රැවටිලි ලෝකේ තවත් දිනක්...



"පිරිමි ජාතිය.. මහ කුහකයෝ.."
මම හිතින් මුළු කපටි කෛරාටික පිරිමි ජාතියටම බැන බැන ගෝල් ෆේස් එකේ ගල් බැම්ම උඩට වෙලා වාඩි වෙලා හිටියා. අද කැම්පස් එකේදි වුනු දේවල් එක්ක බැලුවාම පිරිම ජාතියම අතු ගාලා දාන්න තියෙනවා නම් කියලා හිතෙනවා. අවුරුදු දෙකක් තිස්සේ නාලිනිගේ බෝයි ෆෙන්ඩ් තව කෙල්ලෙක් එක්ක යාළු වෙලා ඉඳලා. අනේ ඇත්තට පිරිමි අපිව රවට්ටනවා කියන එකේ නිමක් නැනේ. මුන් කවදත් කලේ අසරණ ගැනු අපිව රවට්ටපු එක. 

"නෝනා දවස් දෙකකින් කාලා නැ. කීයක් හරි දෙන්නනකෝ.. නෝනාට පින් අයිති වෙයි.." 

හිතින් මම සමස්ත පිරිමි ජාතියම පතුරු ඇර ඇර උන්නු වෙලේ ඇසුණු සිහින් කට හඬක්.වයස දාසයක්.. නැ දාසයක් වෙන්න බැ.. ඊට අඩුයි.. වයස දහතුනක් විතර කිව හැකි මට්ටමේ ගැනු ලමයෙක්. මොකක්දෝ පොදියකුත් අතේ. ආහ්..පොදියක් නෙවෙයි පොඩි ලමයෙක්. ගැනු ලමයෙක් නෙ.. නොදීත් බැ. පව් අසරණ කෙල්ල. මම පර්ස් එක ඇද්දා. රුපියල් දහයක් දීලා වැඩක් වෙයිද? 

"නෝනා දවස් දෙකකින් මන් කාලා නැ.. දරුවට කිරි ටිකක් වත් අරන් දෙන්න විදිහක් නැ." 

රුපියල් දහයකින් මොනවද කරන්න පුළුවන් කියලා අහනවා වෙනුවට ඇය වෙන විදිහකින් කිව්වා කියලයි මට හිතුනේ. ඒත් දරුවා?... 

"මල්ලිද? කෝ අම්මා?" මම ඇහුව්වා. 
"මල්ලි?? නැ නෝනේ මේ මයෙ දරුවා.." 

බිමට හැරුණු ඇස් වල හැංගිච්ච මොකක්දෝ දුකක් ලියවෙලා තිබුනා. හ්ම්ම්.. තවත් අසරණියක්. මගේ හිත මට වද දෙනවා. අහන්න.. කොහොමද එහෙම වුනේ.. අහන්න.. කවුද එහෙම කලේ.. ඒත් බඩපොත්ත පිටපොත්තට ඇලිලා තියෙන වෙලාවක කතා අහන එක හොඳ නැනේ. මම පර්ස් එක අතේ තියාගෙනම වටපිට බැලුවා. තරමක් දුරින් වුනත් නවත්තලා තිබුන කෑම කරත්තේ බත් පැකට් විකිනීමට ඇත කියන බෝඩ් ලෑල්ල හොඳට පේන්න තිබුනේ එන්න එන්න කියනවා . 

"යන්.. මන් ඔයාට කෑම එකක් අරන් දෙන්නම්. රුපියලේ කාසි දීලා වැඩක් නැනේ.." 

මන් ඉඳගෙන හිටිය තැනින් නැගිට්ටා. පොඩි කෙල්ලගේ ඇස් බබළනවා කියලයි මට හිතුනේ. මීට කලින් කවුරු වත් ඔහොම අඬ ගහල නැතුව ඇති මයේ හිතේ. බත් පැකට් එකයි පුංචි එකාට බනිස් ගෙඩියයි කිරි පැකට් එකයි අරන් දීලා මම මටත් රටකජු ගොට්ටක් ගත්තේ කතාව අහන ගමන් හපන්න හිතාගෙන.

ගෝල් ෆේස් එකේ ගල් බැම්ම උඩ තියාගෙන පොඩි කෙල්ල බත් පැකට් එක දිග ඇරියා..බත් එක දැක්කාම කෙල්ලගේ මූණ පිපිච්ච හැටි දැක්කාම අහන්න හිතාගෙන හිටිය දේවලුත් අමතක වුණා. "ඔයාට වයස කීයද?" මට හදිස්සියි කතාව දැන ගන්න. "ඔහ්?" කටේ බත් පුරෝගෙන. හා හා.. කාලා ඉන්න. කාලා ඉන්න.. මට හදිස්සි නැ.. ඔයාගේ විස්තර දැන ගන්න ඇහුව්වේ. කොච්චර හදිස්සි උනත් බඩගින්නේ ඉන්න ලමයාගෙන් හාර හාර විස්තර අහන්න මගේ හිත ඉඩ දුන්නේ නැ.

