගේ රූටා ගොස විල ජලය මත වළළු සැදීය. ඒ කඳුළු සුදු පැහැ පාෂාණ වී විල් පතුලට කිඳා බැස්සේ ය. තමාට අයිති නැති ලොවක තමා තනිවූ බවක් ඈට දැනුණි. 

රැය ගෙවී යන බව වටපිටාවෙන් ඈට දැනුණි. ඈ යා යුතුය. සූර්ය රාජයා එනවිට ඈ යා යුතු ය. ඈ හෙමි හෙමි දේදුන්න දිගේ ඉහළට ගියා ය. රිදී සේලය හා ආභරණ එක් කරගත් ඈ ගුවනින් බැස ගියා ය. පසු දිනද ඈට ගුවනට ඒමට සිත් නොවුණි. ඒත් ඈ ආ යුතු ය.

 එදින සිට ඈ මසකට වරක් පමණක් තම මුහුණ දැකීමට ඉඩ හැරියා ය. ඉතිරි දිනයන්හී කළු සේලයක් හිස වට දවටන්නී මුහුණින් කොටසක් පමණක් පෙනෙන්නට හැරියා ය. 

ඈට ඊට පසු තවත් කවි සියක් දාහක් ඇසුණි. ඈ එය නොතැකුවා ය. තනිව සිටීම යෙහෙකි..ඈට සිතුණි.. "කවීන් නම් ලීමට සමත් ය. නැති ලොවක් මැවීමට සමත් ය. නමුදු වදන් පමණක් ම විශ්වාසයට ගත් නොහැක. කිසිවෙකුත් විශ්වාසයට ගත නොහැක. එකිනෙකා වෙනස් යැයි කියන මුත් වෙනස ඇත්තේ වදන් වල පමණි. ඇතුලාන්තය සමානය" ඈ සිතී ය. 

පසු කලෙක ඈට තවත් කවක් ඇසුණි.. සිහින් ගැහැණු හඬිකින් ඇසුණු කව ඈට අතීතය සිහි කරවීය. තවමත් ආරාධනා කොට දොර වසන මිනිසුන් මහ පොළව මත සිටින බැව් ඈ සිතුවා ය. නොදැනීම ඇගේ සුසුමක් සුළඟ හා මුසු විය.


සඳක් නම් අහසේම රැඳිය යුතුය.. 
පොළවට බට නම් වටිනාකම් සුළඟේ යායි..
මල නම් ගසකම රැඳිය යුතුය..
නටුවෙන් ගිලිහී නම් පරවී යාය..
මා නම් සඳකි පොළවට බට..
මා නම් මලකි නටුවෙන් මිඳි....

Wednesday, August 22, 2012

දිනපොතින් පිටුවක්..



වේලාව - පෙ.ව 8.30 

ඇය- ක්ලාස් කට් කලා කියලා අම්මට අහුවෙයිද දන්නේ නැ..මට නම් බයෙත් බැ අයියේ.
ඔහු- නැ බබා...පිස්සුද ඔයාට.. බය නැතුව ඉන්න.. 
ඇය- ඒත් අම්මා අද බැංකු යනවා කියලත් කිව්වා අයියේ.. [කෙල්ල ලේන්සුවෙන් දාඩිය පිහිදායි]
ඔහු- හරි එහෙනම් අපි අර රෙස්ට් හවුස් එකට යන්ද?? රූම් එකක් අරන යන්?
ඇය- ම්ම්ම්ම්ම්......
ඔහු- යන්ද???
ඇය- මන් ලඟ පෙති නැ..ඉවර වුනා..
ඔහු- හරි හරි..මේ ලඟ පාමසියක් තියෙනවා..යන්..
[දෙන්නා නැගිටලා ගියා.]


