Posts

Showing posts from 2011

ජීවිත එක්ක සෙල්ලම් හොඳ නැ යාළු..

Image
මම කාලෙකින් ලිපියක් ලිව්වේ නැ. කැම්පස් වැඩ නිසා ඒ හැමදේම මඟ ඇරුනා. ඒත් අද කාලෙකට පස්සේ ලිපියක් ලියන්න හිතුනා. එක වාගේම කතා කිහිපයක් තැන් කිහිපයක සිද්ද වෙනවා දැකලා. චරිත වෙනස්. සිද්ධීන් එක වගේ. සරළවම කියනවා නම් තමන්ගේ ජීවිතේ දුක නිවාගන්න නැත්නම් පාළුව නිවාගන්න තමන්ට ආදරේ කරන කෙනෙක් ගාවට වෙලා දුක කියනවා. ඒත් ඒ කෙනාට ආදරේ කරන්න ලෑස්ති නැ. මේකට පාදක වෙච්ච කතා කිහිපයක්ම තියෙනවා. ඒත් මම කතා දෙකක් විතරක් තෝරගත්තා. ඒ එකක් මගෙ යෙහෙළියකගේ බ්ලොගයේ ලියවුනු කතාවක්. ඒ මගේ හොඳම යෙහෙළියකගේ සැබෑ අත්දැකීමක්. එයාගේ පරණ පෙම්වතා ආයෙත් ජීවිතේට ඇවිත්. ඒත් ආයෙත් සම්බන්ධයක් පටන් ගන්න බැ, මොකද එයාට දැනටමත් වෙන ගැනු ලමයෙක් ඉන්නවා. ඒත් ඒ ගැනු ලමයට මෙයාව තේරුම් ගන්න බැ. එ නිසා දුක් විඳ විඳ තමා ඉන්නේ. එයාගේ පරණ පෙම්වතා කියන විදිහට එයාව තේරුම් ගන්න පුළුවන් එකම කෙනා මගේ යෙහෙළිය විතරයි. ඒත් එයාට එයාගේ දැන් තියෙන සම්බන්ධය නවත්තන්න බැ. මොකද ඒක ගෙවල් වලිනුත් කතා කරලා ඔක්කෝම ලැස්ති කරලා තියෙන්නෙ. ඒත් එයා කියන විදිහට කවදාවත් ඒ දෙන්න සතුටින් ඉන්න එකක් නැලු. අපි මේ සෙල්ලම් කරන්නේ ජීවිත එක්ක නේද? එයා ආයේ මගේ යෙහෙ

දිනුම් මා අද...

Image

මම ඈතට වෙලාම ඉන්නවා.

Image
සිත හදාගෙන නික්ම යමි මම යළිත් ඔබ වෙත නො එමි සිතා ඇවැසි නම් ඔබට එන්න මා වෙත හිඳින්නේමි මඟ බල බලා.. කවදාක හෝ දැනුනොතින් තනිකමක් නොසිටින්න තනිවී හඬා එන්න මා වෙත වැළද ගන්නෙමි සෙනෙහසින් සුපුරුදු ලෙස මෙමා.. \

හඬන සිතුවිලි

Image
සත් සමුදුරු ගොඩ ගලන්න අඬන්න හැකි මට නුඹ එනවා නම්... නීල අහස ගුගුරුවන්න සුසුම්ලමි මන් නුඹ එනවා නම්.... පොළෝ තලේ හැපී වැළපෙමි සත් කුළු පව් මත වැළැපෙමි.. නුඹ එනවා නම් යලිත් වරක් නුඹ එනවා නම්...

හුදකලා කවි 1

Image
කොයිතරම් කිව්වත් යන්නම් කියලා යන්න බැ මට ඔබෙන් මිඳි ඔබ යන්න කිව්වට යන්නේ කොහොමද මම මගේ මුළු ජීවිතයම ඔබම පමණක් වෙනකොට .. යනවා නම් යන්න වෙන්නෙ ජීවිතෙන් මිඳි මට ඒත් තාමත් මම ආදරෙයි දිවියට යන්න බැ ඔබගෙන් සමුගෙන ...

