Posts

Showing posts from October, 2011

මන්දාරම් වැහි.. සිව්වන කොටස

Image
"මං ඉතින් ඔයා කියපු හින්දා ගිහින් කතා කලා නිර්මාල් එක්ක. එයාටත් මාර අප්සෙට් වැඩේට. මේකා කියාපි අයේ ලලිතක්කේ මම ඔය කෙල්ල එක්ක කතා කරනවා තියා මූණ වත් බලන්නේ නැ ඕන්. සත්තමයි කියලා.. හෙහ් හෙහ් හෙහ්.. මං ඒ සැරේ කිව්වා අන්න එයා සොරි කිව්වාය එදා ගෑස් දැම්මට කියලා." ලලි අක්කා මහ සද්දෙන් හිනා වෙවි කිව්වට මගේ හිතේ මොකක්දෝ නුරුස්සනා කමක් මෝදු වුණා. "අක්කා ඒක කිව්වද?" මට ඉබේම ඇහුණා. "ඇයි ඉතින් උඹමනේ කියන්න කිව්වේ" අක්කා ඇස් ලොකු කරගෙන හිනා වී ගෙන මගේ දිහා බැලුවා. "හ්ම්ම්... ඉතින් එයා මොකද කිව්වෙ?" පුංචි හිනාවක් අක්කගේ කට කොනට නැගුණේ එයාටත් හොරා. "කිව්වේද? කිව්වා එයා එහෙනම් පෙන්නන තරම් ආඩම්බරකාරියෙක් නෙවෙයි කියලා" "හ්ම්ම්.." මොකද උඹ බස්සියෙක් වගේ හ්ම්ම් හ්ම්ම් ගාන්නේ?" "නැ මුකුත් නැ.. " අපරාදේ මම එයාට සොරි කිව්වේ. දැන් ඉතින් එයාට දෙවෙනි වුණා වගේනේ. අනික එයාට මාව එච්චර වැදගත් නෑත් එක්කනෙ.. එයාට ඕනේ වුණේ මා ලව්වා ලලිතක්කව ආයේ යාලු කරගන්න. මාව නිකන් ම කෙල්ලෙක් ගානට දාලනේ කතා කරලා තියෙන්නේ. මාත් එක්ක ආයේ කත

අරුමය...

Image
ඔබ ආදරේලු... නමුත් මට නොව වෙන කාටද.. මගේ ආදරය ඔබට නොවටින්න ඇයේ ආදරයේ තිබෙන අරුමය කියාදෙනවද මටත් ඔබ..

නතරවෙලා..මං..

Image
සිත එක්තැන් කරන්න අපහසුයි කිව්වාට මට පුළුවනි කරන්න දුවන සිත නවතන්න කොච්චර දුර දිව්වත් මගේ හිත නැවතෙනවා හැමවේලේ එකම තැන නතරවූ සිත එතන එහෙම්මම ගල් වෙනවා සිත එකතැන් වෙලා නමුත් මට දැනෙන්නේ මමත් එකතැන් වෙලා මගේ සිත හැමවේලේ නුඹ ලඟම නැවතිලා..

සරදමක් දෝ ප්‍රේමය....

Image
මා එපා කිවු ඔබ යලි ඇවිත් මා ලඟ හඬා වැළපෙන කොට කෙසේ ඉවතක බලමි මම... දහක් දුක් සඟවා හිනාවෙමි නුඹට මම නුඹේ දුක අහගෙන හුනිමි නොහඬාම මම... නෙත් අඟින් ගිලිහෙන නුඹේ උණු කඳුළැලි මගේ නමට නොවෙන බව දැන දැන ම සනසවමි මම... නුඹ හඬයි මා ලඟ අතැර ගිය ආලය පතා පිසදමමි නුඹේ කඳුළු මම මා දවන හින්දා උණු කඳුළ.. නුඹ තවම මසිතේ සිටියද අයිති නැති අයෙකි නුඹ මට සරදමක් දෝ ප්‍රේමය ජීවිතය නිතර රිදවන..