වේලාව- මධ්‍යහන 12.00

ඔහු- ඔයා එළියට එනකොට කට්ටිය ඇහුව්වේ නැද්ද කොහෙද යන්නේ කියලා?
ඇය- ඇහුව්වා. මන් කිව්වා බබාගේ ස්කෝලේට යනවා පොඩ්ඩකට කියලා.
ඔහු - හ්ම්ම්ම්..... මටත් හැමදාම ලන්ච් බ්‍රේක් එකේ එළියට එන්න බැරි වෙයි.
ඇය- ඇයි ඒ?
ඔහු- නිමාලිට සැක හිතිලා. අපේ ඔෆිස් එකේ කවුරු හරි කියලා එයාට මන් දවල්ට එළියට යනවා කියලා. කොහෙද යන්නේ කියලා ඇහුව්වා.
ඇය- ඉතින්?
ඉහු- ඉතින් කියන්නේ..බොරුවක් කිව්වා. යාළුවෙක්ගේ වැඩකට එළියට ගියා කියලා..හැමදාම බොරු කියන්න බැනේ.
ඇය- ඒක හරි කතාවක්නේ..ඉතින් මන් හැමදාම බොරු කියන්නේ ඔයා වෙනුවෙන්..
ඔහු- ඔයා ඉතින් බොරු කියන්නේ ෆොඉන් එකෙනේ.. මොකෑ සම්පත්ට දිවැස් තියෙනවයැ රට ඉඳන් මෙහෙ බලන්න.
ඇය- ඔව් ඔව්..පිරිමි ඔයාලට විතරයි ප්‍රශ්න තියෙන්නේ..අපිට නැනේ.,
ඔහු- අයියෝ..දැන මන් එහෙම කිව්වද..මන් දන්නවා ඔයා දුවත් එක්ක හැප්පෙන හැටි මෙහෙ..
ඇය- හ්ම්ම්ම්..
ඔහු- මොකෝ නිකන් තරහා වෙලා වගේ.. [අගේ කර වටේ අත දමමින් ඔහු අසයි]
ඇය- අත ගන්න අහකට.. කවුරු හරි ඒකත් ගිහින් නිමාලිට කියයි.
ඔහු- අම්මෝ හරි හරි..මන් ඔයාව බලන්න එන්න විදිහක් හොයාගන්නම්කෝ..
ඇය- කොහොමද??
ඔහු - හරි හරි..අපි ඒවා පස්සෙ කතා කරමු..දැන වේලාව යනවා.. යන්ද රෙස්ට් හවුස් එකට?

ඇය- හ්ම්ම්..මටත් ඉක්මනට යන්න ඕනේ..
[දෙදෙනාම පිටව යයි.]


වේලාව -ප.ව 4.25

ඔහු- මොකද මෙච්චර වෙලා කලේ.. කීයේ ඉඳන්ද මන් මෙතන? ආහ්..
ඇය- අනේ සොරි වස්තුව..අද ඔෆිස් එකේ වැඩ ඉවර වෙනකොට පොඩ්ඩක් පරක්කු වුනා.. සොරි හොඳේ.. 
ඔහු- එපා වෙනවානේ.. අපිට ටිකක් වෙලා හරි කතා කරන්න ලැබෙන්නෙත් මේ චුට්ට වෙලාව විතරයි.ඒකත් ඔයා එන්න පරක්කු වෙනවා..
ඇය- අනේ ඉතින් මන් අද විතරනේ පරක්කු වුනේ.. ඔයා හැමදාම එනකොට පරක්කු වෙනවානේ..මන් හැමදාම බලාගෙන ඉන්නේ..
ඔහු- ආහ් දැන් ඒකත් මගේ වැරැද්දද? කලින් ආපු එක? මන් හිතුවා මාව බලන්න කලින්ම ඇවිල්ලා ඇති කියලා.. 
ඇය- අනේ ඉතින් සොරි කිව්වනෙ.. අර සහන්ගේ වැඩක් තිබුනා අනේ කරලා දෙන්න..ඒකයි..
ඔහු- සහන්ගේ? තමුසෙ මොකටද උගේ වැඩ කරන්නේ?
ඇය- අනේ කෑ ගහන්නේ ඇයි ඉතින්.. හරි හරි බබා මීට පස්සෙ මන් කාගෙවත් වැඩ කරන්නෙ නැ.. හරිද. දැන් යමුද?
ඔහු- කොහෙද?
ඇය- අපි පොඩ්ඩක් රෙස්ට් හවුස් එකට යමුකෝ අනේ.. අද මට 6 විතර වෙනකන් ඉන්න පුළුවන්.. අම්මලා නෑ අද ගෙදර..මන් කිව්වා කොහොමත් අද ඔයා එක්ක වෙඩින් එකට ෆොටෝ ගන්න කෙනෙක් බලන්න යනවා කියලා.ඒ නිසා පරක්කු වුනාට කමක් නැ..
ඔහු- හොර කෙල්ල.. යන්..
[දෙදෙනාම පිටව යයි.]


