ගඟක් මලක් සහ බඹරෙක්...



ගඟට පෙම් බැඳි මලකට ආදරය කරන බඹරෙක්...

බඹරා මලට ආදරෙයි.. මල ගඟට ආදරෙයි.. ගඟ මලට ආදරේ නැ.. මල බඹරාට ආදරේ නැ.. මල ගඟ පතනවා.. බඹරා මල පතනවා.. මලට බඹරාගේ ආදරේ දැනෙන්නේ නැ.. ගඟට මලේ ආලය දැනෙන්නේ නැ..
මල අසරණයි.. ගඟ අසරණයි.. බඹරිඳු අසරණයි..

මල් ගොඩාක් වැටෙන ගං දියට..මේ මලත් තවත් එක් මලක් විතරමයි... 
බඹරු දහක් කැරකෙන මේ මලට... මේ බඹරත් තව එක් බඹරෙක් විතරමයි..
මල අයිති බඹරුන්ට.. මල බඹරාට ආදරේ කරන්න.. හැමෝම එහෙම කිව්වට.. ආදරේ කියන්නේ තීරණයක්ද.. ?? මල ආදරේ ගඟට.. ඇයි එහෙනම් ගඟට බැරි මලට ආදරේ කරන්න..?? 

මල බඹරාට ආදරේ නැ වගේම ගඟ මලට ආදරේ නැ..


මල බලා ඉන්නවා.. මලට තේරෙනවා.. මල නිහඬව බලා ඉන්නවා..

ආදරය තීරණයක් නෙවී.. ආදරය හිමි කරගැනීමම නෙවී.. ආදරය හැඟීමක්.. මල ගඟට බනින්නේ නැ.. බඹරා මලට බනිනවද.. මල දන්නේ නැ.. ගඟ නිසොල්මනේ ගලා යනවා.. මලෙන් ඈතට ඈතට ගලා යනවා.. නිහඬව ම.. මලට ප්‍රශ්න රැසයි.. ගඟ නිහඬයි.. ගඟ නපුරුයි.. නැ.. නිහඬතාවය නපුරු විදිහට මල වට කරගෙන.. ගඟ නිසොල්මනේ දුර යනවා.. 


ඔබත් දුර යන්න.. මල බඹරාට කියනවා.. බඹරා අහයිද?? මල දන්නේ නැ.. මල නිහඬයි... 

මල බලා ඉන්නවා.. ඇයි?? මොකටද?? මල දන්නේ නැ.. මල නිහඬව නිසොල්මනේ මෙහෙම ඉන්නවා.. 
මල වැරදි නැ.. ගඟ වැරදි නැ.. බඹරිඳු වැරදි නැ.. 

දෛවය.. ඉරණම.. මල හිතනවා... එහෙම තමා වෙන්නේ.. මල නිහඬව බලා ඉන්නවා.. දුකක් නැ.. කඳුළක් නැ.. පසුතැවිල්ලක් පමණි..යටගියාව ගැන..
ඉරණම පිළිගන්න... මල හිතනවා.. මල නිහඬව සිනා සෙනවා..


ගඟට පෙම් බැඳ
ගං දියට බැස
ගසාගෙන ගිය
සිනිඳු මල් කැකුළී
අසරණව තනි වී
ඉකිබිඳි රහසින්..

මලට පෙම් බැඳ
මලම පතමින්
හඬන බඹරිඳු
නොලැබෙනා පෙම
නිසා විඳවන
තුරුණු බඹරිඳු..



Comments

  1. බඹරා මලට ආදරෙයි.. මල ගඟට ආදරෙයි....හ්ම්ම් සංකීර්ණයි... .....
    වෙනදා වගේම ලස්සනයි නංගි

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අයියේ.. ජය වේවා.

      Delete
  2. Relationship Status -> It's Complicated.
    o.O

    ~Anu~

    ReplyDelete
  3. ගග මල බමරිදු කියනා මේ කථන්දරයේ යටිපෙළ බොහොම ගැඹුරු අදහසක් දෙනවා.... මේ තිදෙනා බදු චරිත මේ සමාජයේ ඕනෑ තරම්... එකිනෙකට සමපාත කල නොහී මුත් සමපාත කරන්නට අරුත්සුන් උත්සාහයක් මේ අවස්ථාවේදීත් ඔවුන් දරනවා වෙන්නටත් පුලුවන්...

    ReplyDelete
    Replies
    1. ඇත්ත.. අරුත්සුන් උත්සහයක් කියලා තමා කියන්න ඕනේ.. ස්තූතියි කොමෙන්ටුවට සහෝ..