කැම්පස් එකෙන් ඇහුණු කතා 1

Image
අද නම් මම කියන්න යන කතාව ලෙක්චස් යන්නේ නැතුව කැන්ටිමට වෙලා අල වෙලා හිටපු වෙලාවක ඇහුණු එකක්. මට වුණු ඒවා එහෙම නෙවෙයි ඕන් ඇහ්.. ඔන්න ඉතින් අපේ කොල්ලෙක් කැම්පස් ආපු අලුතම වගේ තව යාළුවෙකුත් එක්ක [යාළුවා කෙල්ලෙක් මයේ හිතේ] පීසා කන්න කියලා හිතාගෙන පීසා හට් එකක් පැත්තේ ගියාලු. මෙයා ඉතින් කොළඹ ලඟ පාතකවත් නෙවෙයි. අපි කියනවා වගේ ඩොටේ ඩොට් ඩොට් පැත්තකින් ආපු කෙනෙක්. කවදාවත් කාලා නැති නිසා ආසා හිතුනලු පීසා කන්න. ඉතින් දැන් දෙන්නා එක්ක පීසා හට් එකකට ගිහින් ඇඹරි ඇඹරි ඉන්නවලු. මෙහෙම ඉන්නකොට ඕකේ වැඩ කරන බුවෙක් දැකලා එයාට තේරුනාලු මේ මුලින්ම හා හපුරා කියල පීසා හට් එකකට පය ගහපු දෙන්නෙක් තමයි කියල. ඒ නිසා මිනිහා කිට්ටු වෙලා ඇහුව්වලු " මොනාද මල්ලි වෙන්න ඕනේ" කියලා.. ටිකක් වෙලා එහෙ මෙහෙ බල බල හිටපු අපේ පොර කිව්වලු.. "අයියා අපිට පීසා හට් එකක් කන්න පුලුවන්ද?" "මල්ලි පීසා එකක් නම් දෙන්නම්.. හට් එක නම් බැ.. මේක රෙන්ට් එකට අරන් තියෙන්නෙ" කියල තමයිලු පීසා හට් එකේ බුවා උත්තර දීලා තියෙන්නෙ ඕන්..

~සුභ උපන්දිනක් තාත්තා~ Happy Birthday dad~

Image
සඳ ගිලුනු අමාවකේ පාර පෙන්වූ තරු එළිය ඔබයි මට තාත්තේ සදාකල් දිදුලනා දිය නොමැති මරු කතරේ වැටුණු එකම දිය බිඳුව ඔබයි මට තාත්තේ සදා ජීවය දෙනා වියැළෙනා ගිම්හානේ වැටුණු එකම දිය බිඳුව ඔබය මට තාත්තේ සදා සිසිලස දෙනා ඔබම ජීවය දුනි ඔබම වීරිය දුනි සදාකල් මගේ දිවියේ වීරය ඔබ වුනි.... අද මගේ තාත්තාගේ උපන්දිනය. මේ ලොකේ ඉන්න හොඳ ම මනුස්සයා තාත්තා නොවෙන්න පුළුවන්. ඒත් මට නම් මේ ලොකේ ඉන්න හොඳ ම තාත්තා මගේ තාත්තා. තාත්තා අපිට සැර කරනවා. බනිනවා. ඒත් ඒ හැමදෙයක්ම පිටිපස්සේ තියෙන්නේ අපිට කරදරයක් නොවි බලාගැනිමේ බලාපොරොත්තුව. අපිට වැටෙන්න දෙන්න තාත්තා කැමති නැ. අපි දුක් වෙනවා බලන්න තාත්තා කැමති නැ. අපි ජීවිතේ හැමදාම සතුටින් ඉන්නවා බලන්න තමා තාත්තට ඕනේ. මම අද නීති පීඨය ඇතුලේ ඉන්නේත් මගේ තාත්තා නිසා. තාත්තාගේ ආසවයි මඟ පෙන්වීමයි නැති වුනා නම් මම නීතිය ඉගෙන ගන්නේ නැ. ඒ හැමදේකටම ස්තූතියි තාත්තා. ආදරේයි තාත්තට හැමදාම.   Today is my father's birthday. He may not the best person in the world but for me he is the best father in whole world. I'm here because of him. Because of his guidance

~සඟවන්න බැ මට~

Image
සිත සඟවන්න තැත් කලා මම හැකි උපරිමෙන් වෙර දරා... නුඹේ සිනහව දකින හැමවිට සතුට ඉපිලෙයි හද පුරා.. කෙලස සඟවමි ඒ සතුට මම නෙත් වලින් යයි උතුරලා...