වේලාව - රාත්‍රී 8.00

ඇය- මොකෝ මහත්තයා සීයට අරන නිකන් දීලා වගේ?
ඔහු- හ්ම්ම්.. මගෙන් අහන්නේ?
ඇය- ඔව් ඉතින් නැතුව වෙන කෙනෙක් ඉන්නවයැ මෙතන..
ඔහු- ඔයා කවුද?
ඇය- මන් ඉතින් කොහොමත් රෑට මෙතන තමා..
ඔහු- හ්ම්ම්.. මට ඔයාගෙන් වැඩක් නැ
ඇය- හෙහ් හෙහ්.. 
ඔහු- මොකෝ හිනා වෙන්නේ?
ඇය- පිරිමින්ට මගෙන් වැඩක් නැත්නම් වෙන කාටද වැඩක් තියෙන්නේ.
ඔහු- වෙන පිරිමින්ට වැඩක් ඇති..මට නැ.. මට පාඩුවේ ඉන්න දෙන්නවා..
ඇය- ඉතින් මන් මුකුත් ඉල්ල ගෙන ආවේ නැ..මහත්තයා ඔහේ උඩ බලාගෙන ඉන්න හින්දා ආවේ..මනුස්සකමට..
ඔහු- මට තමුසෙගේ මනුස්සකම ඕනේ නැ..
ඇය- වෙන්නැති..අපිත් මෙහෙම රෑට පාරේ හිටියට මිනිස්සු මහත්තයෝ..
ඔහු- .........
ඇය- මොකෝ මූණ දිහා බලන්නේ.. අපිත් කීයක් හරි හොයාගන්න හදනවා විතරයි..
ඔහු- හ්ම්ම්ම්... 
ඇය- මහත්තයා කලාද?
ඔහු- නෑ බන්..ඔෆිස් එකේ සල්ලි වයගක් නැති වෙලා.. දැන මට ගෙවන්න වෙලා.. අතේ එක පිච්චියක් නැ..බෝඩිමට යන්නත් බැ..
ඇය- ..........
ඔහු- හිහ්.. මොකෝ..උඹ හිතාගෙන හිටීයි මගෙන් කීයක් හරි කඩාගන්නද.. මේ බලපන් සාක්කු දෙකම හිස්..
ඇය- යන්..
ඔහු- කොහෙද..?
ඇය- .........
ඔහු- මගේ ලඟ සල්ලි නැ කිව්වානේ.. රෙස්ට් හවුස් එකකට ගෙවන්න බැ මට..
ඇය- මහත්තයා ගෙවන්න එපා. රෑට මොනා හරි කලා එහෙ ඉමු..මන් ගෙවන්නම්..
[දෙදෙනාම පිටව යයි.]

~පාර්ක් එකේ බංකුවක දිනපොතින්~




Tuesday, August 21, 2012

Seize the day my friend!!


Life is a strange thing. We find the darkness in most unexpected places and sometimes we find light when we least expect it. Why it always has to be this way? okay I'm not say anything about that. Who knows.. maybe the person who ever is writing our fate likes this whole "unexpected" thing. 

But we all regret about our past. Not the whole thing. But some incidents, some mistakes that we did, or some decisions. we regret about those. Everyone has a past that they are not really proud of. If I'm talking about myself. oh gosh.. I have lot of things that I'm not proud of. And there are things I wish if I could turn back. Things I have told to people. Thing I have done. Things I should have done. and Things that I should have told ect..

but unfortunately whole time traveling thing is only a sci-fi thing yet. I really don't think it will become real either. I don't want it to become real. I know.. you are not agree with me for that. You want to go back in time and make everything right. I believe going against the nature would never bring any good to anyone. 