      Delete
  4. ටිකක් සංකීර්ණ නමුත් වටින අදහසක්..ලස්සන පද ටිකකින්..හරිම ලස්සනයි..
    ජය!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ශම්මි...ජය වේවා.. :D

      Delete
  5. විරාමයෙන් පසු...
    ලස්සන නිර්මාණයක්..!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සහෝ.. :) ජය වේවා..

      Delete
  6. මල, ගඟ , බඹරා....කතාවක් වගේ..!

    ReplyDelete
    Replies
    1. එක්තරා කතාවක් තමා.. හැබැයි කතාවක්ම නොවේ.. ;)

      Delete
  7. අන්තෝ ජටා බහි ජටා මැද හුටා ( උපුටා ගැනීමක් )

    ReplyDelete
  8. ලස්සන කවියක් !
    ඒ වගේම ඔයා ලියලා තියෙනවත් ලස්සනයි.

    ReplyDelete
  9. කිරල ගහින් මල වැටිච්චි එක වැරදීදෝ..
    වැටුණු මලට පිහිටක් වුණු ගඟ වැරදීදෝ..
    ගඟට ලංව හැඳුණු කිරල ගහ වැරදීදෝ..
    ගඟත් ගහත් නැතිව හඬන පෙති වැරදීදෝ.

    මට මතක් වුණේ මේ සිංදුව..
    අපි ගන්න තීරණ හිතේ සතුටින් ගන්නවනම්.. ඒ දේවල් වලට මොන තරම් බාධක ආවත් මූණ දෙන්න ශක්තිය අපට තියේවි..

    හිතන්න වටින ලිපියක්.. :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නන්දු අක්කා.. ජය වේවා.. :)

      Delete
  10. මට එකවරම මතක් වුනේ "බමරෙකු හැඬුවා මලක් ළඟදි බමරෙකු හැඬුවා " ගීතය.

    ඒක එහෙම වුනත් මේ සංකල්ප රූප මල, ගස, සහ බමරා. කියට ගිතයට සාහිත්‍යයට අපූර්ව සිතුවිලි උපද්දවන රූප තුනක්. රත්න ශ්‍රී ත් මේ ගැන කවි කිපයක් ලියූබව මතකයට එනවා

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි අයියා අදහසට..

      Delete
  11. සිරාම නිර්මාණයක්නෙ හරිම ලස්සනයි
    ආයිත් එන්නම්. ජයම වේවා .......
    එන්න සමකය වටේ රවුමක් යන්න

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි අයියා.. :)

      Delete
  12. මල.. ගඟ... බඹරා.. අම්මෝ... ඔළුවත් අවුල් උනා වගේ මේක කියවලා ඉවරවෙද්දි... ඒ උනාට යටි අර්තය නම් නියමයි. කරකවලා කරකවලා.. දැනන් උන්න ඒත් නොහිතපු පැත්තක් පෙන්නලා තියෙනවා.. එළ..

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි යාළු.. :)

      Delete
  13. ලස්සන නිරමානයක් ජය...

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි යාළු.. :)

      Delete
  14. පොල්ල තියෙනකොට බල්ලා නෑ. බල්ල ඉන්නකොට පොල්ල නෑ.

    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. හික්ස්.. :) ඒක තමා වෙලා තියෙන්නෙ.. හිහි..ඒ පැත්තේ එන්න බැරි වුනා ගොඩ දවසකින්.. ජය වේවා..

      Delete
  15. අවසන් පේලි කිහිපය.....
    හිතේ තියෙන ඇත්තම ඇත්ත...

    පලමු පේලි සියල්ල.....
    අවසන් පේලිවල අරුත සගවන්නට ගත් අසාර්ථක උත්සාහය...

    ReplyDelete
    Replies
    1. හිහිහි... ඔයා එහෙම කිව්වට පස්සේ ඒක එහෙමයි නේද කියලා මටත් හිතුනා.. :)
      ස්තූතියි අදහසට සහෝ..

      Delete
  16. අවසන් පේලි කිහිපය.....
    හිතේ තියෙන ඇත්තම ඇත්ත...

    පලමු පේලි සියල්ල.....
    අවසන් පේලිවල අරුත සගවන්නට ගත් අසාර්ථක උත්සාහය...

    ReplyDelete
  17. මේ මලේ භූමිකාව මාත් කාලයක් රඟ පෑවා. හරි වේදනාකාරීයි. ම්ම්ම්ම්ම්ම්..... තාමත් රඟපානවද මන්ද :\

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්..මලේ භූමිකාව බොහොම වේදනාකාරී තමා.. එක පැත්තකට වත් හැරෙන්න බැරුව එක තැනම ඉන්න එක. පිළිගන්නවා මේ පැත්තට සාදරෙන්.
      ජය වේවා

      Delete
  18. ලස්සනම ලස්සනයි!!! හිත හිරිවැටුනා රෙඩ්!!
    //මලට පෙම් බැඳ
    මලම පතමින්
    හඬන බඹරිඳු
    නොලැබෙනා පෙම
    නිසා විඳවන
    තුරුණු බඹරිඳු..
    // :(

    ReplyDelete
    Replies
    1. හෙහෙ.. බොහොම ස්තූතියි කමෙන්ටුවට හිතූ..
      ජය වේවා..