පියැවුනු නෙත් අසල

Image
විවර වූ නෙත් පියාපත් වසා ගන්නෙමි තදින් නොවේ දකිනට නොරිසි නුඹේ ඔය මුව මඬල... ඇරුණු නෙත් වලට මගේ දුරයි නුඹ බෝ දුරයි වසා ගත් නෙත් අසල රැඳේ නුඹ මා ලඟයි...

නුඹේ සිනා ලඟ පැරදුනු තව දිනක්..

Image
ආයාසයෙන් හදා ගත් සිත එක් සැණින් සසල කරනට හැකි වුයේ කෙලෙසක නුඹේ ඔය රුවට...... සිනා නොවුනත් ඔබ නොබැලුවත් මා දෙස යළි යළිත් මගේ සිත නුඹ ලඟ ම නැවතිලා... සති ගණන් වැර දරා නුඹෙන් මුදවනා සිත කාන්දමකට හසු වූ යකඩයකි නුඹ අසල..... වරින් වරන් මගේ සිත පැහරගෙන යන්නේ කිම එපා නම් නුඹට සිත දෙන්න එය යළි මටම... තරහා නැ මම තවම ආදරෙයි එක සිතින් රිදවන්න ඇති තරම් භාර ගමි සෙනෙහසින්.... නුඹ නොදෙන හින්දා සිනා කැන් මා මුවට කඳුළු වුව කම් නැත නුඹ නමින් සල්ලනෙමි.... දහක් දුක් සඟවා හදේ නොපෙනෙන තැනක සිනා වෙමි ලොවට මම නුඹට දොස් වේ සිතා.. සිත හඬයි රෑ දිවා නමුදු පළයක් නැති දනිමි මම මෝඩියෙකි නුඹට සිත දන් දුනි...  නුඹේ සිනා ලඟ පැරදුනු තව දිනක් සනිටුහන් කරමි මම නොනවතින කඳුළින්..

මන්දාරම් වැහි.. පස්වෙනි කොටස

Image
නිර්මාල් බැංකුවේ දොරින් ඇතුළට එනවා මම බලාන් උන්නා. එදා බයිසිකලේ ආවට පස්සේ මාස ගානක් ගියත් එයා ආයේ මාත් එක්ක කතා කලේ නැ. මාව එදා එක්කන් ආවා කියලා ලලි අක්කට කියලා තිබුනෙත් නැ. මට එයාව තේරුම් ගන්න බැ. කට වහගෙන විනාඩියක් ඉන්න බැරි කෙනෙක් කොහොමද මෙහෙම කට වහගෙන ඉන්නේ? අඩුම ගාණේ පුංචි විහිළුවක් වත් නොකර ඉන්නේ කොහොමද? මම එදා එයා එක්ක හොඳට කතා කලානේ. මගේ හිතේ තරහක් නැ කියලා එයා දන්නවනේ. ඒත් ඇයි කතා නොකර ඉන්නේ? මගේ හිත ඇතුළේ ප්‍රශ්න ගොඩාක්.. ඒත් උත්තර දන්නේ එයාම තමයි. "මොනාද බන් මේ මහ දවල් හොල්මනක් දැක්කා වගේ කල්පනා කරන්නේ?" " ම්ම්ම්... මුකුත් නැ අමාලි.. " "මුකුත්ම නැති වෙන්න බැ.. මන් දැක්කා කා දිහාද බලන් ඉන්නේ කියලා.. " මගේ ඇඟම සීතල වෙලා ගියා. දෙයියනේ දැන් මේ කෙල්ල මන් ගැන මොනවා හිතයිද දන්නේ නැ. "මැනේජර් දිහා බලාගෙන හිතුවේ අද කලින් පනින්න නේද?" කොමළ හිනාවක් දාගෙන අමාලි කිව්වා. "ආහ්... " සැනසුම් සුසුමක් නොදැනීම පිටවුණා. "නෑ අනේ මම මේ කල්පනා කලේ මල්ලිගේ උපන් දිනේ අද..එයාට මොනවද දෙන්නේ කියලා.. " කටට ආපු පළවෙනිම