In real world we can't turn back the time. What done was done and it never can be changed at any cost. We can't forget it either. Once when I was totally down in mentally I was crying, actually screaming.. I told him.."I wish If I never told those words to you".. his answer was simple.. "nobody can change the history".
yes.. it is history now. Neither you nor me can change it. or forget it. We have to live with it

but that doesn't mean we have to dwell in the past. Dwelling in the past means we are not matured enough to accept the fact that no-one can changed the history. We will never be able to get rid from those dark shadows which are coming through past. They will always attack us. Nothing will stay buried forever. They will come up time to time. Even buildings which were buried under sand for thousands year are coming up. As a fact people love digging. So obviously someday someone will dig your past as well. But if you have a shield to face them you will be safe. 

A shield?? you might think I'm crazy. Maybe I am. Because I'm trying to have a shield to face to my past. Actually it is a very recent past. I don't know whether I could call it history yet. But I think I can. Because that past is seems buried forever.

When past is not bothering we worry about future. What will happen tomorrow? what we will be in 10 years by now. who knows..maybe you will be a corpse?? or just a memory? No-one knows it. As Miley Cirus says.."there is no guarantee, that this life is easy.." no it is not easy. but it is not hard as we think it is. Since our childhood this whole worrying about future concept is being planted by adults. "What do you want to be when you grow up?" "hikz.. who the hell knows?" I think John Lenon had the best answer for that. "Wanna be happy". That's what we all need. To be happy.

why do you think to be happy we have to worry about tomorrow? no.. happiness is lies right withing you. All you have to do is find it. 


Life is a carousel. It is a party. But the problem is we don't see it. The party is now. It was not yesterday, not tomorrow either. It is today. We spent a lot of time regretting about yesterday and worrying about tomorrow. And we complain we never get a chance to enjoy our lives. Don't make planes. Don't have major expectations. Seize the day my friend.. Live today.... 
cheers!!!

Monday, August 13, 2012

~තුන්කොන් ප්‍රේමය~


ඉර බහින කොට අහසේ තියෙන්නේ හරිම දුක හිතෙන පාටක්. මට එහෙම හිතුනා. ලා රතුපාට වෙලා. හරියට අඬලා අඬලා ඇස් රතු කරගත්ත කෙල්ලෙක් වගේ. අහසට දුක ඇති..මුළු දවසම එයා එක්ක ඉන්න ඉර හැන්දෑවට මුහුද අස්සේ හැංගෙන හැටි දැක්කාම. කොයි තරම් වෙලා දවල් වරුවට එකට හිටියත් රෑ වෙනකොට යන්න යනවානේ. ඒ හින්දාම අඬලා ඇස් රතු කරගෙන..පව් අහිංසක එකී. ඒත් ඉතින් අඬන්න දෙයක් නැනේ. හවසට ගියත් ආයේ හෙට උදේම ඔයාව බලන්න එයි.. නාඬා ඉඳින්..

වෙරළට වෙලා ඉඳගෙන ඈත මුහුදේ හැංගෙන්න යන ඉර දැක්කාම මට තරහත් හිතෙනවා. ඒත් තරහා ගියා කියලා මක් කරන්නද..ඇත්තටම ඉර අයිති කාටද? අහසටද? මුහුදටඩ? ම්ම්ම්ම්ම්... මටත් හරියටම හිතාගන්න බැ.. ඉර එනකන් බලාගෙන ඉන්න අහස වැරදිද? එයා පව්කාරියෙක්ද? වනචර කෙල්ලෙක්ද? අනේ මන්දා.. හිත එක එක ඒවා කියනවා.. මුහුද මොනවා හිතනවද දන්නේ නැ ඉර ගැන.. මුහුදට තරහා ඇති අහස එක්ක. ඇත්තටම ඉර අහසේ ඉන්න කැමති නේද? මට නම් හිතෙන්නේ එහෙම.. ඉර කැමති නිදහසේ අහසට වෙලා ඉන්න. ඒත් එහෙමයි කියලා හැමදාම අහසේ ඉන්න ඉරට බැනේ.

කවදා හරි දවසක ඉරට අහස එපා කියලා හිතුනොත්? ආයේ එන්න වෙන්නේ නැ කියලා ඉර සදහටම බැහැලා යන්න ගියොත්.. අහස හැමදාම ඉර එනකන් බලාගෙන ඉඳී.. හැමදාම.. දිවා රෑ නැතුව.. ඒත් ඉර හැමදාම මුහුද අස්සටම වෙලා හැංගිලා ඉඳී.. හ්ම්ම්ම්... මට පිස්සුද කොහෙද.. මම යනවා ගෙදර...