      Delete
  19. Red, කැරකිල කැරකිල ඔබ තාමත් හිටි තැනම වගේ තීරණයක් ගත නොහැකිව.

    මගේ ඔලුව අවුල් උනා බොල අක්කි!!
    ජයවේවා!!

    ReplyDelete
    Replies
    1. හික්ස්.. පොඩ්ඩක් අවුල් වෙන විදිහට තමා ලිව්වේ.. ;)
      හැමදාම එක විදිහට ලියලා වැඩක් නැනේ.
      ජයවේවා!!

      Delete
  20. ලස්සන කවි සංකල්පනාවක් !

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මධු අයියා..
      ජය වේවා..

      Delete
  21. සෑහෙන බොන්න ඕන සංකීර්ණ කේස් එකක්.. දැන් කවුරු කාටද ආදරේ?

    ReplyDelete
    Replies
    1. දැන් කවුරු කාටද ආදරේ..හොඳ ප්‍රශ්නයක් දිනේශ් අයියේ.. මාත් තාම හරියට දන්නේ නැ..කවුරු කාටද ඇත්තටම ආදරේ කියලා..

      Delete
  22. මේක කියෙව්වාම මට මල පනිනනවා :D

    ReplyDelete
    Replies
    1. ඒ මොකෝ අනේ...ඔයාට මල අරන් පනින්න හිතුනද?? :)

      Delete
  23. ඕක තමා කියන්නේ තමන් ආදරේ කෙනාට නැතුව තමන්ට ආදරේ කෙනාට ආදරේ කරන්න කියලා :)

    ReplyDelete
    Replies
    1. හැබැයි හැමෝම ඔහොම හිතුවත් අවුලක් නේද?

      Delete
    2. එතකොට මේ කතාවේ හැටියට ගඟ මල දිහාට හැරෙන කොට මල බඹරා දිහාට හැරෙන්න ඕනේ.. ආයේත් ප්‍රශ්නයක් නේ සයුරි.. :) අනිත් එක ආදරේ කියන්නේ තීරණයක් නෙවෙයිනේ. එතකොට කොහොමද ආදරේ වෙනස් කරන්නේ??

      තිමාල්.. හ්ම්ම්..ඇත්ත..හැමෝම එහෙම හිතන්න ගියොත් එතනත් ප්‍රශ්නයක්..

      Delete
  24. ගොඩක් පැතිවලට හරවගන්න පුළුවන් කතාවක් කියලයි මට හිතුනේ..

    ඒ වගේම සැහෙන කාලෙකින් මම රෙඩිගේ අහ ආවේ :D

    ReplyDelete
    Replies
    1. හිහි..මාත් මාසකෙට විතර පස්සේ තමා මගේ බ්ලොග් එක පැත්තේ ආවේ.. බොහොම සතුටුයි මේ පැත්තේ ආවට..
      ජය වේවා..

      Delete
  25. ඔය යටින් තියන අත්සන දැම්මේ කොහොමද

    ReplyDelete
    Replies
    1. ඒක හොයාගත්තේ බ්ලොග් එකකින්. සංජයගේ සිතුවිලිද කොහෙද එකේ නම..එහෙම නැත්නම් ඒ අත්සන ගාව ක්ලික් කරන්න. ඒ සයිට් එකට යනවා.

      Delete
  26. Very sorry for being late. It is very difficult to come online with household chores, school work and other work.but never fear. I will always be a follower of yours.

    ReplyDelete
  27. හ්ම්ම්ම් මරු අදහස් කැටි වුන නිර්මාණයක්.
    කෝරලේ වලව්ව

    ReplyDelete
  28. කාලෙකන් ආවේ... මතකද දන්නෑ මං වගේ කෙනෙක්... අදහස නිර්මාණය අපූරුයි... ජය වේවා...

    ReplyDelete
  29. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. ගොඩම ගොඩ කාලෙකට පස්සෙ මේ පැත්තට ආවෙ ..අමතක නෑ නෙ නිශිව.
      ලස්සන නිර්මාණයක් රෙඩ් නිර්මාණාත්මකයි

      Delete

Post a Comment

Comment Hint

ඔබට comment සදහා Image, color text සහ marquee text ඇතුලත් කල හැක



Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

Popular posts from this blog

~සුභ උපන්දිනක් තාත්තා~ Happy Birthday dad~

~සොෆීගේ ලෝකය~ "Sophie's World"

මා නම් සඳකි පොළවට බට..