Friday, June 29, 2012

රැවටිලි ලෝකේ තවත් දිනක්... - දෙවෙනි කොටස


"ලොකු අයියා අවුරුදු දහ අට වුනු ගමන් හමුදාවට බැඳුණා. එතකොට මට අවුරුදු දහයක් විතර. අක්කා ඉස්කෝලේ දහයේ පන්තියේ හිටියේ. පොඩි අයියා අක්කාට වඩා දෙකක් බාලයි. අපේ ගෙදර වියදමට සල්ලි එව්වේ ලොකූ. ඒත් එයා හමුදාවට ගිහින් අවුරුද්දකින් විතර අනුරාධපුරේ අක්කා කෙනෙක්ව බැන්ඳා කියලා ලියුමක් එව්වා. අපි ඒ අක්කා කළුද සුදුද කියලාවත් දන්නේ නැ. එයාල කවදාවත් අපිව බලන්න ආවේ නැ. අයියා බැන්ඳට පස්සේ ටික කාලයක් එය ගෙදරට සල්ලි එව්වා. ඒත් පස්සේ පස්සේ අම්මා කොච්චර ලියුම් යැව්වත් කීයක් වත් එව්වේ නැ.. අම්මා නම් කිව්වේ ඒ බැන්ඳ ගෑනි සල්ලි එවන්න දෙන්නේ නැතුව ඇති කියලා.. ගෙදර අඩුපාඩු වෙනකොට.."

 "එතකොට ඔයලගේ තාත්තා හිටියේ නැද්දා??"මට නොඅහා ඉන්න බැරි වුනා.

"තාත්තා නැති වෙලා තියෙන්නේ මං ගොඩාක් පුංචි කාලේ. පොල් ගහකින් වැටිලාලු මලේ. හ්ම්ම්ම්..."

 පුංචි ඇස් වල තියෙන වේදනාව මට නොදැනුනාම නොවේ. අතීතය ගැන අහන්නේ නැතුව කතාව නවත්තන්නත් මට හිතුණා. පව්.. මොනා වුනත් පරණ දේවල් මතක් කරන කොට දුක ඇති නේ... 

"ඔයාට පරණ දේවල් මතක් කරන එක දුකයි නම් ඔයා ඔවා කියන්න ඕනේ නැ. අනේ මන්දා සඳමාලි.. පිරිමි නිසා තමා අපි හැමදාම දුක් විඳින්නේ.. එයාලා අපෙන් ප්‍රයෝජන ගන්නවා.. අපිව රවට්ටනවා.." 

"නැ නෝනා මට දුකක් නැ.. දුක් වුනත් කරන්න දෙයක් නැනේ.. මේ මගේ උරුමය කියල තමා හිතන්න තියෙන්නේ. 
අයියා සල්ලි එව්වේ නැති වුනාම ගෙදර අඩුපාඩු හින්දා අක්කා ඉස්කෝලේ නවත්තලා ගාමන්ට් එකේ වැඩට යන්න ගත්තා. අපිට හොඳ කාලයක් නාවට අවුරුදු දෙකක් විතර අපි නිදහසේ හිටියා. ඒත් ආයෙත් ප්‍රශ්න ඇති වුනේ පොඩි අයියා කුඩු ගහනවා කියලා පොලිසියෙන් අල්ලාගෙන ගිය දවසේ. අම්මයි අක්කයි එයාව බේර ගන්න පුළුවන් තරම් හැදුවා. ඒත් එයාව පුරුත්ථාපන කඳවුරකට යැව්වා. එකෙන් පස්සේ අම්මගේ ඔළුවත් එච්චර හොඳ නැති වුණා. අන්තිමට අපේ තාත්තාගේ මල්ලි.. ඒ කිව්වේ අපේ බප්පා කිව්වා මාව ගෙදරක වැඩ කරන්න කොළඹ යවමු කියලා. එයා ගෙදරක් හෙව්වා කියලත් කිව්වා. එතන මට ඉගෙන ගන්නත් හදලා දෙයි කියලාත් කියපු නිසා අම්මා අකමැත්තෙන් වුනත් මාව බාප්පා එක්ක කොළඹ එව්වා.. ඒත් බාප්පා මව කොහෙවත් ගෙදරකට දුන්නේ නැ. මාව මඩමකට බාර දුන්නා.... " 

ඇස් වල තදකරගෙන හිටිය කඳුළු දොඹ ගෙඩි වගේ එළියට පැන්නා.. මිනිත්තුවක් දෙකක් කතා නොකර හිටියේ ඒ කටුක මතකයන් පුංචි හිත පාරන හින්දා වෙන්නැති. මගේ ඇස් දෙකේ මං නොදැනම කඳුළු ඇවිත්. අනේ මන්දා.. පිරිමි ජාතිය..ගවුමේ අගින් කඳුළු පිහගෙන සඳමාලි අයේ කාතාව පටන් ගත්තා..

