ඔයාගේ පැත්ත..
ඔබව අමතක වෙන්න
ගියා මං වෙරළට
"රළ ඇවිත් හැපෙනකොට
හරිම ලස්සනයි නේද"
ඔයාගේ කටහඬ
ආයේ ඇහෙනවා මට.....
ඔබව අමතක වෙන්න
ගියා ෆිල්ම් එකක් බලන්න
වටපිට බැලුවා මම
හැමතැනම ජෝඩු ජොඩු
කළුවරේ ඔබ ඉන්නවද
බැලෙනවා මට තාම.....
ඔක්කෝම අතැරලා
නිදියන්න ගියා මම
අතපත ගාන කොට
අහුවුනා වැඩිපුර කොට්ටයක්
ඇඳේ ඔයාගේ පැත්ත
තාමටත් හිස් වෙලා.......
බ්ලොග් එකේ පෙනුම වෙනස් කලා.. වෙනස ගැනත් පොඩි අදහසක් දීලාම යන්න හොඳේ..:) තරියාගේ කෙරුවාව ලියන තරියාටත් ගොඩාක් ස්තූතියි මේක වෙනස් කරන්න උදව් කලාට.. ජය වේවා..
ගියා මං වෙරළට
"රළ ඇවිත් හැපෙනකොට
හරිම ලස්සනයි නේද"
ඔයාගේ කටහඬ
ආයේ ඇහෙනවා මට.....
ඔබව අමතක වෙන්න
ගියා ෆිල්ම් එකක් බලන්න
වටපිට බැලුවා මම
හැමතැනම ජෝඩු ජොඩු
කළුවරේ ඔබ ඉන්නවද
බැලෙනවා මට තාම.....
ඔක්කෝම අතැරලා
නිදියන්න ගියා මම
අතපත ගාන කොට
අහුවුනා වැඩිපුර කොට්ටයක්
ඇඳේ ඔයාගේ පැත්ත
තාමටත් හිස් වෙලා.......
බ්ලොග් එකේ පෙනුම වෙනස් කලා.. වෙනස ගැනත් පොඩි අදහසක් දීලාම යන්න හොඳේ..:) තරියාගේ කෙරුවාව ලියන තරියාටත් ගොඩාක් ස්තූතියි මේක වෙනස් කරන්න උදව් කලාට.. ජය වේවා..
අමතක කරන්නම බැහැ නේද...... බ්ලොග් එකේ අලුත් පෙනුම නම් හොඳටම හොඳයි :)
ReplyDeleteකරන්නම බැ අප්පා.. මොකක් කරලාවත්..හික්ස්.. තැන්කූ.. ජය වේවා.. :D
Deleteපෙණුම හොදයි. යට footer area එක කොටස් දෙක තුනකට වෙන් කරගත්තනම් හොදයි වගේ..
ReplyDeleteතැන්කූ බුද්ධික අයියා.. ම්ම්ම්... ඒකත් කරන්න බලන්නම්.. මම මේවා වැඩිය දන්නේ නෑ අනේ.. බොහෝම අමාරුවෙන් තමා මේකත් කරගත්තේ.. ජය වේවා.. :)
Deleteදැන් නම් ඉතින් බ්ලොග් එක සුපිරියි.. රෙඩ් ඩ්‍රීම්ස් ම තමා ඉතින්!!
ReplyDeleteජය වේවා.. මේ ඔයා මට අර විස්තර හරියට කිව්වේ නැනේ.. මැසේජ් එකක් එවන්ඩෝ..
Deleteකවි රස විඳින්න කියාපු වෙලාවක තමා මම ආවෙ.
ReplyDeleteබ්ලොග් එක හොඳයි. ඇහැට අමාරුවකුත් නෑ. අකුරුත් පැහැදිලිව පේනව.
තැන්කූ තැන්කූ.. එකක් මේ පැත්තේ ආවට..අනික පෙනුම ගැන සදහන් කලාට.. ජය වේවා.. :D
Deleteපෙනුම එල..
ReplyDeleteකතාවත් එල..
තැන්කූ වේවා.. මේක දාගන්න ඔයාත් වටිනා කියන සහොයෝගයක් දුන්නානේ.. ජය වේවා.. :D
Deleteවෙනසක් නේන්නම්... ලස්සනයි... කවි පෙලත්...
ReplyDeleteතැන්කූ දිනෙශ් අයියේ.... ජය වේවා.. :D
Deleteනියමයි යාළු..:)
ReplyDeleteබ්ලොග් එක හරි.............ම ලස්සනයි.
