පන්හිඳ නිසලයි...


ඔබ නමින් පබඳින්න
කවි ගීත ගොන්නක්
අතට ගත් පන්හිඳ
නොදැනීම ගිලිහුණා...


බොළඳ මුත් හුරුබුහුටි
කෑලි විසිරුණු හදේ
පිබිදි සිතිවිලි ගොන්න
කොහේදෝ පියඹලා...


බලපොරොත්තු පොඳි බැඳන්
ගෙතු කවි සිය ගණන්
නොපෙනනා ඉසව්වක
සැඟවෙලා තනිවෙලා ..


අකාලේ පරවෙච්ච
හීන මල් දෙස බලා
ගොළු වෙච්ච පන්හිඳත්
මියැදෙන්න ළං වෙලා...


Comments

  1. ලස්සනයි නංගියෝ.. ආදරේ නැති වුනාම වෙලාවකට පන්හිඳ මියැදෙනවා තමයි.. ඉඩෝරයක් ආපු සරු බිමක් වගේ එක පාරටම අදහස් නැතුව යනවා.. ඒ තරම් වේදනාවක් තවත් නෑ නේද?..

    ReplyDelete
    Replies
    1. ඇත්ත ප්‍රාර්ථනා අක්කා.. ගොඩක් කල් ඉදන් තිබ්බ ආදරයක් නැති වුනාම හිත හිස් වගේ වෙනවා.. :)

      Delete
  2. අදරයක් නැති උනාම ඔහොම හිතෙන සාධාරණයි !

    ReplyDelete
    Replies
    1. එහෙම හිතෙනවා මධුරංග අයියා.. සාධාරණ නැද්ද කියලා වත් හිතෙන්නෙ නැ.. :)

      Delete
  3. නිසල උන පන්හිඳ
    සසල වියන් එක මොහොතකට
    පෙර වගේ නැතත්
    නුඹ මියැදුනේ නැති වග දැනෙන්නට

    ReplyDelete
    Replies
    1. නුඹ
      තාමත්
      මගේ
      පන්හිඳ
      අඟ
      දඟකරන
      හැඩයි.....

      bohoma isthutiyi yalu....

      Delete
  4. කාලෙකට පස්සෙ.... ලස්සනයි යාලු...

    ReplyDelete
  5. රෙඩ් නංගියාට කාලෙකින් මේ පැත්තක මතක් වෙලා.. ලස්සනයි කවි පෙල නංගී..

    ReplyDelete
  6. ලස්සන කවි සිතුවිල්ලක් එක්කම ඔබ ඇවිත්...
    "අකාලේ පරවෙච්ච
    හීන මල් දෙස බලා
    ගොළු වෙච්ච පන්හිඳත්
    මියැදෙන්න ළං වෙලා" මේ කොටස කවියේතියෙන හරි අපූරු සිතුවිල්ලක්

    ReplyDelete
  7. කවි සිතුවිල්ල හරිම අගෙයි නගෝ

    ReplyDelete

Post a Comment

Comment Hint

ඔබට comment සදහා Image, color text සහ marquee text ඇතුලත් කල හැක



Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

Popular posts from this blog

~සුභ උපන්දිනක් තාත්තා~ Happy Birthday dad~

~සොෆීගේ ලෝකය~ "Sophie's World"

මා නම් සඳකි පොළවට බට..