"මං නාදුනන කෙනෙක් අතින් මං ගෑනියෙක් වුනා නම් මට දුක නෑ නෝනා.. ඒත් මට එහෙම කලේ මාව පොඩි කාලේන් ඉඳන් දන්න මගේ බාප්පාමයි.. ඊට පස්සේ දේවල් කතා කරලා වැඩක් නැ නෝනා.. මං කාලයක් ඒ පව්කාර රස්සාවේ හිටියා.. ඒ හැමදේම වෙනස් වුනේ මේකා බඩට ආවට පස්සේ.. ඒ මඩමේ වුන් මේකාව මරලා දාන්න හැදුවා.. මං එතනින් පැනලා ආවා.. ඊට පස්සේ තැන් තැන් වල ඉඳන් හිඟා කෑවා.. බඩක් එක්ක හිඟා කනකොට මිනිස්සු එක එක පද වලින් මට බැන්නා.. ඒත් මං මොනා කරන්නද නෝනා..." 


හොඳටම හවස් වෙලා කියලා මට හිතුනේ ඒ මූණේ තිබ්බ අඳුර හින්දාද නැත්නම් ඇත්තටම හවස් වෙලා හින්දා ද කියලා මට තේරුනේ නැ.. මුළු කතාවම අහලා මන් යන්නම් කියලා නැගිටලා යන්නේ කොහොමද?.. කෙල්ල මගෙන් තව මුකුත් ඉල්ලුවේ නැති බව ඇත්ත.. ඒත් එහෙමයි කියලා මට යන්න පුළුවන්ද.. පිරිමින්ගේ වැරදි වලට වන්දි ගෙවන අහිංසක ජීවිත.. 

"මං යන්නම් නෝනා.." කෙල්ල ඉඳගෙන හිටිය තැනින් නැගිට්ටා.. 

"ම්ම්ම්ම්.... මට ඔයා ගැන ගොඩාක් දුකයි සඳමාලි.. ඒත් මගේ ලඟ මීට වඩා දෙන්න දෙයක් දැන් නැ.. මං ආයේ එන්නම් ඔයාව බලන්න.."

 පර්ස් එකේ තිබුනු රුපියල් 400 න් දෙසීයක් කෙල්ලගේ අතේ තියන ගමන් මං නැගිට්ටා. මට ඔඉට වඩා දෙන්න තිබුනා නම් කියලා හිතෙනවා. මං නිරාශාගෙන් කීයක් හරි ඉල්ල ගන්නවා අයේ මහපොළ දානකම්.

"නෝනාට පින් නෝනා.. " 

තරු කැට වගේ ඇස් බබලනවා.. "මං යනවා නෝනා.." ලමයත් වඩා ගෙන ඒ රූපේ ඇතට යන හැටි මං බලාගෙන හිටියා.. 

"නෝනා කියාක් දුන්නද ඒකිට?? "

 හදිස්සියේ පිටිපස්සෙන් වයසක් පිරිමි කටහඬක් ඇහුන නිසා හැරිලා බැලුවා..වයසක කුදු ගැහුණු සීයා කෙනෙක්. සල්ලි නම් ඉල්ලුවට වැඩක් නැ.. මං ලඟ දෙන්න සල්ලි නැ.. මං හිතින් කියගත්තා.. 

"නෝනා ඒකිට කියක් දුන්නද??" මගේ මූණ දිහා බලලා ආයෙ ඇහුව්වා.. 

"ඇයි අහන්නේ??" මගේ කටහඬ ඕනේවට වඩා සැර වුණාද මන්දා..සිහින් හිනාවක් ඒ මූණට ආවා..අනේ අම්මපා මේ වගෙ පිරිමි නිසා තමා මේ ලෝකේ එපා වෙන්නේ.. ඕන් නැති දෙයක් නැ. 

"නෝනා.. ඒ කෙල්ලා කියපුවා විශ්වාස කරන්න එපා.. මං ඒකීගේ සීයා.. ඕකී දැන් මාත් එක්කා කතා කරන්නේත් නැ.. ඉස්සර මං තමා ඕකිට කන්න බොන්න සේරම හොයල දුන්නේ.. මං හිඟ කැවේ ඕකිව ලඟ තියගෙන පෙන්නලා නෙවෙයි.. ඒත් හැම සතේම වියදම් කලේ ඕකිට. ඕකී හැමදාම මෙතනට එන මිනිස්සුන්ට බොරු බේගල් දාහක් කියලා රුපියල් දෙතුන් සීයක් කඩා ගන්නවා.. ඔය ලමයා ඒකීගේ නෙවේ නෝනා.. බොරු නම් අන්න අතන මඩුවට ගිහින් බලන්න ඒ ලමයා අර අන්ධ ගෑනිගේ.. නෝනා තරුණ හින්දා ඔය බොරු වලට අහුවෙන්නේ. මීට පස්සේ මෙතන ඉන්න හිඟන්නෝ කියන බොරු වලට රැවටෙන්න එපා නෝනේ.. මං හිඟ කන්නේ මට වෙන කරන්න දෙයක් නැති නිසා.. ඕකී හිඟ කන්නේ තියෙන කම්මලිකම නිසා.." 