ප.ලි : කාලෙකට කලින් ලියපු කවියක් ආයේ මතක් වුනා දඟකාරිගේ සිතුවිල්ලක් කවිය කියෙව්වාම. හිතට නිදහසේ ගලාගෙන ආපු සිතුවිලි ටිකක් ඔහේ ලිව්වා.. තේරුමක් හොයාගන්න එක ඔයාලට භාරයි..
ආහ් තව දෙයක්..මේ බ්ලොග් එකේ 50 වෙනි පෝස්ටුව තමා මේ.. 

Thursday, August 9, 2012

ඔයාගේ පැත්ත..

ඔබව අමතක වෙන්න
ගියා මං වෙරළට
"රළ ඇවිත් හැපෙනකොට
හරිම ලස්සනයි නේද"
ඔයාගේ කටහඬ
ආයේ ඇහෙනවා මට.....


ඔබව අමතක වෙන්න
ගියා ෆිල්ම් එකක් බලන්න
වටපිට බැලුවා මම
හැමතැනම ජෝඩු ජොඩු
කළුවරේ ඔබ ඉන්නවද
බැලෙනවා මට තාම.....



ඔක්කෝම අතැරලා
නිදියන්න ගියා මම
අතපත ගාන කොට
අහුවුනා වැඩිපුර කොට්ටයක්
ඇඳේ ඔයාගේ පැත්ත
තාමටත් හිස් වෙලා.......

බ්ලොග් එකේ පෙනුම වෙනස් කලා.. වෙනස ගැනත් පොඩි අදහසක් දීලාම යන්න හොඳේ..:) තරියාගේ කෙරුවාව ලියන තරියාටත් ගොඩාක් ස්තූතියි මේක වෙනස් කරන්න උදව් කලාට.. ජය වේවා..

Monday, August 6, 2012

~සොෆීගේ ලෝකය~ "Sophie's World"

මෙන්න මේක තමා පොත

දර්ශනය ගැන ලියැවුන නවකාතාවක් ලෙස තමා මේ පොත ලෝක සාහිත්‍යයේ හැඳින්වෙන්නේ.දර්ශනයේ ආරම්භයේ සිට මේ වනතෙක් වර්ධනය මෙහි එක සීරුවට දක්වා තිබෙනවා.


සොෆී ආමන්ඩ්සන් 14 හැවිරිදි දැරියක්.ඇයට හදිසියේ දිනක් නොදන්නා කෙනෙකුගෙන් ලිපි දෙකක් ලැබෙනවා.. 
"ඔබ කවුද?"[who are you?] 
"ලෝකය ආවේ කොහෙන්ද?"[where does the world come from?]


මේ ලිපි වලින් ඇරඹෙන දර්ශනය පිළිබඳ පාඨමාලාව [ඇයට ලිපි එවන ඇල්බෙර්ටෝ නොක්ස් නම් දාර්ශනිකයා කියන්නේ ඒ විදිහට] ඇයව වසර 3000ක් අතීතයට රැගෙන යනවා. සොක්‍රටීස්,ප්ලේටෝ,ඇරිස්ටෝටල් ගෙන් ආරම්භ වෙන දර්ශනවාදය කලින් කලට ඔප මට්ටම් වෙමින් ගලා එන අන්දම ඔහු ලිපි මගින් විස්තර කරනවා.


මේ මුළු විශ්වයම සුදු ලොම් පිරිච්ච හාවෙක්ට සමාන කලොත් මිනිසුන් තමා ඒ හාවා මත ජීවත් වෙන කුඩා ප්‍රාණීන්. මිනිස්සු ගොඩාක් වෙලාවට කැමති ඒ ලොම් ඇතුලට ඇතුලටම වෙලා උණුහුමට සනීපයට හරි බරි ගැහිලා ඉන්න.ඒත් මේ අතරේ ඉන්නවා සුදු හාවාගේ ඇස් දිහා කෙලින් බලන්න හිතාගෙන ලොම් දිගේ උඩට නගින කට්ටියත්..එයාලා තමයි දාර්ශනිකයෝ..එයාලා තමා ලෝකයේ සැබෑ ස්වරූපය දකින්න උත්සහ කරන අය. ඔය විදිහට තමා යුස්ටයින් ගෝඩර් මේ පොතේ දාර්ශනියකයන්ව හඳුන්වලා දෙන්නේ.