මන්දාරම් වැහි.. තෙවෙනි කොටස

Image
" පැතුම්කා වෙත, (පැන්චි ) පැන්චි කිව්වට තරහ වෙලාද දන්නේ නැ දැනටමත්..  මම නිර්මාල්. නිර්මාල් කිව්වට කවුද කියලා දන්නෙ නැතුව ඇති නේද? එදා ඉතින් ඔයා මට නම වත් කියන්න දුන්නේ නැනේ. මම අර එදා ලලිතක්ක එක්ක හිටපු කෙනා. ආහ් දැන් මතක වුණානේ. අර බැංකුවේදි හම්බු වුණේ. දැන් නම් ඔයාගේ මූණ දික් වෙලා ඇති නේද? අර එදා මූණ දික් කරගෙන හිටියා වගේ?  හරි හරි..විහිළු ඉවරයි. එදා මම ඔයාව බය කලානම් මට සමාවෙන්න. එදා ඔයාව බස් හෝල්ට් එකට ඇරලවලා ආවට පස්සේ ලලිතක්කා මට හොඳටම බැන්නා. එයා කවදාවත් මට සැරට කතා කරලවත් නැ. ඒත් එදා ඔයාගෙ හිත නරක් වෙලා කියලා මම තමා ඒක කලේ කියලා හොඳට ම බැන්නා. එදා ම ඔයාට කතා කරලා සමාව ගන්න මට ඕනේ වුණා. ඒත් ඉතින් අක්කා මට ඔයාගේ ෆෝන් නම්බර් එක දුන්නේ නැ. එයා දැන් මාත් එක්ක කතා කරන්නෙත් නැ. ඒ නිසා තමා මම මේ ලියුම ඔයාට ලියන්න හිතුවේ. තරහ ගන්න එපා ගෙදර ලිපිනය ගත්තේ ඔයාගේ පර්සනල් ප්‍රොෆයිල් එකෙන්.  මම එදා කන්න වගේ ඔයා දිහා බලන් හිටියා කියලා ඔයා කිව්වලු. මම වල්කමකට බලන් හිටියෙ නැ. ඒත් ඉතින් ලස්සන ගැනු ළමයෙක් දැක්කාම නොබලා ඉන්න තාම  මගේ ඇස් දෙකට පුරුදු නැනේ. මම එදාත් බැන්නා ඇස් දෙකට..

I'm a Happy Girl..

Image
After a long time thought to put a letter in English. Actually I started this as an English blog and now it has become a blog of both languages.. hi hi hi.. no-one can predict future. But that is a good thing. I wish if I can write in Tamil then I would be able to make this blog is a place for everyone and anyone. Okay. My letter is not about my blog or the languages that I know and I write. This is about me. But it the message can be applicable to anyone. Yesterday was the first day in my second year in university. It was a another normal day. But there was something strange in it. When I look back at my first year it feels like a century. Things have changed a lot after a year. Some people who were with us at the beginning are not with us now. Some who weren't with us are with us now. They who we blame has proved themselves...and they who we praised also had proved themselves that they don't deserve it. I learnt a lot about people in last year. Lot of things that I neve

මන්දාරම් වැහි.. දෙවෙනි කොටස

Image
" පැතුම්කා ගුණසේකර ?" " ඔව් සර් " " ඔයා ඒලෙවෙල් කලේ   කොම ( ර් ) ස් වලින්ද ?" " නැ සර් .. මම ආර්ට්ස් කලේ . ඒත් එකවුන්ට්ස් කලා ." "හ්ම්ම්... කොම්පියුටර් වැඩ දන්නවනේ.." ඔහු පුංචි හිනාවකුත් එක්ක ෆයිල් එක මගේ අතට දෙනගමන් ඇහුව්වා. ප්‍රශ්නයක් විදිහට නොවුනත් "ඔව් සර්" කියලා මම කිව්වා. දැන් නම් වැඩේ හරි වගේ මගේ හිත කැගහනවා. "අපි ඔයාට දැනුම් දෙන්නම්." "තැන්කු සර්. හැව් අ ගුඩ් ඩේ"  "යු ටු". මැනේජර්ගේ කැබින් එකෙන් එළියට ඇවිත් මම ලලි අක්කාව හෙව්වා. "ලලිතක්කා වැඩකට ගියා. මට ඔයාට කියන්න කිව්වා." නාදුනන කටහඬක් මගේ පිටිපස්සෙන්. හැරුනු ඇස් මුලින්ම දැක්කේ මගෙ දිහා උඩ ඉඳන් යටට ම බලන ඇස් දෙකක්. ඇස් වල අයිතිකාරයා අවුරුදු 21 ක් 22 විතර කියන්න පුළුවන් කොල්ලෙක්. දිගන්චියෙක් වගේ උසම උසයි. හීන්දෑරියි. සුදු මූණ දිගටියි. කවුද මේ කෝටුකිතයියා? කළු පාටයි සුදු පාටයි ඉරි වැටුණු අත් දිග කමිසේ අත් දෙක වැළමිට ගාවට වෙනකම් නවලා. ක්‍රේල් කොන්ඩේ හුළගට අහුවෙච්ච පිදුරු ගොඩ වගේ. අපෝ පැණි කුරු