නොමියන සිහිනය

Image
දෙන්නට හැකිනම් ඔබට එකම එක දවසකට හඬා වැටෙනා මගේ නෙත් දකීවී නුඹ කොතරම් වටිනවාදැයි නුඹව මට පිවිසෙන්න හැකිනම් ඔබට එකම එක සැරයක් ගල් වෙච්ච මගේ හිතට දකීවී නුඹ පිරී තිබෙනා මගේ හද නුඹ නමින් ම වෙන්නට හැකිනම් ඔබට එකම එක වාරයක් හුදකලා මගේ සිතුවිල්ලක් පෙනේවී නුඹට සිතුවිලි අරක් කරගත් නුඹේ මතක වෙන්නට හැකිනම් ඔබට එකම එක මොහොතකට මගේම විතරක් ලෝකයෙන්ම දැනේවි නුඹට සිත පුරා ගලා හැලෙනා සොඳුරු පෙම දකින්නට හැකිනම් ඔබට එකම එක වරක් ලොවම මාගේ නෙත් තුලින් නුඹටම පෙනේවී නුඹව සදා නොමියන සිහිනය ලෙසින්..

මන්දාරම් වැහි.. සිව්වන කොටස

Image
"මං ඉතින් ඔයා කියපු හින්දා ගිහින් කතා කලා නිර්මාල් එක්ක. එයාටත් මාර අප්සෙට් වැඩේට. මේකා කියාපි අයේ ලලිතක්කේ මම ඔය කෙල්ල එක්ක කතා කරනවා තියා මූණ වත් බලන්නේ නැ ඕන්. සත්තමයි කියලා.. හෙහ් හෙහ් හෙහ්.. මං ඒ සැරේ කිව්වා අන්න එයා සොරි කිව්වාය එදා ගෑස් දැම්මට කියලා." ලලි අක්කා මහ සද්දෙන් හිනා වෙවි කිව්වට මගේ හිතේ මොකක්දෝ නුරුස්සනා කමක් මෝදු වුණා. "අක්කා ඒක කිව්වද?" මට ඉබේම ඇහුණා. "ඇයි ඉතින් උඹමනේ කියන්න කිව්වේ" අක්කා ඇස් ලොකු කරගෙන හිනා වී ගෙන මගේ දිහා බැලුවා. "හ්ම්ම්... ඉතින් එයා මොකද කිව්වෙ?" පුංචි හිනාවක් අක්කගේ කට කොනට නැගුණේ එයාටත් හොරා. "කිව්වේද? කිව්වා එයා එහෙනම් පෙන්නන තරම් ආඩම්බරකාරියෙක් නෙවෙයි කියලා" "හ්ම්ම්.." මොකද උඹ බස්සියෙක් වගේ හ්ම්ම් හ්ම්ම් ගාන්නේ?" "නැ මුකුත් නැ.. " අපරාදේ මම එයාට සොරි කිව්වේ. දැන් ඉතින් එයාට දෙවෙනි වුණා වගේනේ. අනික එයාට මාව එච්චර වැදගත් නෑත් එක්කනෙ.. එයාට ඕනේ වුණේ මා ලව්වා ලලිතක්කව ආයේ යාලු කරගන්න. මාව නිකන් ම කෙල්ලෙක් ගානට දාලනේ කතා කරලා තියෙන්නේ. මාත් එක්ක ආයේ කත

අරුමය...

Image
ඔබ ආදරේලු... නමුත් මට නොව වෙන කාටද.. මගේ ආදරය ඔබට නොවටින්න ඇයේ ආදරයේ තිබෙන අරුමය කියාදෙනවද මටත් ඔබ..

නතරවෙලා..මං..

Image
සිත එක්තැන් කරන්න අපහසුයි කිව්වාට මට පුළුවනි කරන්න දුවන සිත නවතන්න කොච්චර දුර දිව්වත් මගේ හිත නැවතෙනවා හැමවේලේ එකම තැන නතරවූ සිත එතන එහෙම්මම ගල් වෙනවා සිත එකතැන් වෙලා නමුත් මට දැනෙන්නේ මමත් එකතැන් වෙලා මගේ සිත හැමවේලේ නුඹ ලඟම නැවතිලා..

සරදමක් දෝ ප්‍රේමය....