මේ පොතේ පිටපත් මිලියන ගණනක් ලොව පුරා අලෙවි වෙලා තියෙනවා. මේක නවකතාවක් විදිහට විතරක් ම නෙවෙයි දර්ශනය පිළිබඳව හදාරන අයගේ පාඨ ග්‍රන්ථයක් විදිහටත් මේ පොත නිර්දේශ වෙලා තියෙනවා.


"සොෆීගේ ලෝකය" පොත අපි ගොඩ දෙනෙක් කියවලා පුරුදු ශෛලීයේ කතාවක් රැගත් පොතක් නෙවෙයි.සත්තකින් ම එක හුස්මට කියවලා ඉවර කරන්න පුළුවන් පොතක් නෙවෙයි. [මමත් තාම කියවනවා] ඊට හේතු කිහිපයක්ම තියෙනවා.



එකක් තමා මේ කතාව හැමකෙනෙක්ටම එතරම් පුරුදු නැති මාතෘකාවක් යටතේ, එනම් දර්ශනවාදය යටතේ ගලාගෙන යාම. අනිත් කාරණාව වසර 3000ක් පැරණි අතීතය යලිත් ලියැවෙන විට එහි අඩංගු බටහිර නම්, ඒ ඉගැන්වීම් අපට නුහුරු වීම.අනිත් කාරණාව නම් එක ජේදයක් අවසානයේ හිතන්න දාහක් දේ මනසට ලැබීම. එමෙන් ම විටෙක නියම අදහස ලබාගන්නට එකම ජේදය දෙවරක් කියවන්නට වීම.


නමුත් ඒ සියල්ල පසෙකට දැමූ විට පොත කියවීම වටීය. අප ජීවිතය ගැන නොහිතන නොදකින පැතිකඩයන් විවර කරදීමට මේ පොත සමත්ය.


ඔබ සමහර විට දර්ශනවාදය එතරම් ප්‍රිය නොකරන අයෙක් විය හැකිය. නමුත් මේ පොත කිය වූ පසු ඔබේ ඒ අදහස වෙනස් වීමට ඉඩ ඇත.කුතුහලය ඔබ වෙලා ගන්නා සේ එමෙන් ම ඉතා ම සරල ආකාරයෙන් බටහිර දර්ශනය ඔබ ඉදිරියේ සිනමා පටයක් සේ දිග ඇරීමට ලේඛකයා සමත්ය.



පෝස්ටුව අවසන් කීරිමට ලේඛකයා ගැන සඳහන් කිරීමට කැමැත්තේමි.යුස්ටයින් ගෝඩර් [Jostein Gaarder] පූර්ණ කාලීන ලේඛන කටයුතු වල යෙදෙන සාහිත්‍යධරයෙකි.ඔස්ලෝ විශ්ව විද්‍යාලයේ උපාධිධරයෙකු වන ඔහු කලක් දර්ශනවාදය ගුරුවරයෙකුව කටයුතු කර ඇත.
මේ පොත රාණි සේනාරත්න රාජපක්ෂ විසින් සිංහලට පරිවර්තනය කර තිබේ.



"ලියුම් පෙට්ටියෙ තිබුණෙ එකම ලියුමයි- ඒක සොෆීට.සුදු පාට ලියුම් කවරේ ලියලා තිබුණා - "සොෆී ආමන්ඩ්සන්, අංක 3, ක්ලෝවර් ක්ලෝස්." ඔච්චරයි. ඒක කාගෙන්ද කියලා නැ. මුද්දරේකුත් නෑ..
සොෆී ඇතුළට ඇවිත් ගේට්ටුව වහපු ගමන් ම ලියුම් කවරය ඇරියා.ඒකේ තිබුණේ ලියුම් කවරයට වැඩිය ලොකු නැති කඩදාසි කෑල්ලක් විතරයි.ඒකේ තිබුණේ:
"ඔබ කවුද?"
වෙන මුකුත් ම නෑ..ඒ වචන දෙක විතරයි,අතින් ලියලා අග්ගිස්සට විශාල ප්‍රශ්නාර්ථ ලකුණක් දාලා.
ඇය ආයෙමත් ලියුම් කවරය දිහා බැලුවා.ලියුම නං සැකයක් නැතුවම ඇයටම තමා.ඒක තැපැල් පෙට්ටියට දාන්න ඇත්තේ කවුද?"

