~සුභ උපන්දිනක් තාත්තා~ Happy Birthday dad~




සඳ ගිලුනු අමාවකේ
පාර පෙන්වූ තරු එළිය
ඔබයි මට තාත්තේ
සදාකල් දිදුලනා

දිය නොමැති මරු කතරේ
වැටුණු එකම දිය බිඳුව
ඔබයි මට තාත්තේ
සදා ජීවය දෙනා

වියැළෙනා ගිම්හානේ
වැටුණු එකම දිය බිඳුව
ඔබය මට තාත්තේ
සදා සිසිලස දෙනා

ඔබම ජීවය දුනි
ඔබම වීරිය දුනි
සදාකල් මගේ දිවියේ
වීරය ඔබ වුනි....

අද මගේ තාත්තාගේ උපන්දිනය. මේ ලොකේ ඉන්න හොඳ ම මනුස්සයා තාත්තා නොවෙන්න පුළුවන්. ඒත් මට නම් මේ ලොකේ ඉන්න හොඳ ම තාත්තා මගේ තාත්තා. තාත්තා අපිට සැර කරනවා. බනිනවා. ඒත් ඒ හැමදෙයක්ම පිටිපස්සේ තියෙන්නේ අපිට කරදරයක් නොවි බලාගැනිමේ බලාපොරොත්තුව. අපිට වැටෙන්න දෙන්න තාත්තා කැමති නැ. අපි දුක් වෙනවා බලන්න තාත්තා කැමති නැ. අපි ජීවිතේ හැමදාම සතුටින් ඉන්නවා බලන්න තමා තාත්තට ඕනේ. මම අද නීති පීඨය ඇතුලේ ඉන්නේත් මගේ තාත්තා නිසා. තාත්තාගේ ආසවයි මඟ පෙන්වීමයි නැති වුනා නම් මම නීතිය ඉගෙන ගන්නේ නැ. ඒ හැමදේකටම ස්තූතියි තාත්තා. ආදරේයි තාත්තට හැමදාම.
 Today is my father's birthday. He may not the best person in the world but for me he is the best father in whole world. I'm here because of him. Because of his guidance. We might make you cry dada. we might make you sad. But we will never make you feel alone. Forgive us [me and my brother] if we make you cry or sad in your life. But we will try our best to make you proud. And we know our little little achievements make you really happy and proud. :)
we love you a lot. Now and Forever. I believe Dad is the first hero in a son's world and first love in daughter's world. <3

Comments

  1. රතු නංගිගේ තාත්තට සුබම සුබ උපන්දිනයක් වේවා !!!
    දරුවන්ගේ ලෝකයේ ඉන්න හොදම වීරයා එයාගේ අප්පච්චි කියලා කියනවා නංගි. ඒ නිසා ඔයාගේ ලෝකෙත් එහෙම වෙන්ටෑ.

    ReplyDelete
  2. බොහෝම ස්තුතියි අයියේ. ඇත්ත.. මගේ ජීවිතේත් ඉන්න හොඳම වීරයා තාත්තා තමයි. අදටත් දන්නේ නැති දෙයක් අහගෙන යන්නේ තාත්තා ලඟට. ඒ වෙලාවට නම් තාත්තා කියනවා මම ඔය හැමදේම දන්නවා කියලාද හිතාගෙන ඉන්නේ කියලා..

    ReplyDelete
  3. මචො ඔන්න තාත්තාට මගෙනුත් සුබ පැතුම්.

    ReplyDelete
  4. සොරි වෙන්ට ඔනේ මචන් නෙමේ මචියක් නේ.. හික්z..

    ReplyDelete
  5. බොහෝම ස්තූතියි පූසා.. මචන් වුනත් මචියෙක් වුනත් අවුලක් නැ ලොක්කා.. ඔය ඕනේ එකකට ඔට්ටුයි.. :D

    ReplyDelete
  6. අක්කගේ තාත්තට සුබ උපන්දිනයක් වේවා,,

    ReplyDelete
  7. නංගාගේ තාත්තට මමත් සුභ උපන්දිනයක් ප්‍රාර්ථනා කරා කියන්න,. හැම දුවෙක්ටම තමන්ගේ ලෝකයේ වීරයා එයාගේ තාත්තා තමයි නංගෝ

    ReplyDelete
  8. නංගා...තාත්තට කියන්න සුබම සුබ උපන්දිනෙයකට ශයන්ග අය්යා සුබ පැතුවා කියල ....ඔව් .....අපි හැමෝටම ලෝකේ ඉන්න හොදම තාත්තා අපේ තාත්තා...එහෙම නොවුනොත්නේ පුදුමේ ......එහෙනං මටත් කේක් කැල්ලක් e-mail කරන්න හොදේ...

    ReplyDelete
  9. ඔයාගේ තාත්තට සුබ උපන්දිනයක් ප්‍රාර්ථනා කරවන මමත්!!!

    අනූ :) :)

    ReplyDelete
  10. lassanai. oyage thathata math suba upandinayak kiyala pathanawa.

    ReplyDelete
  11. Warna nanga, Prarthana akki, Shayanga aiya and Chathura aiya- Thank you very much.. mama oyala wish kala kiyala aniwaryenma kiyannam.. :D

    ReplyDelete
  12. සුබ උපන්දිනයක් තාත්තට... ඒ වගේ ම අපිට මේ ලෝකේ වටින ම දේවල් වෙන්නෝන අපිට අයිති දේවල් තමයි... ඒ දේවල් වල වටිනාකම අපිට දැනෙන්නෝන වැඩි වැඩියෙන්!

    ReplyDelete
  13. Lahiru- බොහෝම ස්තූතියි යාලුවා.. සමහර වෙලාවට අමතක වුනාට වටිනාම දේවල් අපි ගාවම තියෙනවා තමා

    ReplyDelete
  14. තාත්තට සුභම සුභ උපන් දිනයක් ප්‍රාර්ථනා කරනවා..
    අද මං එන්න ටිකක් පරක්කු උනා.. ඒත් මං ඊයෙම සුභ පැතුවනේ..

    ReplyDelete
  15. ඔන්න මමත් තාත්ත ට සුභ උපන් දිනයක් පැතුවා කියන්න....

    මේ සින්දුවත්, ඔයාගේ නිසදැසත් ගොඩක් ලස්සනයි....

    ReplyDelete
  16. බොහෝම ස්තුතියි දිනෙශ් අයියා සහ මහි.. :D

    ReplyDelete
  17. ඔයාගෙ තාත්තාගෙ අපන් දිනයට මගෙනුත් සුභ පැතුම්....
    ඇත්තටම ඇත්ත.මගේ ජිවිතයෙත් වටිනාම දේ තයි මගේ තාත්තා.
    දුක සතුට වේදනාව ආදරය හැම දෙයක්ම මුහු වෙච්චි,බාධක කම් කටොලු මැද,සැර ආදරය කරුණාව එක්ක තාත්තගේ ජීවිතය හරිම පුදුමයි මටත්.දන්නවද මට දැන් වයස අවුරුදු 43 ක්.ඒත් තාමත් මගේ ලෝකෙ වීරයා මගේ තාත්තා.

    ReplyDelete
  18. බොහෝම ස්තුතියි සුභාශිනි.. :)

    ReplyDelete

Post a Comment

Comment Hint

ඔබට comment සදහා Image, color text සහ marquee text ඇතුලත් කල හැක



Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

Popular posts from this blog

~සොෆීගේ ලෝකය~ "Sophie's World"

මා නම් සඳකි පොළවට බට..