~ආල සැඳෑව~





සීත සැන්දෑවක 
සිත මගේ ගී
ගයන වෙලාවක..
අඳුර මැදින්
සඳ කුමරුන්
වඩින වෙලාවක..
මටත් හොරෙන්
මගේ හිතට
පිවිසි වෙලාවක...
දුටුවා නේද 
මගේ හිත නුඹ
ආල සැඳෑවක..

පාද බැඳුනු
මිණි කිංකිණි
සැලුනු වෙලාවේ..
අතේ රැඳුනු
වළළු ජෝඩු
කැලඹි වෙලාවේ..
දෙනෙත් අඟින්
නුරා බැලුම් 
හෙලුනු වෙලාවේ..
ගියා නේද
හිත අරගෙන
ආල සැඳෑවේ..

සිතාරයෙන්
වැයෙන තනුව
හිත් අමුණනවා..
සිහින් සරින්
ගැයෙන ගීය
හැඟුම් මවනවා..
නාද හඬට
නැටෙන පාද
එකට ගැටෙනවා..
හැමට හොරෙන්
කුමරුන් මගේ
ලොවට වඩිනවා..

තාල සොයන
නාද රටා
ඔහේ තියෙද්දෙන්...
ස්වර අල්ලන
මිහිරි තනුව
ඔහේ ගැයෙද්දෙන්..
නාද හඬට
තැබෙන පාද
ඔහේ නැටෙද්දෙන්..
ආල සැඳෑවම
අප දෙස
බලා හිඳෙද්දෙන්...

ප.ලි : හිතට ආපු වචන පෙළක් කවියක් කලා.. කොහොම දැනෙයිද දන්නේ නැ.. ඔන්න විරහා කවි එපා අයට නිකන් ඔහේ කවියක් ලිව්වා... බලාපොරොත්තුවේ කවක්.. :)
හෙට මම මගේ යාලුවෙක්ගේ ගෙදර යනවා ලඟ එන විභාගයට පාඩම් කරන්න. අදින් නිවාඩුව ඉවරයි. ලබන 25 විභගේ පටන ගන්නවා. ඒ වෙනකන් ඔයාලගේ පොස්ට් කියවන්න පුලුවන් වුනත් කමෙන්ට් කරන එක නම් අඩු වෙයි. ඒ වගේ අලුත් පොස්ට් දාන එකත් අඩු වෙයි. සති තුනක් විතර යනකන් විභාගය හෙවත් අභාගයට මම මුහුණ දෙනවා. ඒ නිසා ගැත්තීට අනුකම්පා කරන සේක්වා.. හිහි.. ජය වේවා..

Comments

  1. සිතුවිල්ල ලස්සනයි රෙඩෝ..... විභාගෙට හොදින් මුණදෙන්න ලැබෙන්න ඔනි!!!. දැන් ඉතින් අපිටත් විභාගේ තියයි අෆ්ෆා :(((

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි මදාරෝ.. :) ඔව් ඔව්..ඔයාලත් තියෙයි..
      ජය..

      Delete
  2. හා හා..ලස්සනයි ලස්සනයි කවි ටික...අභාග්‍යසම්පන්න විබාගේ මේ භාග්‍යවන්තියට පහසුවක්ම වේවා කියල පතනවා...

    ReplyDelete
    Replies
    1. අන්න.. පින් ලැබේනවා ඒ පැතුමට නම්.. ජය වේවා..

      Delete
  3. සියලු දේ සාර්ථක කරගන්න..ජය!

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි හිරුවෝ..
      ජය වේවා...

      Delete
  4. ඒ රෙඩා මේක නිකං ලියැවිච්ච එකක්නං වෙන්න බැරියෝ...