~Sophie's World by Jostein Gaarder~
[සොෆීගේ ලෝකය පරිවර්තනය රාණි සේනාරත්න රාජපක්ෂ]


පසුසටහන: මේ පොත මට උපන් දින තෑග්ගක් විදිහට ලැබුනේ.. ඒ තැග්ග දුන්නේ මගේ හොඳ යාළුවා.. තරුෂි.. තැන්කූ තරු මෙච්චර ලස්සන පොතක් මට දුන්නට..

Friday, August 3, 2012

ඉරාකයේ දියණිය.. මයාඩා.. ~Daughter of Iraq "MAYADA"~

බ්ලොග් පොස්ට් එකක් ලියන තරමටම මගේ හිත සසල කළ නිර්මාණයක් තමා මේ පොත.. ජීන් සැසොන් කියන ලේඛිකාව විසින් රචිත මයාඩා අල් අස්කාරි නම් ඉරාක ජනමාධ්‍ය‍වේදීනයකගේ සත්‍ය කතාව. ඉරාකයේ හිටපු ජනාධිපති සදාම් හුසේන්ගේ පාලන සමයේ සිදුවූ ඛේදනීය සිද්ධීන්ගෙන් තමා මේ පොතේ පසුබිම වෙලා තියෙන්නේ.අපි සමහර වෙලාවට අපිට නොලැබී තිබෙන දේවල ගැන වද වෙනවා.ඒත් මොහොතක්වත් අපි සතුව තිබෙන දේවල් අගය කිරීමක් නැ. මයාඩාගේ පොතින් හෙලිවන දේවල් දිහා බැලුවාම ජීවිතය කියන්නේ මොනතරම් අවිනිශ්චිත දෙයක් කියලා හිතෙනවා. ඒ තරමට ඉරාකය තුළ අහිංසක මිනිසුන් වද හිංසා වලට මූණ පානවා. සමහර විට උදේ ගෙදරින් යන  කෙනා හවසට ගෙදර එයිද කියලා කියන්න බැ. ඒ තරමට සදාම් හුසේන්ගේ බලය ජීවිත පුරා පැතිරිලා.විදුලි සැර වැද්දවීම්.. කස පහර දීම්.. මුස්ලිම් පිරිමි කෙනෙකුට කළ හැකි ඉහලතම නිග්‍රහය වන දූෂණය කිරීම්.. මේ සිරගෙදර එමටය. මනුෂ්‍යත්වයට නිගා කළ මිනිසුන් අතරේ තමන්ගේ පවුලේ අතීතය නිසාම බේරී ආ කාන්තාවකගේ කාතවක්.
සදාම් හුසේන් හා ඔහුගේ පවුලේ සැබෑ තත්ත්වය හෙළි කරන කතාවක්. 
මයාඩා ජනමාධ්‍යවේදීනයක්. ඇය ඔටෝමාන් රජ පෙළපතට නෑකම් කියන ප්‍රභූ කතකි. සදාම් හුසේන් 2003 දී බලයෙන් පහවීමෙන් පසුව ඇය තම ජීවිත කතාව ලොවට හඬ ගා කීවා ය. සදාම්ගේ මාළිගා, වධකාගාර පිළිබඳව ලොවටම කීමට ඇය පසුබට නොවීය. කියවලා නැති කෙනෙක් ඉන්නවා නම් කියවන්න හොඳ පොතක්. කතාව කියවලා නැති අය වෙනුවෙන් එයින් කොටසක් පළ කරන්න මං හිතුවේ කතාව කියවන්න ආශාවක් ඇති කරවන්න හිතාගෙන.. :)