පොඩි ළමයට වයස අවුරුදු දෙකක් විතර ඇති කියලයි මට හිතුනේ. බනිස් ගෙඩිය කාලා එක හුස්මට කිරි පැකට් එක බීපු විදිහ දැක්කාම මගේ පපුව හෝස් ගලා පත්තු වුණා. ගෙදර කොච්චර අඩු පාඩු තිබුනත් අපේ අම්මලා එයලාගේ බඩට නොකා හරි සල්ලි ටික කොළඹ එවන්නේ ළමයා බඩගින්නේ තියලා කන්න බැරි නිසානේ.ඒත් ඉතින් මෙහෙම පොඩි එවුන් දකින කොට අපිට මොන අඩු පාඩුද කියලත් හිතෙනවා. පර්ස් එකේ මුලු සතියටම වියදම් කරන්න තිබුන 500න් එක 100ක් මෙහෙම වියදම් කලාට මට අඩුවක් වෙනවයැ. අහිංසක ළමයි.. පිරිමි හින්දා දුක් විඳිනවා. 
අපෝ.. ආයෙත් ඔන්න මතක් වුණා.. ජරා ජාතිය.. හොඳ වෙලාවට අර පස්සෙන් ආපු එකාටත් මං බැ කිව්වෙ. නැත්නම් ඉතින් මටත් නාලිනිට වෙච්ච දේම තමා.

"නෝනා, නෝනට ගෝඩාක් පින් නෝනේ.." අහිංසක ඇස් හිනා වෙනවා. 
"ඔයාගේ වයස කීයද??" 
"16යි නොනේ. මම කොළඹ නෙවි.හම්බන්තොට." 
"එතකොට මෙහෙ ආවේ??"
දිග හුස්මක් ගත්තා. 
"ඔයා අකමැති නම් කියන්න එපා. මං නිකමට ඇහුව්වේ." 

පරණ යටගියාව මතක් කරන එක පුංචි හිතට වදයක් වෙන්නැති. මට එහෙම හිතුණා. 

"අකමැති නෙවෙයි නෝනේ.. නෝනා මොකටෙයි මේ මං වගේ පවුකාරියන්ගේ කතා අහන්නේ.. " කළු පාට ලොකු ඇස් වල දිළිසෙන කඳුළු ගෙඩි එළියට පනින්න ඔන්න මෙන්න වගේ. 

"මං ආසයි දැන ගන්න. සමහරවිට මට ඔයාට උදව් කරන්න පුළුවන් වෙයි." 
"හ්ම්ම්ම්ම්....අපිට උදව් කරන්න දෙයියෝ වත් නැ නෝනා.. නෝනා ආසම නම් මං කියන්නම්.. මං සඳමාලි. අපේ පවුලේ මං තමා බාලයා. මට වැඩිමල් අක්කයි අයියලා දෙන්නෙකුයි හිටියා... 




"බ්ලොග් එකේ දාන දෙවෙනි කෙටි කතාව තමා මේ.. පළවෙනි කොටස බලල දැඩි තීරණ එහෙම ගන්න එපා.. අපේ පුරුෂ පාර්ශවයට කිව්වේ... හික්ස්.. නැත්නම් කමෙන්ට්ස් වලින් මාව පළු අරි.. :)"

Comments

  1. මටත් හොද කොමෙන්ටුවක් දැමීමට සිතුනු ...... අන්තිමට ලිය ඇති දේ නිසා ඒ අදහස අතහැරීම ලස්සන කතාවක් ...............
    ඇත්තටම ඔහොම දේවල් වන බව මමත් පිලිගනිමි

    ReplyDelete
    Replies
    1. එක කොටසක් විතරක් බලලා තීරණය කරන්න එපා.. ටිකක් ඉවසන්නකෝ.. මන් ඉක්මනටම අනිත් කොටස දාන්නම්.. එතකොට තීරණය කරන්න... :)

      Delete
  2. හ්ම්ම්... බලමුකෝ වෙන දේ... ඔය හිතන දේවල් ටිකක් විතර හරි වගේ ඉතින්.. ලස්සනයි නංගියෝ.. නියමෙට ලියලා...

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්.... තැන්කූ අක්කියෝ.. :)

      Delete
  3. :'( dukai..echcharai wena kiyanna deyak ne...

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම්.. සමහර වෙලාවට අපිට පේන දේම ඇත්ත නොවෙන්න පුළුවන්.. :)

      Delete
  4. ""පිරිමි ජාතිය.. මහ කුහකයෝ.."

    …අනේ මන්දා මේක අනිත් පැත්තටත් කියන අය අනන්තවත් හම්බවෙලා තියෙනවා. ඒක නිසා මේ කතාව සාපේක්ෂයි වගේ

    ReplyDelete
    Replies
    1. mmmm.. aththa.. samahara welawata api minissu gena hithana widiha pena deta wada godak wenas.. :)

      Delete
  5. hodai hodai. bbalamuko issarahata mokadda wenne kiyala. hebei kalin eka wage atharamaga num nawaththanna epa hode. :)

    ReplyDelete
    Replies
    1. ne ne.. meka thawa eka kotasakin ewara wenawa... anith kathawath man ikmanata liyala dannam.. oyage namath ekkama comment kala nam thama godak honda yalu.. :) thank you comment ekata..

      Delete
  6. awesome Shash!! cant wait till the second part =D

    ReplyDelete
    Replies
    1. thank you.. :) nama nethi eka nam padu yalu.. oya mawa hondata danna kenek wennama one eth itin oyage nama nene.. :)

      Delete

Post a Comment

Comment Hint

ඔබට comment සදහා Image, color text සහ marquee text ඇතුලත් කල හැක



Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

Popular posts from this blog

~සුභ උපන්දිනක් තාත්තා~ Happy Birthday dad~

~සොෆීගේ ලෝකය~ "Sophie's World"

අඟුලු ලා.. හිඳපන්..