Posts

Showing posts from November, 2012

ගඟක් මලක් සහ බඹරෙක්...

Image
ගඟට පෙම් බැඳි මලකට ආදරය කරන බඹරෙක්... බඹරා මලට ආදරෙයි.. මල ගඟට ආදරෙයි..  ගඟ මලට ආදරේ නැ.. මල බඹරාට ආදරේ නැ..  මල ගඟ පතනවා.. බඹරා මල පතනවා..  මලට බඹරාගේ ආදරේ දැනෙන්නේ නැ.. ගඟට මලේ ආලය දැනෙන්නේ නැ.. මල අසරණයි.. ගඟ අසරණයි.. බඹරිඳු අසරණයි.. මල් ගොඩාක් වැටෙන ගං දියට..මේ මලත් තවත් එක් මලක් විතරමයි...  බඹරු දහක් කැරකෙන මේ මලට... මේ බඹරත් තව එක් බඹරෙක් විතරමයි.. මල අයිති බඹරුන්ට.. මල බඹරාට ආදරේ කරන්න.. හැමෝම එහෙම කිව්වට.. ආදරේ කියන්නේ තීරණයක්ද.. ?? මල ආදරේ ගඟට.. ඇයි එහෙනම් ගඟට බැරි මලට ආදරේ කරන්න..??  මල බඹරාට ආදරේ නැ වගේම ගඟ මලට ආදරේ නැ.. මල බලා ඉන්නවා.. මලට තේරෙනවා.. මල නිහඬව බලා ඉන්නවා.. ආදරය තීරණයක් නෙවී.. ආදරය හිමි කරගැනීමම නෙවී.. ආදරය හැඟීමක්.. මල ගඟට බනින්නේ නැ.. බඹරා මලට බනිනවද.. මල දන්නේ නැ.. ගඟ නිසොල්මනේ ගලා යනවා.. මලෙන් ඈතට ඈතට ගලා යනවා.. නිහඬව ම.. මලට ප්‍රශ්න රැසයි.. ගඟ නිහඬයි.. ගඟ නපුරුයි.. නැ.. නිහඬතාවය නපුරු විදිහට මල වට කරගෙන.. ගඟ නිසොල්මනේ දුර යනවා..  ඔබත් දුර යන්න.. මල බඹරාට කියනවා.. බඹරා අහයිද?? මල දන්නේ නැ.. මල නිහඬයි...  මල බලා ඉන්නවා.. ඇයි?? මොකටද??