මයාඩා අසල සිටි කාන්තාවක දෙස බලා වතුර වීදුරුවක් ගෙන එන ලෙස ඉල්ලුවා ය. කාන්තාවෝ කීප දෙනෙක්ම එයට ඉදිරිපත් වූ හ. ආලියා කෝප්පයක් ගත් අතර එමාන් ගුරුලේත්තුව අතට ගත්තා ය. මයාඩා කුඩා වතුර කෝප්පය සමාරාගේ දෙතොලට ළං කළා ය.
"බොන්න"
වතුර බොන අතරදි සමාරාගේ දෑත වෙවුලන අයුරු පෙනිණි.
"මගේ ආදරණීය සහෝදරියට ස්තූතියි"
සමාරා කතා කරන හඬ අසා සතුටට පත් කාන්තාවෝ ඇය වට එක් රැස් වූ හ.
"මම ඔයාව පරීක්ෂා කළා.ජීවිත හානියකට දෙයක් නැහැ වගේ පේන්නේ.ඒත් ටික දවසක් ඇඳේ ම විවේක ගන්න.ඔයා අපිව හරියට බය කළා," යි ආචාර්ය සභා පැවසුවා ය.
"මට විවේක ගන්න ඉඩ දුන්නොත් ඉන්න පුළුවන්.උන් ගේ අවධානය දැන් එන්න එන්න ම වැඩියි.මට ඇහුණා කවි ගැන කියනව.මාත් කවි පෙළක් දන්නවා." යි මයාඩා දෙස බලමින් සමාරා පැවසුවා ය.

"මුලින් ම සනීප වෙලා ඉන්න සමාරා,"යි මයාඩා පැවසුවා ය.
"ඇවිදින්න බැරි වුණත් මට කතා කරන්න පුළුවන්.මුලින් හිටි හිර ගෙදරදි එක ගෑනු කෙනෙක් බිත්තියේ මේ කවිය ලීවා.නමක් නැති ඒ කාන්තාව දුක් විඳලා මැරුණත් කවිය නිසා එයාගේ කොටසක් ජීවමාන යි. මම ඒ කවිය කරපාඩම් කළා. මම හැමදාම ඒක මට ම කියා ගන්නවා."
"පස්සේ ඒ කවියට අපිටත් කියන්න." යි සභා කීවා ය.
"නැහැ. මට ඒක දැන් ම කියන්න දෙන්න අනේ.."
මයාඩා ආචාර්ය සභා දෙස බැලුවා ය.
"හරි එහෙනම් කියන්න.ඒත් ඕනෑවට වැඩිය මහන්සි වෙන්න එපා,"යි සභා පැවසුවා ය.
සමාරා වරින් වර නවත්තමින් කවිය කියවන්නට වූවා ය.



මගේ නිවසින් ඔවුන් මා රැගෙන ගියා
මගේ දරුවන් ඉල්ලා සඬන විට ඔවුන් මගේ
කම්මුලට ගැහුවා
ඔවුන් මා හිර කළා
මා නොකළ වරදකට ඔවුන් මට චෝදනා කළා
ඔවුන් මගෙන් නින්දිත අන්දමින් ප්‍රශ්න කළා
නපුරු අත්වලින් උන් මට වද දුන්නා
සිගැරැට් කොටවලින් මා පිළිස්සුවා
මගේ දිව කැපුවා
උන් මා දූෂණය කළා
මගේ පියයුරු කපා-දැමුවා
වේදනාවෙන් බියෙන් මා තනි ව වැළැපුණා
ඔවුන් මා මැරෙන්න හැරියා
ඔවුන් මා බිත්තිය ලඟ හිටෙව්වා
මම උන් ගෙන් අනුකම්පාව අයැදුවා
මගේ දෑස් අතරට උන් වෙඩි තැබුවා
කුඩා වළක මගේ සිරුර වැළලුවා
ඔවුන් මා රෙදිකඩක් නැති ව මා වැළලුවා
මගේ මරණයෙන් පස්සේ මා අහිංසක බව 
උන්ට ඔප්පු වුණා..


Daughter of Iraq by Jean Sasson
ඉරාකයේ දියණිය මයාඩා සිංහල 
පරිවර්තනය  ච්‍රිතා අයි පෙරේරා