ඇවිත් යන්න මා බලන්න...




නොනැවතීම ගැහෙනා මේ
හදවත නවතියි දවසක
එදාට මෙහි ඇවිත් යන්න
නිසල මලක සුවඳ අරන්....

ඔබේ නමින් ගැහුනු හදේ
හඬ සදහට නිවී ගියත්
නිහඬ බවම සිහිකරාවි
ඔබ රැඳි බව සදා හදේ....

ඇහින් ගලන එක කඳුළක්
මගේ දෙකොපුල් මත තියන්න
හීන් සැරෙන් සවන් පතට
සමුගැනීමේ ගී ගයන්න...

සොහොන් පිටියේ මිහිදන් කර
ඉටිපහනක් තියා යන්න
වරක් දෙකක් මෙහි ඇවිදින්
තනිවුනු මා බලා යන්න...


Comments

  1. "මා මළ දවසක සීතල ඹළ කඳ
    ඔබගේ තුරුලේ උණුසුම් කළ මැන
    දෙතොලින් දෙතොළට උනුසුම් පණ පිඹ
    මේ පොළොවෙම මා යළි බිහිකළ මැන.."

    මහගම සේකර මේ අදහසම ගියකට ලියා තිබුණා. මේකවිය කියෙව්වාම ඒ අදහස හිතට ආවා.

    කාලෙකට පස්සෙ බොහොම ගීතාත්මකව ලියැවුන කවි සිතුවිල්ලක්

    ReplyDelete
  2. ලස්සන කවි පෙලක්..
    සෑහෙන කාලෙකට පස්සේ මේ පැත්ත මතක් වෙලා තියෙන්නේ...

    ReplyDelete
    Replies
    1. godak kal giya nam thama.. eth ithin amathaka ne :)

      Delete
  3. නුඹ කියනා සේ ආවත්
    වරක් දෙකක් නුඹෙ සොහොනට
    කොහොමද මන් මකාලන්නේ
    පුංචි සමනළියේ ඔයාව

    :)

    ReplyDelete
  4. ඔබ මා හමු උන
    මේ ඉර හඳ යට
    කොතනක හිටියත් මා මල දවසට
    මගේ ලඟ තනියට ඉනු මැනවි !!!

    මට මේ කවිය කියෙව්වම මතක් උනේ මේ සිංදුව

    ReplyDelete
    Replies
    1. :) මමත් කැමතිම සින්දුවක් තමා ඒ සින්දුව..

      Delete
  5. Nube hadawatha nawathuna daa
    Oya senehasa mata danunaa
    Sihil pawan rodak welaa
    Yali mage loketa wadinna

    ~~**Daga Malla**~~~

    ReplyDelete
    Replies
    1. හදවත නැවතුන දා නම් සෙනෙහස දැනුනේ ඒ සෙනෙහස පරක්කු වැඩි නේද?? අපි ආදරය දෙන්න ඕනේ මිනිස්සු ජීවත් වෙලා ඉන්න කාලේ මිසක් මැරුණාම නෙවෙයි. :) කවිය ලස්සනයි මහි..

      Delete

Post a Comment

Comment Hint

ඔබට comment සදහා Image, color text සහ marquee text ඇතුලත් කල හැක



Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

Popular posts from this blog

~සුභ උපන්දිනක් තාත්තා~ Happy Birthday dad~

~සොෆීගේ ලෝකය~ "Sophie's World"

මා නම් සඳකි පොළවට බට..