නුඹේ සිනා ලඟ පැරදුනු තව දිනක්..
ආයාසයෙන් හදා ගත් සිත
එක් සැණින් සසල කරනට
හැකි වුයේ කෙලෙසක
නුඹේ ඔය රුවට......
සිනා නොවුනත් ඔබ
නොබැලුවත් මා දෙස
යළි යළිත් මගේ සිත
නුඹ ලඟ ම නැවතිලා...
සති ගණන් වැර දරා
නුඹෙන් මුදවනා සිත
කාන්දමකට හසු වූ
යකඩයකි නුඹ අසල.....
වරින් වරන් මගේ සිත
පැහරගෙන යන්නේ කිම
එපා නම් නුඹට සිත
දෙන්න එය යළි මටම...
තරහා නැ මම තවම
ආදරෙයි එක සිතින්
රිදවන්න ඇති තරම්
භාර ගමි සෙනෙහසින්....
නුඹ නොදෙන හින්දා
සිනා කැන් මා මුවට
කඳුළු වුව කම් නැත
නුඹ නමින් සල්ලනෙමි....
දහක් දුක් සඟවා
හදේ නොපෙනෙන තැනක
සිනා වෙමි ලොවට මම
නුඹට දොස් වේ සිතා..
සිත හඬයි රෑ දිවා
නමුදු පළයක් නැති
දනිමි මම මෝඩියෙකි
නුඹට සිත දන් දුනි...
නුඹේ සිනා ලඟ
පැරදුනු තව දිනක්
සනිටුහන් කරමි මම
නොනවතින කඳුළින්..
රතු පාටට ඔලුව කැරකෙනවා....
ReplyDeleteහ්ම්ම්..
ReplyDeleteජීවිතේම කැරකෙන කොට ඔලුව විතරක් බේරෙන්නෙ නැනේ
මොනවා කියන්න ද කියලා හිතා ගන්න බෑ. මාව මොහොතක ට ගල් වුණා වගේ....
ReplyDeleteමේ දෝංකාර දෙන්නේ මගේ හදවතදෝ කියලා හිතුණා මට....
ලස්සන කවි ටික Red..... (y)
ආදරේ කරන..
ReplyDeleteකරන ආදරේ විඳවන ගොඩ දෙනෙක්ගේ හදවතේ දෝංකාරය මීට සමාන ඇති මහි...
හ්ම්ම්.. අනේ මන්දා.. ජීවිතේම සොඳුරු වේදනාවක්ලු, ඒත් මේ තරමටම,.. :(
ReplyDeleteආදරේ තියෙන්නේ විදින්න විදවන්න නෙවෙයි..
ReplyDeleteමොනවද කියන්නේ මං...... හ්ම්ම්ම්
ReplyDeleteහරි මෙහෙම කියමු.එයාට හිත එපාම නම් තමන්ට දීලා යන එක තමයි හොද. ඒක මාත් අනුමත කරනවා.
නුඹ නොමැතිව කඳුළු දැරු නෙත
ReplyDeleteවියළි යන්නට හදනකොට ආයෙම
සුළගක් වගේ නූඹ ආවත් මා සොයා ගෙන
ලං වනු බෑ අපට සැලි ගිය කඳුළු හින්දම..
Marlon- ම්ම්ම්.. සමහර විට ආදරේ විඳවන්නත් වෙනවා.. ඒක නිකන් කුම්බලා කටු කෑවානම් විඳවපන් බළලෝ කිව්වා වගේ තමා..
ReplyDeleteMadhuranga aiya- එයා මගේ හිත සොරකම් කලෙ මට කියන්නේ නැතුව. දැන් එයා එක ගත්තේ නැ කිව්වට ආයේ හිත හම්බුවෙනවයැ මට..
Dinesh aiya-
ReplyDeleteනෙතින් කඳුළැල්
ගිලිහෙනවා නම්
ඉඩ දෙන්න මට
පිසලන්න කඳුළැල්
Prarthana akki.. adare mokakda kiyanna matha danne ne.. akkiyo.. eka wendanawakda.. nethnam lassana heenayakda kiyala mata hitha ganna be..
ReplyDelete