Image
මා එපා කිවු ඔබ යලි ඇවිත් මා ලඟ හඬා වැළපෙන කොට කෙසේ ඉවතක බලමි මම... දහක් දුක් සඟවා හිනාවෙමි නුඹට මම නුඹේ දුක අහගෙන හුනිමි නොහඬාම මම... නෙත් අඟින් ගිලිහෙන නුඹේ උණු කඳුළැලි මගේ නමට නොවෙන බව දැන දැන ම සනසවමි මම... නුඹ හඬයි මා ලඟ අතැර ගිය ආලය පතා පිසදමමි නුඹේ කඳුළු මම මා දවන හින්දා උණු කඳුළ.. නුඹ තවම මසිතේ සිටියද අයිති නැති අයෙකි නුඹ මට සරදමක් දෝ ප්‍රේමය ජීවිතය නිතර රිදවන..

මන්දාරම් වැහි.. තෙවෙනි කොටස

Image
" පැතුම්කා වෙත, (පැන්චි ) පැන්චි කිව්වට තරහ වෙලාද දන්නේ නැ දැනටමත්..  මම නිර්මාල්. නිර්මාල් කිව්වට කවුද කියලා දන්නෙ නැතුව ඇති නේද? එදා ඉතින් ඔයා මට නම වත් කියන්න දුන්නේ නැනේ. මම අර එදා ලලිතක්ක එක්ක හිටපු කෙනා. ආහ් දැන් මතක වුණානේ. අර බැංකුවේදි හම්බු වුණේ. දැන් නම් ඔයාගේ මූණ දික් වෙලා ඇති නේද? අර එදා මූණ දික් කරගෙන හිටියා වගේ?  හරි හරි..විහිළු ඉවරයි. එදා මම ඔයාව බය කලානම් මට සමාවෙන්න. එදා ඔයාව බස් හෝල්ට් එකට ඇරලවලා ආවට පස්සේ ලලිතක්කා මට හොඳටම බැන්නා. එයා කවදාවත් මට සැරට කතා කරලවත් නැ. ඒත් එදා ඔයාගෙ හිත නරක් වෙලා කියලා මම තමා ඒක කලේ කියලා හොඳට ම බැන්නා. එදා ම ඔයාට කතා කරලා සමාව ගන්න මට ඕනේ වුණා. ඒත් ඉතින් අක්කා මට ඔයාගේ ෆෝන් නම්බර් එක දුන්නේ නැ. එයා දැන් මාත් එක්ක කතා කරන්නෙත් නැ. ඒ නිසා තමා මම මේ ලියුම ඔයාට ලියන්න හිතුවේ. තරහ ගන්න එපා ගෙදර ලිපිනය ගත්තේ ඔයාගේ පර්සනල් ප්‍රොෆයිල් එකෙන්.  මම එදා කන්න වගේ ඔයා දිහා බලන් හිටියා කියලා ඔයා කිව්වලු. මම වල්කමකට බලන් හිටියෙ නැ. ඒත් ඉතින් ලස්සන ගැනු ළමයෙක් දැක්කාම නොබලා ඉන්න තාම  මගේ ඇස් දෙකට පුරුදු නැනේ. මම එදාත් බැන්නා ඇස් දෙකට..

I'm a Happy Girl..

Image
After a long time thought to put a letter in English. Actually I started this as an English blog and now it has become a blog of both languages.. hi hi hi.. no-one can predict future. But that is a good thing. I wish if I can write in Tamil then I would be able to make this blog is a place for everyone and anyone. Okay. My letter is not about my blog or the languages that I know and I write. This is about me. But it the message can be applicable to anyone. Yesterday was the first day in my second year in university. It was a another normal day. But there was something strange in it. When I look back at my first year it feels like a century. Things have changed a lot after a year. Some people who were with us at the beginning are not with us now. Some who weren't with us are with us now. They who we blame has proved themselves...and they who we praised also had proved themselves that they don't deserve it. I learnt a lot about people in last year. Lot of things that I neve

