Posts

Showing posts from May, 2013

තාම දන්නේ නෑ මං..

Image
" තමාරා.. මේ බලන්නකෝ ඊළඟ  සින්දුව කියන කෙනාගේ නම .. " ගැහෙන ඇඟිලි වලින් අල්ලාගෙන හිටිය වැඩ සටහන් පෙළගැස්ම මම තමාරට පෙන්නුවේ මෙතනින් නැඟිටලා යනවද නැද්ද කියලා හිත ඇතුලින් මහා යුද්ධයක් කරන ගමන්.. කලින් සින්දුවේ නිසා හිතට දැනුන කම්මැලිකම හින්දාම වැඩ සටහන් පෙළගැස්ම බැලුවේ ඊළඟ සින්දුව වත් හොඳ එකක් වෙයි ද කියලා බලන්න.. ඒත් මෙහෙම දෙයක් මම කවදාවත් බලාපොරොත්තු වුනේ නැ.. " ඇයි කවුද කියන්නේ ??" තමාරා ඕනෑවට එපාවට වගේ කොලේ දිහා බැලුවා.. “ ධනුශ්ක මිල්ලගහවත්ත..ඉතින් ??" “ ඇයි මේ ඇස් දෙකේ කඳුලු කෙල්ලේ ? අපොයි දෙයියනේ මේ ඔයාගේ ධනුශ්කද ?? නැ.. වෙන්න බෑනේ.. එයා කොහෙද මෙල්බර්න් වල ??" තමාරා කියපු කතාව ඇත්ත.. තව ධනුශ්ක  මිල්ලගහවත්ත ලා කොච්චර ඇද්ද.. මම බොරුවට කලබල වෙලා.. ඔව්.. සින්දු කියන ධනුශ්කලා තව කොච්චර ඇද්ද.. හ්ම්ම්ම්ම්.... නික්ම ගිය සුසුමත් එක්ක අවුරුදු හතක් තිස්සේ වල දාලා තිබුනු මගේ ආදර කතාව මට ආයේ මතක් වුනා.. ************************************************************** " ඔයා  මට කැමතිද ??" ඉස්කෝලේ ඉවර වෙලා බස් එක අල්ලගන්න හදිස්සියේ දුවගෙන ආ