~ආල සැඳෑව~
සීත සැන්දෑවක සිත මගේ ගී ගයන වෙලාවක.. අඳුර මැදින් සඳ කුමරුන් වඩින වෙලාවක.. මටත් හොරෙන් මගේ හිතට පිවිසි වෙලාවක... දුටුවා නේද මගේ හිත නුඹ ආල සැඳෑවක.. පාද බැඳුනු මිණි කිංකිණි සැලුනු වෙලාවේ.. අතේ රැඳුනු වළළු ජෝඩු කැලඹි වෙලාවේ.. දෙනෙත් අඟින් නුරා බැලුම් හෙලුනු වෙලාවේ.. ගියා නේද හිත අරගෙන ආල සැඳෑවේ.. සිතාරයෙන් වැයෙන තනුව හිත් අමුණනවා.. සිහින් සරින් ගැයෙන ගීය හැඟුම් මවනවා.. නාද හඬට නැටෙන පාද එකට ගැටෙනවා.. හැමට හොරෙන් කුමරුන් මගේ ලොවට වඩිනවා.. තාල සොයන නාද රටා ඔහේ තියෙද්දෙන්... ස්වර අල්ලන මිහිරි තනුව ඔහේ ගැයෙද්දෙන්.. නාද හඬට තැබෙන පාද ඔහේ නැටෙද්දෙන්.. ආල සැඳෑවම අප දෙස බලා හිඳෙද්දෙන්... ප.ලි : හිතට ආපු වචන පෙළක් කවියක් කලා.. කොහොම දැනෙයිද දන්නේ නැ.. ඔන්න විරහා කවි එපා අයට නිකන් ඔහේ කවියක් ලිව්වා... බලාපොරොත්තුවේ කවක්.. :) හෙට මම මගේ යාලුවෙක්ගේ ගෙදර යනවා ලඟ එන විභාගයට පාඩම් කරන්න. අදින් නිවාඩුව ඉවරයි. ලබන 25 විභගේ පටන ගන්නවා. ඒ වෙනකන් ඔයාලගේ පොස්ට් කියවන්න පුලුවන් වුනත් කමෙන්ට් කරන එක නම් අඩු වෙයි. ඒ වගේ අලුත් පොස්ට් දා...