මන්දාරම් වැහි.. දෙවෙනි කොටස

Image
" පැතුම්කා ගුණසේකර ?" " ඔව් සර් " " ඔයා ඒලෙවෙල් කලේ   කොම ( ර් ) ස් වලින්ද ?" " නැ සර් .. මම ආර්ට්ස් කලේ . ඒත් එකවුන්ට්ස් කලා ." "හ්ම්ම්... කොම්පියුටර් වැඩ දන්නවනේ.." ඔහු පුංචි හිනාවකුත් එක්ක ෆයිල් එක මගේ අතට දෙනගමන් ඇහුව්වා. ප්‍රශ්නයක් විදිහට නොවුනත් "ඔව් සර්" කියලා මම කිව්වා. දැන් නම් වැඩේ හරි වගේ මගේ හිත කැගහනවා. "අපි ඔයාට දැනුම් දෙන්නම්." "තැන්කු සර්. හැව් අ ගුඩ් ඩේ"  "යු ටු". මැනේජර්ගේ කැබින් එකෙන් එළියට ඇවිත් මම ලලි අක්කාව හෙව්වා. "ලලිතක්කා වැඩකට ගියා. මට ඔයාට කියන්න කිව්වා." නාදුනන කටහඬක් මගේ පිටිපස්සෙන්. හැරුනු ඇස් මුලින්ම දැක්කේ මගෙ දිහා උඩ ඉඳන් යටට ම බලන ඇස් දෙකක්. ඇස් වල අයිතිකාරයා අවුරුදු 21 ක් 22 විතර කියන්න පුළුවන් කොල්ලෙක්. දිගන්චියෙක් වගේ උසම උසයි. හීන්දෑරියි. සුදු මූණ දිගටියි. කවුද මේ කෝටුකිතයියා? කළු පාටයි සුදු පාටයි ඉරි වැටුණු අත් දිග කමිසේ අත් දෙක වැළමිට ගාවට වෙනකම් නවලා. ක්‍රේල් කොන්ඩේ හුළගට අහුවෙච්ච පිදුරු ගොඩ වගේ. අපෝ පැණි කුරු

මන්දාරම් වැහි.. පළවෙනි කොටස

Image
වටේම අඳුරුයි. කළු පාටයි. එක එක සද්ද ඇහෙනවා. මම මේ කොහෙද ඉන්නේ? ඇස්පිය එකට ඇලිලා වගේ. අමාරුවෙන් ඇස් දෙක ඇරියා. "ආහ්" ඉර ඇස් ඉස්සරහ පායලා වගේ. තද එළියක්. කවුද මේ ලයිට් ගහන්නේ ඇස් දෙකට. මට කේන්තියි. ආයේ ටිකක් වෙලා ඉඳලා ඇස් අරිනවා. ආහ් ඒ පාර එළිය එච්චරම සැර නැ. තුනසැරයක් හතරසැරයක් ඇස් පිය ගැහුව්වා. සුදු පාට ඇඳගෙන මූණුත් වහගෙන කවුද මේ.. මගේ දිහා බලගෙන.. මගේ ඇඟම රිදෙනවා.. මට කියන්න ඕනේ. "ඩොක්ටර් එයාට සිහිය ඇවිත්" කෙනෙක් කියනවා.මම ඔළුව හරවන්න බැලුවා. ඒත් බැ. ඔළුව හරිම බරයි."එයා දඟලනවා.ඉක්මනට ඉන්ජෙක්ෂන් එකක් දෙන්න. නැතනම් මැහුම් ගැලවෙයි." මම මේ කොහෙද.. මම එහෙ මෙහෙ බැලුවා. මගේ දිහා වීදුරුවකින් බලගෙන ඉන්න ඇස් දෙකක්. ඇස් දෙක විතරයි මට පේන්නේ. ඒත් ඒ ඇස් මම දන්නවා. "නිර්මාල්" මම කතා කළා. ඔව් ඒ නිර්මාල් තමා. මට කළුවරේ වුණත් අඳුරගන්න පුළුවන් ඒ ඇස් දෙක. හ්ම්ම්ම්... නිර්මාල් ඉන්නවා නම් බය වෙන්න දෙයක් නැ. ආව්.. මගේ අත කූඹියෙක් කෑවා වගේ පුංචි රිදිල්ලක්.මම නිදිමතයි. ම්ම්ම්... නිර්මාල් යන්න එපා. මම නිදාගෙන නැගිටින කම් ඉන්න. මම කිව්වා එයාට ඇහුණද දන්නේ නැ.ඇස් දෙක