    ReplyDelete
    Replies
    1. තරියා මේ ප්‍රකාශය කලේ කවියේ යටි අරුත වටහාගෙනද නැතුවද.. O_o

      හිහි..
      නිකමට වගේ ලියපු එකක් අනේ... :D

      Delete
  5. බුකියේ දැමූ ගෙරවිල්ලක් මත පණ කඩාගෙන දුවගෙන ආවෙමි.

    කෝ බලමූ..............

    ආ...මැක්සිමම් ඈ :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. අන්න එහෙම තමා රජවරු වුනත්.. මහ ජනයාට කන්දිය යුතුයි.. හිහි..
      ජය වේවා...

      Delete
  6. විභාගය ජයගන්න සුබ පැතුම් නිර්මානයත් අපූරුයි

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි සහෝ.. :)

      Delete
  7. හොඳට විභාගේ ලියන්න කෙල්ලේ

    ReplyDelete
    Replies
    1. තැන්කූ වේවා කෙල්ල...
      ජය වේවා.. :)

      Delete
  8. ලස්සන, අහිංසක බලාපොරොත්තුවක්..

    විභාගෙට හොඳට ලියන්න

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සහෝ.. :)

      Delete
  9. Wish you all the best for your exams !

    ReplyDelete
  10. මේකට මම හෙන..................... ආසයි... ම්ම්ම්..මම මියුසික් එකක් දා ගත්තා.. ලස්සනයි..
    ජය!!!

    ReplyDelete
    Replies
    1. හිහි..මේක ලියනකොට මගේ හිතෙත් තාලයක් තිබුනා.. :)
      ස්තූතියි යාළු..

      Delete
  11. තාල සොයන
    නාද රටා
    ඔහේ තියෙද්දෙන්...
    ස්වර අල්ලන
    මිහිරි තනුව
    ඔහේ ගැයෙද්දෙන්..
    නාද හඬට
    තැබෙන පාද
    ඔහේ නැටෙද්දෙන්..
    ආල සැඳෑවම
    අප දෙස
    බලා හිඳෙද්දෙන්...
    හරිම ලස්සනයි... මේ අන්තිම පද ටික ලියවිලා තියෙන විදියට මම හරිම ආසයි නංගියෝ...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අක්කියෝ.. :)
      ජය වේවා..

      Delete
  12. විභාග මානසිකත්වයෙන් ඉන්නා විට මෙවැනි කවි බිහි වන බව අත්දැකීමෙන්නම දනිමි.....අම්මපා මෙව්වා ලියන්න කරන්න හිතෙන්නෙම ඔය කාලෙටනේ...මොකද මන්දා....

    ReplyDelete
    Replies
    1. ඒකනේ වැඩේ කියන්නේ තරූවෝ.. විභාග කාලෙට තමා මම වැඩිපුරම බ්ලොග් ලියන්නේ.. කොහොමත් මේ සැරේ ඒදේ වෙන එකක් නැ වගේ.. ගෙදරින් පිට තමා ඉන්න යන්නේ..ජය වේවා..

      Delete
  13. හරියට නිකං ගී පදරචනාවක්දෝ කියල හිතෙනව.

    ReplyDelete
    Replies
    1. ම්ම්..මේක ලියනකොට නම් පොඩි ටියුන් එකක් හිතේ තිබුනා.. :)
      ස්තූතියි...

      Delete
  14. ලියැවිල්ල ඇතුලෙ ලස්සන රිද්මයක් තියෙනවා... මට කියවද්දි ඒ බැව් හොදටම දැනුනා....ජය !

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සහෝ.. පුලුවන් කෙනෙක් ඉන්නවා නම් ටියුන් එකක් දාලා දෙන්න කියලා කියන්න ඕනේ.. :)

      Delete
  15. වෙනද වගේම අදත් එල කිරිම තමයි ...ඒ වගේම විභාගයටත් සුබ පැතුම්...කමෙන්ට් කරන එක අඩු උනාට , අලුත් පොස්ට් දාන එක අඩුඋනාට කමක් නෑ එක්සෑම් එක කරගන්නකො

    ReplyDelete
    Replies
    1. තැන්කු වේවා අයියා.. :)
      ජය වේවා...

