Posts

Showing posts from 2014

~වැස්සයි.. මමයි.. අම්මයි.. ~

Image
හීන් පොද එක එක බිමට වැටෙන්න පටන් ගත්තා. ඉර අව්ව තාම පායලා. ඒත් බිමට වැටෙන සිරි පොදට ඒ අව්වෙන් බාධාවක් නෑ. හෙමිට හෙමිට එක එක සිරිපොද පොළොවේ පස් මතට වැටෙනවා. ලා දුඹුරු පාට පස තැනින් තැන තද දුඹුරු පාට වෙලා. තිත් මෝස්තර වැටුණු චීත්තයක් වගේ. පස් වලින් පුංචි දුමක් නැගෙනවා. හෙමි හෙමිට පොළොවෙන් උඩට එන ඒ පුංචි දුමාරයෙන් මුළු පලාතම වැසී යනවා. මගේ නාසය අඟ පුංචි කිතිකැවිල්ලක් ඇවිත්. "පොළොවේ නැවුම් සුවඳ" තාත්තා කියනවා මං අහගෙන. 'නැවුම් සුවඳ'. හරි අපූරු වචනයක්. හරියට අලුත උපන් ළදරුවෙක් ලඟ තියෙන සුවඳක් වගේ පිරිසිදු.. නොකිලිටි සුවඳක්..
පුංචි සිරිපොද ටික ටික ලොකු වෙන්න ගත්තා. දැන් ඒවා පුංචි බොරළු ඇට වගේ. වහලේ උළු වලට වැහි බිඳු වැටෙන සද්දෙයි, ටකරන් උඩට වැටෙන සද්දෙයි වෙනස්. මං වැඩිපුරම කැමති කොයි සද්දෙට කියලා මට හිතාගන්න බෑ. උළු වලට වැටෙන සද්දෙට වෙන්න ඇති.
දැන් වැහි පොද පුවක් ගෙඩි තරම් ලොකු වෙලා. කලින් තිබ්බ ඉර අව්ව ටික ටික නැතිවෙලා යනවා. හාත්පසම ලා අඳුරක්. වැස්ස දැන් හරියට අහසේ ඉඳන් පොළොවට දමා තිරයක් වගේ. එහා මෙහා පේන්නෙත් නෑ.
"මොකෝ ළමයෝ වීදුරුවට මූණ තියාගෙන එළිය බලගෙන ඉන්නේ?" …

~මගේ රස්තියාදු ගමන්~

Image
මං මගේ රස්තියාදු ගමන් වලට හරි ප්‍රසිද්ධයි. මගේ යාළු මිත්‍රාදීන් පවා යන පාරක්, හොඳ පොත් කඩයක්, හොඳ පොතක්, ලාබෙට කන්න තැනක්, වියදම් කරලා කන්න තැනක්, එකී මෙකී නොකී ගොඩක් දේවල් මගෙන් අහන්නේ මගේ රස්තියාදු ගමන් ගැන දන්න නිසාමයි. හැබයි ගොඩක් වෙලාවට මං රස්තියාදුවේ යන්නේ පොත් හොයාගෙන තමයි. අදත් ඔන්න කැම්පස් එකට ගිය ගමන් කරගත්ත වැඩේ කරගෙන වෙලාව ඉතුරු වුන නිසා පොඩි රස්තියාදුවක් දැම්මා.

අද රස්තියාදුව දැම්මේ ගාමිණි හෝල් එක ලඟ තියෙන Bargain කඩ ටික පැත්තේ. .. එකෙන් සල්ලි එහෙම අරගෙන ඒ පැත්තට ගෑටුවා. අපෙ අම්මා දන්නවා නම් මාව උල තියනවා. මෙන්න මෙහෙමයි පටන් ගන්නේ.. "ඇයි ළමයෝ අර Book Fair ගිහිල්ලා ගෙනාපු පොත් ටික මදිද මං අහන්නේ? ඔය ළමයට දැන් විභාගයක් තියනවා නේද? පාඩම් කරන්න එහෙම කල්පනාවක් නැද්ද?... තව තව ජාති ගොඩාක්.. 

හරි අපේ අම්මා මට බනින විදිහ කිව්වා ඇති. මගේ රස්තියාදුව ගැන කියන්නම්කෝ. 