පෝස්ටුවත් නියමයි හ්ම්ම් :)
හිහි.. බෝහෝ....ම ස්තූතියි හිරු.. ජය වේවා.. :D
Deleteගොඩාක් ලස්සනයි අක්කි දැන් බ්ලොග් එක. නියමයි !
ReplyDeleteතැන්කූ නංගියෝ.. ජය වේවා.. :D
Deletehmmmm..aluth penuma nana supiri...... post ekath ela kiri... (Y)
ReplyDeleteතැන්කූ ශයංග අයියේ.. ජය වේවා.. :D
Deleteකියන්න දෙයක් නැති හින්දා මගෙ කවියක් කොපි / පේස්ට් පාරක් දාමි.
ReplyDeleteලොවම ගිණි ගෙන දැවෙන අතරේ
අවසරය නැති පෙමක් කතරේ
සිනහ සලමින් උනුන් අතරේ
අප අපේ විය පාළු පාරේ...
සියළු බැමි බිද
මගේ ලග හිද
ලොවට නැමුනේ
ඔබේ හිස නොව
කෙලින් සිටගෙන
තදින් සිරකර
අතින් අල්ලා
සිටිය මා ලග
උන්ට වැඩ නැති
අසම්මතයක
මම - ඔබේ විය
කිහිප දිනකට
සුනදරයි ඒ
නොවිදි සුව හද
පිපුනි මල් කොද
මතක මානෙක..
අසම්මතයක පැටලුනා
Deleteහොරෙන් අප සිත් එකවුනා
නමුත් කාලය ඉගිලුනා
වෙන්වෙන්න කල එළැඹුනා..
ලස්සන කවියක් සෑම්.. ජය වේවා.. :D
අමතක කරන්න අවැසි දේ අමතක කිරීමට සිතීමත් මතකය අලුත් කරයි... !
ReplyDeleteසත්තකින්ම.. සින්දුවක් තියෙනවානේ.."දුරස් වන්නට සිතන සැම විට තවත් ලං වෙනවා.. මතක නැති කරගන්න සිතු විට සිතේ රජ වෙනවා.." කියලා.. ඒ වගේ තමා. බොහෝම ස්තූතියි මඩා.. ජය වේවා..
Deleteඇඳුම ලස්සනයි....හේම් අමතක කල නොහැකි මතක සහ අසුන්දර තනිකම සුන්දර නිර්මාණයක්
ReplyDeleteතැන්කූ රාජ්.. රාජ්.. මන් ආස නමක්.. ජය වේවා.. :D
Deleteඉතින් ඊට පස්සේ !!!!!!!
ReplyDeleteඉතින් ඊට පස්සේ සුපර්මෑනුයි ස්පයිඩර් මෑනුයි හොරු ටික අල්ල ගත්තා.. හිහිහි.. මේ පැත්තේ ආවට බොහෝම ස්තූතියි යාළු.. ජය වේවා.. අයේ එන්න ඉතුරු කොටස කියන්නම්.. :D
Deleteමම හිතන්නේ මම අදයි මේ පැත්තේ ආවේ. නියම බ්ලොග් එක දිගටම කරගෙන යන්න. සුබපැතුම්
ReplyDeleteසාදරයෙන් පිළිගන්නවා සහෝ.. දිගටම එන්න.. තැන්කූ..
Deleteජය වේවා.. :D
අලුත් ඇඳුම ශෝයි!!! :D
ReplyDeleteම්ම්ම්ම්.. කොච්චරකරත් අමතක කරන්න බැරි මතක තියෙනවානෙ..
තැන්කූ හිතූ.. ඒකනේ.. සමහර මතකයන් අමතක කරනවාට වඩා ඒ දේවල් එක්ක ම ඉස්සරහා ගැන හිතන එක තමා හොඳ.. :)
Deleteහයියෝ...මටත් ඔය ලෙඩේ තියනවනේ!මොකෝ කොරන්නේ??
ReplyDeleteඅර යට තියන about me එකයි....FB widget එකයි වම් අත පැත්තේ උඩට ගත්තොත් මොකෝ?
ම්ම්.. ඔයාගේ යෝජනාව ක්‍රියාත්මක කලා..මන් හිතන්නේ ඒක හොඳයි වගේ.. ම්ම්ම්... අමතක වීම නම් කල නොහැක්කක්.. මතක් නොකර සිටීම තමා කරන්න තියෙන්නේ.. ස්තූතියි කොමෙන්ටුවට වගේම යෝජනාවට.. ජය වේවා.. :)
Deleteබ්ලොග් එකෙ බොඩි එක තව ටිකක් පලල් කලානම් හොඳ නැද්ද?
