~දොරකඩ ලඟ~
මන්දාරාම් වැහි වැටෙනා
සීත සැන්දෑවක තනියම
දොරකඩ ලඟ මං උන්නා
පාර හොයන් ඒවී සිතා..
කීරී ගැහෙන හිත අද්දර
හඬා වැටෙන පැතුම් පොඳිය
ගුලි කරගෙන බලා උන්නා
ඔබ ආයෙත් ඒවී සිතා..
අමාවකේ අහස් කුසේ
සඳේ එළිය කවුද සෙව්වේ
පාලු වෙච්ච සොහොන් පිටියේ
සිහින මැඳුරු කවුද තැනුවේ..
අමාවකේ අහස වගේ
ඔබ බැස ගිය මගේ දිවිය
සොහොන් පිටියේ සිහින වගේ
හිතේ රැඳුනු හීන පොඳිය..
හිත අරගෙන ඔබ ගිහිල්ලා
දැන් බෝ කල් ගෙවී ගොසින්
මකුළු දැලින් සැඟවී ගිය
දොරකඩ ලඟ මං තාමත්..
"වින්දනීය ආදරය වේදනාවක් නොවන්නට.."
කීරී ගැහෙන හිත අද්දර
ReplyDeleteහඬා වැටෙන පැතුම් පොඳිය
ගුලි කරගෙන බලා උන්නා
ඔබ ආයෙත් ඒවී සිතා.
හරිම ලස්සනයි නංගියෝ...
ඔයා කාලෙකට පස්සේ ඇවිල්ලා.. හිහි.. තැන්කූ අක්කා..
Deleteඉරි තැළුනු කතර බිම.....
ReplyDeleteසනසවයි වලාගැබ
දුක පිරුන මගෙ නෙතට........
සිහිලසයි සොදුරැ නුඹ
සනහලා ජීවිතය ....
හිනහීල මා සමග
හද කවුළු ඇරදාලා .....
දුරක ගියේ කිමද නුඹ
ඔන්න ඔයාගේ ඉල්ලීම පරිදි කවියක් ලිව්වා.. පිළිතුරු කවිය ලස්සනයි සහෝ..
Deleteපට්ට කවි පන්තිය රෙඩ්
ReplyDelete//හිත අරගෙන ඔබ ගිහිල්ලා
දැන් බෝ කල් ගෙවී ගොසින්
මකුළු දැලින් සැඟවී ගිය
දොරකඩ ලඟ මං තාමත්..//
මේක මට හිතට වැදුනා ගොඩාක්.
මොකෝ මේ බ්ලොග් එක පාලුවට ඇරලා?
බ්ලොග් එක පාළුවට ඇරලා නෙවෙයි අනේ.. නොදැනීම පාළුවට ගිහිල්ලා.. බොහොම ස්තූතියි සහෝ..
Deleteමොකදෑ මේ කෙල්ලෝ විරහව ගැනම ලියන්නේ.:) ලස්සනයි ලස්සනයි!!
ReplyDelete//මකුළු දැලින් සැඟවී ගිය
දොරකඩ ලඟ මං තාමත්..//
මේ ටික මරු!
//කවුද සෙව්වේ// මේ වචන දෙක මාරු උනා නම් හොඳ නැද්ද..//කවුද තැනුවේ..//මේකත් ඒ වගේ..?
මං මෙහෙම කිව්වට කවි ගැන නම් මෙලෝ හසරක් දන්නේ නෑ. ඒත් මට එහෙම හිතුනා.:)
මොකෝ බ්ලොග් එක දැන් ලියනවා අඩු..??
විරහම ගැනම විතරක් නෙවෙයි ඉතින්.. හිතට මේ දවස් වල වද දෙන දේවල් ගැන තමා ලියවුනේ.. බ්ලොග් එක ලියන්න කම්මැලි අනේ..
Deleteඅනේ මන්දා...
ReplyDeleteලව් පලහිලව්.මොකක්ද අප්පා ...
හිහිහි..ඒවත් ජීවිත වල තියෙනවා නේ නේද සහෝ.
Deleteආදරේ විරහව කවිපද ඉබේටම මවනවා ...ලස්සනයි නංගි
ReplyDeleteහ්ම්ම්..ඒකත් ඇත්ත.. :) තැන්කු අයියා..
Deleteමෙන්න කාලයක් අතුරුදහන් වෙලා ඉඳල විරහ කවි ලියනවෝ!!! මොනවා උනත් ලස්සන වචන සෙට් එක ඈ! එල!
ReplyDeleteතැන්කූ වේවා.. හිහිහි..ටික කලක් අතුරුදහන් වුනා.. ආයේ එහෙම වෙයිද දන්නේ නැ. බ්ලොග් ලිවිල්ල එපා වෙලා..
Deleteලස්සන කවි ටිකක්.
ReplyDeleteබොහෝම ස්තූතියි.. ජය වේවා..
Deleteලස්සනයි රෙඩි කවි ටික. :)
ReplyDeleteස්තූතියි මදාරා.. :)
Deleteරෙඩ්ගෙ කවි කවදත් ලස්සනයිනේ. මේකත් හරිම රසවත්. ජය වේවා යාලු.
ReplyDeleteබොහෝම ස්තූතියි යාළු.. ජය වේවා..
Deleteමකුළු දැලින් සැඟවී ගිය
ReplyDeleteදොරකඩ ලඟ මං තාමත්..
i <3 this part sweet as always :)
තැන්කූ නංගා..:)
Deleteදුකත් එක්තරා රසයක් ලු කියනවා වගේ ම විරහව ත් එක්තරා සැපයක් කියලා මට හිතෙනවා! ඇත්තද මන්දා... ලස්සන පද පෙළක්!
ReplyDeleteවිරහව ඇතුලේ සැපක් නම් මට තාම දැනිලා නැ සහෝ.. ඒත් හැබැයි විරහව ඇතුලේ නිර්මාණ නම් හැංඟිලා තියෙනවා.. ස්තූතියි.. ජය වේවා.. :)
Deleteඑළ..!
ReplyDeleteතැන්කූ වේවා.. :)
Deleteඅපූරුයි රෙඩ් ! :)
ReplyDeleteස්තූතියි හිරු.. :)
Deleteජය වේවා..
හයියූ.. ආදරේද... රිදිලා රිදිලා දැන් නම් තවත් රිදෙන්නෙ නෑ... ඒක සාමාන්‍ය දෙයක් වෙලා...
ReplyDeleteඑහෙම වෙනවද?? එහෙනම් හොඳයි.. මටත් ටික දවසකින් පුරුදු වුනාම හරි යයි..
Deleteජය වේවා..
ලස්සනයි අක්කී
ReplyDeleteස්තූතියි නංඟෝ.. :)
Deleteniyamai red. oyage wiraha kawi num wirahawa athwidala tiyena ayata num niyemeta denanawa ethi. PS. mata num mewa den tune wenawa poddak madi. red lamaya dannawa ne, ape ithin oya kale penala ne. hoh hoh :D
ReplyDeleteහික්ස්.. අනේ මෙහෙම අත්දැකීම් ලැබෙන්නෙත් එපා.. :) ලඟදිම ආදරය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්නම්.. ජය!!
Deleteආදරේ අපිට එපා
ReplyDeleteඅපූරු කවි පේළියක්... ලස්සණයි... අපිට උරුම ඔච්චරයි...
ආදරේ එක්ක තරහද?? මාත් තරහයි අනේ.. :)
Deleteජය වේවා...
දොරකඩ ළග ඔයා දිරාපත් වෙලා ද? අක්කා...........
ReplyDelete