      Delete
  16. ලස්සනයි නංගි..සරලයි..නියමයි :D
    ආ..විභාගයට ජයවේවා කිව්වා එහෙනම් .:D

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අයියා.. :)
      ජය!!

      Delete
  17. ලස්සනයි.. ඈ :)
    විභාගයට සුබ පතනවා.!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සහෝ.. :)

      Delete
  18. විභාගෙට සුභ පැතුම්..කවිය ලස්සනයි..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මාල්.. ජය වේවා...

      Delete
  19. විබාගේ හොදින් පාස් වෙන්න කියලා සුබ පතනවා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සහෝ.. :)

      Delete
  20. ලස්සනම ලස්සන කවි ටික...:)

    හෆ්ෆෝ විභාග... ඔය කරදරෙන් යාන්තම් මිදුනා විතරයි... කොහොම වුනත් රෙඩ්, හොදින් විභාග කටයුතු කරගන්න.. සුභ පැතුම්!!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හිතූ...මන් දැක්කා බුකියේ දාලා තියෙනවා විභාගේ ඉවරයි කියලා.. හිහි.. ජය වේවා..

      Delete
  21. රෙඩ්ගෙ විබාගෙ උපරිමෙන්ම කරගන්න ලැබේවා කියලා මම ප්‍රර්ථනා කරනවා.
    ජයම වේවා!
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සහෝ.. ජය වේවා..!!

      Delete
  22. ලස්සන කවි ටික. විභාගෙට සුභ පැතුම් !!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සහෝ.. :)

      Delete
  23. ලස්සනයි..
    විභාගෙ හොදට ගොඩදාගන්න මගෙනුත් සුභ පැතුම්...!

    ReplyDelete
  24. කවිය ලස්සනයි රෙඩී... විභාගේ අභාගේ වෙන්න එපා කියලා ප්‍රර්ථනා කරනවා. හොඳට ලියන්ඩෝ

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි පැතුම්... :)

      Delete
  25. අර්ථය කොහොම වෙතත් පද ගැලපීමනම් මරු.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සහෝ.. :)

      Delete
  26. හැකියාට මගේ සුභ පැතුම්.
    http://manasindiviyata.blogspot.com/

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි යාළු.. ඔයාගේ බ්ලොග් එක පැත්තෙත් එන්නම්කෝ මන්..
      ජය වේවා..

      Delete
  27. Wish u all the best for your exam.How come your poems so beautiful?

    ReplyDelete
  28. ඔන්න කාලෙකින් ආවෝ!!

    ඇත්තටම හිතට නිකන් ආපු සිතුවිල්ලක්ද මේක!!!

    නැ නෑ වෙන් බෑ

    ReplyDelete
    Replies
    1. හිහිහි... හිතට ඔහේ ගලාගෙන ආපු සිතුවිල්ලක් තමා අනේ..
      තැන්කූ වේවා.. ;)

      Delete
  29. හරි ලස්සනට ලියලා තියෙනවා ..කිව්වත් වැගෙ නිකම්ම ලිව්වා වෙන්න බෑත් වගෙ,
    එහෙනම් විභාගය ගොඩ දාගන්න සුබ පැතුම් හොදෙ..
    (ආපු නැති ටිකට ගොඩක් තියනවා කියවන්න..වෙලාවක් හම්බුනාම කියවන්නම්)
    ජය!!!

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි යාළු.. :) ආයේ වෙලාවක එන්නකෝ..

      Delete

Post a Comment

Comment Hint

ඔබට comment සදහා Image, color text සහ marquee text ඇතුලත් කල හැක



Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

Popular posts from this blog

~සුභ උපන්දිනක් තාත්තා~ Happy Birthday dad~

~සොෆීගේ ලෝකය~ "Sophie's World"

මා නම් සඳකි පොළවට බට..