මන්දාරම් වැහි.. පළවෙනි කොටස

Image
වටේම අඳුරුයි. කළු පාටයි. එක එක සද්ද ඇහෙනවා. මම මේ කොහෙද ඉන්නේ? ඇස්පිය එකට ඇලිලා වගේ. අමාරුවෙන් ඇස් දෙක ඇරියා. "ආහ්" ඉර ඇස් ඉස්සරහ පායලා වගේ. තද එළියක්. කවුද මේ ලයිට් ගහන්නේ ඇස් දෙකට. මට කේන්තියි. ආයේ ටිකක් වෙලා ඉඳලා ඇස් අරිනවා. ආහ් ඒ පාර එළිය එච්චරම සැර නැ. තුනසැරයක් හතරසැරයක් ඇස් පිය ගැහුව්වා. සුදු පාට ඇඳගෙන මූණුත් වහගෙන කවුද මේ.. මගේ දිහා බලගෙන.. මගේ ඇඟම රිදෙනවා.. මට කියන්න ඕනේ. "ඩොක්ටර් එයාට සිහිය ඇවිත්" කෙනෙක් කියනවා.මම ඔළුව හරවන්න බැලුවා. ඒත් බැ. ඔළුව හරිම බරයි."එයා දඟලනවා.ඉක්මනට ඉන්ජෙක්ෂන් එකක් දෙන්න. නැතනම් මැහුම් ගැලවෙයි." මම මේ කොහෙද.. මම එහෙ මෙහෙ බැලුවා. මගේ දිහා වීදුරුවකින් බලගෙන ඉන්න ඇස් දෙකක්. ඇස් දෙක විතරයි මට පේන්නේ. ඒත් ඒ ඇස් මම දන්නවා. "නිර්මාල්" මම කතා කළා. ඔව් ඒ නිර්මාල් තමා. මට කළුවරේ වුණත් අඳුරගන්න පුළුවන් ඒ ඇස් දෙක. හ්ම්ම්ම්... නිර්මාල් ඉන්නවා නම් බය වෙන්න දෙයක් නැ. ආව්.. මගේ අත කූඹියෙක් කෑවා වගේ පුංචි රිදිල්ලක්.මම නිදිමතයි. ම්ම්ම්... නිර්මාල් යන්න එපා. මම නිදාගෙන නැගිටින කම් ඉන්න. මම කිව්වා එයාට ඇහුණද දන්නේ නැ.ඇස් දෙක

මන්දාරම් වැහි

Image
ගොඩක් කල් ඉඳලා හිතේ තිබුණු කතාවක් අකුරු කරන්න හිතුණා. මේක් මගේ පළවෙනි උත්සහය. කොහොම වෙයිද කියන්න දන්නේ නැ. කියවලා බලලා ගුණ දොස් කියන්න. පළවෙනි උත්සහය හින්දා අසාර්ථක වෙන්නත් ඉඩ තියෙනවා. ඒත් ඉතින් පළවෙනි පියවර තියන්නේ නැතුව ගමනක් යන්න බැනේ. මේ ගමනට සහයෝගයක් වෙන්න පුළුවන්න නම් ඒක මට ලොකු සතුටක්. එහෙනම් "මන්දාරම් වැහි" වැටෙන්න පටන් අරන්. තෙමෙන්න ඔයාලත් එන්න... මන්දාරම් වැස්සේ වැහි බිඳු කියන කතාවක්.....