මුලින්ම ගියෙ වර්ණකුලසූරිය බුක් ශොප් එකට. එකේ හිටිය මහත්මයා බොහෝම උණුසුම් විදිහට මාව පිළිගත්තා. "එන්න මිස්, එන්න.. මොනවගේ පොත්ද බැලුවේ? සිංහල, ඉංග්‍රිසී අලුත් පොත් ගොඩාක් තියෙනවා..". ඒ පිළිගැනීමත් එක්ක මට සිහ…

~දිලෙන්නට සිහින දුටු ජීවිත.. දුල දුලාය~

Image
සුමිත්‍රා රහුබද්ධගේ දුල දුලාය කියවා අවසන්ය. සුමිත්‍රා රාහුබද්ධගේ පොතක් මා මුල් වරට කියවුයේ මාගේ 16 වන උපන්දිනය දාය. මා පියා දුන් තෑග්ග "බුමුතුරුණු" කෘතියයි. නමුත් මා සුමිත්‍රා රාහුබද්ධගේ පොත් කෙරෙහි ඇල්මක් දක්වන්නට පටන් ගත්තේ "අග පිපි මල්" කියවිමේන් අනතුරුවය. 

දුල දුලාය කියවීම සම්බන්දව මට ඇත්තේ සතුටකි. ඒ පොත තුළ ඇති කතාව සතුට දනවන්නක් වන නිසා නොවේ, ඒ කතාව තුළ විටෙක මා මාවත්, තවත් විටෙක මුළු මහත් සමාජයමත් දකින බැවිනි. 

අමිරි හා බිම්සා සමස්ත සමාජයේ කාන්තාව හා පුරුෂයා නියෝජනය කරන බව මගේ හැඟීමයි. දෙදෙනාටම තමන්ගේ නිදහස ඇවැසි නමුත් අනිකාගේ නිදහස සීමා කරන්න වෙර දරයි. දෙදෙනාම අනිකාගේ ආදරය අසම්මතයක් ලෙස දකින මුත්, තමාගේ ආදරය නිවැරදියැයි විශ්වස කරයි. 

මේ කතාව තුළ මට වටහා ගැනීමට අපහසු දෙය නම්, කාන්තාවකට නිදහස අහිමියි වැනි පණිවිඩයක් ලබා දෙන්නට කතුවරිය උත්සහ කරන්නේ මන්දැයි යන්නය. නිදහස්ව ජීවත් වන්නට කැමති කාන්තාව නිරතුරුව සමාජයෙන් බැට කන්නේද යන්න මට ගැටළුවකි. එහි සත්‍යතාවයක් නැත්තේම නොවේ. නිදහස් කතකට පහර දීමට සමාජය වෙර දරන බව සැබෑය. නමුත් අමිරිට අවැසි නම් නිදහස වල්බූත නිදහසක් බවට …

~මෙතනම~

Image
හදක් හඬවා රහසේ
නික්ම යන ඔබ හට
ලැබේවා සොයන දේ
කල් නොයාම

සොයාගත් පසු එය
එනවාද යලිත් ඔබ
අයේ යන්නට නොව
හැමදාම රැදෙන්නට

මා නොයයි කිසිතැන
මෙතනම හිඳින්නම් මම
නොදුටුවොත් යලි ආ දින
බලන් අසලම සොහොන් කොත ලඟ...


~විකල්~

Image
බැටළු සම් පොරව ගත්
වෘකයන් රෑන
අතින් හිසින් රඟ දෙදී
නටන සැටි බලන්...

රා මතින් බඹන 
හිස් වූ හිස් ඇතිව
විකාරයෙන් රඟන
අමනයන් දුටුවාද සබඳ...

විකල් වූ සිතින්
රඟදෙන වුන්
කියයි ඔබ හට
විකල් යැයි මිතුර...

තනි වුවත් විකල් ලොව
තනිව හිඳිනා කල්හි
වැටහේවී නුඹට
උමතු ඔවුනට බව...


කිරිල්ලියකගේ විලාපය

Image
සිඳී බිඳී ගිය කැදැල්ලේ 
පෙලී පෙලී මියැදෙනා
අසරණ කිරිල්ලියකගේ
විලාපය අසනු මැන..

බිඳෙන් බිඳ තැනූ
හිතෙන් හිත බැඳී
කැදැල්ලම සුළඟට
ගසා ගෙන ගිහින්..

තටු කැඩී ඔත්පලව
හිත බිඳී අනාථව
වැතිරෙනා කිරිල්ලිගේ
විලාපය අසනු මැන..

පොඳි බැන්ඳ හීන ගොඩ
හොර රහසේ ඉගිලිලා
ආදරෙන් පාට ගෑ
සායමත් වියැකිලා

තනිකමේ සුළි සුළඟ
කඳුළු වැහි ගෙන එන්න
අඳුරේ මියැදෙනා ඒ 
කිරිල්ලිය ගෙන යන්න

රැගෙන යනු මැන ඇයව
තුරුළු කොට ආදරෙන්
අවසාන විලාපය
සුළඟේ පා කරවමින්....