ReplyDeleteමේකයි සහෝ.. බොඩි එක පළල් කලොත් පින්තුරේ වැහෙනවානේ..හිහ්.. මම ඉතින් ටිකක් විතර පින්තූරේ දිහා බලාගෙන ඉන්න කැමති කෙනෙක් ලු..ඒ නිසා තමා පලල් නොකරන්නේ.. ගෑනු ලමයින්ට ඔය එක එක විදිහේ ලෙඩ තියෙනවානේ.. හික්ස්..
Deleteබ්ලොග් එකේ වෙසත් ලස්සනයි.ඇහැට ප්‍රිය පාටක් තිබුණනම් හොඳයි කියල හිතෙනවා.
ReplyDeleteකවියේ අවස්ථා තුන හැබෑවටම අපූරුයි.ඒ අවස්ථා තුනේම හුදකලා බව මතු කරනවා.
බොහෝම ස්තුතියි.. :) ම්ම්ම්.. පාට අමාරුයි වගේද ඇහැට.. බලමුකෝ ඒකටත් ඉදිරියේදී වෙනසක් කරන්න පුළුවන් වෙයිද කියලා..
Deleteඅමතක කරන්න හදනකොට වෙන්නේ තව තව මතක් වෙන එක විතරයි.
ReplyDeleteබ්ලොග් එක හරිම ලස්සනයි කලින්ට වඩා.. :))
ඇත්ත.. බොහොම ස්තූතියි යාළු..
Deleteජය වේවා.. :D
මම මේ නමින් ලස්සන ෆිල්ම් එකක් බැලුව.(Red Riding Hood).ඒ කාලෙම තමා ඔයාව මුලින්ම බ්ලොග් අවකාශෙ දැක්කෙ..ඊට පස්සෙ ඔයා නැතුව ගිහින් ආයෙ මේ ලඟකදි ඉඳන් ඉන්නව දැක්ක..කෝම උනත් අද තමා මේ පැත්තෙ ආවෙ....බ්ලොග් එක ලස්සනයි.හෙමින් කියවන්නම්....:)
ReplyDeleteහිහි.. මමත් බැලුවා ඒක.. හැබැයි ඒක එන්න කලින් තමා මම රෙඩ් වුනේ.. ඒකටත් හේතුව නපුරු වෘකයෙක්.. ;) සාදරයෙන් පිළිගන්නවා කිරිල්ලි මේ පැත්තට..මන් නම් ඒ පැත්තේ ආවා.. එහෙනම් ජය වේවා.. දිගටම එන්න..
Deleteබ්ලොග් එක ගොඩක් ලස්සනයි රෙඩ්. කවිත් ලස්සනයි.
ReplyDeleteබොහෝම ස්තූතියි සයුරි.. :)
Deleteඅද තමයි මේ පැත්තේ ආවේ. රතු කියන්නේ මගෙත් ප්‍රියතම පාටක්. :) දිගටම එන්න හිතනවා.
ReplyDeleteසාදරයෙන් පිළිගන්නවා.. ආයේ එන්න..
Deleteජය වේවා..
ප්‍රේමය තනිව නොඑයි ..විරහව සමගින් එයි
ReplyDeleteප්‍රේමය තනිවම යයි ..විරහව රැගෙන නොයයි
බ්ලොග් එක ලස්සනයි ..මටත් තව උදව් ඕනේ ..අපි කිරිකෝඩුනේ නංගි :))
හිහි.. සාදරයෙන් පිළිගන්නවා බ්ලොග් එකට.. ඕනේ උදව්වක් දෙන්නම් අනේ..
Deleteඅයියා කිරිකෝඩු බ්ලොග් එකට මිසක් කවි වලට නෙවෙයි.. හිහි.. ජය වේවා
:)) ඉඳල හිටලා හරි ඇවිත් බලල බ්ලොග් එකේ වෙනස් වෙන ඕනේ තැන් පෙන්නලා දෙන්නකෝ ..:))) thanks nangi
ReplyDeleteඅනිවාර්යයෙන්ම එනවා.. :)
Deleteමතකයන් අමතක කෙරුවත් අමතක වෙන්නේ නෑ..
ReplyDeleteමම කලින් බ්ලොග් එකනම් දැකලා නෑ. මේකනම් ලස්සනයි.
ජය වේවා..!
තැන්කූ මී පැටියෝ.. :) ජය වේවා
Delete