විභාගේ අස්සේ වෙච්ච හදියක්.

Image
මේ කතාව  වුණේ  මට වෙන කාටවත් එහෙම නෙවියි. මටම තමා. අපේ පළවෙනි වසර අවසන් විභගය අස්සේ වුණු වැඩක්. ඔන්න ඉතින් අපේ විභාගේ අන්තිම දවස එදා. අපිත් ඉතින් පුදුම සන්තොසෙන් තමා විභගෙට ගියෙත්. කොහොම හරි මම ඉතින් හිටු කියලා ලියනවා. හරිද වැරදිද දන්නෙත් නැ. ඔහේ ලියනවා. [දැන් ප්‍රතිඵල එහෙම අහන්න එපා ඔන්]. ටික ටික දැන් පැය තුනත් ඉවර වෙන්න ළඟයි. අපි ඉතින් මීටර් 100 දුවන runnersලා වගේ කොහොමත් අන්තිම පැය බාගෙනේ දන්න ඔක්කෝම වැඩ දාන්න හදන්නේ. මමත් ඉතින් අන්තිම පැය බාගේ පණ එපා කියලා දුවන runner කෙනෙක් වගේ හති දාගෙන දුවනවා. විභාග ශාලාවල ඉතින් අර මුර කරන්න කස්ටියකුත් ඉන්නවනෙ. ඔහොම අය අපේ එකෙත් හිටියා. මෙන්න එකපාරටම මගේ ළඟට ළං වෙච්ච විභාග පරීක්ශකවරියක් [මුර කාරියක් කියන එක හොඳ නැනේ නේද.. හිහ් හිහ්..] මගේ අංකය දිහා හොඳට බලලා කියාපි "විභගේ ඉවර වුණාම ඔයා ඇවිත් චීෆ්ව මීට් වෙලා යන්න" කියලා. ඕක ඇහුවා විතරයි මට ඉන්නෙ කොහෙද කරන්නෙ මොනාද කියලා අමතක වුණා. ඇයි ඉතින් අපි දන්න විදිහට චීෆ්ව මීට් වෙන්න වෙන්නේ නම් ඉතින් හොඳකට නෙවෙයිනේ. පැය ගාණක් ඉඳගෙන ඉදලා රත් වෙලා තිබුණ පුටුවත් නිකන් අයිස් කුට්ටියක් වගේ සීත

They confessed.. Silently

Image
[She] We met on a sunny day in the park suddenly he smiled so did I we both sat on the bench in a corner of  all our own.. waited so long hoping and praying so hard till he say a word.. he didn't say anything.. I wished him to hear the voice in my heart sadly I knew he never heard all he did was watching my eyes it's time to leave which never is mine silently I stood up holding love in heart hiding it in a deep place I walked away.. [He] It all began one day we met in a park suddenly our eyes met each other but we didn't speak a word though we didn't say it our love was chatting all the time I heard the sound of her heart through the silent between us I loved to watch her eyes speaking sparkling eyes her eyes says her love which is deep and silent I love to watch her love so silent and gentle.. It all ended when she decided to walk away.. I don't know why but she walked away silently.. just like her love she walked away..

නවාතැන..

Image
දස දහස් ගව් දුර පියෑඹු මගේ සිත නුඹේ නෙතු අද්දරම නවාතැන් ගත්තේ කිම නොදනිමි මම තාම..

Charming love

Image
On the silent green water moon is painting his glory soft wind is singing songs to make black forest sleep calmly the world has hugged by the queen of darkness.. the stars are shinning on the sky guide me to you secretly.. whole world is sleeping while we are awaken... silent green water is more silent black forest is not making noises soft wind is more and more calm seems they knows this is a secret.. only the moon light is still painting our souls.. until the sun hide in sea I'm waiting with a hope whether the sun gives light to world darkness is the hopes of our lives.. darkness covers us from the world stars showing the path I kept my head on your chest I can hear your heart beat under your arms I feel the loving warm when you look down and peep into my eyes.. I can see the sparkles of love shinning like diamonds.. the surround is dark, but I can read the love in your eyes the surround is cool, but I can feel the love under your arms the wind i