සීයා හැරිලා හැරමිටිය ගහ ගහ ඇවිද ගෙන ගියා.. 

මගේ ඇස් බොඳ වුනේ මං ගැන ඇතිවෙච්ච දුකටද නැත්නම් පිරිමි වගේම ගෑනුත් අපිව රවට්ටනවා කියලා දැන ගත්ත ලැජ්ජාවටද කියලා මං දන්නේ නැ..

14 comments:

  1. පිරිමි තව හොදයි..
    ගෑනු තමයි ගෑනුන්ටම කෙලවන්නේ..
    මේ පැත්තට නං අළුතෙං ආවේ අක්කේ..
    ජයවේවා!!!!!!

    ReplyDelete
    Replies
    1. එහෙමම නැ ඉතින්.. ඒත් සමහර වෙලාවට අපිට මිනිස්සුන්ව වර්ග කරන්න බැ.. තැන්කු..

      Delete
  2. හරිම දුකක් හිතට දැෙන නවා

    ReplyDelete
    Replies
    1. ඇත්ත.. මිනිස්කමට ඔය විදිහට උත්තර දෙන අයත් ඉන්නවා..

      Delete
  3. ayyo salli, monawa karannada ithin. eya dunne hoda hithin ne. kathawa lassnai red. short and sweet. :) digatama liyanna.

    ReplyDelete
    Replies
    1. තැන්කූ චතුර අයියා.. :)

      Delete
  4. නියමයි... සැහෙන්න හොඳ කතාවක්. සංකේතාත්මකව කතාව ලියලා තියෙනවා. දිගටම ලියමු!!
    ජය වේවා!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි රැංගෝ.. :) සතුටක් ඔබේ පැමිණීම

      Delete
  5. මම ඔයාව අදුන ගත්තේ මගෙ බ්ලොග් එකේ මුල් අවධියේ. කාගෙද මන්ද කවි ටිකක් මේල් එකක් විදිහට මට ආවහම මම කතෘ නොදැන පෝස්ට් එකක් විදිහට මගෙ බ්ලොග් එකේ දැම්මා. එදා හෙන සෙට් එකක් රෙදි උස්සගෙන ඇවිත් මට පහර දුන්නා. ඒ අතර ඔබතුමියත් හිටියා. ඒත් එදායින් පස්සෙ ඒ පැත්තෙ ආවෙ නැහැ. මගේම නිර්මාණ වලට එච්චර ප්‍රිය නැතුව ඇති. එදා පහර කාපු හින්ද මම නැගිට්ටා. ස්තුති එදා මට හයියක් වුණාට.

    අදයි ඔයාගෙ බ්ලොග් එක අහම්බෙන් හමුවුනේ.

    දිගටම ලියන්න. ජය පතමි.

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්..ඒකත් එහෙමද..ඒ වුනාට මම ඔයාගේ බ්ලොග් එක බලනවානේ.. හික්ස්.. ඔයා කියපු සිද්දිය නම් දැන් මට මතක නෑ.. ඒ ලිපියේ නම පොඩ්ඩක් පුළුවන් නම් කියන්න.. මට බලන්න ඕනේ මම කියලා තීයෙන දේ මොකක්ද කියලා.. මොකද මට එහෙම මතකයක් නැති නිසා..

      Delete
    2. ""ශේන් පදිනවා තවුසන්ඩ් කවසාකි"" කියල කවි සෙට් එකක් බයික් ගැන. ඒ පෝස්ට් එක මම එදාම ඩිලීට් කලා. මොකද අනුන්ගේ කතා දාල මට පොර වෙන්න වුවමනාවක් නැති නිසා.

      ඒක මගේ මුල් පෝස්ට් 15 ඇතුලත තියෙන්න ඇති.

      Delete
    3. ම්ම්...මට නම් එහෙම මතකයක් නෑ.. සමහර විට මන් මොනා හරි කියන්න ඇති.. ඒත් මම එහෙම කෙනෙක්ට බනින කෙනෙක් නම් නෙවියි. ඒත් දවසක් මගේ කවියක් වෙන කෙනෙක් [හිතාමතා නොව.. හොඳ චේතනාවකින්] පළ කරලා තිබුන දවස මට ගොඩාක් දුක හිතුනා. ඒ සිද්දිය මතක තියාගෙන ඔයා මොනා හරි කිව්වද කියන්න මන් දන්නේ නැ.. කොහොම වුනත් එකෙන් ඔයාට හොඳක් වුනා නම් හොඳයි.. නොකල දේකට මන් කියපුවා නිසා හිත රිදුනා නම් ඔන්න මම අද සමාව ඉල්ලනවා.. :) එහෙනම් ජය වේවා..

      Delete
  6. නියමයි රෙඩ්. දිගට ම ලියන්ඩෝ.....

    ~~~***දඟ මල්ල***~~~

    ReplyDelete

Comment Hint

ඔබට comment සදහා Image, color text සහ marquee text ඇතුලත් කල හැක



Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]